Loading surah...
Back to Sinhala Quran
77 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَارَكَ ٱلَّذِى نَزَّلَ ٱلْفُرْقَانَ عَلَىٰ عَبْدِهِۦ لِيَكُونَ لِلْعَٰلَمِينَ نَذِيرًا
(පින් පව් දෙක පැහැදිලිව) වෙන්කර දැනුම් දෙන මෙම ධර්මය තම වහලා (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි පහළ කළ තැනැත්තා ඉතාමත් භාග්‍යවන්තයෙකි. මෙය ලෝකවාසී සියල්ලන්වම බිය ගන්වා අනතුරු අඟවන්නක් බවට ඇත්තේය.
ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًۭا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌۭ فِى ٱلْمُلْكِ وَخَلَقَ كُلَّ شَىْءٍۢ فَقَدَّرَهُۥ تَقْدِيرًۭا
(මෙම ධර්මය පහළ කළ තැනැත්තා කෙබඳු අයදයත් අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය! ඔහු කිසිවෙකුවත් (තමන්ගේ) දරුවන් වශයෙන් ඇර ගත්තේද නැත. ඔහුගේ පාලනයෙහි ඔහුට කිසි සහායයෙකුද නැත. ඔහුම සියල්ල උත්පාදනය කර, ඒවාට අයත් ස්වභාවයද සැලැස්වූ අයයි.
وَٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ لَّا يَخْلُقُونَ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّۭا وَلَا نَفْعًۭا وَلَا يَمْلِكُونَ مَوْتًۭا وَلَا حَيَوٰةًۭ وَلَا نُشُورًۭا
(මෙසේ තිබියදී සමානයන් තබා නමදින්නන්) ඔහු නොවන දැය දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. ඒවා කිසිවක් උත්පාදනය කළේ නැත. (එහෙත්) ඒවාද කිසිම හොඳක් හෝ නරකක් හෝ කර ගැනීමට ශක්තියක් නැති දැයයි. තවද පණ දීමට හෝ මරණයට පත් කිරීමට හෝ පණ දී නැගිට්ටවීමට හෝ ශක්තියක් නැති දැය වශයෙන්ම ඇත්තේය.
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّآ إِفْكٌ ٱفْتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيْهِ قَوْمٌ ءَاخَرُونَ ۖ فَقَدْ جَآءُو ظُلْمًۭا وَزُورًۭا
ප්‍රතික්ෂේප කරන්නන් මෙසේ පවසන්නාහ: “(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය, බොරු ගොතා ඔහු මනක්කල්පිත කර ගත් දැයක් මිස, වෙන කිසිවක් නැත. මෙහි (මනක්කල්පිත කිරීමෙහි) වෙනත් ජනතාවන් ඔහුට උදව් කරන්නාහ”. (නමුත් සත්‍යය කුමක්දයත් මෙමගින්) ඔවුන්ම අපරාධයද, බොරුවද පවසන්නාහ.
وَقَالُوٓا۟ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ٱكْتَتَبَهَا فَهِىَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةًۭ وَأَصِيلًۭا
තවද “මෙය පෙර විසූවන්ගේ ප්‍රබන්ධ කතාවකි. (මෙසේ) මෙය උදේ සවස මොහුට සමුදීරණය කර පෙන්වනු ලැබේ. මෙය මොහු (අන් අයගේ උදව්වෙන්) ලියා ගනු ලබන්නේය” යයිද ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ.
قُلْ أَنزَلَهُ ٱلَّذِى يَعْلَمُ ٱلسِّرَّ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ غَفُورًۭا رَّحِيمًۭا
(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “(එසේ නොව). අහස්හිද, භූමියෙහිද ඇති රහස් දන්නේ කවුරුන්ද, ඔහුම මෙය පහළ කළේය. (ඔබ පසුතැවිලි වී ඔහු දෙසට හැරුණහොත්) නියත වශයෙන්ම ඔහු (ඔබගේ මෙම වැරදි වලට) ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය”.
