Loading surah...
Back to Sinhala Quran
29 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّا فَتَحْنَا لَكَ فَتْحًۭا مُّبِينًۭا
(නබියේ! හුදෙයිබියා සමාදාන ගිවිසුම මගින්) නියත වශයෙන්ම අපි ඔබට (අති විශාල) පැහැදිලි වූ ජයග්‍රහණයක් ලබා දුන්නෙමු.
لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا
ඒ වෙනුවෙන් (ඔබ, ඔබගේ දෙවියන්ට කෘතඥ වනු මැනව! එමගින් ඉදිරි හා පසුපස වූ වැරදි වලට අල්ලාහ් ඔබට සමාව දී, තමන්ගේ වරප්‍රසාදයද ඔබ කෙරෙහි පූරණය කර තබා, ඔබව ඔහු ඍජු මාර්ගයෙහිද ගමන් කිරීමට සැලැස්වීම සඳහා (මෙවැනි ජයග්‍රහණයක් ලබා දුන්නෙමු).
وَيَنصُرَكَ ٱللَّهُ نَصْرًا عَزِيزًا
(නබියේ!) නැවත (නැවතත්) අල්ලාහ් ඔබට ශක්තිමත් උදව් උපකාර ලබා දෙමින්ම සිටින්නේය.
هُوَ ٱلَّذِىٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِى قُلُوبِ ٱلْمُؤْمِنِينَ لِيَزْدَادُوٓا۟ إِيمَٰنًۭا مَّعَ إِيمَٰنِهِمْ ۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا
ඔවුන්ගේ විශ්වාසය සමග නැවත (නැවතත්) විශ්වාසය වැඩි කරන ලෙස සැලැස්වීමට විශ්වාසය තැබූවන්ගේ හෘදයන්හි ඔහුම (ශාන්තිය හා) මනසට සැහැල්ලූභාවයද පහළ කළේය. අහස් හා භූමියෙහි ඇති සේනාවන් (සියල්ල) අල්ලාහ්ටම අයත්ය. (එමගින් ඔහු කැමති අයට උදව් කරන්නේය). අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
لِّيُدْخِلَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ ۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوْزًا عَظِيمًۭا
ඔහු විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැණුන්වද දිය දහරා සදාකල් ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරනු ඇත. සදාකල් ඒවායෙහි ඔවුන් රැඳී සිටිනු ඇත. ඔවුන්ගේ පාපයන්ද ඔවුන්ගෙන් පහ කර හරින්නේය. මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙන් ලැඛෙණ ඉමහත් වූ භාග්‍යයක් වන්නේය.
وَيُعَذِّبَ ٱلْمُنَٰفِقِينَ وَٱلْمُنَٰفِقَٰتِ وَٱلْمُشْرِكِينَ وَٱلْمُشْرِكَٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوْءِ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۖ وَغَضِبَ ٱللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًۭا
අල්ලාහ් ගැන නරක අදහස් දරණ වංචනිකභාවය ඇති පිරිමින්ටද, ගැහැනුන්ටද, සමානයන් තබා නමදින පිරිමින්ටද, ගැහැනුන්ටද, (අල්ලාහ් අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නේය. (දඬුවමේ) විනාශය ඔවුන්ගේ (හිසට) උඩින් වට කරගෙන ඇත්තේය. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝපයට පත් වී ඔවුන්ට ශාප කර, ඔවුන් වෙනුවෙන් නිරයද පිළියෙල කර ඇත්තේය. එය යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය.
وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا
අහස් හා භූමියෙහි ඇති සේනාවන් (සියල්ල) අල්ලාහ්ට අයත් දැය වන අතර, අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
إِنَّآ أَرْسَلْنَٰكَ شَٰهِدًۭا وَمُبَشِّرًۭا وَنَذِيرًۭا
(නබියේ!) නියත වශයෙන්ම ඔබව (විශ්වාසවන්තයින්ගේ විශ්වාසය ගැන) සාක්ෂි දැරීම සඳහාද, (ඔවුන්ට) සුභාරංචි පැවසීම සඳහාද, (පාපතරයන්ට) බියගන්වා අනතුරු ඇඟවීම සඳහාද යවා ඇත්තෙමු.
لِّتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةًۭ وَأَصِيلًا
එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාස කර, ඔහුට උදව් කර, ඔහුව ගෞරව කර තබා, උදේ සවස ඔහුව සුවිශුද්ධ කරමින් සිටිනු.
إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوْقَ أَيْدِيهِمْ ۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفْسِهِۦ ۖ وَمَنْ أَوْفَىٰ بِمَا عَٰهَدَ عَلَيْهُ ٱللَّهَ فَسَيُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا
(නබියේ!) නියත වශයෙන්ම කවුරුන් (තමන්ගේ ශරීරය, වස්තුව හා ආත්මය පූජා කර, ඔබට උදව් කරන බවට ඔබ මත අත තබා) ඔබ වෙත පොරොන්දු වන්නෝද, ඔවුන් අල්ලාහ් වෙතම පොරොන්දු වන්නාහ. ඔවුන්ගේ අත මත (ඔබගේ අත නොව). අල්ලාහ්ගේ අතම ඇත්තේය. එබැවින් කවුරුන් (එම පොරොන්දුව) කඩ කරන්නෝද, ඔහු තමන්ට විනාශයක් වශයෙන්ම (එය) කඩ කරන්නේය. කවුරුන් අල්ලාහ් වෙත දුන් එම පොරොන්දුව පූරණය කර හරින්නේද, ඔහුට අල්ලාහ් ඉමහත් වූ ඵලවිපාක (නියත වශයෙන්ම) ඉතාමත් ඉක්මනින් දෙනු ඇත.
سَيَقُولُ لَكَ ٱلْمُخَلَّفُونَ مِنَ ٱلْأَعْرَابِ شَغَلَتْنَآ أَمْوَٰلُنَا وَأَهْلُونَا فَٱسْتَغْفِرْ لَنَا ۚ يَقُولُونَ بِأَلْسِنَتِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ ۚ قُلْ فَمَن يَمْلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ بِكُمْ ضَرًّا أَوْ أَرَادَ بِكُمْ نَفْعًۢا ۚ بَلْ كَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرًۢا
(නබියේ! යුද්ධයට ඔබ සමග නොපැමිණ) රැඳී සිටි ගම්බද අරාබිවරුන් ඔබ වෙත පැමිණ “අපි ඔබ සමග ඒමට අපගේ වස්තූන්ද, අපගේ පවුල්ද, අපට අවස්ථාවක් ලබා දුන්නේ නැත. එබැවින් (දෙවියන් වෙත) ඔබ අප වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනු මැනව!” යයි (ඇත්තෙන්ම ඔවුන්) පවසනු ඇත. ඔවුන් තමන්ගේ හෘදයන්හි නොමැති දැය තමන්ගේ මුවින් (දිවෙන්) පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ඔබට යම්කිසි හොඳක් කිරීමට අදහස් කළා වුවද, (එහි) කිසිවක් ඔහුට විරුද්ධව ඔබට වළක්වා හැරිය හැකි අය කවරෙක්ද? (කිසිවෙකුත්) නැත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දැනගෙන සිටින්නේය.
بَلْ ظَنَنتُمْ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلْمُؤْمِنُونَ إِلَىٰٓ أَهْلِيهِمْ أَبَدًۭا وَزُيِّنَ ذَٰلِكَ فِى قُلُوبِكُمْ وَظَنَنتُمْ ظَنَّ ٱلسَّوْءِ وَكُنتُمْ قَوْمًۢا بُورًۭا
“(අල්ලාහ්ගේ) දූතයාද (ඔහුව) විශ්වාස කළ අයද, (යුද්ධයෙන් පසු) තමන්ගේ පවුලේ උදවිය වෙත කිසි කලෙකත් ආපසු නොපැමිණෙන්නාහ යයි නියත වශයෙන්ම ඔබ අදහස් කරමින් සිටියෙහුය. (එබැවින්ම ඔබ යුද්ධයට පැමිණියේ නැත). මෙයම ඔබගේ මනසෙහි අලංකාරවත් කර තිබුණි. එබැවින් ඔබ නපුරු සිතුවිල්ලම සිතමින් සිටියෙහුය. එබැවින් ඔබම විනාශ වන ජනතාවක් බවට පත් වූවෙහුය” (යයි නබියේ! ඔබ පවසනු මැනව!)
