Loading surah...
Back to Sinhala Quran
69 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ
අලිෆ්. ලාම්. මීම්.
أَحَسِبَ ٱلنَّاسُ أَن يُتْرَكُوٓا۟ أَن يَقُولُوٓا۟ ءَامَنَّا وَهُمْ لَا يُفْتَنُونَ
“අපි විශ්වාස කළෙමු” යයි කීවහොත් (පමණක් ප්රමාණවත්ය. ඒ ගැන) ඔවුන්ව පිරික්සුමට ලක් නොකර අත්හැර දමනු ලබන්නාහ යයි මිනිසුන් අදහස් කරමින් සිටින්නෙහුද?
وَلَقَدْ فَتَنَّا ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْكَٰذِبِينَ
මොවුන්ට පෙර විසූවන් සියල්ලන්ම නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කර ඇත්තෙමු. එබැවින් (‘විශ්වාස කළෙමු’ යයි පවසන මොවුන්ගෙන්) සත්‍යය කතා කරන්නන් කවුරුන්ද යන්න නියත වශයෙන්ම අල්ලාහ් (පරීක්ෂා කර) දැන ගන්නේය. (ඒ ආකාරයටම මෙහි බොරුකාරයින්වද නියත වශයෙන්ම ඔහු (පරීක්ෂා කර) දැන ගන්නේය.
أَمْ حَسِبَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسْبِقُونَا ۚ سَآءَ مَا يَحْكُمُونَ
පාපයන් කරන්නන් අපගෙන් බේරෙන්නෙහු යයි අදහස් කරමින් සිටින්නෙහුද? (එසේ නම් මේ ගැන) ඔවුන්ගේ තීරණය ඉතාමත් නපුරුය.
مَن كَانَ يَرْجُوا۟ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَءَاتٍۢ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
අල්ලාහ්ව හමු වන්නෙමු යයි කවුරුන් විශ්වාස කරන්නෝද, ඔවුන් (එයට අවශ්‍ය කාරණාවන් කර ගැනීම අත්‍යාවශ්‍යය. මන්දයත් ඒ වෙනුවෙන් ඇති කරනු ලැබූ) අල්ලාහ්ගේ නියමිත වාරය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفْسِهِۦٓ ۚ إِنَّ ٱللَّهَ لَغَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ
(අල්ලාහ්ගේ මාර්ගයෙහි) කවුරුන් හෝ ප්රයත්න දැරුවහොත් නියත වශයෙන්ම ඔහු තම පෞද්ගලික වාසිය තකාම ප්රයත්න දරන්නේය. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (තම) උත්පාදනයන්ගෙන් (උදව් උපකාර) අනවශ්‍ය කෙනෙකු වශයෙන් සිටින්නේය.
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ ٱلَّذِى كَانُوا۟ يَعْمَلُونَ
එබැවින් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් නියත වශයෙන්ම පහ කර, ඔවුන් කළ දැහැමි දැයට (ඒවාටත් වඩා) ඉතාමත් අලංකාරවත් ඵලවිපාක නියත වශයෙන්ම අපි ඔවුන්ට ලබා දෙන්නෙමු.
وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ حُسْنًۭا ۖ وَإِن جَٰهَدَاكَ لِتُشْرِكَ بِى مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌۭ فَلَا تُطِعْهُمَآ ۚ إِلَىَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
දෙමව්පියන්ට යහපතක් කරන මෙන් අපි මිනිසාට හොඳ ඔවදන් දී ඇත්තෙමු. (එහෙත් දෙවියන් යනුවෙන්) ඔබ නොදන්නා (කිසිම සාධකයක් නොමැති) දැය මා හට සමානයන් වශයෙන් තබන මෙන් (මිනිසුනේ!) ඔවුන් ඔබව බල කළහොත් (එම කාරණාවෙහි) ඔබ ඒ දෙදෙනාටම අවනත නොවනු! මා වෙතම ඔබ ආපසු පැමිණිය යුතුව ඇත්තේය. ඔබ කරමින් සිටි දැය ගැන, ඒ අතර මා ඔබට දැනුම් දෙන්නෙමි.
