Loading surah...
Back to Sinhala Quran
227 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طسٓمٓ
තා. සීම්. මීම්.
تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ
(නබියේ!) මේවා පැහැදිලි මෙම ධර්මයෙහි ඇති සමහර ආයාවන් වන්නේය.
لَعَلَّكَ بَٰخِعٌۭ نَّفْسَكَ أَلَّا يَكُونُوا۟ مُؤْمِنِينَ
(නබියේ!) ඔවුන් (ඔබව) විශ්වාස නොකළ හේතුවෙන් දුකෙන් ඔබව, ඔබම දිවි නසා ගන්නාක් මෙන්ද!
إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةًۭ فَظَلَّتْ أَعْنَٰقُهُمْ لَهَا خَٰضِعِينَ
අපි කැමති වුවහොත් ඔවුන්ගේ ඛෙලි යටහත් පහත් වී පැමිණෙන ලෙසට (දඬුවම්) දිය හැකි සාධකයන් අහසින් ඔවුන් මත අපි පහළ කර ඇත්තෙමු.
وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّنَ ٱلرَّحْمَٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا۟ عَنْهُ مُعْرِضِينَ
රහ්මාන්ගේ සන්නිධානයෙන් අළුත් යම්කිසි හොඳ ඔවදනක් ඔවුන් වෙත පැමිණෙන සෑම විටම එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත.
فَقَدْ كَذَّبُوا۟ فَسَيَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
(එබැවින් මෙයද) ඔවුන් නියත වශයෙන්ම බොරු කළහ. එහෙත් ඔවුන් කුමක් (බොරු ගොතා) සමච්චල් කරමින් සිටින්නෝද, එහි සත්‍යය ඉතාමත් ඉක්මනින් ඔවුන් වෙත පැමිණෙනු ඇත.
أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلْأَرْضِ كَمْ أَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۢ كَرِيمٍ
ඔවුන් භූමිය බැලූවේ නැද්ද? (එහි) සෑම වර්ගයකම (ප්‍රයෝජනවත් විය හැකි) උසස් කොපමණදෝ පැලෑටි, ගස් වැල් වර්ග ජෝඩු ජෝඩු වශයෙන්ම අපි වැවෙන්නට සලස්වා ඇත්තෙමු.
إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත.
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) ඔබගේ දෙවියන් නියත වශයෙන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئْتِ ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
(නබියේ!) ඔබගේ දෙවියන් මූසාව කැඳවා “ඔබ අපරාධකාර (ෆිර්අව්න්ගේ) ජනතාව වෙත යනු” යයි පැවසීම ගැන ඔබ අවධානය කර බලනු.
قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ
“(එම) ෆිර්අව්න්ගේ ජනතාව (මට) බිය නොවන්නෙහුද?”යි (විමසුවේය).
قَالَ رَبِّ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ
එයට ඔහු “මගේ දෙවියනේ! මාව බොරුකාරයා කර දමනු ඇතැයි නියත වශයෙන්ම මා බිය වන්නෙමි” යයි කීවේය.
وَيَضِيقُ صَدْرِى وَلَا يَنطَلِقُ لِسَانِى فَأَرْسِلْ إِلَىٰ هَٰرُونَ
(එසේ බොරුකාරයා කළහොත්) මගේ මනස බිඳී යනු ඇත. (ඒ අතර මට ගොතභාවය තිඛෙණ බැවින්) මගේ දිවෙන් (හොඳ හැටි) කතා කිරීමට නොහැක. එබැවින් (මා සමග) හාරූන්වද පැමිණෙන මෙන් (ඔහුට) ඔබ දැනුම් දෙනු මැනව!
وَلَهُمْ عَلَىَّ ذَنۢبٌۭ فَأَخَافُ أَن يَقْتُلُونِ
“තවද මා කෙරෙහි ඔවුන් අත එක් චෝදනාවක්ද ඇත. ඒ වෙනුවෙන් ඔවුන් මාව ඝාතනය කර දමනු ඇතැයිද මා බිය වන්නෙමි” යයි පැවසුවේය.
قَالَ كَلَّا ۖ فَٱذْهَبَا بِـَٔايَٰتِنَآ ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ
එයට (දෙවියන්) මෙසේ පැවසීය: “එසේ නොව. (හාරූන්වද කැඳවාගෙන) ඔබ දෙදෙනාම මගේ සාධකයන් රැගෙන යනු. නියත වශයෙන්ම මා ඔබ සමග සිටිමින් (සියල්ල) සවන් දෙමින් සිටින්නෙමි”.
فَأْتِيَا فِرْعَوْنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلْعَٰلَمِينَ
“එබැවින් ඔබ දෙදෙනා ෆිර්අව්න් වෙත ගොස් ‘නියත වශයෙන්ම අපි ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නාගේ දූතයින් වන්නෙමු”.
أَنْ أَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ
“ඉස්රායීල දරුවන්ව ඔබ අප සමග යවනු’ යයිද පවසනු මැනව!” (යයි නියෝග කළේය).
قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًۭا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ
(එසේ ඔවුන් ෆිර්අව්න් වෙත ගොස් පැවසූ වහාම) මෙයට ඔහු (මූසාට) “අපි ඔබව ළදරුවෙකු වශයෙන් ගෙන, හදා වඩා ගත්තේ නැද්ද? ඔබ, (ඔබගේ තරුණ වියට පත් වන තුරු) වසර ගණනාවක් අප වෙත රැඳී සිටියේ නැද්ද?”
وَفَعَلْتَ فَعْلَتَكَ ٱلَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ ٱلْكَٰفِرِينَ
“ඔබ (කිරීමට නොසුදුසු) කාරණාවක් (ඝාතනයක්) කළෙහිය! (එයට සමාව දී තිබියදී) ඔබ කෙළෙහි ගුණ නොදන්නෙකු වශයෙන්ම සිටින්නෙහිය!” යයි කීවේය.
قَالَ فَعَلْتُهَآ إِذًۭا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ
එයට මූසා “මා නොදැනුවත්ව සිටි තත්වයෙහි එය මා කළෙමි”.
Page 1 of 12 (227 ayahs)