Loading surah...
Back to Sinhala Quran
12 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا۟ ٱلْعِدَّةَ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِنۢ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّآ أَن يَأْتِينَ بِفَٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ ۚ وَتِلْكَ حُدُودُ ٱللَّهِ ۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُۥ ۚ لَا تَدْرِى لَعَلَّ ٱللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًۭا
නබියේ! (විශ්වාසවන්තයින්ට ඔබ මෙසේ පවසනු): “ඔබ (ඔබගේ භාර්යයාවන් වන) කාන්තාවන්ව තලාක් (දික්කසාද) කිරීමට අදහස් කළහොත් ඔවුන්ගේ ඉද්දාවෙහි (ගැබ් ගැනීම ගැන දැන ගැනීමට බලාපොරොත්තු කාලයේ) ආරම්භයේදී පවසා, ඉද්දාව ගණනය කරමින් සිටිනු. (මෙම කාරණාවෙහි) ඔබගේ දෙවියන් වන අල්ලාහ්ට ඔබ බිය වී (කටයුතු) කරනු. (ඔබ තලාක් පැවසූ) කාන්තාවන් ප්‍රසිද්ධියේ යම්කිසි අවමන් ගෙන දෙන කාරණාවක් කළහොත් මිස ඔවුන්ව, ඔවුන් සිටින (ඔබගේ) නිවෙස්වලින් (ඉද්දාවේ කාලය අවසන් වීමට පෙර) පිටත් කර නොහරිනු. ඔවුන්ද පිටත්ව යා නොයුතුය. මේවාම අල්ලාහ් ඇති කර තිඛෙන සීමාවන්ය. කවුරුන් අල්ලාහ්ගේ සීමාවන් කඩ කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම තමන්ට තමන්ම හානියක් කර ගන්නාහ. (මෙහි ඇති යහපත ඔබ දැන නොගන්නෙහුය. තලාක් කියා) මින් පසුවද (ඔබ එක්කාසු වී ජීවත් වීමට ඔබ අතරේ සමාදානයට අයත්) යම්කිසි මාර්ගයක් අල්ලාහ් ඇති කරන්නටද ඉඩ ඇත යන්න ඔබ දැන නොගන්නෙහුය.
فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍۢ وَأَشْهِدُوا۟ ذَوَىْ عَدْلٍۢ مِّنكُمْ وَأَقِيمُوا۟ ٱلشَّهَٰدَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِۦ مَن كَانَ يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مَخْرَجًۭا
ඔවුන් තමන්ගේ (ඉද්දාවෙහි) නියමිත කාල අවකාශය අත් කර ගතහොත් ඍජු අන්දමට ඔවුන්ව (භාර්යයාව වශයෙන්ම) රඳවා තබා ගනු. නැතහොත් ඍජු අන්දමට ඔවුන්ව පහ කර හරිනු. (මේ දෙකෙන් ඔබ කුමක් කළා වුවද, එයට) ඔබගෙන් සාධාරණ සාක්ෂීන් දෙකක් ඇති කර ගනු. (එම සාක්ෂීන්, සාක්ෂි කීමට පැමිණියහොත්) ඔවුන් අල්ලාහ් වෙනුවෙන් සත්‍යයම ප්‍රකාශ කළ යුතුය. (ඔබගෙන්) කවුරුන් අල්ලාහ්වද, විනිශ්චය දිනයද විශ්වාස කරන්නෝද, ඔහුට මෙම හොඳ ඔවදන කියනු ලබන්නේය. තවද (මෙම කාරණාවෙහි) කවුරුන් අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නේද, ඔහුට (මෙවැනි කාරණාවන්ගෙන්) එක් (හොඳ) මාර්ගයක් ඇති කර දෙනු ඇත.
وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَهُوَ حَسْبُهُۥٓ ۚ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمْرِهِۦ ۚ قَدْ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَىْءٍۢ قَدْرًۭا
තවද ඔහු නොදන්නා අන්දමට ඔහුට ජීවනෝපායක් ඔහු (අල්ලාහ්) ලබා දෙන්නේය. කවුරුන් අල්ලාහ්ව (සම්පූර්ණයෙන්ම) විශ්වාස කරන්නේද ඔහුට, ඔහුම (සම්පූර්ණයෙන්ම) ප්‍රමාණවත් කෙනෙකි. නියත වශයෙන්ම අල්ලාහ් තම අපේක්ෂාවන් අනිවාර්යයෙන්ම අත් කර ගන්නේය. (එහෙත්) අල්ලාහ් සෑම දැයකටම (එක් නියමිත කාලයක්ද) ප්‍රමාණයක්ද නියත වශයෙන්ම උගන්වන්නේය. (ඒ අනුවම සිදු වනු ඇත).
