Loading surah...
Back to Sinhala Quran
200 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ
අලිෆ්. ලාම්. මීම්.
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ
අල්ලාහ් (කෙබඳු අයෙක්ද නම්) ඔහුව හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු සදා අමරණීයයි. (සදා) ස්ථීරවන්තයි.
نَزَّلَ عَلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ
(නබියේ! සම්පූර්ණයෙන්ම) සත්‍යයෙන් පිරි මෙම ධර්මය ඔබ කෙරෙහි ඔහුම පහළ කර තැබුවේය. (මෙය) මෙයට පෙර තිබූ (ධර්මයන්) සියල්ලම ස්ථීර කරන්නේය. තව්රාතයද, ඉන්ජීලයද ඔහුම පහළ කළේය.
مِن قَبْلُ هُدًۭى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَ ۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ
මීට පෙරද මිනිසුන්ට ඍජු මාර්ගෝපදේශයන් වශයෙන් තිබුනු, (පව්, පින්) වෙන්කර දැනුම් දිය හැකි (අනිත්) දැයද පහළ කර ඇත්තේය. එබැවින් කවුරුන් අල්ලාහ්ගේ (එම) ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම දරුණු දඬුවම් ඇත. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) බලසම්පන්නයෙකු හා (නපුරු අයගෙන්) පළි ගන්නෙකු වශයෙන්ද සිටින්නේය.
إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌۭ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ
නියත වශයෙන්ම අහස්හි හෝ භූමියෙහි හෝ (ඇති) කිසිවක් අල්ලාහ්ට ගුප්ත දැය නොව.
هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
ඔහුම ගර්භයන්හි තමන් කැමති අන්දමට (පිරිමි වශයෙන් හෝ ගැහැනු වශයෙන් හෝ) ඔබව උත්පාදනය කරන්නේය. ඔහු හැර නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට වඩා) බලසම්පන්නයෙකි. ඥානවන්තයෙකි.
هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَٰبَ مِنْهُ ءَايَٰتٌۭ مُّحْكَمَٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٌۭ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌۭ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّۭ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ
(නබියේ!) ඔහුම මෙම ධර්මයද ඔබ කෙරෙහි පහළ කළේය. මෙහි (පැහැදිලිවද) විශේෂිතවද ඇති අර්ථයන්ගෙන් යුත් ආයාවන්ද තිඛෙන්නේය. මේවාම මෙම ධර්මයේ සංකල්පයන්ය. අන් ඒවා විවිධ අර්ථයන්ගෙන් යුත් උබයාර්ථවත් ඒවා වන්නේය. කවුරුන්ගේ හෘදයන්හි කුහකම ඇත්තේද, ඔවුන් එහි ආරවුල් ඇති කිරීමේ අදහසින් (මෙවැනි ආයාවන්හි වැරදි සහගත) විවිධ අර්ථයන්ම සොයා අනුගමනය කරන්නාහ. එහෙත් මේවායේ සත්‍ය අර්ථය අල්ලාහ්ම මිස වෙන කිසිවෙකුත් දැන ගන්නේ නැත. අධ්‍යාපන දැනුමෙන් අගතැන් පත් අය නම්, (එහි අර්ථයන් පූරණ වශයෙන් නොදැනුවත් වුවද) “මෙය අපි විශ්වාස කළෙමු. (මේ දෙවර්ගයේ ආයාවන්) සියල්ල අපගේ දෙවියන්ගෙන් පැමිණි දැයයි” යයි පවසන්නාහ. බුද්ධිමතුන් මිස වෙන කිසිවෙකුත් (මෙමගින්) හොඳ ඔවදන් නොලබන්නාහ.
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ
(තවද ඔවුන්) "අපගේ දෙවියනේ! ඔබ අපට ඍජු මාර්ගය දැනුම් දුන් පසුද, අපගේ හෘදයන් (එයින්) වැරද යන ලෙස පත් නොකරනු (මැනව!). ඔබගේ දයාබර වරප්රසාදයන්ද ඔබගේ සන්නිධානයෙන් අපට ලබා දෙනු මැනව! නියත වශයෙන්ම ඔබමය ඉමහත් දානපතියා!”
رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ
අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ එක් දිනකදී මිනිසුන් සියල්ලන්ම ඒකරාශී කරන්නෙකු වශයෙන් සිටින්නෙහිය. එහි (එදින පැමිණීමෙහි) කිසිම සැකයක් නැත. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (තම) පොරොන්දුවෙහි වැරදි කරන්නෙකු නොව” (යයි ප්‍රාර්ථනා කරන්නාහ).
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ
කවුරුන් (ඒ දිනය) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට (එදින) ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවන්ද අල්ලාහ්ගෙන් (ඔහුගේ දඬුවමෙන්) කිසිවක් වළක්වා දමන්නට නොහැක. ඔවුන්ම ඇත්තෙන්ම (නිරා) ගින්නේ දර වශයෙන් ඇත්තාහ.
كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ
(මොවුන්) ෆිර්අව්න්ට අයත් අයද, ඔවුන්ට පෙර විසූවන් මෙන්ම සිටින්නාහ. ඔවුන්ද අපගේ ආයාවන් බොරු කළහ. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව අල්ලා ගත්තේය. අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණුය.
قُل لِّلَّذِينَ كَفَرُوا۟ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ ۚ وَبِئْسَ ٱلْمِهَادُ
කවුරුන් මෙම ධර්මය ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට (නබියේ!) ඔබ මෙසේ කියනු: “ඉතාමත් ඉක්මනින් ඔබව (විශ්වාසවන්තයින් මගින්) ජයග්‍රහණය කරනු ලබන්නෙහුය. තවද (පරලොව) නිරයෙහි එක්කාසු කරනු ලබන්නෙහුය. එය ඉතාමත් නපුරු රැෙඳන ස්ථානයක් වන්නේය”.
قَدْ كَانَ لَكُمْ ءَايَةٌۭ فِى فِئَتَيْنِ ٱلْتَقَتَا ۖ فِئَةٌۭ تُقَٰتِلُ فِى سَبِيلِ ٱللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌۭ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْىَ ٱلْعَيْنِ ۚ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِۦ مَن يَشَآءُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّأُو۟لِى ٱلْأَبْصَٰرِ
(බද්රු යුද්ධයෙහිදී) හමු වූ සේනාවන් දෙකෙහි ඇත්තෙන්ම ඔබට එක් සාධකයක් තිබුණි. (එහි) එක් සමූහයක් (විශ්වාසවන්තයින්ය. ඔවුන්) අල්ලාහ්ගේ මාර්ගයෙහිද, අනිත් ප්‍රතික්ෂේප කරන්නන් - මොවුන් (එම විශ්වාසවන්තයින්ට විරුද්ධවද)- යුද්ධ කරමින් සිටියහ. (ප්‍රතික්ෂේප කරන්නන්) ඔවුන්ට වඩා (තමන් දෙගුණයක් වශයෙන්) තම දෑසින් කෙළින්ම දුටුවහ. (එහෙත්) අල්ලාහ් තමන් කැමැත්තන්ට තම උදව් උපකාරය මගින් ශක්තිමත් කරන්නේය. බුද්ධිමතුන්ට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත.
زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَٰمِ وَٱلْحَرْثِ ۗ ذَٰلِكَ مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ
කාන්තාවන්, දරුවන්, රණ් රිදී විශාල පොදි, උසස් අශ්වයින්, (එළු, බැටළු, ගව, ඔටුවන් වැනි) ගමේ සතුන්, ගොවිතැන් ආදිය මත ඉමහත් ආශාවක් ඇති කර ගැනීම මනිසුන්ට අලංකාරවත් කර ඇත්තේය. එහෙත් මේවා (සියල්ල අස්ථාවර) මෙලොව ජීවිතයෙහි (අල්ප) සැප සම්පත්ය! අල්ලාහ්ගේ සන්නිධානයෙහි නම්, (ස්ථීර වූ) අලංකාරවත් වාසස්ථානයක් ඇත.
