Loading surah...
Back to Sinhala Quran
54 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
හා. මීම්.
تَنزِيلٌۭ مِّنَ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුත්තා (වන අල්ලාහ්) විසින් පහළ කරන ලදී.
كِتَٰبٌۭ فُصِّلَتْ ءَايَٰتُهُۥ قُرْءَانًا عَرَبِيًّۭا لِّقَوْمٍۢ يَعْلَمُونَ
(මෙය, කුර්ආනය නමැති) ධර්මය වන්නේය. බුද්ධිමත් ජනතාව වෙනුවෙන් (පහළ කරන ලද) අරාබි කුර්ආනය වන මෙහි, ආයාවන් (අරාබි බසින් පැහැදිලිව) විවරණය කර ඇත්තේය.
بَشِيرًۭا وَنَذِيرًۭا فَأَعْرَضَ أَكْثَرُهُمْ فَهُمْ لَا يَسْمَعُونَ
(හොඳ අයට මෙය) සුභාරංචි පවසන්නක් වශයෙන්ද, (පාපතරයන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නක් වශයෙන්ද ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) ප්‍රතික්ෂේප කරන්නාහ. තවද ඔවුන් (මෙයට) සවන් දෙන්නේ නැත.
وَقَالُوا۟ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌۭ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌۭ فَٱعْمَلْ إِنَّنَا عَٰمِلُونَ
තවද “ඔබ කුමක් දෙසට අපව ආරාධනා කරන්නෙහුද, (එය අවධානය කරන්නට නොහැකි වන පරිදි) අපගේ හෘදයන් තිර වලින් ආවරණය කරනු ලැබ ඇත්තේය. (ඔබ පවසන දැයට සවන් දීමට නොහැකි වන පරිදි) අපගේ කණ්වල බිහිරිභාවය ඇත්තේය. අපටත් ඔබටත් අතරේ තිරයක් (දමා වළක්වා) දමනු ලැබ ඇත්තේය. එබැවින් ඔබ (කැමති දැයක්) කරමින් සිටිනු. නියත වශයෙන්ම අපද (කැමති දැයම) කරමින් සිටින්නෙමු” යයිද (මෙය ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ.
قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌۭ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌۭ وَٰحِدٌۭ فَٱسْتَقِيمُوٓا۟ إِلَيْهِ وَٱسْتَغْفِرُوهُ ۗ وَوَيْلٌۭ لِّلْمُشْرِكِينَ
එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තෙන්ම මා ඔබ මෙන් මිනිසෙකි. (එහෙත්) ඔබගේ දෙවියන් එකම එක් කෙනෙකි යයි මා හට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. එබැවින් ඔහු දෙසටම ඔබ ස්ථීරව සිටිනු. ඔහු වෙතින් ඔබ සමාවද ඉල්ලා සිටිනු. (ඔහුට) සමානයන් තබන්නන්ට විනාශයයි”.
ٱلَّذِينَ لَا يُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ
“(තවද) සකාත් නොගෙවූ අයටද පරලොව ප්‍රතික්ෂේප කළ අයටද, (විනාශයයි)”.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ
“(එහෙත්) කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (කිසි කලෙක) අවසානයක් නැති (ස්ථීර වූ) ඵලවිපාක ඇත”.
۞ قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِٱلَّذِى خَلَقَ ٱلْأَرْضَ فِى يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُۥٓ أَندَادًۭا ۚ ذَٰلِكَ رَبُّ ٱلْعَٰلَمِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(මෙතරම් විශාල) භූමිය දින දෙකකදීම උත්පාදනය කළ අයව ඔබ ප්‍රතික්ෂේප කර දමා (අන් දැය) ඔහුට සමානයන් වශයෙන් තබන්නෙහුද? ඔහුම (සකල) ලෝකයන්ම උත්පාදනය කර පෝෂණය කරන්නාය”.
وَجَعَلَ فِيهَا رَوَٰسِىَ مِن فَوْقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقْوَٰتَهَا فِىٓ أَرْبَعَةِ أَيَّامٍۢ سَوَآءًۭ لِّلسَّآئِلِينَ
“ඔහුම ඒ මත ඉතාමත් උස කඳු නිර්මාණය කර, ඒ මත (සියලූ අන්දමේ) භාග්යයන්ද පහළ කළේය. තවද එහි (වාසය කරන්නන්ට අවශ්‍ය) ආහාරද දවස් හතරකදී සැලසුම් කළේය. (එයද හොඳ අය, නපුරු අය යන භේදයෙන් තොරව) ඉල්ලා සිටි අය (ඉල්ලා නොසිටි අය යන සියල්ලන්ට)ම සමාන වශයෙන් (ලැඛෙන සේ) සැලැස්සුවේය”.
ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌۭ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًۭا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ
පසුව දුමාරයක් වශයෙන් තිබූ අහස දෙසට හැරී (එය උත්පාදනය කර) එයද භූමියද දෙස ඔහු බලා “ඔබ කැමති වුවද, අකමැති වුවද (අවනත වී මා වෙත) පැමිණෙනු” යයි පැවසුවේය. එයට ඒවා “(මෙන්න!) අපි කැමැත්තෙන්ම පැමිණියෙමු” යයි පැවසුවේය.
