Loading surah...
Back to Sinhala Quran
286 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ
අලිෆ්. ලාම්. මීම්.
ذَٰلِكَ ٱلْكِتَٰبُ لَا رَيْبَ ۛ فِيهِ ۛ هُدًۭى لِّلْمُتَّقِينَ
(අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ජිබ්රීල් අෙලෙහිස්සලාම් තුමාගේ මාර්ගයෙන් නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් හට පහළ කරන ලද පරිශුද්ධ වූ කුර්ආනය වන) මෙය ධර්ම පුස්තකයයි; මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය.
ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْغَيْبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ
(භය භක්තියෙන් පිරි) ඔවුන්, ගුප්ත දැය (ඇත්තේය යයි) විශ්වාස කරන්නාහ. සලාතයද (නැමදුමද) නොකඩවා ඉටු කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් (මුදල්, වස්තුව ආදී) දැයෙන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ.
وَٱلَّذِينَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ وَبِٱلْءَاخِرَةِ هُمْ يُوقِنُونَ
තවද (නබියේ!) ඔවුන් ඔබට පහළ කරන ලද (මෙම ධර්මය)ද, ඔබට පෙර (විසූ නබිවරුන්ට) පහළ කරන ලද දැයද විශ්වාස කරන්නාහ. (විනිශ්චය දිනය වන) පරලොවද (සත්‍යය යයි) ඔවුන් ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ.
أُو۟لَٰٓئِكَ عَلَىٰ هُدًۭى مِّن رَّبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
මෙවැන්නන්ම තම දෙවියන්ගේ ඍජු මාර්ගයෙහි සිටින්නාහ. මොවුන්ම නියත වශයෙන්ම ජයග්‍රාහකයන්ය.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ
(නබියේ!) ඇත්තෙන්ම කවුරුන් (මෙම ධර්මය සිතට විරුද්ධව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ඔබ බියගන්වා අනතුරු ඇඟවීමද, ඔවුන්ට ඔබ බියගන්වා අනතුරු අඟවා නොසිටීමද, ඔවුන්ට එක සමානය. ඔවුන් විශ්වාස කරන්නේම නැත.
خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰٓ أَبْصَٰرِهِمْ غِشَٰوَةٌۭ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌۭ
(ඔවුන් සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන්) ඔවුන්ගේ හෘදයන් මතද, සවන ඉන්ද්‍රියන් මතද, අල්ලාහ් මුද්‍රා තබා හැරියේය. ඔවුන්ගේ පෙනීම මතද තිරයක් දමනු ලැබීය. තවද ඔවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.
وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلْيَوْمِ ٱلْءَاخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ
(නබියේ!) ‘අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර ඇත්තෙමු’ යයි පවසන්නන්ද මිනිසුන්ගෙන් සමහරෙක් ඇත. නමුත් (ඇත්තෙන්ම) ඔවුන් විශ්වාසය තැබූවන් නොව.
يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَمَا يَخْدَعُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ
ඔවුන් (මෙසේ පවසා), අල්ලාහ්වද විශ්වාසය තැබූවන්වද රවටන්නට (අදහස්) කරන්නාහ. නමුත් (මෙමගින්) ඔවුන් තමන්වම රවටා ගන්නාහ. (මෙය) ඔවුන් වටහා නොගන්නාහ.
فِى قُلُوبِهِم مَّرَضٌۭ فَزَادَهُمُ ٱللَّهُ مَرَضًۭا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْذِبُونَ
(මන්දයත්) ඔවුන්ගේ හෘදයන්හි (වංචනිකභාවය නමැති) අසනීපයක් ඇත. ඔවුන්ට (එම) අසනීපය අල්ලාහ් වැඩි කර හැරියේය. (මෙසේ) ඔවුන් බොරු කීමෙන් ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත.
وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ قَالُوٓا۟ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ
ඔවුන්ට “ඔබ භූමියෙහි නපුර (කරමින් කටයුතු) නොකරනු” යයි පවසනු ලැබුවහොත්, (එයට) ඔවුන් “අපි සමාදානය ඇති කරන්නන්ම වන්නෙමු! (නපුර කරන්නන් නොව)” යයි පවසන්නාහ.
أَلَآ إِنَّهُمْ هُمُ ٱلْمُفْسِدُونَ وَلَٰكِن لَّا يَشْعُرُونَ
නියත වශයෙන්ම ඔවුන් නපුර කරන්නන්ම නොවෙද? නමුත් (තමන්ම නපුර කරන්නන් යන්න) ඔවුන් වටහා නොගන්නාහ.
وَإِذَا قِيلَ لَهُمْ ءَامِنُوا۟ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓا۟ أَنُؤْمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُ ۗ أَلَآ إِنَّهُمْ هُمُ ٱلسُّفَهَآءُ وَلَٰكِن لَّا يَعْلَمُونَ
තවද ඔවුන්ට “(අනිත්) මිනිසුන් විශ්වාස කළ ආකාරයටම ඔබත් (සත්‍ය වශයෙන්ම) විශ්වාස කරනු” යයි පවසනු ලැබුවහොත් (එයට) ඔවුන් “මෝඩයින් විශ්වාස කළ ආකාරයට අපිත් විශ්වාස කරන්නද?”යි විමසන්නාහ. නියත වශයෙන්ම මොවුන් මෝඩයින්ම නොවෙද? නමුත් (තමන්ම මෝඩයින් යන්න) ඔවුන් දැන ගන්නේ නැත.
