Loading surah...
Back to Sinhala Quran
120 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَوْفُوا۟ بِٱلْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ ٱلْأَنْعَٰمِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّى ٱلصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ ٱللَّهَ يَحْكُمُ مَا يُرِيدُ
විශ්වාසවන්තයිනි! ඔබ (ඔබගේ) ගිවිසුම් පූරණ වශයෙන් ඉටු කරනු. (තවද) ඔබට (මින් පසු) කියනු ලබන දැය හැර, (වෙනත්) සිවුපා සතුන් ඔබට අනුමැතිය (හලාල්) දෙනු ලැබ ඇත්තේය. (ඒවා ඕනෑම අවස්ථාවකදී අනුභව කළ හැකිය. දඩයම් කළ හැකිය. එහෙත්) ඔබ ඉහ්රාම් (හජ් වන්ඳනාවේදී අඳින ඇඳුම) හැඳ සිටින අවස්ථාවේදී (මේවා) දඬයම් කිරීම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති දැය (ඔබට) නියෝග කරන්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحِلُّوا۟ شَعَٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهْرَ ٱلْحَرَامَ وَلَا ٱلْهَدْىَ وَلَا ٱلْقَلَٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلْبَيْتَ ٱلْحَرَامَ يَبْتَغُونَ فَضْلًۭا مِّن رَّبِّهِمْ وَرِضْوَٰنًۭا ۚ وَإِذَا حَلَلْتُمْ فَٱصْطَادُوا۟ ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ أَن تَعْتَدُوا۟ ۘ وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا۟ عَلَى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
විශ්වාසවන්තයිනි! (ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථාවේදී ඔබට ඇති කර ඇති) අල්ලාහ්ගේ ධර්ම සළකුණුද (රජබ්, දුල්කඅදා, දුල්හජ්ජි,මුහර්රම් ආදී) පරිශුද්ධ කරන ලද මාසයන්ද (හජ්හි) කුර්බානීන්ද (කුර්බාන් සඳහා) සළකුණු කරන ලද දැයද, තමන්ගේ දෙවියන්ගේ දයාවද, ශුද්ධ වූ සොම්නසද අත් කර ගැනීමේ අදහසින් ගෞරවනීය නැමදුම්පළ බලාපොරොත්තුවෙන් යන අයවද, ඔබ (අවමන් කිරීම) සුදුසු දැයක් බවට පත් කර නොගනු. ඔබ, (ඔබගේ) ඉහ්රාමයෙන් පහ වී ගියහොත් (අනුමැතිය දෙනු ලැබූ දැයෙන්) ඔබට දඬයම් කළ හැකිය. ගෞරවනීය මස්ජිදයට (නැමදුම්පළට) නොයන සේ ඔබව වැළැක්වූ ජනතාව කෙරෙහි (ඔබ අතරේ) ජාතිවාදීව (ඔවුන් කෙරෙහි) ඔබ සීමාව ඉක්මවා යාමට ඔබව පොළඹවා නොසිටිය යුතුය. තවද දැහැමියටද, (අල්ලාහ්ගේ) බියටද ඔබ කෙනෙකුට කෙනෙකු උදව් වශයෙන් සිටිනු. පාපයටද අපරාධයටද ඔබ කෙනෙකුට කෙනෙකු උදව්වට නොසිටිනු. අල්ලාහ්ටම ඔබ බිය වනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන් සිටින්නේය.