وَمَن لَّمْ يُؤْمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعْتَدْنَا لِلْكَٰفِرِينَ سَعِيرًۭا
කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ දුතයාවද, (සත්‍යය වශයෙන්ම) විශ්වාස නොකළෙහිද, (ඔහු ප්‍රතික්ෂේප කරන්නෙකි. එබැවින්) එවැනි ප්‍රතික්ෂේප කරන්නාට නිරයම නියත වශයෙන්ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු.
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا
අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයිතිය! ඔහු අදහස් කරන අයට සමාව දී හරින්නේය. ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.
سَيَقُولُ ٱلْمُخَلَّفُونَ إِذَا ٱنطَلَقْتُمْ إِلَىٰ مَغَانِمَ لِتَأْخُذُوهَا ذَرُونَا نَتَّبِعْكُمْ ۖ يُرِيدُونَ أَن يُبَدِّلُوا۟ كَلَٰمَ ٱللَّهِ ۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمْ قَالَ ٱللَّهُ مِن قَبْلُ ۖ فَسَيَقُولُونَ بَلْ تَحْسُدُونَنَا ۚ بَلْ كَانُوا۟ لَا يَفْقَهُونَ إِلَّا قَلِيلًۭا
(නබියේ! කළින් යුද්ධයට ඔබ සමග නොපැමිණ) පසුබැස රැඳී සිටිය අය, යුද්ධයෙන් ලැබුනු වස්තූන් ලබා ගැනීමට ඔබ යන අවස්ථාවේදී (ඔබට) “අපිත් ඔබ අනුගමනය කර පැමිණීමට අපට (අනුමැතිය ලබා) දෙනු (මැනව!)” යයි පවසන්නාහ. මොවුන් අල්ලාහ්ගේ නියෝගයන් වෙනස් කිරීමටම අදහස් කරන්නාහ. (එබැවින් ඔවුන්ට) “ඔබ අපව අනුගමනය කර නොඑනු. මීට කළින්ම අල්ලාහ් මෙසේ පවසා ඇත්තේය” යයි ඔබ පවසනු මැනව! එයට ඔවුන් “(අල්ලාහ් කිසිවක් පැවසුවේ) නැත. ඔබයි අප කෙරෙහි උඞඟූ වී (මෙසේ පවසන්නේ)” යයි පවසන්නාහ. (ඔවුන් කියන දේ නිවැරදිය) යයි ඔවුන්ගෙන් සමහරෙකු හැර, (වෙන කිසිවෙකුත් මෙහි අර්ථය) වටහා ගන්නේ නැත.
قُل لِّلْمُخَلَّفِينَ مِنَ ٱلْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَىٰ قَوْمٍ أُو۟لِى بَأْسٍۢ شَدِيدٍۢ تُقَٰتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ ۖ فَإِن تُطِيعُوا۟ يُؤْتِكُمُ ٱللَّهُ أَجْرًا حَسَنًۭا ۖ وَإِن تَتَوَلَّوْا۟ كَمَا تَوَلَّيْتُم مِّن قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًۭا
(නබියේ! යුද්ධයට ඔබ සමග නොපැමිණ) පසුබැස රැඳී සිටි ගම්බද අරාබිවරුන්ට ඔබ මෙසේ පවසනු: “යුද්ධ කිරීමෙහි ඉතාමත් ශක්තිම්පන්නයන් වන ජනතාව සමග (යුද්ධ කිරීමට) ඉතාමත් ඉක්මනින් ඔබව කැඳවනු ලබන්නෙහුය. ඔවුන් සම්පූර්ණයෙන්ම අවනත වන තුරු ඔබට ඔවුන් සමග යුද්ධ කිරීමට සිදු වනු ඇත. (මෙහි) ඔබ (මට) අවනත වී කටයුතු කරන්නේ නම්, අල්ලාහ් ඔබට අලංකාරවත් ඵලවිපාක දෙනු ඇත. මීට පෙර ඔබ (යුද්ධ නොකර) හැරී ගිය අන්දමටම (ඒ අවස්ථාවේදීද යුද්ධ නොකර) ආපසු හැරී යන්නේ නම්, ඔහු ඔබව ඉතාමත් දරුණු වේදනා ගෙන දෙන දඬුවම් කරනු ඇත”.
