Loading surah...
Back to Sinhala Quran
96 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ
(යුග අවසානය නමැති) අති විශාල සිද්ධිය සිදු වුවහොත්-
لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
එම සිද්ධිය බොරු කරන්නන් කිසිවෙකුත් නැත.
خَافِضَةٌۭ رَّافِعَةٌ
එය (බොහොමයකගේ තත්වය) පහත හෙලා දමනු ඇත. (බොහොමයකගේ තත්වය) උසස් කර හරිනු ඇත.
إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّۭا
ඒ අවස්ථාවේදී ඉතාමත් බලසම්පන්න භූමි කම්පාවක් ඇති වී-
وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّۭا
කඳු (විනාශ වී එකකට එකක් ගැටී) සුණු විසුනු වී දූවිළි අනු බවට පත් වී-
فَكَانَتْ هَبَآءًۭ مُّنۢبَثًّۭا
ඒවා (අහසෙහි) දූවිලි වශයෙන් පාවී යනු ඇත.
وَكُنتُمْ أَزْوَٰجًۭا ثَلَٰثَةًۭ
(එදිනදී) ඔබ කොටස් තුනකට ඛෙදී යන්නෙහුය.
فَأَصْحَٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ
(පළමුව): දකුණු පාර්ශවයේ ඇති අයයි. දකුණු පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? ඔවුන් ඉතාමත් භාග්යවන්තයින්ය).
وَأَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ
(දෙවනුව): වම් පාර්ශවයේ සිටින අයයි. වම් පාර්ශවයේ සිටින මොවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? මොවුන් ඉතාමත් අභාග්යවන්තයින්ය).
وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ
(තුන්වෙනුව): පෙර ඉකුත්ව ගිය අයයි. (මොවුන් දැහැමි කාරණාවන්හි අන් සියල්ලන්ටම වඩා) පෙර ඉකුත්ව ගිය අයයි.
أُو۟لَٰٓئِكَ ٱلْمُقَرَّبُونَ
මොවුන්ම (තමන්ගේ දෙවියන්ට) ඉතාමත් සමීපවූ අයයි.
فِى جَنَّٰتِ ٱلنَّعِيمِ
සුවය ගෙන දෙන ස්වර්ගයන්හි සිටින අයයි.
ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ
(ස්වර්ගයන්හි) පළමු කොටසේ අයගෙන් එක් විශාල සමූහයක්ද,
وَقَلِيلٌۭ مِّنَ ٱلْءَاخِرِينَ
(පෙර ඉකුත්ව ගිය) පසුව සිටින්නන්ගෙන් එක් සුළු ගණනයක්ද සිටින්නාහ.
عَلَىٰ سُرُرٍۢ مَّوْضُونَةٍۢ
(රණ්, දියමන්ති වලින්) නිමාවූ උසස් සිංහාසනයන් මත-
مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَٰبِلِينَ
කෙනෙකුට කෙනෙකු මුහුණ ලා ඒ මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත.
يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ
මේ වෙනුවට ලාබාල තරුණයින් (සේවය කිරීමට සෑම විටම) මොවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ.
بِأَكْوَابٍۢ وَأَبَارِيقَ وَكَأْسٍۢ مِّن مَّعِينٍۢ
: මිහිරි පානයන්ගෙන් පිරි කුසලානයන්ද, කෙණ්ඩිද, බඳුන්ද ඔසවාගෙන (ඔවුන් වටා කැරකෙමින්ම සිටිනු ඇත).
لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ
එමගින් (එම පානයන් පානය කිරීම මගින්) මොවුන්ට හිසරදයද ඇති නොවේ. මොවුන්ගේ සිහි බුද්ධියද වෙනස් නොවේ.
وَفَٰكِهَةٍۢ مِّمَّا يَتَخَيَّرُونَ
මොවුන් (කැමති වී) තෝරා ගන්නා පලතුරු (වර්ගයන්)ද
Page 1 of 5 (96 ayahs)