وَإِذَا لَقُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ إِلَىٰ شَيَٰطِينِهِمْ قَالُوٓا۟ إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِءُونَ
තවද ඔවුන් විශ්වාසවන්තයින්ව හමු වුවහොත් “අපිත් (ඔබලා මෙන්) විශ්වාස කරන්නෙමු” යයිද පවසන්නාහ. නමුත් ඔවුන් (විශ්වාසවන්තයින්ගෙන් ඈත් වී) තමන්ගේ (ප්‍රධානීන් වන) ෂෙයිතාන්වරුන් සමග තනි වුවහොත් “නියත වශයෙන්ම අපි ඔබත් සමගම සිටින්නෙමු. (නමුත්) අපි (විශ්වාසවන්තයින් සමග එසේ පවසා) සමච්චල් කරන්නෙමු” යයි පවසන්නාහ.
ٱللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ
(නොඑසේය!) අල්ලාහ්ම ඔවුන්ව, ඔවුන්ගේ කෘෘරකමෙහි (මෙසේ) පරාවර්ථනය වී විනාශ වන්නට ඉඩ හැර සමච්චල් කරන්නේය.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلضَّلَٰلَةَ بِٱلْهُدَىٰ فَمَا رَبِحَت تِّجَٰرَتُهُمْ وَمَا كَانُوا۟ مُهْتَدِينَ
ඍජු මාර්ගය වෙනුවට දුර්මාර්ගය මිලට ගත් අය මොවුන්ය. එබැවින් මොවුන්ගේ (මෙම) ව්‍යාපාරයෙන් (කිසිම) ලාභයක් ලබා දුන්නේ නැත. තවද මොවුන් ඍජු මාර්ගය අත් කර ගත් අය වූවේද නැත.
مَثَلُهُمْ كَمَثَلِ ٱلَّذِى ٱسْتَوْقَدَ نَارًۭا فَلَمَّآ أَضَآءَتْ مَا حَوْلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِى ظُلُمَٰتٍۢ لَّا يُبْصِرُونَ
(එබැවින්) මොවුන්ගේ උපමාව නම්, (අන්ධකාරය වටකරගෙන සිටින) කෙනෙකුගේ උපමාවට සම වන්නේය. (එනම් අනතුරුදායක කැලෑවක කොටු වූ කෙනෙකු මග සොයා ගැනීම සඳහා) ගිනි මොළවා, (එමගින්) ඔහු වටා විහිදෙන ආලෝකය ලැබුණු අවස්ථාවේදී (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය (ඇස් පෙනුම) පහ කර, බැලීමට නොහැකි ඝන අන්ධකාරයෙහි ඔවුන්ව අත්හැර දැමුවේය.
صُمٌّۢ بُكْمٌ عُمْىٌۭ فَهُمْ لَا يَرْجِعُونَ
(ඒ සමගම මොවුන් හොඳ දැය නොඅසන) බිහිරන් බවටද, (හොඳ දැය කතා නොකරන) ගොළුවන් බවටද, (හොඳ දැය නොබලන) අන්ධයින් බවටද පත් වූහ. එබැවින් මොවුන් (අනතුරුදායක තත්වයෙන් කිසි විටෙකත්) මිදෙන්නේම නැත.
أَوْ كَصَيِّبٍۢ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَٰتٌۭ وَرَعْدٌۭ وَبَرْقٌۭ يَجْعَلُونَ أَصَٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلْمَوْتِ ۚ وَٱللَّهُ مُحِيطٌۢ بِٱلْكَٰفِرِينَ
නැතහොත් (මොවුන්ගේ උපමාව) ඝන අන්ධකාරයෙන්ද, ගිගිරුමෙන්ද, විදුලියෙන්ද යුත් වලාකුළෙන් වසින වර්ෂාවට හසු වුණු (අයගේ උපමාවට සම වන්නේය. එසේ හසු වුණු) මොවුන්, හෙණ හඬින් මරණ බියට පත්ව, තමන්ගේ අතැඟිලි තමන්ගේ කණ්වලට ඇතුළු කර (තද කර, වසා) ගන්නාහ. නමුත් අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන මොවුන්ව (සෑම විටම) වටකර ගෙනම සිටින්නේය.
يَكَادُ ٱلْبَرْقُ يَخْطَفُ أَبْصَٰرَهُمْ ۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوْا۟ فِيهِ وَإِذَآ أَظْلَمَ عَلَيْهِمْ قَامُوا۟ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَٰرِهِمْ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
(තවද) එම විදුලි කෙටීම මොවුන්ගේ ඇස් පෙනුම උදුරා ගැනීමට තැත් කරන්නේය. එය මොවුන්ට ආලෝකය ලබා දෙන සෑම අවස්ථාවන්හිදීම, එයින් (එම ආලෝකයෙන්) ඇවිදින්නට (අදහස්) කරන්නාහ. (නමුත් එම විදුලිය නැති වී) ඔවුන්ව අන්ධකාරය වට කර ගතහොත් (මාර්ගය නොදැන තිගැස්සී) නැවතී යන්නාහ. තවද අල්ලාහ් අදහස් කළේ නම්, මොවුන්ගේ සවණ ඉන්ද්‍රියන්ද, ඇස් පෙනුමද පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සෑම දැයක් කෙරෙහිම (ඕනෑම දැයක් කිරීමට තරම්) බලසම්පන්නයෙකි.
Page 1 of 15 (286 ayahs)