Loading surah...
Back to Sinhala Quran
44 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍۢ وَاقِعٍۢ
(නබියේ! ප්රතික්ෂේප කරන්නන්ට) හමු විය හැකි දඬුවම ගැන කෙනෙකු (ඔබ වෙතින් එය කවදා එන්නේදැයි සමච්චලයෙන් මෙන්) විමසන්නේය.
لِّلْكَٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌۭ
ප්රතික්ෂේප කරන්නන්ට (එය හමුවන අවස්ථාවේදී) එය වැළැක්විය හැකි අය කිසිවෙකුත් නැත.
مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ
උසස් මාර්ගයන්ගෙන් යුත් අල්ලාහ් විසින්-
تَعْرُجُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍۢ
(එය හමු වන) වසර පණස්දහසකට සමාන එක් දිනකදී මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ වූ) ආත්මයද ඔහු වෙත නැග ගන්නාහ.
فَٱصْبِرْ صَبْرًۭا جَمِيلًا
(නබියේ!) ඔබ අලංකාරවත් ශාන්තියෙන් යුතුව ඉවසා සිටිනු.
إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًۭا
(එහෙත්) නියත වශයෙන්ම ඔවුන් එය ඉතාමත් ඈතින් යයි අදහස් කරන්නාහ.
وَنَرَىٰهُ قَرِيبًۭا
අපි නම්, එය ඉතාමත් සමීපයෙන්ම දකින්නෙමු.
يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ
එදිනදී අහස අධික ලෙස රත් වූ තඹ මෙන් (රත් පැහැය) බවට පත් වන්නේය.
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ
කඳු පුළුන් මෙන් පාවී යනු ඇත.
وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًۭا
(එසේම) එක් මිතුරෙකු තවත් මිතුරෙකුගෙන් සුවදුක් විමසන්නේ නැත.
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ
(ඔවුන්) කෙනෙකු තවත් කෙනෙකුව මුණ ගැහෙන්නට සිදු වුනා වුවද (කම් නැත!) වැරදිකරුවන් එදිනයේ දඬුවමට වන්දි වශයෙන් තමන්ගේ දරුවන්වද-
وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ
තමන්ගේ භාර්යයාවන්වද, තමන්ගේ සහෝදරයාවද-
وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ
තමන් ආධාර උපකාර කරමින් සිටි තමන්ගේ ඥාතීන්වද-
وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ثُمَّ يُنجِيهِ
තවද භූමියෙහි ඇති සියල්ලම දී හෝ බේරෙන්නට කැමති වනු ඇත.
كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ
(එහෙත් එය) සිදු වන්නට හැකි දැයක් නොව. (මන්දයත්) නියත වශයෙන්ම එය (වටකර ගත හැකි) නිරයෙහි ගින්න-
نَزَّاعَةًۭ لِّلشَّوَىٰ
එය, හම පුළුස්සා (මොලය උණු කරමින් දිය කර) දමනු ඇත.
تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ
එය, පිටුපස හරවා ප්රතික්ෂේප කළ අය (සියල්ලන්)ව ආරාධනා කරන්නේය.
وَجَمَعَ فَأَوْعَىٰٓ
(වස්තුව) එක්කාසු කර (වියදම් නොකර) ආරක්ෂා කර තැබූ අයවද (තමන් වෙත ආරාධනා කරන්නේය).
۞ إِنَّ ٱلْإِنسَٰنَ خُلِقَ هَلُوعًا
ඇත්තෙන්ම මිනිසා කළබලකාරයෙකු වශයෙන්ම උත්පාදනය කරනු ලැබ ඇත්තේය.
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًۭا
මන්දයත් ඔහුව එක් විපතක් අත් වුවහොත් (තිගැස්සී) වෙව්ලන්නේය.
Page 1 of 3 (44 ayahs)