وَٱلَّٰٓـِٔى يَئِسْنَ مِنَ ٱلْمَحِيضِ مِن نِّسَآئِكُمْ إِنِ ٱرْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشْهُرٍۢ وَٱلَّٰٓـِٔى لَمْ يَحِضْنَ ۚ وَأُو۟لَٰتُ ٱلْأَحْمَالِ أَجَلُهُنَّ أَن يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مِنْ أَمْرِهِۦ يُسْرًۭا
(තලාක් කියන ලද භාර්යයාවන් වන) ඔබගේ කාන්තාවන්ගෙන් කිසිවෙකුත් (වයස වැඩි වී) මාස් සුද්ධියේ විශ්වාසය බිඳී ගොස්, (ඉද්දාව ගණනය කිරීමට කුමක් කළ යුතුද යන්න) ඔබ සැකයට භාජනය වුවහොත් එම කාන්තාවන්ටද, තවත් කවුරුන් හට මෙතෙක් මාස් සුද්ධිය සිදු වූයේ නැද්ද ඔවුන්ටද, ඉද්දාවේ (නියමිත කාල අවකාශය) මාස තුනක් වන්නේය. ගැබ්බර කාන්තාවන්ට ඔවුන්ගේ (ඉද්දාවේ) කාල අවකාශය ඔවුන් ප්‍රසූත කරන කාලය දක්වා ඇත්තේය. කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්ට බිය වන්නේද, ඔහුගේ කාරණාව ඔහුට, ඔහු පහසු කර හරින්නේය.
ذَٰلِكَ أَمْرُ ٱللَّهِ أَنزَلَهُۥٓ إِلَيْكُمْ ۚ وَمَن يَتَّقِ ٱللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّـَٔاتِهِۦ وَيُعْظِمْ لَهُۥٓ أَجْرًا
අල්ලාහ් ඔබට පහළ කරන ලද නියෝගය මෙයයි. එබැවින් කවුරුන් අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නේද ඔහුව, ඔහුගේ පාපයන්ගෙන් නිදහස් කර ඔහුට ඉමහත් වූ ඵලවිපාකද ලබා දෙන්නේය.
أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنتُم مِّن وُجْدِكُمْ وَلَا تُضَآرُّوهُنَّ لِتُضَيِّقُوا۟ عَلَيْهِنَّ ۚ وَإِن كُنَّ أُو۟لَٰتِ حَمْلٍۢ فَأَنفِقُوا۟ عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا۟ بَيْنَكُم بِمَعْرُوفٍۢ ۖ وَإِن تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُۥٓ أُخْرَىٰ
(තලාක් කීමෙන් පසු ඉද්දා සිටිය යුතු ඔබගේ) කාන්තාවන්ව ඔබ විසින් හැකි පමණ ඔබ සිටින ස්ථානයෙහිම වාසය කරන මෙන් සලස්වනු. ඔවුන්ට බලකිරීමේ (අදහසින්) ඔවුන්ට වේදනා නොකරනු. ඔවුන් ගැබ්බර කාන්තාවන් වශයෙන් සිටියහොත් ඔවුන් දරු ප්‍රසූතිය සිදු කරන තුරු ඔවුන්ට වියදමට (අවශ්‍ය මුදලක්) ලබා දෙමින් සිටිනු. (ප්‍රසුත කළායින්) පසුව (ළදරුවාට) ඔබ වෙනුවෙන් ඔවුන් කිරි දුන්නහොත් එයට අයත් කුලිය ඔවුන්ට ලබා දෙනු. (මේ ගැන කළින්ම) ඔබ අතරේ සමාදානව කතාබහ කර තීරණයකට එළඹෙනු. (මෙහිදී) ඔබ තුළ හිත් අමනාපයක් ඇති වුවහොත් (එම ළදරුවාට) වෙන කෙනෙකු ලවා කිරි දිය හැකිය.
