Loading surah...
Back to Sinhala Quran
30 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ
අලිෆ්. ලාම්. මීම්.
تَنزِيلُ ٱلْكِتَٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَٰلَمِينَ
(නබියේ! ඔබ කෙරෙහි) පහළ කරන ලද මෙම ධර්මය ලෝකවාසීන්ගේ දෙවියන් වෙතින්ම පැමිණියේය යන්නෙහි කිසිම සැකයක් නැත.
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۚ بَلْ هُوَ ٱلْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًۭا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍۢ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ
(අපගේ නබි) “මෙය (තමන් විසින්ම) මනක්කල්පිත කර ගත්තේය” යයි (ඔබ ගැන) ඔවුන් පවසන්නෙහුද? එසේ නොව! මෙය ඔබගේ දෙවියන්, (ඔබට) පහළ කරන ලද සත්‍ය (ධර්මය) වන්නේය. ඔබ පෙර (මේ දක්වා) කිසිම දූතයෙකු නොපැමිණි (මෙම අරාබි) ජනතාව ඍජු මාර්ගයෙහි යවනු පිණිස, ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාම (මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය).
ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِىٍّۢ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ
අල්ලාහ්ම අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාපිත කළේය. (ඔබව) බේරා ගන්නට හෝ නැතහොත් (ඔබට) මැදිහත් වී කතා කරන්නට හෝ ඔහු හැර, (වෙන කිසිවෙකුත්) ඔබට නැත. (මෙය) ඔබ සිතා බැලිය යුතු නොවේද?
يُدَبِّرُ ٱلْأَمْرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥٓ أَلْفَ سَنَةٍۢ مِّمَّا تَعُدُّونَ
අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කාරණාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම අවසානයද) ඔබ අදහස් කරන (ඔබගේ) ගණනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත.
ذَٰلِكَ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
ඔහුම (අහස් හා භූමියෙහි ඇති) රහස්ද, නොරහස්ද, හොඳින් දන්නේය. (තවද සියල්ලට) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
ٱلَّذِىٓ أَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُۥ ۖ وَبَدَأَ خَلْقَ ٱلْإِنسَٰنِ مِن طِينٍۢ
ඔහු උත්පාදනය කළ සෑම වස්තුවක්ම (එහි හැඩයද) ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මාණය කළේ ඔහුය. ඔහුම ආරම්භයේදී මිනිසා කිරිමැටියෙන්ම උත්පාදනය කළේය.
ثُمَّ جَعَلَ نَسْلَهُۥ مِن سُلَٰلَةٍۢ مِّن مَّآءٍۢ مَّهِينٍۢ
පසුව එක් අල්ප බිඳක් වන (ඉන්ද්රිය) සාරයෙන් ඔහුගේ පරම්පරාවේ දරුවන්ව (නිර්මාණය කර) ඇති කළේය.
ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦ ۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًۭا مَّا تَشْكُرُونَ
පසුව එය රූපයක් වශයෙන් අඹා, තමන්ගේ රූහ් වෙතින් එහි පිඹ (මිනිසාව ඇති) කළේය. ඔබට කණ්, ඇස්, හෘදයන් ආදී දැයද ඔහුම නිර්මාණය කළේය. (මෙසේ තිබියදී) ඔබ කෘතඥ වීම ඉතාමත් අල්පයකි.
وَقَالُوٓا۟ أَءِذَا ضَلَلْنَا فِى ٱلْأَرْضِ أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍۭ ۚ بَلْ هُم بِلِقَآءِ رَبِّهِمْ كَٰفِرُونَ
“(අපි මරණයට පත් වී) භූමියෙහි විනාශ වී ගිය පසු ඇත්තෙන්ම අපි අළුත් උත්පාදනයන් වශයෙන් නිර්මාණය කරනු ලබන්නෙමුද?”යි ඔවුන් කියන්නාහ. (එසේ) නොව, ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වීමද ප්‍රතික්ෂේප කරන්නාහ.
۞ قُلْ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلْمَوْتِ ٱلَّذِى وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ කෙරෙහි ඔබගේ දෙවියන් විසින් පවරනු ලැබ ඇති මලක්කල් මව්ත් (නමැති මලායිකාවරයා)ම ඔබගේ පණ අත්පත් කරන්නේය. පසුව (නැවතත් පණ දෙනු ලැබ), ඔබගේ දෙවියන් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය”
وَلَوْ تَرَىٰٓ إِذِ ٱلْمُجْرِمُونَ نَاكِسُوا۟ رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَآ أَبْصَرْنَا وَسَمِعْنَا فَٱرْجِعْنَا نَعْمَلْ صَٰلِحًا إِنَّا مُوقِنُونَ
(නබියේ! විනිශ්චය සඳහා) මෙම වැරදිකරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමූ අය වශයෙන් “අපගේ දෙවියනේ! අපගේ ඇස්ද, කණ්ද, විවෘත විය. (අපි සියල්ල බලාද, අසාද දැන ගත්තෙමු. පෙර තිබූ ලෝකයට වරක්) ආපසු යවනු. අපි දැහැමි ක්‍රියාවන්ම කරන්නෙමු. නියත වශයෙන්ම අපි (මෙම විනිශ්චය දිනය) ස්ථීර වශයෙන් විශ්වාස කරන්නෙමු” යනුවෙන් (ප්‍රාර්ථනා කිරීම) ඔබ දකින්නේ නම්, (ඒ අවස්ථාවේදී ඔවුන්ගේ තත්වය කෙතරම් දීනවූ තත්වයකට වැටී ඇත්දැයි දැක ගන්නෙහිය).
