Loading surah...
Back to Sinhala Quran
37 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
හා. මීම්.
تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
(සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වන අල්ලාහ් විසින් මෙම ධර්මය පහළ කරන ලදී.
إِنَّ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَءَايَٰتٍۢ لِّلْمُؤْمِنِينَ
විශ්වාසවන්තයින්ට අහස්හි හා භූමියෙහි නියත වශයෙන්ම (බොහෝ) සාධකයන් ඇත්තේය.
وَفِى خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٌۭ لِّقَوْمٍۢ يُوقِنُونَ
ඔබව උත්පාදනය කිරීමෙහිද, (භූමියෙහි බොහෝ) ජීවීන්ව ඔහු විසුරුවා හැර තැබීමෙහිද, (විශ්වාසයෙහි) ස්ථීර වූ ජනතාවට (බොහෝ) සාධකයන් ඇත්තේය.
وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزْقٍۢ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ ٱلرِّيَٰحِ ءَايَٰتٌۭ لِّقَوْمٍۢ يَعْقِلُونَ
රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණෙන සේ ඔහු සලස්වා තිබීමෙහිද, අහසින් වර්ෂාව අල්ලාහ් පහළ කර (වියළී) මැරී ගිය භූමිය එමගින් පණ ගැන්වීමෙහිද, (විවිධ දිශාවන්ටද) සුළං හරව හරවා යැවීමෙහිද, බුද්ධිමත් ජනතාවට (බොහෝ) සාධකයන් ඇත්තේය.
تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ ۖ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤْمِنُونَ
(නබියේ!) ඇත්තෙන්ම ඔබ කෙරෙහි අපි සමුදීරණය කර පෙන්වන මේවා, අල්ලාහ්ගේ ආයාවන් වන්නේය. අල්ලාහ්ටද, ඔහුගේ ආයාවන්ටද පසුව මොවුන් කුමන කාරණාවක් නම්, විශ්වාස කරන්නෙහුද?
وَيْلٌۭ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍۢ
(මෙසේම ප්‍රතික්ෂේප කර දමා, බොරු දෙවිවරුන්ව) මනක්කල්පිතව ගොතා පවසන පාපතරයන්ට විනාශයයි!
يَسْمَعُ ءَايَٰتِ ٱللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًۭا كَأَن لَّمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍۢ
කවුරුන් තමන්ට සමුදීරණය කර පෙන්වනු ලැබූ අල්ලාහ්ගේ ආයාවන් ඇසීමෙන් පසු උඞඟූ වී (එය) තම කණ්වලින් නොඇසුවාක් මෙන් (ප්රතික්ෂේපය මතම) හිතුවක්කාර කමින් සිටින්නේද, (ඔහුට විනාශයයි!) ඔහුට වේදනා ගෙන දෙන දඬුවම මගින් (නබියේ!) ඔබ සුභාරංචි පවසනු.
وَإِذَا عَلِمَ مِنْ ءَايَٰتِنَا شَيْـًٔا ٱتَّخَذَهَا هُزُوًا ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ
අපගේ ආයාවන්ගෙන් කුමක් ඔහු දැන ගත්තා වුවද, එය ඔහු සමච්චලයෙන්ම ඇර ගන්නේය. මෙවැන්නන්ටම අවමන් ගෙන දෙන දඬුවම් ඇත.
مِّن وَرَآئِهِمْ جَهَنَّمُ ۖ وَلَا يُغْنِى عَنْهُم مَّا كَسَبُوا۟ شَيْـًۭٔا وَلَا مَا ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
ඔවුන් ඉදිරියේ නිරයම ඇත්තේය. ඔවුන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. නැතහොත් (තමන්ට) ආරක්ෂකයින් යයි ඔවුන් ඇර ගත් අල්ලාහ් නොවන දැයද (ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දිය හැකි දැය) නොව. ඔවුන්ට ඉමහත් වූ දඬුවම් ඇත.
هَٰذَا هُدًۭى ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌۭ مِّن رِّجْزٍ أَلِيمٌ
මෙයම ඍජු මාර්ගයයි. එබැවින් කවුරුන් තම දෙවියන්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ඉතාමත් දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
۞ ٱللَّهُ ٱلَّذِى سَخَّرَ لَكُمُ ٱلْبَحْرَ لِتَجْرِىَ ٱلْفُلْكُ فِيهِ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
ඔහුගේ නියෝගයන් මගින් (විවිධ රටවල්වලට) නැව් වලින් ගමන් කිරීමට අල්ලාහ් මුහුද ඔබට වසඟ කර දී ඇත්තේය. (එමගින්) ඔහුගේ වරප්රසාදයන් ඔබ සොයා ගන්නෙහුය. (ඒ වෙනුවෙන් ඔහුට) ඔබ කෘතඥ වනු මැනව!
وَسَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ جَمِيعًۭا مِّنْهُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ
තවද (ඒ අන්දමටම) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ලම ඔහු තමන්ගේ දයාවෙන් ඔබට (ඔබගේ යහපත සඳහා හරි හම්බ කරන මෙන්) පාලනය කර තබා ඇත්තේය. සිතා පරිශීලණය කරන ජනතාවට නියත වශයෙන්ම මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය.
قُل لِّلَّذِينَ ءَامَنُوا۟ يَغْفِرُوا۟ لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجْزِىَ قَوْمًۢا بِمَا كَانُوا۟ يَكْسِبُونَ
(නබියේ!) විශ්වාසවන්තයින්ට ඔබ මෙසේ පවසනු: අල්ලාහ්ගේ දඬුවම විශ්වාස නොකළ අයව, ඔවුන් සමාව දී (ඔවුන්ගේ කාරණාව අල්ලාහ් වෙතම බාර දී අත්හැරිය) යුතුය. (හොඳ හෝ නරක හෝ කරන) ජනතාවට ඔවුන් සොයා ගත් නපුරට සරිලන ඵලවිපාක ඔහු දෙනු ඇත.
مَنْ عَمِلَ صَٰلِحًۭا فَلِنَفْسِهِۦ ۖ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
කවුරුන් හොඳ කරන්නේද, (එය) ඔහුටම හොඳය. කවුරුන් පාපයන් කරන්නේද, (එය) ඔහුටම විනාශයයි. පසුව ඔබ, ඔබගේ දෙවියන් වෙතම ගෙන එනු ලබන්නෙහුය.
وَلَقَدْ ءَاتَيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَى ٱلْعَٰلَمِينَ
නියත වශයෙන්ම අපි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට ධර්මයද (ඥානයද), බලයද, නබිත්වයද, ලබා දී උසස් ආහාරයද ලබා දුන්නෙමු. තවද ලෝකවාසී සියල්ලන්ගෙන්ද ඔවුන්ව උසස් කර තැබුවෙමු.
وَءَاتَيْنَٰهُم بَيِّنَٰتٍۢ مِّنَ ٱلْأَمْرِ ۖ فَمَا ٱخْتَلَفُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ
තවද පැහැදිලි නියෝගයන් අපි ඔවුන්ට ලබා දුන්නෙමු. (මෙසේ තිබියදී) ඔවුන් තමන් තුළ ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන් ඔවුන් වෙත (ධර්ම) ඥානය පැමිණි පසුද, ඔවුන් (තමන් තුළ තර්ක කර) ඛෙදී වෙන්ව ගියහ. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඔවුන් තර්ක කළ දැය ගැන විනිශ්චය දිනදී ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත.
ثُمَّ جَعَلْنَٰكَ عَلَىٰ شَرِيعَةٍۢ مِّنَ ٱلْأَمْرِ فَٱتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ
(නබියේ! ඍජු) ධර්මයෙහි එක් මගකම ඔබව පත් කර ඇත්තෙමු. එබැවින් එයම ඔබ අනුගමනය කර කටයුතු කරනු මැනව! අඥානයින්ගේ කැමත්ත ඔබ අනුගමනය නොකරනු.
إِنَّهُمْ لَن يُغْنُوا۟ عَنكَ مِنَ ٱللَّهِ شَيْـًۭٔا ۚ وَإِنَّ ٱلظَّٰلِمِينَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۖ وَٱللَّهُ وَلِىُّ ٱلْمُتَّقِينَ
නියත වශයෙන්ම අල්ලාහ්ට විරුද්ධව මොවුන් ඔබට කිසියම් උදව්වක් කිරීමට නොහැකිය. නියත වශයෙන්ම අපරාධකාරයින්ගෙන් සමහරෙක් ඔවුන්ගෙන් සමහරෙකුටම මිතුරන්ය. (විශ්වාසවන්තයින්ට නොව). අල්ලාහ් නම්, භය භක්තිකයින්ට මිතුරෙකු වන්නේය.
هَٰذَا بَصَٰٓئِرُ لِلنَّاسِ وَهُدًۭى وَرَحْمَةٌۭ لِّقَوْمٍۢ يُوقِنُونَ
මෙය මිනිසුන්ට පැහැදිලි සාධකයක් වශයෙන්ද, විශ්වාස කළ හැකි ජනතාවට ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.
Page 1 of 2 (37 ayahs)