Loading surah...
Back to Sinhala Quran
30 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْفَجْرِ
අළුයම් කාලය මතද-
وَلَيَالٍ عَشْرٍۢ
රාත්‍රීන් දහයක් මතද-
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ
ඔත්තේ ඉරත්තේ (සලාතයන්) මතද-
وَٱلَّيْلِ إِذَا يَسْرِ
ගමන් ගන්නා රාත්‍රිය මතද, සත්තකින්ම! (ප්‍රශ්න ගණනය කරන දිනය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය).
هَلْ فِى ذَٰلِكَ قَسَمٌۭ لِّذِى حِجْرٍ
මෙහි බුද්ධිය ඇති අයට (විශ්වාසය ලබා දිය හැකි) විශාල සත්‍යයක් ඇත්තේය නොවෙද?
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
(නබියේ!) ආද් ජනයාව ඔබගේ දෙවියන් කෙසේ නම් (දඬුවම්) කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ
උස් වූ කුළුණු වලින් යුත් ඉරම් වාසීන්ය.
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَٰدِ
ඔවුන් වැනි (ශක්තිවන්තයින් ලොවෙහි ඇති) නගරයන්හි (කිසි තැනක) උත්පාදනය කරනු ලැබුවේ නැත.
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ
එහෙත් සමූද් නමැති ජනයාව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?) මොවුන් කඳු පාවුලෙහි ගල් පර්වත හාරා (එහි වාසය කරමින්) සිටියහ.
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ
එහෙත් සේනාංකයන් හිමි ෆිර්අව්න්ව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?)
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَٰدِ
මොවුන් සියල්ලන්ම භූමියෙහි සීමාව ඉක්මවාම කටයුතු කළහ.
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ
එහිදී ඔවුන් ඉතාමත් අධික වශයෙන්ම අපරාධ කරමින්ම සිටියහ.
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ
එබැවින් ඔබගේ දෙවියන් ඔවුන් කෙරෙහි දඬුවමේ කසයන් මගින් (පහරක් මත පහරක් වශයෙන්) පහර දුන්නේය.
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (මෙම පාපතරයින්ගේ පැමිණීම) බලාපොරොත්තුවෙන්ම සිටින්නේය.
فَأَمَّا ٱلْإِنسَٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ
එබැවින් මිනිසාව ඔහුගේ දෙවියන් පිරික්සුමට ලක් කර, ඔහුට දයාව පහළ කර, ඔහුව උසස් කළහොත් ‘මගේ දෙවියන් මාව ගෞරව කළේය’ යයි (ආඩම්බරයෙන්) පවසන්නේය.
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَٰنَنِ
එහෙත් (දෙවියන්) ඔහුව පිරික්සුමට ලක් කර, ඔහුගේ වස්තුව ඔහුට අඩු කර හැරියහොත් ‘මගේ දෙවියන් මාව අවමන් කර හැරියේය’ යයි (ෙදාස්) කියන්නේය.
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ
(කාරණාව නම්) එසේ නොව. ඔබ අනාථයින්ව ගෞරව කළේද නැත.
وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
(ඔබ) දුප්පතුන්ට ආහාර (සැපයූවේද නැති අතර වෙන කිසිවෙකුත්) ලබා දෙන මෙන් පෙළඹුවේද නැත.
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًۭا لَّمًّۭا
(අන් අයට) උරුම වූ වස්තුවද අධික තන්හාවෙන් (උදුරාගෙන) ගිල දමන්නෙහුය.
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّۭا جَمًّۭا
ඔබ ඉතාමත් සීමාව ඉක්මවා ගිය තරමට වස්තුවට ආශා කරන්නෙහුය.
Page 1 of 2 (30 ayahs)