Loading surah...
Back to Sinhala Quran
38 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَٰلَهُمْ
කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගයෙහි (මිනිසුන් ගමන් කිරීමද) වළක්වමින් සිටියෝද, ඔවුන්ගේ (කුමන්ත්‍රණය වන මෙම) ක්‍රියාවන් (අල්ලාහ්) ප්‍රයෝජනයක් නැති දැය බවට පත් කළේය.
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَءَامَنُوا۟ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍۢ وَهُوَ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ
කවුරුන් (අල්ලාහ්ව) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන්ද කර, මුහම්මද් (නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නමින් පහළ කරනු ලැබූ එය තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයේ සිට පැමිණි සත්‍ය (ධර්මය) යයි විශ්වාස කරමින් සිටියෝද, ඔවුන් (නොදැනුවත්ව කළ) නපුරු ක්‍රියාවන් ඔවුන්ගෙන් පහ කර, ඔවුන්ගේ තත්වයද (දෙවියන් හොඳ අතට හරවා) පිළිසකර කළේය.
ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ ٱتَّبَعُوا۟ ٱلْبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبَعُوا۟ ٱلْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَٰلَهُمْ
මන්දයත් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බොරුවම අනුගමනය කරමින් සිටියහ. විශ්වාසය තැබූවන් නම්, නියත වශයෙන්ම තමන්ගේ දෙවියන්ගෙන් පැමිණි සත්‍යයම අනුගමනය කරමින් සිටියහ. මෙසේම (අනිත්) මිනිසුන්ට අල්ලාහ් ඔවුන්ගේ තත්වය උදාහරණ වශයෙන්ම (ගෙනහැර දක්වා පැහැදිලි) කරන්නේය.
فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ فَضَرْبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّوا۟ ٱلْوَثَاقَ فَإِمَّا مَنًّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنْهُمْ وَلَٰكِن لِّيَبْلُوَا۟ بَعْضَكُم بِبَعْضٍۢ ۗ وَٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعْمَٰلَهُمْ
(විශ්වාසවන්තයිනි! ඔබට විරුද්ධව යුද්ධ කරන) ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ හමු වන්නේ නම්, (කිසි චකිතයක් නැතිව) ඔවුන්ගේ ඛෙලි කපා දමනු. ඔවුන්ව ඔබ පරදවා හැරියහොත් (ඉතිරි අයව සිර)භාරයට ගෙන බැඳ දමනු. ඉන් පසුව (ඔවුන් වෙනුවට) යම්කිසි වන්දියක් ලදහොත් හෝ නැතහොත් (වන්දියක් නොමැතිව ඔවුන් කෙරෙහි) අනුකම්පාවෙන් හෝ අත් හැර දමනු. (මෙසේ යුද්ධ කරන සතුරන්) තම ආයුධ බිම තබන තුරු (යුද්ධ කරනු). මෙය (අල්ලාහ්ගේ නියෝගයකි). අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, (ඔවුන් ඔබ සමග යුද්ධ කිරීමට පැමිණීමට පෙරම) ඔවුන්ගෙන් පළි ගන්නට ඉඩ තිබුණි. එහෙත් (යුද්ධය මගින්) ඔබගෙන් සමහරෙකුව තවත් සමහරෙකු මගින් පිරික්සන්නේය. එබැවින් අල්ලාහ්ගේ මාර්ගයෙහි කවුරුන් කපනු ලැබ (මරණයට) පත් වන්නෝද, ඔවුන්ගේ (පින් ඇති) ක්‍රියාවන් අපතේ හරින්නේ නැත. (එයට සරිලන ඵලවිපාකම දෙනු ඇත).
سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ
ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කර, ඔවුන්ගේ තත්වයද පිළිසකර කර හරිනු ඇත.
وَيُدْخِلُهُمُ ٱلْجَنَّةَ عَرَّفَهَا لَهُمْ
තවද ඔහු ඔවුන්ට දැනුම් දෙනු ලැබූ ස්වර්ගයෙහිද ඔවුන්ව ඇතුළු කරන්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَنصُرُوا۟ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට උදව් කළහොත් ඔහුද ඔබට උදව් කර, ඔබගේ පාදයන් ස්ථීර කර හරින්නේය.
