Loading surah...
Back to Sinhala Quran
165 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَ ۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ
සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයිතිය! ඔහුම අහස්ද, භූමියද උත්පාදනය කළේය. අන්ධකාරයන්ද, දීප්තිමත් ආලෝකයන්ද ඇති කළේද ඔහුය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් (අල්ලාහ් වන) තමන්ගේ දෙවියන්ට (බොරු දෙවිවරුන්ව) සම කරන්නාහ.
هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن طِينٍۢ ثُمَّ قَضَىٰٓ أَجَلًۭا ۖ وَأَجَلٌۭ مُّسَمًّى عِندَهُۥ ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ
ඔහුම ඔබව කිරිමැටියෙන් උත්පාදනය කර, (ඔබට හිමි) ජීවිත කාලයද (සඳහන් කර), මනක්කල්පිත කළ තැනැත්තාය. ඔහු වෙත (ඔබගේ විනිශ්චය සඳහාද) එක් නියමිත කාලයක් ඇත. එහෙත් ඔබ (ඔහුගේ දේවත්වය) සැක කරන්නෙහුය.
وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَفِى ٱلْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ
අහස්හිද භූමියෙහිද, (නැමදුමට හිමි තැනැත්තා) ඔහුය. ඔහු ඔබගේ රහස්ද, ඔබගේ එළිදරව් දැයද හොඳින් දන්නේය. (හොඳ හෝ නරක හෝ කර), ඔබ සොයා ගන්නා සියල්ලද හොඳින් දන්නේය.
وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ
(මෙසේ තිබියදී ප්‍රතික්ෂේප කරන්නන් නම්), තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ගෙන් කුමක් ඔවුන් වෙත පැමිණියද, එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත.
فَقَدْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
නමුත් ඔවුන් වෙත පැමිණ තිඛෙන මෙම සත්‍ය (ධර්මය)ද ඔවුන් බොරු කරන්නාහ. එහෙත් මෙම කාරණාවන් ගැන (ඒවා බොරු දැය යයි) ඔවුන් සමච්චල් කරමින් සිටින්නේද, ඒවා (ඇත්තෙන්ම) ඔවුන් වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය.
أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا ٱلسَّمَآءَ عَلَيْهِم مِّدْرَارًۭا وَجَعَلْنَا ٱلْأَنْهَٰرَ تَجْرِى مِن تَحْتِهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ
ඔවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු යන්න ඔවුන් දුටුවේ නැද්ද? භූමියෙහි ඔබට අපි කර නොදුන් සැප පහසුකම් ඔවුන්ට අපි කර දී ඇත්තෙමු. අහස්හි සිට ඔවුන් වෙනුවෙන් ඝන වර්ෂාව වසින්නට සලස්වා, ඔහුගේ (පාලනය) යටතේ දිය දහරාද සදාකල් ගලා බසිමින් සිටින සේ සැලැස්සුවෙමු. (එහෙත් ඔවුන් පාපයෙහිම ගැලී ගියහ). එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව විනාශ කර දැමුවෙමු. ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයක් උත්පාදනය කළෙමු.
وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَٰبًۭا فِى قِرْطَاسٍۢ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ
කඩදාසියෙහි ලියන ලද ධර්මයක්ම අපි ඔබ කෙරෙහි පහළ කර, එය ඔවුන් තමන්ගේ අත්වලින් ස්පර්ශ කර බලා තිබුණද “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයිම නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසා ඇත්තාහ.
وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ مَلَكٌۭ ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًۭا لَّقُضِىَ ٱلْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ
තවද (‘මොහු සත්‍ය දූතයෙකි’ යයි සාක්ෂි දරන්නට) ‘එක් මලායිකාවරයෙකු යැවිය යුතු නොවේද?’යි ඔවුන් පැවසූහ. (ඔවුන් කැමති වන අන්දමටම) අපි එක් මලායිකාවරයෙකු යවා තිබුනේ නම්, (ඔවුන්ගේ) කාරණාව අවසන් වී තිඛෙන්නට ඉඩ තිබුණි! පසුව (එහි) ඔවුන්ට කිසිම කාල අවකාශයක්ද නොලැඛෙන්නට ඉඩ තිබුණි. (එවෙලේම ඔවුන් විනාශ වී යන්නට ඉඩ තිබුණි).
وَلَوْ جَعَلْنَٰهُ مَلَكًۭا لَّجَعَلْنَٰهُ رَجُلًۭا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ
(නැතහොත් අපගේ) දූතයාව මලායිකාවරයෙකු වශයෙන්ම යැවුවා වුවද, (ඔවුන්ට, ඔවුන්ව දකින්නට ඇති ශක්තියක් නොමැති බැවින්) ඔහුවත් එක් මිනිසෙකුගේ හැඩරුවෙන්ම යවන්නෙමු. (ඒ අවස්ථාවේදීද) දැන් ඇති සැකයම ඔවුන්ට අපි ඇති කළ අයෙකුම වන්නෙමු.
وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
(නබියේ!) ඔබට පෙර පැමිණි (අපගේ අනිත්) දූතයින්ද, නියත වශයෙන්ම (මේ අන්දමටම) සමච්චලයට ලක් කරනු ලැබූහ. අවසානයේදී ඔවුන් (කුමන දඬුවමක් ගැන) සමච්චල් කරමින් සිටියෝද, එය ඔවුන්ව වට කර ගත්හ.
قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ ثُمَّ ٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ
(නබියේ! ඔබ ඔවුන්ට) “ඔබ භූමියෙහි ඒ මේ අත මං මුළා වී ඇවිද, (ඔබ මෙන්) බොරු කරමින් සිටි අයගේ අවසානය කුමක් වූයේදැයි ඔබ අවධානය කර බලනු” යයි පවසනු (මැනව!)
