Loading surah...
Back to Sinhala Quran
60 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ
අලිෆ්. ලාම්. මීම්.
غُلِبَتِ ٱلرُّومُ
(නබියේ!) රෝමවාසීන් සමීපයෙහි ඇති භූමියෙහි (දැනටමත්) පරාජයට පත් වී ඇත.
فِىٓ أَدْنَى ٱلْأَرْضِ وَهُم مِّنۢ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ
ඔවුන් (අද දින) පරාජයට පත් වුවද, ඉතාමත් ඉක්මනින් ඔවුන් ජයග්රහණය කරනු ඇත.
فِى بِضْعِ سِنِينَ ۗ لِلَّهِ ٱلْأَمْرُ مِن قَبْلُ وَمِنۢ بَعْدُ ۚ وَيَوْمَئِذٍۢ يَفْرَحُ ٱلْمُؤْمِنُونَ
(එයත්) වසර කිහිපයක් ඇතුළතදීම (ජය පැරදුම ලබා දෙන) බලය මීට පෙරත් පසුවත් අල්ලාහ්ටම අයත්ය. (ඔවුන් ජයග්රහණය කරන) එදිනදී, විශ්වාසවන්තයින් අල්ලාහ්ගේ උදව්ව දැක සතුටට පත් වන්නාහ.
بِنَصْرِ ٱللَّهِ ۚ يَنصُرُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
ඔහු තමන් කැමති අයට උදව් කරන්නේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ وَعْدَهُۥ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
(මෙය) අල්ලාහ්ගේ පොරොන්දුවයි. අල්ලාහ් තමන්ගේ පොරොන්දුවෙන් වෙනස් වන්නේ නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.
يَعْلَمُونَ ظَٰهِرًۭا مِّنَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ عَنِ ٱلْءَاخِرَةِ هُمْ غَٰفِلُونَ
ඔවුන් මෙලොව ජීවිතයෙහි ඇති පිටස්තර දැයම දැන (අවධානය) කරන්නාහ. නමුත් පරලොව ගැන ඔවුන් සම්පූර්ණයෙන්ම නොසැලකිලිමත්ව සිටින්නාහ.
أَوَلَمْ يَتَفَكَّرُوا۟ فِىٓ أَنفُسِهِم ۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍۢ مُّسَمًّۭى ۗ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكَٰفِرُونَ
(මෙය) ඔවුන් තමන් තුළම අවධානය කළ යුතු නොවේද? අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද, සාධාරණ හේතුවක් නොමැතිවද, නියමිත කාල අවකාශයක් නොමැතිවද, අල්ලාහ් උත්පාදනය කළේ නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු දෙවියන්ගේ හමු වීමද ප්රතික්ෂේප කරන්නාහ.
أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ وَأَثَارُوا۟ ٱلْأَرْضَ وَعَمَرُوهَآ أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ
මොවුන් භූමියෙහි සංචාරය කර, මොවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වූවේද යන්න බැලිය යුතු නොවේද? (පෙර විසූ) ඔවුන් මොවුන්ට වඩා ශක්තිසම්පන්නයන් වශයෙන්ද, මොවුන් කොපමණ ප්රමාණයට භූමිය සීසා සංවර්ධනය කළෝද, ඊටත් වඩා අධික වශයෙන් (භූමිය) සීසා සංවර්ධනය කළ අය වශයෙන්ද, ඔවුන් සිටියහ. (මෙසේ තිබියදී සාධකයන්ගෙන්) පැහැදිලි ඒවා සමගම ඔවුන්ගේ දූතයින් ඔවුන් වෙත පැමිණියහ. අල්ලාහ් ඔවුන්ට කිසි විටෙකත් හානියක් කරන්නේ නැත. එහෙත් ඔවුන් (එම නබිවරුන්ව බොරුකාරයින් කර) තමන්ට තමන්ම නපුරක් කර ගත්හ.
ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَٰٓـُٔوا۟ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُوا۟ بِهَا يَسْتَهْزِءُونَ
නපුර කරමින් සිටි ඔවුන්ගේ අවසානයද නපුරක් වශයෙන්ම අවසන් විය. එහෙත් ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් බොරු කර ඒවා ගැන සමච්චල් කරමින් සිටියහ.
ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
(මිනිසුනේ!) අල්ලාහ් (පෙර නිදසුණක් නොමැතිවම) උත්පාදනයන් නිර්මාණය කර, ඔහුම (ඒවා මරණයට පත් වූ පසුද) ඒවා පුනරුත්ථානය කරන්නේය. පසුව (මිනිසුනේ!) ඔබ (සියල්ලන්ම) ඔහු වෙතම ගෙන එනු ලබන්නෙහුය.
وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُبْلِسُ ٱلْمُجْرِمُونَ
විනිශ්චය කාලය සිදු වන දිනදී වැරදිකරුවන්ගේ විශ්වාසය බිඳී යනු ඇත.
وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمْ شُفَعَٰٓؤُا۟ وَكَانُوا۟ بِشُرَكَآئِهِمْ كَٰفِرِينَ
(මන්දයත්) ඔවුන් සමානයන් තබා නමදින දැයෙන් කිසිවක් ඔවුන්ට මැදිහත් වී කතා නොකරනු ඇත. (සමානයන් තැබූ) ඔවුන්වද, තමන් සමානයන් වශයෙන් තැබූ දැයම ප්රතික්ෂේප කර හරින්නාහ.
وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍۢ يَتَفَرَّقُونَ
විනිශ්චය කාලය සිදු වන දින, -එදිනදී- ඔවුන් (හොඳ අය, නපුරු අය යනුවෙන්) ඛෙදා වෙන් කර හරිනු ලබන්නාහ.
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَهُمْ فِى رَوْضَةٍۢ يُحْبَرُونَ
නමුත් කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන් (පරලොව ස්වර්ගයෙහි ඇති) උසස් උයන් වතුවල සතුටින් ගැලී යාමට සලස්වනු ලබන්නාහ.
وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَلِقَآئِ ٱلْءَاخِرَةِ فَأُو۟لَٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ
කවුරුන් (අපව) ප්රතික්ෂේප කර, අපගේ ආයාවන්ද, පරලොව හමුවීමද බොරු කරන්නෝද, ඔවුන් (විනිශ්චය දිනදී) දඬුවම් දීමට ගෙන එනු ලබන්නාහ.
فَسُبْحَٰنَ ٱللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ
එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ සූර්යයා උදා වන විටද, සූර්යයා බසින විටද අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටිනු.
وَلَهُ ٱلْحَمْدُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَعَشِيًّۭا وَحِينَ تُظْهِرُونَ
ඉදිරි රාත්රියේද, මධ්යහ්නයේද, අහස්හිද, භූමියෙහිද (ඇති සියල්ල සුවිශුද්ධ කර ප්රශංසා කරන) ප්රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය!
يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَيُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ
ඔහුම මළ දැයෙන් පණ ඇති දැය ඉකුත් කරන්නේය. ඔහුම පණ ඇති දැයෙන් මළ දැය ඉකුත් කරන්නේය. ඔහුම මිය ගිය පොළොවද සශ්රීක කරන්නේය. මෙසේම (මරණයට පත් වූ පසු පරලොවදී) ඔබව ඉකුත් කරනු ලබන්නෙහුය.
وَمِنْ ءَايَٰتِهِۦٓ أَنْ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ إِذَآ أَنتُم بَشَرٌۭ تَنتَشِرُونَ
ඔහු ඔබව පස්වලින් උත්පාදනය කළේය. පසුව ඔබ මිනිසුන් බවට පත් වී (භූමියෙහි විවිධ ප්රදේශයන්හි) විසිරී යාමට හැරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි.
Page 1 of 3 (60 ayahs)