Loading surah...
Back to Sinhala Quran
85 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
හා. මීම්.
تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ
(මෙය, සියල්ලන්ටම) බලසම්පන්නයෙකුද, (සියල්ල) හොඳින් දන්නෙකුද වන අල්ලාහ් පහළ කරන ලද ධර්මයයි.
غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوْبِ شَدِيدِ ٱلْعِقَابِ ذِى ٱلطَّوْلِ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ ٱلْمَصِيرُ
ඔහු පාපයන්ට සමාව දෙන්නෙකි. (වැරදිකරුවන්ගේ) සමාව ඉල්ලීම බාර ගන්නෙකි. (නොපිට අන්දමින් වැරදි කරන පාපතරයන්ව) දඬුවම් දීමෙහිද දරුණු කෙනෙකි. (හොඳ අය කෙරෙහි) වරප්රසාදයන් ලබා දෙන්නෙකි. ඔහු හැර (නැමදුමට යුත්තෙකු) වෙන කිසිම දෙවියෙකු නැත. ඔහු වෙතම (සියල්ලන්ම විනිශ්චය සඳහා) යා යුතුව ඇත්තේය.
مَا يُجَٰدِلُ فِىٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِى ٱلْبِلَٰدِ
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් හැර, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුණේ) තර්ක කරන්නේ නැත. එබැවින් (නබියේ! නිකරුණේ තර්ක කරන) ඔවුන්, විවිධ නගරයන්හිද (ඉතාමත් ආඩම්බරයෙන් යුතුව සැප පහසුවෙන්) ඒ මේ අත සැරිසරනු ඔබව රවටා නොදැමිය යුතුය.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَٱلْأَحْزَابُ مِنۢ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍۭ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَٰدَلُوا۟ بِٱلْبَٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
(මේ අන්දමටම) මොවුන්ට පෙර නුහුගේ ජනතාවද, ඔවුන්ගෙන් පසු පැමිණි (සෑම) සමුහයක්ද (අපගේ ආයාවන්) බොරු කළහ. තවද (ඔවුන්ගෙන්) සෑම ජනතාවක්ම තමන් වෙත පැමිණි දූතයින්ව (ඝාතනය කිරීමටද, සිරබාරයට) ගැනීමටද අදහස් කළහ. තවද සත්‍යය විනාශ කර දැමීම සඳහා බොරු කාරණාවන් මගින් (ඔවුන් සමග) තර්ක කළහ. එබැවින් ඔවුන්ව (දඬුවම මගින්) අපි අල්ලා ගත්තෙමු. එබැවින් (ඔවුන්ට නියම කරන ලද) මගේ දඬුවම කෙසේ තිබුණේද (යන්න අවධානය කරනු මැනව!)
وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ أَصْحَٰبُ ٱلنَّارِ
මේ අන්දමටම මෙම ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහිද, නියත වශයෙන්ම මොවුන් නිරාවාසීන්ම යන ඔබ දෙවියන්ගේ පොරොන්දුව ඉටු විය.
ٱلَّذِينَ يَحْمِلُونَ ٱلْعَرْشَ وَمَنْ حَوْلَهُۥ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِۦ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَا وَسِعْتَ كُلَّ شَىْءٍۢ رَّحْمَةًۭ وَعِلْمًۭا فَٱغْفِرْ لِلَّذِينَ تَابُوا۟ وَٱتَّبَعُوا۟ سَبِيلَكَ وَقِهِمْ عَذَابَ ٱلْجَحِيمِ
අර්ෂ් උසුළාගෙන සිටින්නන්ද, එය වටා සිටින්නන්ද, තමන්ගේ දෙවියන්ගේ ප්‍රශංසාව මගින් (ඔහුව) සුවිශුද්ධ කරන්නාහ. ඔහුව විශ්වාස කරන්නාහ. විශ්වාසය තැබූවන්ගේ වැරදි වලට සමාව දෙන මෙන්ද ඉල්ලා සිටින්නාහ. “අපගේ දෙවියනේ! ඔබ (ඔබගේ) ඥානයෙන්ද, දයාවෙන්ද සියල්ල වට කරගෙන සිටින්නෙහිය. එබැවින් (පාපයන්ගෙන්) ඈත් වී ඔබගේ මාර්ගය අනුගමනය කරන්නන්ට සමාව දී ඔවුන්ව නිරා දඬුවමෙන් ඔබ බේරා ගනු මැනව!”