وَٱلَّذِينَ كَفَرُوا۟ فَتَعْسًۭا لَّهُمْ وَأَضَلَّ أَعْمَٰلَهُمْ
කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට විනාශයයි! (ඔවුන්ගේ කකුල් අස්ථාවර කර) ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල ප්‍රයෝජනවත් නොවන දැය බවට පත් කරනු ඇත.
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ
මන්දයත් අල්ලාහ් පහළ කර තැබු දැය ඇත්තෙන්ම ඔවුන් පිළිකුල් කර, (ප්‍රතික්ෂේප) කර දැමූහ. එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල (අල්ලාහ්) විනාශ කර දැමුවේය.
۞ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَٰفِرِينَ أَمْثَٰلُهَا
ඔවුන් භූමියෙහි සංචාරය කර බැලූවේ නැද්ද? එසේ නම්, ඔවුන්ට පෙර (නපුර කරමින්) සිටි අයගේ අවසානය කෙසේ වූයේද යන්න දැක ගනු ඇත. (කළින් නපුර කරමින් සිටි) ඔවුන්ව අල්ලාහ් සහමුලින්ම විනාශ කර දැමුවේය. ප්‍රතික්ෂේප කරන්නන්ටද මේවා වැනි දැයම හමු වනු ඇත.
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ
මන්දයත් විශ්වාසය තැබූවන්ගෙන් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ්ම සිටින්නේය. ප්‍රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම ආරක්ෂකයෙකුද නැත.
إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ ٱلْأَنْعَٰمُ وَٱلنَّارُ مَثْوًۭى لَّهُمْ
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරන්නේය. කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් සතුන් කන්නාක් මෙන් කමින්ද, (සතුන් මෙන්) සුවය විඳිමින්ද සිටින්නාහ. (එහෙත්) ඔවුන් (අවසාන වශයෙන්) රැෙඳන ස්ථානය නිරයයි.
وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةًۭ مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ
(නබියේ!) ඔබගේ රටින් ඔබව පිටමං කළ අයට වඩා කොපමණදෝ රටවැසියන් ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටියහ. (ඔවුන් කළ අපරාධයන්හි හේතුවෙන්) ඔවුන්ව අපි විනාශ කර දැමුවෙමු. (ඒ අවස්ථාවේදී) ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් සිටියේ නැත. (එබැවින් මොවුන් මොන මුල්ලකටද! මොවුන්වද අපි අනිවාර්යයෙන්ම විනාශ කර දමන්නෙමු!).
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُم
කවුරුන් තම දෙවියන්ගේ පැහැදිලි (ඍජු) මාර්ගය මත සිටින්නේද ඔහු, කවුරුන්ගේ නපුරු කාරණාවන් අලංකාරවත් ලෙස පෙන්වනු ලැබුවේද ඔහුට, සමාන වන්නෙහිද? (මෙවැනි) ඔවුන් තමන්ගේ (ශරීර) ආශාවන්ම අනුගමනය කරන්නාහ.
مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ فِيهَآ أَنْهَٰرٌۭ مِّن مَّآءٍ غَيْرِ ءَاسِنٍۢ وَأَنْهَٰرٌۭ مِّن لَّبَنٍۢ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُۥ وَأَنْهَٰرٌۭ مِّنْ خَمْرٍۢ لَّذَّةٍۢ لِّلشَّٰرِبِينَ وَأَنْهَٰرٌۭ مِّنْ عَسَلٍۢ مُّصَفًّۭى ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ ۖ كَمَنْ هُوَ خَٰلِدٌۭ فِى ٱلنَّارِ وَسُقُوا۟ مَآءً حَمِيمًۭا فَقَطَّعَ أَمْعَآءَهُمْ
පරිශුද්ධවන්තයින්ට පොරොන්දු දෙන ලද ස්වර්ගයෙහි උදාහරණය නම්, එහි හානියකින් තොර (පරිශුද්ධ වූ) දිය දහරා ඇත්තේය. (පරිශුද්ධ වූ) රසය වෙනස් නොවන කිරි වලින් යුත් ගංඟාවන්ද ඇත්තේය. පානය කරන්නන්ට ඉමිහිරි රසයක් ගෙන දිය හැකි මිදි රසයෙන් පිරි ගංඟාවන්ද ඇත. තවද පැහැදිලි මී පැනි ගංඟාවන්ද ඇත්තේය. තවද එහි ඔවුන්ට සියලූ අන්දමේ පලතුරු වර්ගද, තමන්ගේ දෙවියන්ගේ සමාවද (ඔවුන්ට) ඇත. (මෙවැනි සුවයන් විඳින අය), නිරයෙහි සදාකල් රැඳී සිටිමින් උතුරණ ලෝදිය පොවනු ලැබ, බඩවැල් සියල්ල කඩා විනාශ කර දැමිය හැකි අයට සමාන වන්නෙහිද?
