Loading surah...
Back to Sinhala Quran
42 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ عَبَسَ وَتَوَلَّىٰٓ
(අපගේ නබිවරයා වන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. ප්රතික්ෂේප කළේය. (කුමක් සඳහාද?)
أَن جَآءَهُ ٱلْأَعْمَىٰ
තමන් වෙත එක් අන්ධයෙකු පැමිණි නිසාය.
وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ
(නබියේ! ඔබ වෙත පැමිණි) ඔහු, පරිශුද්ධවන්තයෙකු බවට පත් විය හැකිය යන්න ඔබ දන්නෙහිද?
أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ
නැතහොත් (ඔබගේ හොඳ ඔවදන) ඔහු සිතා, හොඳ ඔවදන මගින් ඔහු ප්රයෝජනයක් අත් කර ගත හැකිය යන්න ඔබ දන්නෙහිද?
أَمَّا مَنِ ٱسْتَغْنَىٰ
(එසේ තිබියදී ඔහුව ඔබ කුමක් නිසා කෝපයෙන් වෙව්ලා ප්රතික්ෂේප කළෙහිද? නබියේ! ධර්මය) කවුරුන් නොසළකා හරින්නේද,
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ
ඔහු දෙසටම ඔබගේ අවධානය යොමු කරන්නෙහිය.
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ
ඔහු පරිශුද්ධවන්තයෙකු බවට පත් නොවුවහොත් ඒ ගැන ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් නැත (නොවෙද!)
وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ
කවුරුන් (තමන් විසින්ම) ඔබ වෙත දිව එන්නේද,
وَهُوَ يَخْشَىٰ
ඔහුම (අල්ලාහ්ට) බිය වන්නෙකි.
فَأَنتَ عَنْهُ تَلَهَّىٰ
එහෙත් ඔබ ඔහුව නොසලකා හරින්නෙහිය.
كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ
එසේ කිරීම හොඳක් නොව. (ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඇත්තෙන්ම හොඳ ඔවදනකි.
فَمَن شَآءَ ذَكَرَهُۥ
කවුරුන් (ඍජු මාර්ගයෙහි යාමට) කැමති වන්නේද, ඔහු මෙයට (සවන් දී) මතකයේ තබා ගන්නේය.
فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ
මෙම අල්කුර්ආනය ඉතාමත් ගෞරවණීය පුස්තකයකි,
مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ
ඉතාමත් ශ්රේෂ්ඨය, පරිශුද්ධය (ලව්හුල් මහ්ෆූල් නමැති)
بِأَيْدِى سَفَرَةٍۢ
ඉතාමත් ගෞරවණීය හොඳ අය වන ලියන්නන්ගේ අත්වලින් (ලියන ලදී)
كِرَامٍۭ بَرَرَةٍۢ
ඔවුහු ගෞරවාන්විතය පිරිසිදුය.
قُتِلَ ٱلْإِنسَٰنُ مَآ أَكْفَرَهُۥ
(පාපයන් කරන) මිනිසාට විනාශයයි! ඔහු කොපමණ කෙළෙහිගුණ නොදන්නෙකු වශයෙන් සිටින්නේද!
مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ
කුමක් මගින් ඔහුව උත්පාදනය කරනු ලැබ ඇත්තේද (යන්න ඔහු අවධානය කළෙහිද?)
مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ
එක් ඉන්ද්රිය බිඳක් මගින්ම ඔහුව උත්පාදනය කර, (ඔහු සිටින මේ ආකාරයටම, ඔහුව මිනිසා වශයෙන් නිර්මාණය කර), ඔහුව සැලසුම් කළේය.
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ
පසුව ඔහු (කරනු ලබන පව් පින්වලට අයත්) මාර්ගය ඔහුට පහසු කර තැබුවේය.
Page 1 of 3 (42 ayahs)