قُل لِّمَن مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ۚ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
(තවද) “අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල කවුරුන් හට අයිතිද?”යි ඔබ (ඔවුන්ගෙන්) විමසනු. (මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට “මේ සියල්ල) අල්ලාහ්ටම අයත්ය!” යයි පවසනු මැනව! ඔහු කරුණාව තමන් කෙරෙහි අනිවාර්යය කරගෙන සිටින්නේය. (එබැවින් ඔබගේ වැරැද්දට මෙතෙක් ඔබට දඬුවම් නොදී සිටින්නේය. එහෙත්) නියත වශයෙන්ම ඔබ සියල්ල විනිශ්චය දිනදී ඒකරාශී කරනු ඇත. එහි කිසිම සැකයක් නැත. ඔවුන් (සත්‍යය ප්‍රතික්ෂේප කර) තමන්ට තමන්ම පාඩුව ඇති කර ගත්තෝද, ඔවුන් (මෙය) විශ්වාස කරන්නේම නැත.
۞ وَلَهُۥ مَا سَكَنَ فِى ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
(අහස්හිද, භූමියෙහිද), රාත්‍රියෙහිද, දහවලෙහිද, ජීවත් වන සියල්ල ඔහුට අයිති දැයයි! ඔහු සවන් දෙන්නෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
قُلْ أَغَيْرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيًّۭا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ
(නබියේ!) ඔබ මෙසේ කියනු: අහස්ද, භූමියද උත්පාදනය කළ අල්ලාහ් මිස, (අන් කිසිවක් මාව) ආරක්ෂා කරන්නෙකු වශයෙන් මා ඇර ගන්නෙමිද? ඔහුම (අපට) ආහාර ලබා දෙන්නේය. ඔහුට ආහාර දෙනු ලබන්නේ නැත”. (තවද) ඔබ මෙසේ පවසනු: “සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූවන්ගෙන් පළමුවැන්නා වශයෙන් මා සිටින්නෙකු බවටද, ‘(දෙවියන්ට) සමානයන් තබා නමදින්නන්ගෙන් (ඔබත් කෙනෙකු බවට) පත් නොවනු (මැනව!)’ යයිද මා හට අණ කරනු ලැබ ඇත්තෙමි”.
قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ
(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු (මැනව!): “මගේ දෙවියන්ට මා වෙනස්කම් කළහොත් ඉමහත් වූ දින දඬුවම වෙනුවෙන් මා බිය වන්නෙමි”
مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمَهُۥ ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْمُبِينُ
“එදින කවුරුන්ගේ දඬුවම වළක්වනු ලබන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ් දයාව පහළ කරම හැරියේය. මෙය පැහැදිලි ජයග්‍රහණයකි”.
وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍۢ فَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
(නබියේ!) අල්ලාහ් ඔබට යම්කිසි විපතක් කළහොත් එය පහ කරන්නෙකු ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත. (එසේම) ඔබට යම්කිසි යහපතක් සිදු වන්නේ නම්, (එය වළක්වා හැරිය හැකි කෙනෙකු කිසිවෙකුත් නැත). ඔහු සියලූ දැය කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.
وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ
ඔහු තම වහලූන් යටහත් කර පාලනය කරන්නේය. තවද ඔහු ඉතාමත් ඥානවන්තයෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَٰدَةًۭ ۖ قُلِ ٱللَّهُ ۖ شَهِيدٌۢ بَيْنِى وَبَيْنَكُمْ ۚ وَأُوحِىَ إِلَىَّ هَٰذَا ٱلْقُرْءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخْرَىٰ ۚ قُل لَّآ أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌۭ وَٰحِدٌۭ وَإِنَّنِى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ
(නබියේ!) “සාක්ෂිවලින් ඉතාමත් ලොකු කුමක්ද?”යි ඔබ (ඔවුන්ගෙන්) විමසනු. (ඔවුන්ට කුමක් නම් කිව හැකිද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම (අති විශාලය. ඔහුම) මටත් ඔබටත් අතරේ සාක්ෂි වශයෙන්ද සිටින්නේය. මෙම කුර්ආනය මගින් ඔබටද (එය) අත් කර ගත් අයටද, මා බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ම මෙය මට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය” (යයි පවසා) “නියත වශයෙන්ම නැමදුමට හිමි වෙනත් කෙනෙකු අල්ලාහ් සමග සිටින්නේය යයි (ඇත්තෙන්ම) ඔබ ස්ථීර වශයෙන් කියන්නෙහුද?” යයිද (ඔවුන්ගෙන්) ඔබ විමසනු. (මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? “එසේ) මා සාක්ෂි දරන්නේ නැත!” යයි ඔබ පවසා, ‘නියත වශයෙන්ම නැමදුමට හිමි තැනැත්තා ඔහු පමණි. (ඔහුට) ඔබ සමානයන් තැබීමෙන් මා ඈත් වූවෙකි” යයිද පවසනු මැනව!
ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمُ ۘ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
කවුරුන් හෝ තමන්ගේ දරුවන්ව (සැකයෙන් තොරව) දැන ගන්නාක් මෙන් ධර්මය දෙනු ලැබූවන් (කුර්ආනය වන) මෙයද (‘මෙය දෙවියන්ගේ ධර්මයක්ම’ යයි) හොඳින් දැන ගන්නාහ. (එහෙත් ඔවුන්ගෙන්) කවුරුන් (මෙය සඟවා) තමන්ට තමන්ම පාඩුවක් ඇති කර ගත්තෝද, ඔවුන් (මෙම ධර්මයද, අපගේ දූතයා වන මොහුවද) විශ්වාස කරන්නේ නැත.
Page 1 of 9 (165 ayahs)