Loading surah...
Back to Sinhala Quran
59 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
හා. මීම්.
وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ
පැහැදිලි මෙම ධර්මය මත සත්තකින්ම!
إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةٍۢ مُّبَٰرَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ
නියත වශයෙන්ම අපි මෙය, ඉතාමත් භාග්‍යයෙන් පිරි (ලයිලතුල් කද්ර් නමැති) එක් රාත්‍රියකදී (පළමු වරට) පහළ කර, නියත වශයෙන්ම අපි (මෙමගින්) බිය ගන්වා අනතුරු අඟවන්නෙමු.
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ
බුද්ධියෙන් පිරි සියලූ (හේතූන්ද), කාරණාවන්ද එහිම අපගේ නියෝගයන්ට අනුව (විද්‍යාත්මක අන්දමට) නිර්මාණය කරනු ලැබ ඇත්තේය.
أَمْرًۭا مِّنْ عِندِنَآ ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ
(නබියේ!) නියත වශයෙන්ම අපි (ඔබව ඔවුන් වෙත අපගේ දූතයා වශයෙන්) යවන්නෙමු.
رَحْمَةًۭ مِّن رَّبِّكَ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
(මෙය) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයක් වන්නේය. නියත වශයෙන්ම ඔහුම (සියල්ලම) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ
ඔබ ඇත්තෙන්ම (සත්‍යය) විශ්වාස කරන්නන් වශයෙන් සිටියහොත් අහස් හා භූමියෙහිද, ඒවා මධ්‍යයෙහි ඇති දැයෙහිද අයිතිකරු ඔහුම (යන්න විශ්වාස කරනු).
لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
ඔහු හැර වෙන හිමියෙකු නැත. ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. ඔහුම ඔබගේ පෝෂණය කරන්නා හා පෙර ඉකුත්ව ගිය අයගේ පෝෂණය කරන්නාද වන්නේය.
بَلْ هُمْ فِى شَكٍّۢ يَلْعَبُونَ
එහෙත් ඔවුන් (මෙම කාරණාවෙහිද පුහු) සැකයෙහි සෙල්ලම් කරමින් සිටින්නාහ!
فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍۢ مُّبِينٍۢ
(නබියේ!) පැහැදිලි වූ දුමාරයක් අහසින් පැමිණෙන දින ඔබ බලාපොරොත්තු-වෙන් සිටිනු.
يَغْشَى ٱلنَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌۭ
මිනිසුන්ව එය වට කර ගනු ඇත. එය වේදනා ගෙන දෙන දඬුවමක් වන්නේය.
رَّبَّنَا ٱكْشِفْ عَنَّا ٱلْعَذَابَ إِنَّا مُؤْمِنُونَ
(එදිනදී මිනිසුන් දෙවියන්ට) “අපගේ දෙවියනේ! අපගෙන් මෙම දඬුවම පහ කරනු. නියත වශයෙන්ම අපි (ඔබව) විශ්වාස කරන්නෙමු” (යයි ප්‍රාර්ථනා කරන්නාහ).
أَنَّىٰ لَهُمُ ٱلذِّكْرَىٰ وَقَدْ جَآءَهُمْ رَسُولٌۭ مُّبِينٌۭ
(ඒ අවස්ථාවේදී ඔවුන්ගේ හොඳ වැටහීම) කෙසේ නම් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවිද? නියත වශයෙන්ම (අපගේ) පැහැදිලි දූතයා (ඊට පෙර) ඔවුන් වෙත පැමිණම ඇත්තේය.
ثُمَّ تَوَلَّوْا۟ عَنْهُ وَقَالُوا۟ مُعَلَّمٌۭ مَّجْنُونٌ
එහෙත් ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර, (ඒ ගැන “මොහු) කවුරුන් විසින් හෝ උගන්වනු ලැබූ පිස්සෙකි” යයි පැවසූහ.
إِنَّا كَاشِفُوا۟ ٱلْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَآئِدُونَ
ඇත්තෙන්ම (ඔබ වැටහීමක් ගනු ඇතැයි) එම දඬුවමෙන් (පසුද) ටික (කලකට) පහ කර හැරියෙමු. (එහෙත්) නියත වශයෙන්ම ඔබ (පාපයන් කිරීමටම) නැවත උත්සාහ කරන්නෙහුය.
يَوْمَ نَبْطِشُ ٱلْبَطْشَةَ ٱلْكُبْرَىٰٓ إِنَّا مُنتَقِمُونَ
ඉතාමත් තදින් අපි අල්ලා ගනු ලබන එදිනදී නියත වශයෙන්ම (ඔවුන් වෙත) අනිවාර්යයෙන්ම පළි ගන්නෙමු.
۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُولٌۭ كَرِيمٌ
මොවුන්ට පෙරද ෆිර්අව්න්ගේ ජනයාව නියත වශයෙන්ම පිරික්සුවෙමු. ඔවුන් වෙත (අපගේ) ගෞරවණීය දූතයෙකු පැමිණියේය.
أَنْ أَدُّوٓا۟ إِلَىَّ عِبَادَ ٱللَّهِ ۖ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ
(පැමිණි ඔහු) “අල්ලාහ්ගේ වහලූන් (වන ඉස්රායීල පරම්පරාවේ දරුවන්)ව මා වෙත බාර දෙනු. නියත වශයෙන්ම මා (දෙවියන් වෙතින්) ඔබ වෙත පැමිණ ඇති විශ්වාසවන්ත දුතයෙකි.
وَأَن لَّا تَعْلُوا۟ عَلَى ٱللَّهِ ۖ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ
අල්ලාහ්ට ඔබ වෙනස්කම් නොකරනු. නියත වශයෙන්ම මා ඔබ වෙත පැහැදිලි සාධකයක් ගෙනැවිත් ඇත්තෙමි” (යයි පැවසුවේය. එයට ඔවුන් “අපි ඔබව ගල් වලින් ගසා මරා දමන්නෙමු” යයි පැවසූහ.
وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ
එයට මූසා) “මාව ඔබ ගල්වලින් ගසා මරා නොදමන ලෙසට මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද (වන අල්ලාහ් වෙතින්) නියත වශයෙන්ම මා ආරක්ෂාව පතන්නෙමි” (යයි කීවේය).
Page 1 of 3 (59 ayahs)