Loading surah...
Back to Sinhala Quran
78 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌۭ
මිනිසුනේ! ඔබ, ඔබගේ දෙවියන්ට බිය වනු. නියත වශයෙන්ම විනිශ්චය දින කම්පනයෙන් යුතු ඉමහත් වැඩ සටහනක් වන්නේය.
يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌۭ
(නබියේ!) එදිනදී, කිරි පොවමින් සිටින සෑම මවක්ම තමන් කිරි පොවන ළදරුවා අමතක කර දමන්නීය. සෑම ගැබිණියකගේම ගැබ්බර සිඳී විසිරී යනු ඔබ දකින්නෙහිය. මිනිසුන් සිහි බුද්ධිය සිඳී ගියවුන් වශයෙන් සිටිනු ඔබ දකින්නෙහිය. ඔවුන්ගේ (සිහි බුද්ධිය සිඳී යාමට හේතුව) බී මතින් නොව. අල්ලාහ්ගේ දඬුවම නියත වශයෙන්ම ඉතාමත් දරුණුය. (එය දැක තිගැස්සී ඔවුන්ගේ සිහි බුද්ධිය සිඳී යනු ඇත).
وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَيَتَّبِعُ كُلَّ شَيْطَٰنٍۢ مَّرِيدٍۢ
මිනිසුන්ගෙන් සමහරෙක් කිසිම අධ්‍යාපන දැනුමක් නැතිවම අල්ලාහ් ගැන තර්ක කර, (විශ්වාසය) කඩා බිඳ දමන ෂෙයිතාන්වරුවම අනුගමනය කරන්නාහ.
كُتِبَ عَلَيْهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ
කවුරුන් ඔහුව මිතුරෙකු බවට පත් කර ගන්නේද ඔහුව, ඔහු නියත වශයෙන්ම දරුණු දඬුවම දෙසටම ඇතුළු කරනු ඇතැයි නියම කරනු ලැබීය.
يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى رَيْبٍۢ مِّنَ ٱلْبَعْثِ فَإِنَّا خَلَقْنَٰكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ مِنْ عَلَقَةٍۢ ثُمَّ مِن مُّضْغَةٍۢ مُّخَلَّقَةٍۢ وَغَيْرِ مُخَلَّقَةٍۢ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِى ٱلْأَرْحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًۭا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنۢ بَعْدِ عِلْمٍۢ شَيْـًۭٔا ۚ وَتَرَى ٱلْأَرْضَ هَامِدَةًۭ فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ وَأَنۢبَتَتْ مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍۢ
මිනිසුනේ! (විනිශ්චය දිනදී ඔබට පණ දී) නැගිට්ටවීම ගැන ඔබ සැක සිතුවහොත් (ඔබව පළමුවෙන් කෙසේ උත්පාදනය කළෙමුදැයි යන්න අවධානය කර බලනු). නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුල් පියා වන ආදම්ව) කිරි මැටියෙන් උත්පාදනය කළෙමු. පසුව (ඔබව) ඉන්ද්රිය බිඳකින් (උත්පාදනය කර), පසුව එය එක් ලේ කැටියක් වශයෙන්ද, පසුව (එය) අඩු රුවකින් යුත් නැතහොත් පූරණ රුවකින් යුත් මාංශ පිණ්ඩයක් වශයෙන්ද, (අපි උත්පාදනය කරන්නෙමු. අපගේ බලසම්පන්න කම) ඔබට පැහැදිලි කරනු පිණිස (මෙසේ කර), අපි අදහස් කළ අයව ගර්භයන්හි නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ සලස්වන්නෙමු. පසුව ඔබව ළදරුවන් වශයෙන් ඉකුත් කර ඔබ, ඔබගේ තරුණ විය අත් කර ගැනීමට සලස්වන්නෙමු. (මේ අතර) මරණයට පත් වන්නන්ද ඔබගෙන් සමහරෙක් ඇත්තාහ. (නැතහොත් ජීවත්ව සිටිමින්) සියල්ල දැන ගත්තායින් පසු, කිසිවක් නොදන්නා කෙනෙකු බවට පත් වන මහළු වයස දක්වා (ජීවත් වීමට) අත්හැර දමන්නන්ද ඔබගෙන් සිටින්නාහ. (මිනිසුනේ!) භූමිය (කිසිම භෝගයක් නොමැති) පාළු කර්කශක (භූමියක්) වශයෙන් තිඛෙණු ඔබ දුටුවේ නැද්ද? ඒ මත අපි වර්ෂාව වසින්නට සැලැස්සුවහොත් එය සශ්‍රීක වී, වැඩී අලංකාරවත් විවිධ වර්ගයේ (ජෝඩු ජෝඩු වශයෙන්) උසට වැඩුණු ගස්වැල් වැඩෙන්නට සලස්වනු ලැබේ.