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّٰتِهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
“අපගේ දෙවියනේ! ඔබ ඔවුන්ට පොරොන්දු වන ලද, ස්ථීරවූ ස්වර්ගයන්හි ඔවුන්ගෙන්ද, ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන්ද, ඔවුන්ගේ භාර්යයාවන්ගෙන්ද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද වූ හොඳ අයවද ඇතුළු කරනු මැනව! නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල දන්නා) ඥානවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය”.
وَقِهِمُ ٱلسَّيِّـَٔاتِ ۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمْتَهُۥ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
“(සියලූ) විපත්වලින්ම ඔවුන්ව බේරා ගනු මැනව! එදින කවුරුන්ව ඔබ (සියලූ) විපත්වලින් බේරා ගත්තෙහිද, ඔහු කෙරෙහි නියත වශයෙන්ම ඔබ ඉමහත් වූ වරප්රසාදයන් ලබා දුන්නෙහිය. මෙයම ඉමහත් වූ භාග්‍යයක් වන්නේය!” (යයි ප්‍රාර්ථනා කරන්නාහ).
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنَادَوْنَ لَمَقْتُ ٱللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى ٱلْإِيمَٰنِ فَتَكْفُرُونَ
“(අද දින පසුතැවිලි වී) ඔබව, ඔබම නින්දා කර ගැනීමට වඩා අල්ලාහ්ගේ අවමානය(ද කෝපයද) ඉතාමත් විශාලව තිඛෙණු ඇත. මන්දයත් ඔබ විශ්වාසය දෙසට ආරාධනා කරනු ලැබූ අවස්ථාවේදී, (එය) ප්‍රතික්ෂේප කර හැරියෙහුය” යයි නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර හැරියෝද, ඔවුන්ට කියනු ලැබේ.
قَالُوا۟ رَبَّنَآ أَمَتَّنَا ٱثْنَتَيْنِ وَأَحْيَيْتَنَا ٱثْنَتَيْنِ فَٱعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍۢ مِّن سَبِيلٍۢ
එයට ඔවුන් “අපගේ දෙවියනේ! දෙවරක් ඔබ අපව මරණයට පත් කළෙහිය. දෙවරක් ඔබ අපට පණ දුන්නෙහිය. (දැන්) අපි අපගේ වැරදි බාරගෙන, ආයාචනා කරන්නෙමු. එබැවින් (මෙයින් අපි) පිටමං වීමට කුමක් හෝ මාර්ගයක් ඇත්ද?”යි විමසන්නාහ.
ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِىَ ٱللَّهُ وَحْدَهُۥ كَفَرْتُمْ ۖ وَإِن يُشْرَكْ بِهِۦ تُؤْمِنُوا۟ ۚ فَٱلْحُكْمُ لِلَّهِ ٱلْعَلِىِّ ٱلْكَبِيرِ
(එයට දෙවියන් “ඔබට) මෙහි (මෙම දඬුවම ලැබීමට) හේතුව නම්, “අල්ලාහ් එක් කෙනෙකි’යයි කියනු ලැබූ විට, (එය) ඔබ ප්‍රතික්ෂේප කළෙහුය. ඔහුට (යම් කිසිවෙකු) සමානයක් කළ විට, (එය) ඔබ විශ්වාස කළෙහුය! එබැවින් (අද දින ඔබට ලැබී ඇති) මෙම තීන්දුව ඉතාමත් විශාලවන්ත හා උසස්වන්තයා වන අල්ලාහ්ටම අයත්ය” (යයි පවසනු ඇත).
هُوَ ٱلَّذِى يُرِيكُمْ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًۭا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ
ඔහුම තමන්ගේ සාධකයන් ඔබට පෙන්වා, අහස්හි සිට ඔබට ආහාරයද පහළ කර තබන්නේය. (සෑම කාරණාවකදීම ඔහුවම) බලන්නන්ව හැර, අන් සියල්ලන්ම (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගනු නොලබන්නාහ.
فَٱدْعُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ
එබැවින් (විශ්වාසවන්තයිනි! ඔබව) ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, ඔබ සම්පුර්ණයෙන්ම ඔහුටම අවනත වී පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ් එක් කෙනෙකුවම (ප්‍රාර්ථනා කර), ආරාධනා කරමින් සිටිනු.
رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلْعَرْشِ يُلْقِى ٱلرُّوحَ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ لِيُنذِرَ يَوْمَ ٱلتَّلَاقِ
(ඔහු) ඉතාමත් උසස් පදවීන්ගෙන් යුක්ත කෙනෙකි. අර්ෂ් වලටද අයිතිකරුය. (තමන්ව) හමුවන දිනය ගැන (ඔහු මිනිසාට) බිය ගන්වා අනතුරු අඟවනු පිණිස, තම වහලූන්ගෙන් තමන් කැමති අය කෙරෙහි තම නියෝගයන් වහී මගින් පහළ කර තබන්නේය.
يَوْمَ هُم بَٰرِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِنْهُمْ شَىْءٌۭ ۚ لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ ۖ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ
(මරණයට පත් වූ) ඔවුන් (සොහොන් වලින්) පිටමං වී (තම දෙවියන්) ඉදිරියට පැමිණ සිට ගන්නා දිනදී, ඔවුන්ගේ කිසිම කාරණාවක් අල්ලාහ්ට සඟවා තබන්නට නැත. “රාජ්‍යය අද කා හට නම් අයිතිද?”යි (විමසනු ලැබ, එයට පිළිතුරු වශයෙන් “සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන්නා වන අල්ලාහ්ටම අයිතිය!” (යයි කියනු ලැබේ).
ٱلْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ ٱلْيَوْمَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ
“අද දින සෑම ආත්මයකටම එය සොයා ගත් විපත් වලට සරිලන ඵලවිපාක දෙනු ලැබේ. අද දින කිසිම අපරාධයක් සිදු වන්නේ නැත. අල්ලාහ් (ප්‍රශ්න) ගණනය කර, (තීන්දු) දීමෙහි ඉතාමත් තීව්රව සිටින්නෙකි” (යයිද කියනු ලැබේ).
وَأَنذِرْهُمْ يَوْمَ ٱلْءَازِفَةِ إِذِ ٱلْقُلُوبُ لَدَى ٱلْحَنَاجِرِ كَٰظِمِينَ ۚ مَا لِلظَّٰلِمِينَ مِنْ حَمِيمٍۢ وَلَا شَفِيعٍۢ يُطَاعُ
(නබියේ!) ළඟා වෙමින් ඇති (විනිශ්චය) දිනය ගැන ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවනු. (එදිනදී ඔවුන්ගේ) ශෝකයෙන් හෘදයන් උගුරු වසා ගනු ඇත. අපරාධ කරන්නන් හට උදව් කරන්නෙකුද (එදිනදී) කිසිවෙකුත් නොසිටිනු ඇත. අනුමැතිය ලැබුණු මැදිහත් වන්නෙකුද නොසිටිනු ඇත.
يَعْلَمُ خَآئِنَةَ ٱلْأَعْيُنِ وَمَا تُخْفِى ٱلصُّدُورُ
(මිනිසුන්ගේ) ඇස් වලින් හෙළන හොර බැල්මද, හෘදයන්හි සඟවා ගන්නා දැයද ඔහු හොඳින් දන්නේය.
وَٱللَّهُ يَقْضِى بِٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَقْضُونَ بِشَىْءٍ ۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ
එබැවින් සම්පූර්ණයෙන්ම සාධාරණ ලෙසටම අල්ලාහ් තීන්දු දෙනු ඇත. මොවුන් (දෙවියන් යයි) ආරාධනා කරන ඔහු, අල්ලාහ් නොවන දැය නම්, (එයට වෙනස්ව) කිසිම (තීන්දුවක්) දිය නොහැකිය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලට) සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
Page 1 of 5 (85 ayahs)