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَنُدْخِلَنَّهُمْ فِى ٱلصَّٰلِحِينَ
කවුරුන් විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි හොඳ අය සමග එක්කාසු කර හරින්නෙමු.
وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِىَ فِى ٱللَّهِ جَعَلَ فِتْنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِ وَلَئِن جَآءَ نَصْرٌۭ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِمَا فِى صُدُورِ ٱلْعَٰلَمِينَ
මිනිසුන්ගෙන් සමහරෙක් සිටින්නාහ; ඔවුන් “අපි අල්ලාහ්ව විශ්වාස කරන්නෙමු” යයි පවසන්නාහ. එහෙත් ඔවුන්ට අල්ලාහ්ගේ මාර්ගයෙහි යම්කිසි දුක් ගැහැට ඇති වුවහොත් ජනතාවගෙන් ඇති වන (එම) දුක් ගැහැට අල්ලාහ්ගේ දඬුවම මෙන් (ඉතාමත් ලොකු දැයක් බවට) පත් කර, (ඔබගෙන් ඈත් වී) යාමට (කැමති) වන්නාහ. ඔබගේ දෙවියන්ගෙන් (ඔබට) කුමක් හෝ උදව්වක් ලැඛෙන විට, “නියත වශයෙන්ම අපි ඔබ සමගම සිටියෙමු” යයි පවසන්නාහ. ලෝකවාසීන්ගේ හෘදයන්හි ඇති දැය අල්ලාහ් හොඳින් දන්නෙකු නොවෙද?
وَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْمُنَٰفِقِينَ
(එබැවින් මොවුන්ගෙන් ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන්ව නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය. තවද (ඇතුලතින් එකක් තබාගෙන පිටතින් එකක් කතා කරන) වංචනිකයින්වද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය.
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبِعُوا۟ سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَٰيَٰكُمْ وَمَا هُم بِحَٰمِلِينَ مِنْ خَطَٰيَٰهُم مِّن شَىْءٍ ۖ إِنَّهُمْ لَكَٰذِبُونَ
ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් (බොහොමයක් දෙනා) විශ්වාසවන්තයින් “ඔබ අපගේ මාර්ගය අනුගමනය කරනු. (එමගින් යම්කිසි වැරැද්දක් සිදු වුවහොත්) ඔබගේ වැරදි අපි උසුලා ගන්නෙමු” යයි පවසන්නාහ. එහෙත් ඔවුන්ගේ වැරදි වලින් පවා කිසිවක් ඔවුන්ට උසුලා ගත නොහැක. (එසේ තිබියදී ඔබගේ වැරදි ඔවුන් කෙසේ නම්, උසුලා ගන්නට යන්නෙහුද! එබැවින් මෙසේ පවසන) ඔවුන් නියත වශයෙන්ම බොරුකාරයින්ය!”
وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًۭا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْـَٔلُنَّ يَوْمَ ٱلْقِيَٰمَةِ عَمَّا كَانُوا۟ يَفْتَرُونَ
එහෙත් ඔවුන් තමන්ගේ (පාප) බරත් සමග, (තමන් අනුන්ව මාර්ගය වැරද යාමට සැලැස්වීමේ පාපයන්ගේ) බරද, (මාර්ගය වැරද ගිය) ඔවුන්ගේ පාපයන්ගේ බරද, නියත වශයෙන්ම උසුලන්නාහ. තවද ඔවුන් (මෙසේ) බොරුවට මනක්කල්පිත කර, පවසමින් සිටීම ගැනද, නියත වශයෙන්ම (ඔවුන් වෙත) විනිශ්චය දිනදී විමසනු ලැබේ.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًۭا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمْ ظَٰلِمُونَ
නූහ් (නබිව අපගේ) දූතයා වශයෙන් ඔවුන්ගේ ජනතාව වෙත අපි යැව්වෙමු. ඔහු වසර දහසකට පණහක් අඩුවෙන් ඔවුන් අතරේ රැඳී සිටියේය. (මෙතරම් කාලයක් ජීවත් වුවද, ඔහුව ඔහුගේ ජනතාවගෙන් සමහරෙකු හැර, වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත. මෙසේ) ඔවුන් අපරාධකාරයින් වශයෙන් සිටි බැවින් මහා ජල ගැල්ම ඔවුන්ව අල්ලා ගත්තේය.