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّهُۥ يُحْىِ ٱلْمَوْتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
මෙසේ (කරන්නා) නියත වශයෙන්ම අල්ලාහ්ය. ඔහුම සත්‍යවන්තයෙකි. නියත වශයෙන්ම ඔහු මරණයට පත් වූවන්ට පණ දී නැගිට්ටවන අයයි. නියත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු යන්න මෙයම ප්‍රමාණවත් (සාධකයක් වශයෙන් ඇත්තේය).
وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌۭ لَّا رَيْبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبْعَثُ مَن فِى ٱلْقُبُورِ
නියත වශයෙන්ම විනිශ්චය කාලය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. එහි කිසිම සැකයක් නැත. (එදිනදී) සොහොන්වල (වැළලී) ඇති අයව නියත වශයෙන්ම අල්ලාහ් (පණ දී) නැගිට්ටවන්නේය.
وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍۢ وَلَا هُدًۭى وَلَا كِتَٰبٍۢ مُّنِيرٍۢ
මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ, (තර්කානුකූල) ඍජු මාර්ගය හෝ පැහැදිලි ධර්ම (සාධකයන්) හෝ නොමැතිවම අල්ලාහ් ගැන තර්ක කරන්නාහ.
ثَانِىَ عِطْفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ ۖ لَهُۥ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَنُذِيقُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ عَذَابَ ٱلْحَرِيقِ
අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) හරවා දමනු පිණිස, උඞ ගුකමින් යුතුව (මෙසේ තර්ක කරන්නාහ). මෙලොවදී ඔවුන්ට අවමානයයි. විනිශ්චය දිනදී නම්, දැවෙන ගින්නෙහි දඬුවමම ඔවුන්ට විඳින්නට සලස්වන්නෙමු.
ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ
(එහිදී ඔවුන්ට මෙසේ කියනු ලබන්නාහ): “මේවා දැනටමත් ඔබගේ අත්වලින් කර යවන ලද නපුරෙහි ඵලවිපාකයි. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ගෙන් කිසිවෙකුටත් (දඬුවම වැඩි කර හෝ පින් අඩු කර හෝ) පොඩියක්වත් අපරාධයක් කරන කෙනෙකු නොව”.
وَمِنَ ٱلنَّاسِ مَن يَعْبُدُ ٱللَّهَ عَلَىٰ حَرْفٍۢ ۖ فَإِنْ أَصَابَهُۥ خَيْرٌ ٱطْمَأَنَّ بِهِۦ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجْهِهِۦ خَسِرَ ٱلدُّنْيَا وَٱلْءَاخِرَةَ ۚ ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ
මිනිසුන්ගෙන් සමහරෙක් (තාප්පය මත සිටින බළලෙකු මෙන් විශ්වාසයේ) අද්දර සිටිමින් (ස්ථීරයක් නොමැති තත්වයෙහි) අල්ලාහ්ව නමදින්නාහ. ඔවුන් යම්කිසි හොඳක් අත් කර ගන්නා විට, එමගින් සෑහීමට පත් වන්නාහ. ඔවුන්ට යම්කිසි විපතක් ඇති වුවහොත් නම්, ඔවුන් තමන්ගේ මුහුණු (අල්ලාහ්ගෙන්) පිටතට හරවා ගන්නාහ. මොවුන් මෙලොවදීද, පරලොවදීද පරාජය අත් කර ගත්හ. එයම (සැකයෙන් තොර) පැහැදිලි ඉමහත් පාඩුවක් වන්නේය.
يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ
මොවුන් තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැති අල්ලාහ් නොවන දැය (දෙවියන් යයි) ආරාධනා කරන්නාහ. මෙය ඉතාමත් දුරස්ත දුර්මාර්ගය වන්නේය.
يَدْعُوا۟ لَمَن ضَرُّهُۥٓ أَقْرَبُ مِن نَّفْعِهِۦ ۚ لَبِئْسَ ٱلْمَوْلَىٰ وَلَبِئْسَ ٱلْعَشِيرُ
යහපතක් ඇති වීමට වඩා විපතක් ඇති වීමට කවුරුන් හට හැකියාවක් ඇත්තේද, ඔවුන්ව මොවුන් (තමන්ගේ ආරක්ෂකයින් යයි) ආරාධනා කරන්නාහ. (මොවුන්ගේ) එම ආරක්ෂකයින්ද විනාශ වූහ. ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින්නන් (වන මොවුන්)ද විනාශ වූහ.
إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ
නියත වශයෙන්ම කවුරුන් විහ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගයන්හි ඇතුළු වීමට සලස්වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන දැය කරන්නේය.
مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُۥ مَا يَغِيظُ
කවුරුන් (අපගේ දූතයා මත ඊර්ෂ්‍යා කර) ඔහුට අල්ලාහ් මෙලොවදීද, පරලොවදීද නියත වශයෙන්ම උදව් නොකරනු ඇතැයි (තමන්ගේ ඊර්ෂ්‍යාවේ හේතුවෙන්) අදහස් කරන්නේද, ඔහු මුදුන් වහලයේ කඹයක් බැඳ (තොන්ඩුවක්ද දමා, එහි ඛෙල්ල සිරකර) කපා ගෙන, ඊර්ෂ්‍යා කළ (අල්ලාහ්ගේ උදව්ව) තමන්ගේ උපාය මාර්ගයෙන් ඇත්තෙන්ම පහ කර හැරියේදැයි බලනු.
وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ وَأَنَّ ٱللَّهَ يَهْدِى مَن يُرِيدُ
(මෙම කුර්ආනයෙහි ඇති) මෙවැනි පැහැදිලි ආයාවන් වශයෙන්ම අපි මෙය පහළ කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයවම (මෙමගින්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلْمَجُوسَ وَٱلَّذِينَ أَشْرَكُوٓا۟ إِنَّ ٱللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ
විශ්වාසවන්තයින්ද, යුදෙව්වන්ද, සාබියීන්වරුන්ද, ක්‍රිස්තියානුවන්ද, (ගින්දර නමදින) මජූසිවරුන්ද, සමානයන් තබා නමදින්නන්ද, ආදී (සෑම දෙනාම, තමන්ම ඍජු මාර්ගයෙහි සිටින්නන් යයි පවසන්නාහ. එහෙත් කවුරුන් ඍජු මාර්ගයෙහි ඇත්තේය යන්න) මොවුන් අතරේ නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය දිනදී තීන්දුවක් දෙනු ඇත. (මොවුන්ගේ ක්‍රියාවන්) සියල්ල අල්ලාහ් නියත වශයෙන්ම අවධානය කරමින්ම සිටින්නේය.
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌۭ مِّنَ ٱلنَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ ۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ ۩
(නබියේ!) අහස්හි සිටින්නන්ද, භූමියෙහි සිටින්නන්ද, සූර්යයාද, චන්ද්‍රයාද, තාරුකාද, කඳුද, ගස්ද, සතුන්ද, මිනිසුන්ගෙන් බොහොමයක් දෙනාද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කර, නමදින්නාහ යන්න ඔබ නොදැක්කෙහිද? එහෙත් වැඩිදෙනෙකු මත දඬුවමම නියම විය. කවුරුන්ව අල්ලාහ් අවමන් කරන්නේද, ඔහුව කිසිවෙකු විසින් හෝ ගෞරව කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන දැයම කරන්නේය.
۞ هَٰذَانِ خَصْمَانِ ٱخْتَصَمُوا۟ فِى رَبِّهِمْ ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ قُطِّعَتْ لَهُمْ ثِيَابٌۭ مِّن نَّارٍۢ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ ٱلْحَمِيمُ
(දෙවියන්ට අවනත වන්නන් හා දෙවියන්ට වෙනස්කම් කරන්නන් ආදී) මේ දෙකොට්ඨාශයම තමන්ගේ දෙවියන් ගැන තර්ක කරමින් සිටින්නාහ. එබැවින් (ඔවුන්ගෙන්) කවුරුන් (තමන්ගේ දෙවියන්ව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ගින්නෙන් නිම වූ ඇඳුම් සැලසුම් කර ඇත්තේය. උණු වී නටමින් තිඛෙණ ජලය (ලෝදිය) ඔවුන්ගේ හිස් මත වත් කරනු ලැබේ.
يُصْهَرُ بِهِۦ مَا فِى بُطُونِهِمْ وَٱلْجُلُودُ
එමගින් ඔවුන්ගේ කුසෙහි ඇති දැයද, (ශරීරය මත ඇති) හම්ද දැවී අඟූරු වී යනු ඇත.
Page 1 of 4 (78 ayahs)