حُرِّمَتْ عَلَيْكُمُ ٱلْمَيْتَةُ وَٱلدَّمُ وَلَحْمُ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ وَٱلْمُنْخَنِقَةُ وَٱلْمَوْقُوذَةُ وَٱلْمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسْتَقْسِمُوا۟ بِٱلْأَزْلَٰمِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ ٱلْيَوْمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَٱخْشَوْنِ ۚ ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَٰمَ دِينًۭا ۚ فَمَنِ ٱضْطُرَّ فِى مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍۢ لِّإِثْمٍۢ ۙ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ
(විශ්වාසවන්තයිනි! ඉබේ) මැරුණු, ලේ, ඌරු මස්, අල්ලාහ් නොවන දැයෙහි නම් පවසනු ලැබූ දැය ආදියද, ඛෙල්ල මිරිකා මැරුණු දැයද, පහර වැදී මැරුණු, (ඉහළ සිට) වැටී මිය ගිය දැයද, අං වලින් අනිනු ලැබ මැරුණු, (සිංහ දත්, වීර නියපොතු වලින් යුත් මස් බුදින සතුන් වන සිංහයින්, කොටියන්, දිවියන් වැනි) දඬයම් සතුන් විසින් සපා (මැරුණු) දැයද ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (එහෙත් මෙම සතුන් දඬයම් කරන ලද) ඒවායෙන් (පණ පිටින් සිටින විටදී) නියම අන්දමින් (බිස්මිල්ලාහ් කියා) ඔබ ඛෙල්ල කැපූ (කුර්බාන් කළ) දැය හැර. (එසේ ඛෙල්ල කැපූ දැය ආහාරයට ගත හැකිය. තවද පූජා කිරීම සඳහා) සිටුවන ලද (කුළුණු, කොඩි, පිළිරූ වැනි) දැය සඳහා කැපූ දැයද, දුන්නෙන් විද (නිවිති බලා) පංගු ඛෙදා ගැනීමද (ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය). මේ සියල්ල පාපයන් වන්නේය. අද දින ප්රතික්ෂේප කරන්නන්ට ඔබගේ ධර්මය (විනාශ කර දැමිය හැකිය යන්න) ගැන තිබූ විශ්වාසය බිඳී ගියහ. ඔවුන්ට ඔබ (පොඩියක් හෝ) බිය නොවනු. මටම බිය වනු. මා ඔබට ඔබගේ ධර්මය අද දින පූරණය කර තැබුවෙමි. ඔබ වෙනුවෙන් ඉස්ලාම් ධර්මයද තෝරාගෙන (ඔබට පහළ කර බාර) ගත්තෙමි. කවුරුන් හෝ පාපයක් කිරීමේ අදහසක් නොමැතිව බඩ ගින්නේ දරුණු කම නිසා, බල කරනු ලැබ, (ඉහත සඳහන් තහනම් කරනු ලැබූ දැය අනුභව කර) හැරියහොත් (එය වරදක් වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (බල කරනු ලැබූ ඔහුගේ වැරදිවලට) සමාව ලබා දී, අනුකම්පා කරන්නෙකු වශයෙන් සිටින්නේය.
يَسْـَٔلُونَكَ مَاذَآ أُحِلَّ لَهُمْ ۖ قُلْ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ ۙ وَمَا عَلَّمْتُم مِّنَ ٱلْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ ٱللَّهُ ۖ فَكُلُوا۟ مِمَّآ أَمْسَكْنَ عَلَيْكُمْ وَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهِ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ
(නබියේ! ආහාරයට ගැනීමට) තමන්ට අනුමැතිය දෙනු ලැබූ දැය කුමක්දැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: (පරිශුද්ධ වූ) හොඳ දැයම ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය. තවද අල්ලාහ් ඔබට උගන්වා දී ඇති අන්දමට දඬයම් කරන (බල්ලා, දිවියා වැනි) සතුන්ට හා (රාජාලියා වැනි පක්ෂීන්ටද) ඔබ දඬයම් කිරීමට උගන්වා, ඒවා (දඬයම් කර, තමන් අනුභව නොකර) ඔබ වෙනුවෙන් වළක්වා (තබා ගත්) දැයද -(ඒවා මිය ගියා වුවද)- ඔබට ආහාරයට ගත හැකිය. (එහෙත් දඬයමට මුදා හරින විට, බිස්මිල්ලාහ් යයි) ඒවා කෙරෙහි අල්ලාහ්ගේ නාමය පවසා අත්හැරිය යුතුය. අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ප්රශ්න ගණනය කිරීමෙහි ඉතාමත් තීව්රවන්තයෙකි.