۞ قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍۢ مِّن ذَٰلِكُمْ ۚ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ
(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: මේවාටත් වඩා උසස් දැයක් මා ඔබට දැනුම් දෙන්නද? කවුරුන් (දෙවියන්ට) බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ස්වර්ගයන් ඇත. ඒවායෙහි ජල දහරා (සදා) ගලමින්ම ඇත. ඒවායෙහි (ඔවුන්) සදහටම රැඳී සිටිනු ඇත. (එහි ඔවුන්ට) ශුද්ධ වූ වල්භයන්ද ඇත. (මේවා හැර ඉමහත්) අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නසද ලැඛෙනු ඇත. අල්ලාහ් තම වහලූන්ව ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ
මෙවැන්නන් (තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! නියත වශයෙන්ම අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. එබැවින් ඔබ අප වෙනුවෙන් අපගේ පාපයන්ට සමාව දී (වරප්රසාදයන් පහළ කර නිරා) ගින්නේ දඬුවමෙන්ද ඔබ අපව බේරා ගනු මැනව!” යයිද (සදා) ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ.
ٱلصَّٰبِرِينَ وَٱلصَّٰدِقِينَ وَٱلْقَٰنِتِينَ وَٱلْمُنفِقِينَ وَٱلْمُسْتَغْفِرِينَ بِٱلْأَسْحَارِ
(තවද ඔවුන්) ඉවසිලිවන්තයින් වශයෙන්ද, සත්‍යයම කතා කරන්නන් වශයෙන්ද, (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නන් වශයෙන්ද, දානමාන කරන්නන් වශයෙන්ද, සහර් (අළුයම්) කාලයන්හි, (අල්ලාහ්ගෙන්) සමාව අයදින්නන් වශයෙන්ද සිටින්නාහ.
شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلْمَلَٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ قَآئِمًۢا بِٱلْقِسْطِ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
(නබියේ!) අල්ලාහ් මෙසේ සාක්ෂි දරන්නේය: “නියත වශයෙන්ම ඔහු හැර වෙනත් දෙවියෙක් නැත” තවද (එසේ) මලායිකාවරුන්ද, (ධර්ම ඥානය ලත්) විද්වතුන්ද, සාධාරණය ස්ථීර කර, “ඔහු හැර වෙන දෙවියෙක් නැත. (ඔහු සියල්ලන්ටම වඩා) බලසම්පන්නය, ඥානවන්තය” (යයි සාක්ෂි දරන්නාහ).
إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَٰمُ ۗ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۗ وَمَن يَكْفُرْ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි (බාර ගනු ලැබූ) ධර්මය ඉස්ලාමයයි. ධර්මය පහළ කරනු ලැබූවන්, (මෙයයි සත්‍ය ධර්මය යන) ඥානය ඔවුන්ට ලැබුණු පසුද, තමන් අතර ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන්ම (මෙයට) වෙනස්කම් දැක්වූහ. එබැවින් (මෙසේ) කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, (ඔවුන්ට විනාශයයි. ඔවුන්ගේ) ගණනය නිර්ණය කිරීමෙහි අල්ලාහ් ඉතාමත් සීඝ්රවන්තයෙකි.
فَإِنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِىَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِ ۗ وَقُل لِّلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْأُمِّيِّۦنَ ءَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا۟ فَقَدِ ٱهْتَدَوا۟ ۖ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ ۗ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ
(නබියේ! මින්) පසුවද, ඔබ සමග තර්ක කළහොත් (ඔවුන්ට) “නියත වශයෙන්ම මා අල්ලාහ්ට (අල්ලාහ්ගේ නියෝගයන්ට) සම්පූර්ණයෙන්ම අවනත වුනෙමි. (එසේම) මාව අනුගමනය කරන්නන්ද (අවනත වූහ)” යයි පවසා, ධර්මය පහළ කරනු ලැබූවන්ටද (පිළිරූ ආරාධනා කරන) නූගතුන්ගෙන්ද “ඔබත් (ඒ අන්දමටම) අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වන්නෙහුද?”යි විමසනු. (එසේම) ඔවුන්ද අවනත වුවහොත්, නියත වශයෙන්ම ඔවුන්ද ඍජු මාර්ගය අත් කර ගත්හ. තවද ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත් (ඒ වෙනුවෙන් ඔබ දුක් නොවනු. ඔබ අපගේ දූත මෙහෙවර ඔවුන්ට) ගෙනහැර දැක්වීමම ඔබ කෙරෙහි අනිවාර්යය වී ඇත්තේය. අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
Page 1 of 10 (200 ayahs)