Loading surah...
Back to Sinhala Quran
19 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ
(යුග අවසානයේදී) අහස පුපුරා-
وَإِذَا ٱلْكَوَاكِبُ ٱنتَثَرَتْ
තාරකාවන් සී සීකඩ වී-
وَإِذَا ٱلْبِحَارُ فُجِّرَتْ
මුහුදු ඉවත් කරනු ලැබ-
وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ
සොහොන්ද විවර කරනු ලැබුවහොත් (මරණයට පත් වූවන්ට පණ ලැබී නැගිට)-
عَلِمَتْ نَفْسٌۭ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ
සෑම ආත්මයක්ම තමන් (ලොවෙහි) පෙර (සිදු කර) එවන ලද දැයද, (ලොවෙහි) තමන් අත්හැර දමා තිබූ දැයද හොඳින් දැන ගනු ඇත.
يَٰٓأَيُّهَا ٱلْإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ
මිනිසාණෙනි! ඔබගේ ගෞරවණීය දෙවියන් ගැන ඔබව රවටා දැමුවේ කිමෙක්ද?
ٱلَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
ඔහුම ඔබව උත්පාදනය කර, උසස් අන්දමට හැඩරුව නිර්මාණය කර, ඉතාමත් නියමිත ආකාරයට සකස් කළේය.
فِىٓ أَىِّ صُورَةٍۢ مَّا شَآءَ رَكَّبَكَ
ඔහුම තමන් කැමති (ඉතාමත් අලංකාරවත්) හැඩයකින් ඔබව (ඔබගේ අවයවයන්) සවි කළේය.
كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ
එහෙත් (මිනිසුනේ!) ඵලවිපාක දෙන දිනය ඔබම බොරු කරන්නෙහුය.
وَإِنَّ عَلَيْكُمْ لَحَٰفِظِينَ
නියත වශයෙන්ම ඔබ කෙරෙහි ආරක්ෂකයින් පත් කරනු ලැබ ඇත්තේය.
كِرَامًۭا كَٰتِبِينَ
ඔවුන් (මලායිකාවරුන්ගෙන් වූ) ගෞරවණීය ලියන්නන් දෙදෙනෙකි.
يَعْلَمُونَ مَا تَفْعَلُونَ
ඔබ කරන දැය සියල්ල ඔවුන් (නිවැරදිව) දැන (ලියා) ගන්නාහ.
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍۢ
එබැවින් නියත වශයෙන්ම හොඳ අය (ස්වර්ගයෙහි) ඉමහත් සතුටු සුවයෙන් සිටිනු ඇත.
وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍۢ
නියත වශයෙන්ම පාපතරයින් නිරයෙහිම සිටිනු ඇත.
يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ
ඵලවිපාක දෙන දිනදී එයම ඔවුන් අත්කර ගන්නාහ.
وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ
ඔවුන් එයින් සැඟවී (බේරී දිව) යන්නට නොහැක.
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ
(නබියේ!) ඵලවිපාක ලබා දෙන එදින කිමෙක්දැයි ඔබ දන්නෙහිද?
ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ
ඵලවිපාක ලබා දෙන එදින කිමෙක්දැයි ඔබට දැනුම් දෙන්නේ කිමෙක්ද?
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌۭ لِّنَفْسٍۢ شَيْـًۭٔا ۖ وَٱلْأَمْرُ يَوْمَئِذٍۢ لِّلَّهِ
එදිනදී කිසියම් ආත්මයක් වෙනත් ආත්මයකට යම්කිසි උදව්වක් කිරීමට ශක්තියක් ලබන්නේ නැත. බලයද එදිනදී සම්පූර්ණයෙන්ම අල්ලාහ්ටම ඇත්තේය.