لِيُنفِقْ ذُو سَعَةٍۢ مِّن سَعَتِهِۦ ۖ وَمَن قُدِرَ عَلَيْهِ رِزْقُهُۥ فَلْيُنفِقْ مِمَّآ ءَاتَىٰهُ ٱللَّهُ ۚ لَا يُكَلِّفُ ٱللَّهُ نَفْسًا إِلَّا مَآ ءَاتَىٰهَا ۚ سَيَجْعَلُ ٱللَّهُ بَعْدَ عُسْرٍۢ يُسْرًۭا
(කිරි දීමට වියදම් කිරීමේ කාරණාවෙහි) යමක් කමක් ඇති අය තමන්ගේ වත්කමට සරිලන සේ (අප්‍රමාණව) වියදම් කළ යුතුය. දුප්පත් අය අල්ලාහ් ඔහුට ලබා දී ඇති දැයෙන්ම වියදම් කළ යුතුය. කිසිම මිනිසෙකුව අල්ලාහ් ඔහුට ලබා දී ඇති දැයට වඩා අධික වශයෙන් (වියදම් කරන මෙන්) බල කරන්නේ නැත. අමාරුකමෙන් පසු අල්ලාහ් ඉතාමත් ඉක්මනින් සෞභාග්‍යය ලබා දෙන්නේය.
وَكَأَيِّن مِّن قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبْنَٰهَا حِسَابًۭا شَدِيدًۭا وَعَذَّبْنَٰهَا عَذَابًۭا نُّكْرًۭا
කොපමණදෝ රටවැසියන් තම දෙවියන්ගේ නියෝගයන්ටද, ඔහුගේ දූතයින්ටද වෙනස්කම් කළහ. එබැවින් ඔවුන්ව අපි ඉතාමත් දරුණු ලෙසම ප්‍රශ්න කර, ඔවුන්ට දැඩි දඬුවම්ද කළෙමු.
فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَٰقِبَةُ أَمْرِهَا خُسْرًا
එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන නපුරු ඵලවිපාක ඔවුන් වින්ඳාහ. ඔවුන්ගේ (නපුරු) කාරණාවෙහි අවසානය (මෙලොවදීද) පාඩුවක්ම සිදු විය.
أَعَدَّ ٱللَّهُ لَهُمْ عَذَابًۭا شَدِيدًۭا ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ يَٰٓأُو۟لِى ٱلْأَلْبَٰبِ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ قَدْ أَنزَلَ ٱللَّهُ إِلَيْكُمْ ذِكْرًۭا
(තවද පරලොවදී) අල්ලාහ් ඔවුන්ට දරුණු දඬුවම සැලසුම් කර තබා ඇත්තේය. එබැවින් විශ්වාසය තැබූ ඥානවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබට (ශුද්ධ වූ කුර්ආනය නමැති) හොඳ වදන පහළ කර ඇත්තේය.
رَّسُولًۭا يَتْلُوا۟ عَلَيْكُمْ ءَايَٰتِ ٱللَّهِ مُبَيِّنَٰتٍۢ لِّيُخْرِجَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ ۚ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ وَيَعْمَلْ صَٰلِحًۭا يُدْخِلْهُ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ قَدْ أَحْسَنَ ٱللَّهُ لَهُۥ رِزْقًا
තවද එක් දූතයෙකු (යවා ඇත්තේය), ඔහු අල්ලාහ්ගේ පැහැදිලි ආයාවන් ඔබට සමුදීරණය කර පෙන්වා (ඔබගෙන්) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ව අන්ධකාරයෙන් ආලෝකය දෙසට ගෙන එන්නේය. එබැවින් (ඔබගෙන්) කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්ව විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහුව ස්වර්ගයන්හි ඇතුළු වීමට සලස්වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත. සදාකල් ඔවුන් ඒවායෙහි රැඳී සිටින්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට අලංකාරවත් වරප්‍රසාදයන්ම ලබා දෙන්නේය.
ٱللَّهُ ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍۢ وَمِنَ ٱلْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ ٱلْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ وَأَنَّ ٱللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَىْءٍ عِلْمًۢا
අහස් හතක්ද, ඒවා මෙන් භූමියද අල්ලාහ්ම උත්පාදනය කළේය. ඒවා අතර (දිනපතා සිදු විය හැකි සියලූ කාරණාවන් ගැන වූ) නියෝගයන් පහළ කරමින්ම සිටින්නේය. (එබැවින් විශ්වාසවන්තයිනි!) නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු යනුවෙන්ද, නියත වශයෙන්ම අල්ලාහ් තම ඥානයෙන් සියල්ල වටකරගෙන සිටින්නේය යනුවෙන්ද, ඔබ (නියත වශයෙන්ම) දැන ගනු මැනව!