Loading surah...
Back to Sinhala Quran
9 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَيْلٌۭ لِّكُلِّ هُمَزَةٍۢ لُّمَزَةٍ
ඕපාදූප කියමින් අඩු ලූහුඬුකම් කතා කරමින් ඇවිදින්නන් සියල්ලන්ටම විනාශයයි.
ٱلَّذِى جَمَعَ مَالًۭا وَعَدَّدَهُۥ
වස්තුව එක්රැස් කර, එය (හොඳ මාර්ගයෙහි වියදම් නොකර එසේ) අදහස් කරමින්ම සිටින්නාහ.
يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ
මෙවැන්නා ඇත්තෙන්ම තමන්ගේ වස්තුව තමන්ට සදාකල්ම (ලොවෙහි) ස්ථීරව තිඛෙන්නට සලස්වනු ඇතැයි අදහස් කරමින් සිටින්නේය.
كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ
එසේ නොව. (නියත වශයෙන්ම ඔහු මරණයට පත් වන්නේය). නියත වශයෙන් හුතමා (නමැති නිරයෙහිද) වීසි කරනු ලබන්නේය.
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ
(නබියේ!) හුතමා (යනු) කිමෙක්දැයි ඔබ දන්නෙහිද?
نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ
(එය) අල්ලාහ් විසින් දවන ලද ගින්නකි!
ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ
(එය ශරීරයෙහි වැදුනු වහාම) හෘදයෙහි පණිනු ඇත.
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌۭ
(එහි) ෙදාරටුද වසා දමනු ලැබේ.
فِى عَمَدٍۢ مُّمَدَّدَةٍۭ
(නිරයෙහි ඇති) අති විශාල කඹ වලින් ඔවුන්ව බඳිනු ලැබේ.