Loading surah...
Back to Sinhala Quran
19 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ
(නබියේ! සියල්ලම) උත්පාදනය කළ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමයෙන් (මගේ නියෝගයන් අඩංගු ශුද්ධ වූ කුර්ආනය) ඔබ සමුදීරණය කරනු මැනව!
خَلَقَ ٱلْإِنسَٰنَ مِنْ عَلَقٍ
ඔහුම මිනිසාව ලේ කැටියෙන් උත්පාදනය කළේය.
ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ
(නබියේ! නැවතත්) ඔබ සමුදීරණය කරනු (මැනව!) ඔබගේ දෙවියන් අති විශාල දානපතියෙකි.
ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ
ඔහුම පෑනක් මගින් (ලිවීමට) ඉගැන්වූවේය.
عَلَّمَ ٱلْإِنسَٰنَ مَا لَمْ يَعْلَمْ
තවද (එමගින්) මිනිසා නොදන්නා දැය සියල්ල ඔහුට උගන්වා දෙන්නේය.
كَلَّآ إِنَّ ٱلْإِنسَٰنَ لَيَطْغَىٰٓ
(මෙසේ තිබියදී) මිනිසා (ඔහුට කෘතඥ වීම වෙනුවට) ඇත්තෙන්ම-
أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ
තමන්ට (දෙවියන්ගෙන්) අවශ්‍යතාවයක් නොමැත්තෙකු යයි අදහස් කරමින් ඔහුට වෙනස්කම් කරන්නේය.
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වෙතම (ඔහු) නැවත පැමිණිය යුතුව ඇත්තේය.
أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ
(නබියේ!) වළක්වා දමන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද?
عَبْدًا إِذَا صَلَّىٰٓ
එක් වහලෙකු සලාත් කරන විට
أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ
ඔහු ඍජු මාර්ගයෙහි සිටිමින් හෝ
أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ
පරිශුද්ධභාවය අණ කරමින් සිටියදී (ඔහුව, ඔහු වළක්වා හැරීම) ඔබ (අවධානය කර) බැලූවෙහිද?
أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
ඔහු, (ඔහුව) බොරු කර ප්‍රතික්ෂේප කර හැරීමද ඔබ අවධානය කළෙහිද?
أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
(ඔහු කරන මෙම නපුරු කාරණාවන්) නියත වශයෙන්ම අල්ලාහ් බලන්නේය යන්න ඔහු දැන ගත්තේ නැද්ද?
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ
(මෙසේ ඔහු කටයුතු කිරීම) සුදුසු නැත. (මෙම නපුරු ක්‍රියාවන්ගෙන්) ඔහු ඈත් නොවුවහොත් අපි නළල් කෙස් රොදින් අල්ලා අදින්නෙමු.
نَاصِيَةٍۢ كَٰذِبَةٍ خَاطِئَةٍۢ
එනම් වැරදි කරන එම බොරුකාරයාගේ ඉදිරි කෙස් වහල්ලෙන්
فَلْيَدْعُ نَادِيَهُۥ
එබැවින් ඔහු (තම උදව්වට) තම සභාවේ අයව කැඳවිය යුතුය.
سَنَدْعُ ٱلزَّبَانِيَةَ
අපිද (ඔහුව නිරයට යැවීමට නිරයෙහි) ආරක්ෂකයින්ව කැඳවන්නෙමු.
كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩
එබැවින් (නබියේ!) නියත වශයෙන්ම ඔබ ඔහුට අවනත නොවනු. (ඔබගේ දෙවියන්ට) හිස නවා නැමද (සුජූද් කර ඔහු වෙත) ළං වනු මැනව!