وَلَوْ شِئْنَا لَءَاتَيْنَا كُلَّ نَفْسٍ هُدَىٰهَا وَلَٰكِنْ حَقَّ ٱلْقَوْلُ مِنِّى لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ
අපි කැමති වී තිබුණේ නම්, (මොවුන්ගෙන් වූ) සෑම මිනිසෙකුටම ඔහු ඍජු මාර්ගයෙහි යා හැකි බුද්ධිය දී ඇත්තෙමු. එහෙත් “ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද (වූ පාපතරයින්) සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි” යන මගේ පොරොන්දුව (මීට පෙරම) ඇති වන්නට තිබුණි.
فَذُوقُوا۟ بِمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَآ إِنَّا نَسِينَٰكُمْ ۖ وَذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ
“එබැවින් (අපව) හමු වන ඔබගේ මෙම දිනය ඔබ අමතක කර දැමීමේ ඵලවිපාක ඔබ විඳ බලනු. (මේ දිනය ඔබ අමතක කළ අන්දමටම අද) අපිද ඔබව අමතක කර දැමුවෙමු. ඔබ කරමින් තිබූ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් සදාකල් ස්ථීර වූ දඬුවම විඳිමින් සිටිනු” (යයිද කියනු ලැබේ).
إِنَّمَا يُؤْمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِهَا خَرُّوا۟ سُجَّدًۭا وَسَبَّحُوا۟ بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩
අපගේ ආයාවන් මතක් කර දෙනු ලැබුවහොත් කවුරුන් (භූමියෙහි) වැටී නළල බිම තබා සුජූද් කර, තමන්ගේ දෙවියන්ව ප්‍රශංසා කර සුවිශුද්ධ කරන්නෝද, ඔවුන්ම අපගේ ආයාවන් ඇත්තෙන්ම විශ්වාස කළ අයයි. ඔවුන් උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන්නේද නැත.
تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ ٱلْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًۭا وَطَمَعًۭا وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ
ඔවුන් (රාත්‍රියේ) නිදි යහනාවෙන් නැගිට තමන්ගේ දෑත් ඔසවා (මෑත් වී) තමන්ගේ දෙවියන් වෙත විශ්වාසය තබා බිය වී (ඔහුගෙන්) ප්‍රාර්ථනා කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් ඔවුන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ.
فَلَا تَعْلَمُ نَفْسٌۭ مَّآ أُخْفِىَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍۢ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
ඔවුන් කළ (දැහැමි) කාරණාවන්ට ඵලවිපාක වශයෙන් ඔවුන් වෙනුවෙන් (පිළියෙල කර) සඟවා තබන ලද ඇස් පිනා යා හැකි (පරිත්‍යාග) කිසිවෙකුටත් දැන ගත නොහැක. (එතරම් උසස් පරිත්‍යාගයන් ඔවුන් වෙනුවෙන් පිළියෙල කරනු ලැබ ඇත්තේය).
أَفَمَن كَانَ مُؤْمِنًۭا كَمَن كَانَ فَاسِقًۭا ۚ لَّا يَسْتَوُۥنَ
විශ්වාසය තැබූ අය (දෙවියන්ට) වෙනස්කම් කරන්නෙකු මෙන් වන්නෙහිද? දෙදෙනාම සම නොවන්නාහ.
أَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ جَنَّٰتُ ٱلْمَأْوَىٰ نُزُلًۢا بِمَا كَانُوا۟ يَعْمَلُونَ
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් කරන (දැහැමි) කාරණාවන්හි හේතුවෙන් ස්වර්ගයන් වාසස්ථානයන් බවට පත් කර, (එහි) අමුත්තන් මෙන් සංග්‍රහ කරනු ලබන්නාහ.
وَأَمَّا ٱلَّذِينَ فَسَقُوا۟ فَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَآ أُعِيدُوا۟ فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
කවුරුන් පාපයන් කරන්නෝද, ඔවුන් රැඳී සිටින ස්ථානය (නිරා) ගින්නය. එයින් ඔවුන් පිටමං වීමට උත්සාහ කරන සෑම විටම, ඒ තුළට ඇද දමනු ලැබ “ඔබ බොරු කරමින් සිටි මෙම (නිරා) ගින්නෙහි දඬුවම විඳ බලනු” යයි ඔවුන්ට කියනු ලැබේ.
Page 1 of 2 (30 ayahs)