فَأَنجَيْنَٰهُ وَأَصْحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلْنَٰهَآ ءَايَةًۭ لِّلْعَٰلَمِينَ
එහෙත් ඔහුවද, (ඔහුගේ) නැවේ සහායයන්වද, අපි බේරාගෙන මෙය, (මෙම සිද්ධිය) ලෝකවාසීන්ට අපි එක් පාඩමක් බවට පත් කළෙමු.
وَإِبْرَٰهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
ඉබ්රාහීම්වද (අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැවූ අවස්ථාවේදී) ඔහු තමන්ගේ ජනතාවට “ඔබ අල්ලාහ්වම නැමද, ඔහුටම ඔබ බිය වනු. ඔබ දැන සිටින්නෙහු නම් මෙයම ඔබට අගනේය (යන්න දැන ගන්නෙහුය)” යයි පැවසුවේය.
إِنَّمَا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوْثَٰنًۭا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًۭا فَٱبْتَغُوا۟ عِندَ ٱللَّهِ ٱلرِّزْقَ وَٱعْبُدُوهُ وَٱشْكُرُوا۟ لَهُۥٓ ۖ إِلَيْهِ تُرْجَعُونَ
(තවද) “අල්ලාහ්ව මිස, ඔබ නමදින පිළිරූ සියල්ල ඔබ බොරුවට මනක්කල්පිත කර ගත් දැයයි. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් හැර, ඔබ නමදින මේවා ඔබට ආහාර ලබා දීමට පොඩියක් හෝ ශක්තියක් නැති දැයයි. එබැවින් (ඔබට අවශ්‍ය) ආහාර අල්ලාහ්ගෙන්ම ඉල්ලා, ඔහු (එක් කෙනෙකු)වම නැමද ඔහුට කෘතඥ වී සිටිනු. ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය”.
وَإِن تُكَذِّبُوا۟ فَقَدْ كَذَّبَ أُمَمٌۭ مِّن قَبْلِكُمْ ۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ
“ඔබ (මාව) බොරු කළහොත් (ඒ ගැන මට දුකක් නැත). මන්දයත් ඔබට පෙර විසූ සමූහයන්ද (තමන් වෙත පැමිණි දූතයින්ව මේ අන්දමටම) බොරු කර ඇත්තාහ. නමුත් ඔහු (අපගේ දූත මෙහෙවර) ප්‍රසිද්ධියේ ගෙනහැර දැක්වීම මිස, (ඔවුන්ට බල කිරීම එම) දූතයා කෙරෙහි අනිවාර්යය නැත” (යයි පැවසුවේය).
أَوَلَمْ يَرَوْا۟ كَيْفَ يُبْدِئُ ٱللَّهُ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥٓ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ
(කිසිවක් වශයෙන් නොතිබුණු) උත්පාදනයන් අල්ලාහ් කෙසේ ආරම්භයේදී ඉකුත් කළේද යන්න ඔවුන් බැලූවේ නැද්ද? (එසේම මරණයට පත් වූ) පසුද ඒවා නැවත පුනරුත්ථානය කරන්නේය. නියත වශයෙන්ම මෙය, (මෙසේ කිරීම) අල්ලාහ්ට ඉතාමත් පහසු කාර්යකි!
قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ بَدَأَ ٱلْخَلْقَ ۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشْأَةَ ٱلْءَاخِرَةَ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි ඔබ සංචාරය කර, (ආරම්භයේදී) උත්පාදනයන් කෙසේ නිර්මාණය කරන්නේද යන්න බලනු. (එසේම මරණයට පත් වූ) පසුද අල්ලාහ් (විනිශ්චය දිනදී) නැවත වරක් උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.
Page 1 of 4 (69 ayahs)