ٱلْيَوْمَ أُحِلَّ لَكُمُ ٱلطَّيِّبَٰتُ ۖ وَطَعَامُ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ حِلٌّۭ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّۭ لَّهُمْ ۖ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلْمُؤْمِنَٰتِ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَٰفِحِينَ وَلَا مُتَّخِذِىٓ أَخْدَانٍۢ ۗ وَمَن يَكْفُرْ بِٱلْإِيمَٰنِ فَقَدْ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِى ٱلْءَاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ
(විශ්වාසවන්තයිනි!) අද පටන් (අනුභව කිරීමට) පරිශුද්ධ වූ දැයම ඔබට අනුමත කර ඇත්තේය. ධර්මය හිමි අයගේ ආහාරයද ඔබට අනුමත දැයයි! ඔබගේ ආහාරයද ඔවුන්ට අනුමත දැයයි! විශ්වාසය තැබූ කුළ කාන්තාවන්ද, ඔබට පෙර ධර්මය ලබා දෙන ලද කුළ කාන්තාවන්ද, වශ්යාවන් වශයෙන් හෝ අනියම් බිරියන් වශයෙන් හෝ අත්කර නොගෙන, ඔවුන්ට දිය යුතු මහර්ද ලබා දී (විවාහ කර) ගැනීම (ඔබට අනුමතය). තවද කවුරුන් විශ්වාසය තැබීමෙන් අනතුරුව (මේවා) ප්රතික්ෂේප කරන්නේද, ඔහුගේ (හොඳ) ක්රියාවන් නියත වශයෙන්ම විනාශ වී යනු ඇත. පරලොවදී නම්, ඔහු (සම්පූර්ණයෙන්ම) පරාජිතවූවෙකු වශයෙන්ම සිටිනු ඇත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قُمْتُمْ إِلَى ٱلصَّلَوٰةِ فَٱغْسِلُوا۟ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى ٱلْمَرَافِقِ وَٱمْسَحُوا۟ بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى ٱلْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًۭا فَٱطَّهَّرُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ ٱللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍۢ وَلَٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
විශ්වාසවන්තයිනි! ඔබ සලාත් කිරීමට ගියහොත් (ඊට පෙර) ඔබගේ මුහුණුද, වැළමිට දක්වා ඔබගේ දෑත්ද සෝදා ගනු. (අත් ජලයෙන් තෙමා) ඔබගේ හිස (පිස දමා) මෂ්හු කර ගනු. තවද වළලූකර දක්වා ඔබගේ දෙපාද (සොදා ගනු). ඔබ කිළ්ලට හසු වූවන් වශයෙන් සිටියහොත් (අත් පා සෝදා ගැනීම පමණක් ප්රමාණවත් නොවේ. ශරීරය පුරාම සෝදා) පිරිසිදු කර ගනු. තවද ඔබ රෝගියෙකු වශයෙන් සිටියහොත් හෝ නැතහොත් (ගමනෙහි යෙදෙන) සංචාරකයෙකු වශයෙන් සිටියහොත් හෝ නැතහොත් ඔබගෙන් කවුරුන් හෝ මළජල පහ කිරීමට ගොස් පැමිණ සිටියහොත් හෝ නැතහොත් ඔබ කාන්තාවන්ට ළං වී (එක්කාසු වී) සිටියහොත් හෝ (සලාතයට යුතු වේලාව ළඟා වුවහොත්, ඔබව පිරිසිදු කර ගැනීමට අවශ්ය) ජලය ඔබ නොලදහොත් හෝ පිරිසිදු වැළි (ඔබගේ අත් වලින් ස්පර්ශ කර, එ)මගින් ඔබගේ මුහුණුද, අත්ද පිස දමා තයම්මම් කර ගනු. ඔබට අමාරුකමක් ඇති කිරීමට අල්ලාහ් අදහස් කරන්නේ නැත. එහෙත් ඔහු ඔබව පිරිසිදු කර තැබීමටද, තම වරප්රසාදයන් ඔබ කෙරෙහි පූරණය කර, තැබීමටම කැමති වන්නේය. (මේ සඳහා) ඔබ ඔහුට කෘතඥ වනු මැනව!
وَٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ وَمِيثَٰقَهُ ٱلَّذِى وَاثَقَكُم بِهِۦٓ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
(යුදෙව්වනි!) ඔබ කෙරෙහි වූ අල්ලාහ්ගේ දයාවද, ඔහු (ඔබ වෙත)පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී, එය ඔබ ස්ථීර කර “අපි සවන් දුන්නෙමු; අපි (ඔබට) අවනත වුනෙමු” යයි ඔබගේ පැවසීමද, මතක් කරගෙන අල්ලාහ්ට බිය වනු. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ) හෘදයන්හි ඇති දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ لِلَّهِ شُهَدَآءَ بِٱلْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ عَلَىٰٓ أَلَّا تَعْدِلُوا۟ ۚ ٱعْدِلُوا۟ هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
විශ්වාසවන්තයිනි! නීතිය අකුරටම පිළිපැදීමෙන් අල්ලාහ් වෙනුවෙන් ස්ථීර වූ සාක්ෂියක් වශයෙන් සිටිනු. ජනතාවගෙන් එක් පාර්ශවයක් කෙරෙහි (ඔබ තුළ) ඇති ජාතිවාදීභාවය (ඔවුන්ට) අපරාධ කරන ලෙසට ඔබව නොපොළඹවා සිටීමටද, (කොපමණ ක්රෝධයක් තිබුණා වුවද) ඔබ නීතියම ක්රියාත්මක කරනු. එයම පරිශුද්ධභාවයට ඉතාමත් සමීපව ඇත්තේය. (කුමන අවස්ථාවන්හි වුවද) ඔබ අල්ලාහ්ටම බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ۙ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌ عَظِيمٌۭ
කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාස කර, දැහැමි ක්රියාවන් කරනනෝද, ඔවුන්ට (පව්) ක්ෂමාවද, ඉමහත් වූ (හොඳ) ඵලවිපාකද (දෙන බවට) අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය.
وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ
කවුරුන් අපගේ ආයාවන් බොරු කර, ප්රතික්ෂේප කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
විශ්වාසවන්තයිනි! ජනතාවගෙන් එක් පාර්ශවයක් ඔබට විපතක් කිරීමට තීරණය කර, තමන්ගේ අත් ඔබ වෙත දිගු කළ අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔබ වෙතින් වළක්වා අල්ලාහ් ඔබට ලබා දුන් දයාව ඔබ මෙනෙහි කර බලනු. එබැවින් අල්ලාහ්ටම බිය වනු. තවද විශ්වාසවන්තයින් (සියල්ලන්ම) අල්ලාහ් (එක් කෙනෙකු) මතම විශ්වාසය තැබිය යුතුය.
۞ وَلَقَدْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَبَعَثْنَا مِنْهُمُ ٱثْنَىْ عَشَرَ نَقِيبًۭا ۖ وَقَالَ ٱللَّهُ إِنِّى مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيْتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِى وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
ඉස්රායීල පරම්පරාවේ දරුවන් වෙත අල්ලාහ් ඇත්තෙන්ම පොරොන්දු ලබා ඇත්තේය. තවද ඔවුන් වෙතින්ම ප්රධානීන් ෙදාළොස් දෙනෙකු අපි යවා ඇත්තෙමු. (එසේම පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට) “නියත වශයෙන්ම මා ඔබ සමගම සිටින්නෙමි. ඔබ සලාතය (නොවරදවා) නොකඩවා ඉටු කර, සකාත්ද ගෙවා, මගේ දූතයින්ව විශ්වාස කර, ඔවුන්ට උදව්ද දී, (අමාරුකමෙහි සිටින අයට) අල්ලාහ් වෙනුවෙන් අලංකාරවත් අන්දමට ණය දුන්නහොත් නියත වශයෙන්ම මා (මේවා) ඔබගේ පාපයන්ට ප්රතිකාරයක් බවට පත් කර, සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හිද ඔබව ඇතුළු වන්නට සලස්වන්නෙමු. එබැවින් ඔබගෙන් කවුරුන් හෝ මින් පසුවද ප්රතික්ෂේප කරන්නෙකු බවට පත් වුවහොත්, නියත වශයෙන්ම ඔහු ඍජු මාර්ගයෙන් වැරද ගියේය” යයි අල්ලාහ් පැවසුවේය.