وَقَالُوا۟ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأْكُلُ ٱلطَّعَامَ وَيَمْشِى فِى ٱلْأَسْوَاقِ ۙ لَوْلَآ أُنزِلَ إِلَيْهِ مَلَكٌۭ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا
(නැවතත්) ඔවුන් මෙසේ පවසන්නාහ: “මෙම දූතයාට (කුමක් නම් සිදු වී ඇත්ද)? ඔහු (අප මෙන්ම) ආහාර අනුභව කරන්නේය. කඩ වීදියටද යන්නේය. (ඔහු දෙවියන්ගේ දූතයා වශයෙන් සිටින්නෙහි නම්), ඔහු වෙනුවෙන් මලායිකාවරයෙකු යවනු ලැබ, ඔහු, ඔහු සමග එක්කාසු වී බිය ගන්වා අනතුරු ඇඟවිය යුතු නොවේද?
أَوْ يُلْقَىٰٓ إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُۥ جَنَّةٌۭ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًۭا مَّسْحُورًا
“නැතහොත් ඔහුට නිධානයක් ලබා දිය යුතු නොවේද? නැතහොත් ඔහු ආහාරයට ගත යුතු (පලතුරු වර්ග ලබා දිය හැකි) උයන් වත්තක් ඔහුට තිබිය යුතු නොවේද?”යි මෙම අපරාධකරුවන් (විශ්වාසවන්ත-යින්ගෙන් විමසන අතර) “ඔබ සූනියම් කරන ලද මිනිසාවම අනුගමනය කරන්නෙහුය” යයිද පවසන්නාහ.
ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَٰلَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًۭا
(එබැවින් නබියේ!) ඔබ ගැන ඔවුන් විවිධ උදාහරණයන් ඉදිරිපත් කරන්නෝද යන්න අවධානය කර බලනු. මොවුන් (සම්පූර්ණයෙන්ම) මාර්ගය වැරද ගියහ. ඍජු මාර්ගය අත් කර ගැනීමට මොවුන්ට නොහැකිය.
تَبَارَكَ ٱلَّذِىٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيْرًۭا مِّن ذَٰلِكَ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَيَجْعَل لَّكَ قُصُورًۢا
(නබියේ! ඔබගේ දෙවියන් වන ඔහු ඉතාමත් භාග්‍යවන්තයෙකි. ඔහු අදහස් කළහොත් (මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉල්ලා සිටින මාලිගාවන් කිමෙක්ද?) මීටත් වඩා උසස් ස්වර්ගයන් ඔබට ලබා දිය හැකි අයෙකි. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත්තේය. (ඒවායෙහි) ඔබට බොහෝ මාලිගාවන්ද සලස්වා තබනු ඇත.
بَلْ كَذَّبُوا۟ بِٱلسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا
ඇත්තෙන්ම මොවුන් (විනිශ්චය) කාලයම බොරු කරන්නාහ. කවුරුන් (විනිශ්චය) කාලය බොරු කරන්නෝද, ඔවුන්ට නිරයම අපි සැලසුම් කර තබා ඇත්තෙමු.
إِذَا رَأَتْهُم مِّن مَّكَانٍۭ بَعِيدٍۢ سَمِعُوا۟ لَهَا تَغَيُّظًۭا وَزَفِيرًۭا
එය මොවුන්ව දුටු වහාම බුර බුරා නගින ගිනිදැල් වල ගෝෂාව මොවුන්ට ඉතාමත් ඈත සිටම තමන්ගේ සවනට ඇසෙන්නේය.
وَإِذَآ أُلْقُوا۟ مِنْهَا مَكَانًۭا ضَيِّقًۭا مُّقَرَّنِينَ دَعَوْا۟ هُنَالِكَ ثُبُورًۭا
ඔවුන්ව (ඔවුන්ගේ අත් පා) බැඳ එහි ඉතාමත් තදබදව ඇති ස්ථානයක වීසි කරනු ලැබුවහොත් අමාරුකම දරා ගත නොහැකිව (මරණය ළඟා විය හැකි) විනාශයම එහිදී ඔවුන් ආරාධනා කරන්නාහ.
لَّا تَدْعُوا۟ ٱلْيَوْمَ ثُبُورًۭا وَٰحِدًۭا وَٱدْعُوا۟ ثُبُورًۭا كَثِيرًۭا
(එබැවින් ඒ අවස්ථාවේදී ඔවුන්ට) “අද දින ඔබ විනාශයක් පමණක් ආරාධනා කරන්නෙහුය. බොහෝ විනාශයන් ආරාධනා කර ගනු” (යයි කියනු ලැබේ).
قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ ٱلْخُلْدِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَآءًۭ وَمَصِيرًۭا
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “(නිරය වන) එය උසස්ද? නැතහොත් පරිශුද්ධවන්තයින්ට පොරොන්දු වන ලද ස්ථීර වූ ස්වර්ගයන් උසස්ද? එය ඔවුන්ට (හොඳ) ඵලවිපාක වශයෙන්ද, ඔවුන් සේන්දු වන ස්ථානය වශයෙන්ද ඇත්තේය.
لَّهُمْ فِيهَا مَا يَشَآءُونَ خَٰلِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًۭا مَّسْـُٔولًۭا
එහි ඔවුන් කැමති සියල්ල ඔවුන්ට ලැඛෙනු ඇත. (එහි) ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත”. (නබියේ!) මෙයම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඉල්ලා ලබා ගත යුතු පොරොන්දුව වශයෙන් ඇත්තේය.
وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِى هَٰٓؤُلَآءِ أَمْ هُمْ ضَلُّوا۟ ٱلسَّبِيلَ
ඔවුන්වද, අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි (අල්ලාහ් නොවන) දෙවිවරුන්වද, (විනිශ්චය සඳහා) ඒකරාශී කරන දිනදී (එම දෙවිවරුන්ගෙන්) “මගේ මෙම වහලූන්ව ඔබ මාර්ගය වැරද යාමට සැලැස්සූවෙහුද? නැතහොත් ඔවුන් තමන් විසින්ම මාර්ගය වැරද ගියෙහුද?”යි (දෙවියන්) විමසනු ඇත.
قَالُوا۟ سُبْحَٰنَكَ مَا كَانَ يَنۢبَغِى لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَآءَ وَلَٰكِن مَّتَّعْتَهُمْ وَءَابَآءَهُمْ حَتَّىٰ نَسُوا۟ ٱلذِّكْرَ وَكَانُوا۟ قَوْمًۢا بُورًۭا
එයට ඒවා (දෙවියන්ට) “ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔබව හැර (අන් කිසිවක්) අපි, අපට ආරක්ෂකයෙකු වශයෙන් ගැනීම අපට සුදුසු නැත. එහෙත් ඔබම ඔවුන්ටද, ඔවුන්ගේ මුතුන් මිත්තන්ටද සැප සම්පත් දුන්නෙහිය. ඔවුන් (ඔබව) සිහි කිරීම අමතක කර දමා (තමන් විසින්ම පාපයන් කර) විනාශ වී යන මිනිසුන් බවට පත් වූහ” යයි පවසනු ඇත.
فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًۭا وَلَا نَصْرًۭا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًۭا كَبِيرًۭا
(එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන්ට “ඔබව මාර්ගය වැරද යාමට සැලැස්සුවේ මොවුන්ම යයි) ඔබ පැවසූ දැය මේවා බොරු බවට පත් කළේය. එබැවින් (අපගේ දඬුවම) වළක්වා දැමීමට හෝ (මේවායෙන්) උදව් උපකාර ලබා ගැනීමට හෝ ඔබට නොහැකිය. එබැවින් ඔබගෙන් කවුරුන් අපරාධ කරමින් සිටියේද, ඔහු ඉමහත් වූ දඬුවම විඳීමට නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු” (යයි පවසන්නෙමු).
وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍۢ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًۭا
(නබියේ!) ඔබට පෙර අපි යැවූ අපගේ දූතයින් සියල්ල නියත වශයෙන්ම (ඔබ මෙන්) ආහාර අනුභව කරන්නන් වශයෙන්ද, කඩ මණ්ඩියෙහි සැරිසරන්නන් වශයෙන්ද සිටියහ. එහෙත් ඔබගෙන් සමහරෙක් අනිත් අයට පිරික්සුමක් බවට පත් කළෙමු. එබැවින් (විශ්වාසවන්තයිනි! මෙම ප්‍රතික්ෂේප කරන්නන් වේදනා කිරීම) ඔබත් විඳ දරාගෙන සිටින්නෙහුද? (නබියේ!) ඔබගේ දෙවියන් (සියල්ල) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
Page 1 of 4 (77 ayahs)