لَّيْسَ عَلَى ٱلْأَعْمَىٰ حَرَجٌۭ وَلَا عَلَى ٱلْأَعْرَجِ حَرَجٌۭ وَلَا عَلَى ٱلْمَرِيضِ حَرَجٌۭ ۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۖ وَمَن يَتَوَلَّ يُعَذِّبْهُ عَذَابًا أَلِيمًۭا
(යුද්ධයට නොඒම ගැන) අන්ධයා කෙරෙහි කිසිම වරදක් නැත. නොන්ඩියා කෙරෙහිද කිසිම වරදක් නැත. අසනීපකාරයා කෙරෙහිද කිසිම වරදක් නැත. කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද (ඇත්තෙන්ම) අවනත වන්නේද, ඔහුව (අල්ලාහ්) දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරනු ඇත. කවුරුන් (ඔබට අවනත නොවී යුද්ධයටද ඔබ සමග නොපැමිණ) ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව ඉතාමත් දරුණු ලෙසටම වේදනා ගෙන දෙමින් දඬුවම් කරන්නේය.
۞ لَّقَدْ رَضِىَ ٱللَّهُ عَنِ ٱلْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِى قُلُوبِهِمْ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيْهِمْ وَأَثَٰبَهُمْ فَتْحًۭا قَرِيبًۭا
එම ගස යට ඔබ වෙත (අත දී) පොරොන්දු දුන් විශ්වාසවන්තයින් ගැන නියත වශයෙන්ම අල්ලාහ් සෑහීමට පත් වූවේය. ඔවුන්ගේ හෘදයන්හි (සත්‍යය වූ පරිත්‍යාගශීලී අදහස ගැන) හොඳින් දැන, (ශාන්තිය හා) මනසට සැහැල්ලූවද ඔවුන් කෙරෙහි පහළ කළේය. ඉක්මන් ජයග්රහණයද (කයිබර් නමැති ස්ථානයේදී) ඔවුන්ට (පරිත්‍යාගයක් වශයෙන්) ලබා දුන්නේය.
وَمَغَانِمَ كَثِيرَةًۭ يَأْخُذُونَهَا ۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا
(එම) විශාල ප්‍රමාණයක යුද්ධාජිද වස්තූන්ද ඔවුන්ට අත්පත් කර ගන්නට සැලැස්සුවේය. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةًۭ تَأْخُذُونَهَا فَعَجَّلَ لَكُمْ هَٰذِهِۦ وَكَفَّ أَيْدِىَ ٱلنَّاسِ عَنكُمْ وَلِتَكُونَ ءَايَةًۭ لِّلْمُؤْمِنِينَ وَيَهْدِيَكُمْ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا
විශාල ප්‍රමාණයක යුද්ධාජිද වස්තූන් ඔබ අත්පත් කර ගන්නෙහුය යයි අල්ලාහ් ඔබට පොරොන්දු දී තිබුණි. මෙය ඔබට ඉතා ඉක්මනින් ලබා දුන්නේය. (ඔබට සතුරන් වන එම) මිනිසුන්ගේ අත්ද ඔබගෙන් ඈත් කර වළක්වා හැරියේය. (මෙය) විශ්වාසවන්තයින්ට එක් සාධකයක් බවට පත් කිරීම සඳහාද, ඔබව ඍජු මාර්ගයෙහි යාමට සැලැස්වීම සඳහාද, (මෙසේ දයාව පහළ කළේය).
Page 1 of 2 (29 ayahs)