فَقَضَىٰهُنَّ سَبْعَ سَمَٰوَاتٍۢ فِى يَوْمَيْنِ وَأَوْحَىٰ فِى كُلِّ سَمَآءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَحِفْظًۭا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ
පසුව ඔහු ඒවා දින දෙකකදී අහස් හතක් වශයෙන් සැලසුම් කර, සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම් දුන්නේය. පසුව (මෙතරම් දැයක් කළ) අපිම (භූමියට සමීපයෙන්) පහතින්ම ඇති අහසෙහි (තාරකා නම් වූ) පහන් මගින් අලංකාරවත් කර, (එය) ආරක්ෂා සහිතවද පත් කළෙමු. මේ සියල්ල, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු (වන අප)ගේම සැලසුමකි.
فَإِنْ أَعْرَضُوا۟ فَقُلْ أَنذَرْتُكُمْ صَٰعِقَةًۭ مِّثْلَ صَٰعِقَةِ عَادٍۢ وَثَمُودَ
(එබැවින් නබියේ! මෙතරම් දුරට දැනුම් දුන්) පසුවත් ඔවුන් (විශ්වාස නොකර) ප්‍රතික්ෂේප කළහොත් ඔබ මෙසේ පවසනු: “ආද්, සමූද් (නමැති ජනතාවන්ට) ඇති වූ හෙණ හඞ වැනි හෙණ හඞක්ම, මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි”.
إِذْ جَآءَتْهُمُ ٱلرُّسُلُ مِنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ قَالُوا۟ لَوْ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَٰٓئِكَةًۭ فَإِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ
ඔවුන් වෙත (අපගේ) දූතයින් ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින් පැමිණ (ඔවුන්ට) “අල්ලාහ් හැර (අන්) කිසිවක් ඔබ නොනමදිනු” (යයි පැවසීමට) ඔවුන් “අපගේ දෙවියන් (ඇත්තෙන්ම අපට දූතයෙකු යැවීමට) අදහස් කළේ නම්, ඔහු මලායිකාවරුන්වම (දූතයින් වශයෙන්) පහළ කරන්නට ඉඩ තිබුණි. එබැවින් නියත වශයෙන්ම අපි ඔබ ගෙන ආ දූත මෙහෙවර ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පැවසූහ.
فَأَمَّا عَادٌۭ فَٱسْتَكْبَرُوا۟ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَقَالُوا۟ مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةًۭ ۖ وَكَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ
ආද් (නමැති ජනතාව නම්) භූමියෙහි අසාධාරණයේ අහංකාර වී “අපට වඩා ශක්තිවන්තයින් කවුරුන්ද?”යි පැවසූහ. ඔවුන්ව උත්පාදනය කළ අල්ලාහ් නියත වශයෙන්ම ඔවුන්ට වඩා බලසම්පන්නයෙකි යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (එහෙත්) ඔවුන් අපගේ (මෙවැනි) සාධකයන්ද, (තර්ක කර) ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ.
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًۭا صَرْصَرًۭا فِىٓ أَيَّامٍۢ نَّحِسَاتٍۢ لِّنُذِيقَهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنصَرُونَ
එබැවින් අපි ඔවුන් කෙරෙහි (පැමිණි දඬුවමේ) නපුරු දිනයන්හි දරුණු සුළි සුළඟක් යවා අවමන් ගෙනදෙන දඬුවම මෙලොව ජීවිතයේදීම ඔවුන් විඳින ලෙසට සැලැස්සුවෙමු. (ඔවුන්ට) පරලොවදී ඇති දඬුවම නම්, (මෙයට වඩා) ඉතාමත් අවමන් ගෙන දෙන්නක් වන්නේය. (එහිදී කිසිවෙකුටත්) ඔවුන්ට උදව් කරනු නොලබන්නාහ.
وَأَمَّا ثَمُودُ فَهَدَيْنَٰهُمْ فَٱسْتَحَبُّوا۟ ٱلْعَمَىٰ عَلَى ٱلْهُدَىٰ فَأَخَذَتْهُمْ صَٰعِقَةُ ٱلْعَذَابِ ٱلْهُونِ بِمَا كَانُوا۟ يَكْسِبُونَ
සමූද් (නමැති ජනතාව නම්), ඔවුන්ටද අපි (අපගේ දූතයාව යවා) ඍජු මාර්ගය දැනුම් දුන්නෙමු. එහෙත් ඔවුන්ද ඍජු මාර්ගයට වඩා අන්ධභාවයම කැමති වූහ. එබැවින් ඔවුන් සොයා ගත් (නපුරු) විපතේ හේතුවෙන් අවමන් ගෙන දෙන දඬුවමෙන් යුතු හෙණ හඞ ඔවුන්ව අල්ලා ගත්තේය.
وَنَجَّيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ
නමුත් (ඔවුන්ගෙන්) විශ්වාසය තබා (පාපයන්ගෙන් ඈත් වී අල්ලාහ්ට) බිය වී කටයුතු කළ අයව අපි බේරා ගත්තෙමු.
وَيَوْمَ يُحْشَرُ أَعْدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمْ يُوزَعُونَ
අල්ලාහ්ගේ සතුරන්ව නිරය දෙසට දක්කා ගෙන යනු ලබන දිනදී (එහි අසළට පැමිණි වහාම) ඔවුන් (විනිශ්චය සදහා හොඳ අයගෙන්) වෙන් කර සිටුවා තබනු ලබන්නාහ.
حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَٰرُهُمْ وَجُلُودُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ
ඒ අසළට පැමිණි වහාම (පාපයන් කළ) ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ කණ්ද, ඔවුන්ගේ ඇස්ද, ඔවුන්ගේ (මස් වලින් යුත්) හම්ද, ඒවා කළ දැය ගැන සාක්ෂි කියනු ඇත.
Page 1 of 3 (54 ayahs)