فَبِمَا نَقْضِهِم مِّيثَٰقَهُمْ لَعَنَّٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَٰسِيَةًۭ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍۢ مِّنْهُمْ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ
ඔවුන් තමන්ගේ පොරොන්දු වලට වෙනස්කම් කිරීමේ හේතුවෙන් අපි ඔවුන්ට ශාප කර, ඔවුන්ගේ හෘදයන් ඝන වීමට සැලැස්සුවෙමු. (එබැවින්) ඔවුන් (තමන්ගේ) ධර්ම ආයාවන්, ඒවායේ (සත්ය) අර්ථයන්ගෙන් වෙනතකට පෙරලා දමන්නාහ. තවද (අපගේ මෙම නබිවරයා ගැන) එහි (ඔහුට) මතක් කරනු ලැබ තිබූ කොටසද අමතක කර දැමූහ. එබැවින් (නබියේ!) ඔවුන්ගෙන් සමහරෙකු හැර, ඔවුන්ගෙන් (වැඩි දෙනෙකුගේ) වංචාව (ගැන වූ පුවත) ඔබට (නැවත නැවතත්) නොවරදවා ආරංචි වනු ඇත. එබැවින් මොවුන්ව ඔබ ක්ෂමා කර, ප්රතික්ෂේප කර දමනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි දැය කරන්නන්ව ප්රිය කරන්නේය.
وَمِنَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَٰرَىٰٓ أَخَذْنَا مِيثَٰقَهُمْ فَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ فَأَغْرَيْنَا بَيْنَهُمُ ٱلْعَدَاوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُوا۟ يَصْنَعُونَ
තවද කවුරුන් තමන්ව “ඇත්තෙන්ම අපි ක්රිස්තියානුවන්” යයි පවසන්නෝද, ඔවුන් වෙතද (මෙසේම) අපි පොරොන්දු ලබා ඇත්තෙමු. එහෙත් ඔවුන්ද (මෙම නබිවරයා ගැන තමන්ගේ ධර්මයෙහි) තමන්ට කියනු ලැබ තිබූ කොටස අමතක කර දැමූහ. එබැවින් ඔවුන් තුළ වෛරයද, ක්රෝධයද විනිශ්චය දින දක්වා (පහ නොවී සිටින සේ) පටලවා හැරියෙමු. (මෙලොවදී) ඔවුන් කුමක් කරමින් සිටියෝදැයි යන්න (පරලොවදී) අල්ලාහ් ඔවුන්ට ගෙනහැර දක්වනු ඇත.
يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًۭا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ ٱلْكِتَٰبِ وَيَعْفُوا۟ عَن كَثِيرٍۢ ۚ قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌۭ وَكِتَٰبٌۭ مُّبِينٌۭ
ධර්මය හිමි අයවළුනි! ඔබ වෙත ඇත්තෙන්ම අපගේ එක් දුතයෙකු පැමිණ ඇත්තේය. ධර්මයෙහි ඔබ සඟවා ගත් බොහොමයක් කාරණා ඔහු ඔබට පැහැදිලිව ගෙනහැර දක්වන්නේය. තවත් (ධර්මයන් ගැන ඔබ ගෙන ඇති වැරදි අදහස්) බොහොමයක් පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙන් ඉමහත් වූ ආලෝකයද පැහැදිලිභාවයද ඇති එක් ධර්මයක් (දැන්) ඔබ වෙත පැමිණ ඇත්තේය.
يَهْدِى بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضْوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَٰمِ وَيُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِهِۦ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ
(ඔබගෙන්) කවුරුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස අනුගමනය කරන්නෝද, ඔවුන්ව එමගින් අල්ලාහ් සමාදානයට අයත් මාර්ගයෙහි ඇතුළු කරන්නේය. තවද (ඝන) අන්ධකාරයෙන්ද ඔවුන්ව පිටතට ගෙන තම දයාව මගින් දීප්තිය දෙසට ගෙන හරින්නේය. තවද ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු වීමටද සලස්වන්නේය.
لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ أَن يُهْلِكَ ٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ۗ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
කවුරුන් මර්යම්ගේ පුත් මසීහ්ව අල්ලාහ්ම යයි පවසන්නෝද, ඔවුන් නියත වශයෙන්ම (සත්යය) ප්රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටින්නාහ. (එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: “මර්යම්ගේ පුත් මසීහ්වද, ඔහුගේ මවවද, භූමියෙහි සිටින (අනිත්) සියල්ලන්වම අල්ලාහ් විනාශ කර දමන්නට අදහස් කළහොත් (ඔහුව වැළැක්වීමට) කවුරුන් නම් පොඩියක් හෝ ශක්තියක් ලබන්නෙහුද? (මන්දයත්) අහස්ද, භූමියද, ඒ අතර ඇති දැයෙහිද රාජ්යය අල්ලාහ්ටම අයත්ය! ඔහු කැමති දැය උත්පාදනය කරන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහිම ඉමහත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
وَقَالَتِ ٱلْيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحْنُ أَبْنَٰٓؤُا۟ ٱللَّهِ وَأَحِبَّٰٓؤُهُۥ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌۭ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ
යුදෙව්වන්ද, ක්රිස්තියානුවන්ද “අපි අල්ලාහ්ගේ පුත්රයන් වශයෙන්ද, ඔහු විසින් ආදරය කරනු ලැබූවන් වශයෙන්ද සිටින්නෙමු” යයි පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “එසේ නම්, ඔබගේ වැරදි වලට ඔහු ඔබව කුමක් නිසා (වරින් වර දඬුවම් කිරීමේ ආකාරයට) වේදනා කරන්නෙහිද? (සත්යය) එසේ නොව. ඔබත් ඔහු උත්පාදනය කළ (අනිත්) මිනිසුන් (මෙන්) වන්නේය. (ඔබ ඔහුට ඉපදුනු පුත්රයන් නොව. එබැවින් ඔබගෙන්ද) ඔහු කැමති අයව ක්ෂමා කරන්නේය. ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය” (මන්දයත්) අහස්හිද භූමියෙහිද, මේවා මධ්යයේ ඇති දැයෙහිද රාජ්යය අල්ලාහ්ටම අයත්ය! ඔහු වෙතම (සියල්ලන්ම) යා යුතුව ඇත්තේය.
يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍۢ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُوا۟ مَا جَآءَنَا مِنۢ بَشِيرٍۢ وَلَا نَذِيرٍۢ ۖ فَقَدْ جَآءَكُم بَشِيرٌۭ وَنَذِيرٌۭ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
ධර්මය හිමි අයවළුනි! (ඊසාගෙන් පසුව මේ දක්වා) දූතයින් නොපැමිණෙමින් වැළකී සිටි කාලයෙහි “ශුභාරංචි දීමටද, බිය ගන්වා අනතුරු ඇඟවීමටද හැකි (එක් දූතයෙකු) අප වෙත පැමිණියේ නැත නොවේද!”යි ඔබ (ෙදාස්) නොනගා සිටීම පිණිස, (ධර්ම නියෝගයන්) ඔබට පැහැදිලිව දැනුම් දිය හැකි අපගේ (මෙම) දූතයා නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. ඔහු බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද, ශුභාරංචි දෙන්නෙකු වශයෙන්ද ඔබ වෙත පැමිණ ඇත්තේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكًۭا وَءَاتَىٰكُم مَّا لَمْ يُؤْتِ أَحَدًۭا مِّنَ ٱلْعَٰلَمِينَ
තවද මූසා තම ජනතාවට “මගේ ජනතාවෙනි! ඔබ කෙරෙහි අල්ලාහ් පහළ කර ඇති වරප්රසාදයන් ගැන ඔබ සිතා බලනු. ඔහු ඔබ තුළ (මූසා, හාරූන් වැනි) නබිවරුන්ව නිර්මාණය කර (ඊජිප්තු ජාතිකයින් වෙත වහලූන් වශයෙන් සිටි) ඔබව රජවරුන් වශයෙන්ද පත් කර, සකල ලෝකයෙහිම වෙන කිසිවෙකුටත් ලබා නොදුන් (පුදුමාකාර දැය වන මුහුද ඛෙදා ඒ අතරින් යාමට සැලැස්වීම, මන්නු, සල්වා නමැති ආහාර ලබා දීම, වැනි) දැයද ඔබට ලබා දී ඇත්තේය” (යයි පැවසීම නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු.
Page 1 of 6 (120 ayahs)