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُوا۟ مِنْ عِندِكَ قَالُوا۟ لِلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ
(නබියේ! ඔබ මෙම ධර්මය සමුදීරණය කළ අවස්ථාවේදී) ඔබට සවන් දෙන අය (මෙන් සිටින්නන්) ඔබගෙන් ඈත් වී පිටමං වූ වහාම, (විශ්වාසවන්තයින් වන මෙම ධර්ම) ඥානය ලබා දෙනු ලැබූ අයට (සමච්චලයෙන් “ඔබගේ නබි වන) ඔහු, ටිකකට කළින් කුමක් නම් කීවෙහිද?”යි විමසන්නන්ද ඔවුන්ගෙන් සිටින්නාහ. මෙවැන්නන්ගේ හෘදයන් මත අල්ලාහ් මුද්‍රා කර හැරියේය. (එබැවින්) මොවුන් තමන්ගේ (ශරීර) ආශාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නාහ.
وَٱلَّذِينَ ٱهْتَدَوْا۟ زَادَهُمْ هُدًۭى وَءَاتَىٰهُمْ تَقْوَىٰهُمْ
කවුරුන් ඍජු මාර්ගයෙහි ගමන් කරන්නෝද, (ඔවුන් මෙම ධර්මය සවන් දෙන හේතුවෙන්) ඔවුන්ගේ ඍජුභාවය (නැවත නැවතත්) වැඩි කර, පරිශුද්ධ භාවයද, ඔවුන්ට (දෙවියන්) ලබා දෙන්නේය.
فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةًۭ ۖ فَقَدْ جَآءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَىٰهُمْ
(නබියේ! එම පාපතරයන්) තමන් වෙත හදිසියේ පැමිණිය හැකි විනිශ්චය (දින දඬුවම) මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? මන්දයත් එහි සළකුණු නියත වශයෙන්ම පැමිණ ඇත. එය ඔවුන් වෙත පැමිණි පසු (ඒ ගැන) ඔවුන්ට අවවාද කිරීමෙන් කුමන ප්‍රයෝජනයක්ද?
فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ
(නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙකු නැත යන්න ඔබ (ස්ථීර වශයෙන්) දැනගෙන, විශ්වාසය තැබූ පිරිමින් වෙනුවෙන්ද, විශ්වාසය තැබු ගැහැනුන් වෙනුවෙන්ද, ඔබ වෙනුවෙන්ද, පව් සමාව ඉල්ලා සිටිනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔබගේ හැසිරීමද, ඔබගේ වාසස්ථානයන්ද අල්ලාහ් හොඳින් දන්නේය.
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوا۟ لَوْلَا نُزِّلَتْ سُورَةٌۭ ۖ فَإِذَآ أُنزِلَتْ سُورَةٌۭ مُّحْكَمَةٌۭ وَذُكِرَ فِيهَا ٱلْقِتَالُ ۙ رَأَيْتَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ ٱلْمَغْشِىِّ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ
විශ්වාසය තැබූවන්ගෙන්ද, (බොහොමයක් දෙනා යුද්ධය ගැන) යම්කිසි (තනි) පරිච්ඡේදයක් පහළ කළ යුතු නොවේද?යි පවසන්නාහ. එසේම (පැහැදිලි හා) එක් ස්ථීර වූ පරිච්ඡේදයක පහළ කරනු ලැබ, යුද්ධ කරන මෙන් එහි පවසා තිබුනහොත්, කවුරුන්ගේ හෘදයන්හි අසනීප ඇත්තේද, ඔවුන් මරණාසන්නයට පැටළී සිහි මූර්ඡා වී වැටී සිටින්නන් බලන්නාක් මෙන් (නබියේ!) ඔබව, ඔවුන් බලනු ඔබ දකින්නෙහිය! එබැවින් මොවුන්ට විනාශයයි!
Page 1 of 2 (38 ayahs)