Loading surah...
Back to Sinhala Quran
118 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ
විශ්වාසවන්තයින්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළහ.
ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَٰشِعُونَ
ඔවුන් කෙබන්ඳු අයදයත්, තමන්ගේ සලාතයන් ඉතාමත් මනස තුළ බියෙන් යුතුව සලාත් කරන්නාහ.
وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ
ඔවුන් පුහු කාරණාවලින් ඈත් වී සිටින්නාහ.
وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٰةِ فَٰعِلُونَ
ඔවුන් සකාත්ද ගෙවමින් සිටින්නාහ.
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ
ඔවුන් තමන්ගේ රහස් ස්ථානයන් (අපචාරයෙන්) ආරක්ෂා කර ගන්නාහ.
إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ
එහෙත් ඔවුන් තමන්ගේ භාර්යයාවන් වෙත හෝ නැතහොත් තමන්ගේ දකුණු අත් හිමි කර ගත් (වහල්) ස්ත්‍රීන් වෙත හෝ (එක්කාසු වීමෙන්) නියත වශයෙන්ම (ඔවුන් වැරදිකරුවන් නොවන්නාහ. එබැවින් මෙම කාරණාවෙහි) ඔවුන් නින්දා කරනු නොලබන්නාහ.
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْعَادُونَ
මෙයට පටහැනි දැයක් කවුරුන් හෝ කැමති වුවහොත් ඔවුන් සීමාව ඉක්මවූ අය බවටද, (වැරදිකරුවන් බවටද) පත් වන්නාහ.
وَٱلَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ
තවද ඔවුන් (විශ්වාස කර බාර දෙනු ලැබූ) තමන්ගේ විශ්වාසයට අයත් දැයද, තමන්ගේ පොරොන්දුවද ගෞරව කරමින් කටයුතු කර;
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٰتِهِمْ يُحَافِظُونَ
තමන්ගේ සලාතයන්ද නියමිත කාලයන්හි (නොකඩවා) ඉටු කර සලාත් කරන්නාහ.
أُو۟لَٰٓئِكَ هُمُ ٱلْوَٰرِثُونَ
මෙවැන්නන්ම සත්‍ය උරුමක්කාරයින්ය.
ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَٰلِدُونَ
එබැවින් මොවුන් ෆිර්දවුස් (නමැති ස්වර්ගය) උරුම කරගෙන එහි සදාකල් රැඳී සිටින්නාහ.
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن سُلَٰلَةٍۢ مِّن طِينٍۢ
නියත වශයෙන්ම (ආරම්භයේදී පළමු) මිනිසාව කිරි මැටියේ සාරයෙන් උත්පාදනය කළෙමු.
ثُمَّ جَعَلْنَٰهُ نُطْفَةًۭ فِى قَرَارٍۢ مَّكِينٍۢ
පසුව එය අපි ඉන්ද්රිය බවට පත් කර, ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැන්පත් කළෙමු.
ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةًۭ فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةًۭ فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَٰمًۭا فَكَسَوْنَا ٱلْعِظَٰمَ لَحْمًۭا ثُمَّ أَنشَأْنَٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَٰلِقِينَ
පසුව එම ඉන්ද්රිය ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළෙමු. පසුව එම මාංශ පිණ්ඩයෙන් ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිළ්ලට මස් මාංශ ඇන්ෙඳව්වෙමු. පසුව එය (පූරණ) මිනිස් (ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ) අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (ඔහු) උත්පාදයකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි.
ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ
(මිනිසුනේ!) මින් පසුව නියත වශයෙන්ම ඔබ මරණයට පත් වන්නේය!
ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ تُبْعَثُونَ
ඉන්පසුව විනිශ්චය දිනදී නියත වශයෙන්ම ඔබ (පණ දී) නැගිට්ටවනු ලබන්නෙහුය.
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَٰفِلِينَ
(මිනිසුනේ! මෙසේ අපි ඔබව පමණක්ද උත්පාදනය කර ඇත්තේ? නියත වශයෙන්ම ඔබට ඉහළින් ඇති අහස් හතද අපිම උත්පාදනය කළෙමු. (ඒවා සෑම එකකම ඔබ වැනි උත්පාදනයන් ඇත්තේය. මේවා උත්පාදනය කර ඇති අතර) මෙම උත්පාදනයන්ට (අවශ්‍ය දැය) ගැන අපි නොසැලකිලිමත් නොවූවෙමු. (ඒවාට අවශ්‍ය සෑම දැයක්ම පරිපූරණ වශයෙන් අපි උත්පාදනය කර ඇත්තෙමු).
وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَسْكَنَّٰهُ فِى ٱلْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَٰدِرُونَ
වලාකුළෙන් (අපගේ) සැලසුමට අනුව වර්ෂාව වසින්නට සලස්වන්නෙමු. එය භූමියෙහි රැෙඳන සේ සලස්වන්නෙමු. එය (භූමියෙන්) පහ කිරීමටද අපි බලසම්පන්න වෙමු.
فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَٰبٍۢ لَّكُمْ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ
එමගින් ඉඳි, මිදි (ආදී) වතුද ඔබ වෙනුවෙන් අපි උත්පාදනය කරන්නෙමු. ඒවායෙන් ඔබට අවශ්‍ය බොහොමයක් පලතුරු වර්ග ඇත්තේය. ඒවායෙන් (බොහොමයක් වර්ග) ඔබ අනුභව කරන්නෙහුය.
وَشَجَرَةًۭ تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍۢ لِّلْءَاكِلِينَ
තූර්, සිනායි කන්ෙඳහි වැඩෙන (සෙයිතූන් නමැති ඔලිව්) ගසද (අපි උත්පාදනය කරන්නෙමු). එය තෙල්ද, ආහාරයට ගන්නා අයට රසයක්ද ලබා දෙන්නේය.
Page 1 of 6 (118 ayahs)