Loading surah...
Back to Sinhala Quran
24 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින්නාහ. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
هُوَ ٱلَّذِىٓ أَخْرَجَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ مِن دِيَٰرِهِمْ لِأَوَّلِ ٱلْحَشْرِ ۚ مَا ظَنَنتُمْ أَن يَخْرُجُوا۟ ۖ وَظَنُّوٓا۟ أَنَّهُم مَّانِعَتُهُمْ حُصُونُهُم مِّنَ ٱللَّهِ فَأَتَىٰهُمُ ٱللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا۟ ۖ وَقَذَفَ فِى قُلُوبِهِمُ ٱلرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُم بِأَيْدِيهِمْ وَأَيْدِى ٱلْمُؤْمِنِينَ فَٱعْتَبِرُوا۟ يَٰٓأُو۟لِى ٱلْأَبْصَٰرِ
(නබියේ! බනී නලීර් සමූහය වන යුදෙව්) ධර්මය හිමි අයගෙන් කවුරුන් ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව, ඔවුන්ගේ නිවෙස්වලින් පළමු වරට පිටමං කළ කෙනා ඔහුය. ඔවුන් (තමන්ගේ නිවෙස්වලින්) පිට වී යනු ඇතැයි ඔබ අදහස් කළේ නැත. ඔවුන්ද තමන්ගේ බලකොටු (ප්‍රාකාර වලින්) අල්ලාහ්ගෙන් තමන්ව වළක්වා ගනු ඇතැයි ඇත්තෙන්ම අදහස් කරමින් සිටියහ. එහෙත් ඔවුන් බලාපොරොත්තු නැති අන්දමින් අල්ලාහ් ඔවුන් වෙත පැමිණ, ඔවුන්ගේ හෘදයන්හි භීතිය ඇතුළු කර, ඔවුන් තමන්ගේ අත් මගින්ම තමන්ගේ නිවාසයන් විනාශ කර දමන මෙන් සැලැස්වූ අතර, විශ්වාසවන්තයින්ගේ අත් මගින්ද, (ඔවුන්ගේ නිවාසයන් විනාශ කර දැමුවේය. අභ්‍යන්තර) බැල්මක් ඇත්තවුනි! (මෙමගින්) ඔබ වැටහීමක් ලබා ගනු මැනව!
وَلَوْلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيْهِمُ ٱلْجَلَآءَ لَعَذَّبَهُمْ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابُ ٱلنَّارِ
ඔවුන් වෙනුවෙන් අල්ලාහ් රට ගම අත්හැර යාම (පමණක් දැනටමත්) නියම කර නොතිබුනේ නම්, මෙලොවදීම ඔහු, ඔවුන්ව (දරුණු) දඬුවම් දී තිඛෙනු ඇත. තවද පරලොව නිරා දඬුවමම ඔවුන්ව බලාපොරොත්තුවෙන් ඇත්තේය.
ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
මෙහි හේතුව නම්: නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, (ඉතාමත් දැඩි ලෙස) විරුද්ධ වීම යනුවෙනි. (මෙසේ) කවුරුන් අල්ලාහ්ට විරුද්ධ වන්නේද, (ඔහුට) නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දැඩි ලෙස දඬුවම් දෙන්නෙකු වශයෙන් සිටින්නේය.
مَا قَطَعْتُم مِّن لِّينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذْنِ ٱللَّهِ وَلِيُخْزِىَ ٱلْفَٰسِقِينَ
(විශ්වාසවන්තයිනි!) ඔබ (ඔවුන්ගේ) ඉඳි ගස් කපා දැමීමද, නැතහොත් (නොකපා) මුල් පිටින් (තිබියදී) සිටින සේ ඔබ ඒවා අත්හැර දමා තිබීමද, එම පාපතරයින්ව අවමන් ගෙන දීම පිණිස අල්ලාහ්ගේ අනුමැතියට අනුව (සිදු වූ කාරණාවන් වන්නේය).
وَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْهُمْ فَمَآ أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍۢ وَلَا رِكَابٍۢ وَلَٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
ඔවුන්ගෙන් අල්ලාහ් තමන්ගේ දූතයාට (වස්තුව ආයාසයෙන් තොරව) ලබා දීම වෙනුවෙන් (විශ්වාසවන්තයිනි!) ඔබ අශ්වයා පිට නැග හෝ ඔටුවා පිට නැග හෝ (යුද්ධ කර), අමාරුකමක් වින්ඳේ නැත. එහෙත් අල්ලාහ් තමන් කැමති අය කෙරෙහි තමන්ගේ දූතයින්ට ආධිපත්‍යය ලබා දෙන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉමහත් බලසම්පන්නයෙකි.
مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْ أَهْلِ ٱلْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ كَىْ لَا يَكُونَ دُولَةًۢ بَيْنَ ٱلْأَغْنِيَآءِ مِنكُمْ ۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمْ عَنْهُ فَٱنتَهُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
එම රටේ මිනිසුන් වෙත තිබුණු දැයෙන් අල්ලාහ් තමන්ගේ දූතයින්ට දුන් දැය, අල්ලාහ්ටද, (ඔහුගේ) දූතයාටද, (ඔහුගේ) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, මැගියන්ටද උරුම දැය වන්නේය. වස්තූන් ඔබගෙන් වූ ධනපතියන් අතරේ පමණක්ම කැරකෙමින් නොතිබී, - (අන් අයටද ලැඛෙණු පිණිස, මෙසේ වස්තූන් ඛෙදා දෙන මෙන් නියෝග කරන්නේය). එබැවින් (අපගේ) දූතයින් ඔබට ලබා දුන් දැය ඔබ (හිත සතුටින්) ඇර ගනු. ඔහු කුමක් ඔබට වළක්වා ගත්තේද, එයින් ඔබ ඈත්වනු. (මෙම කාරණාවෙහි) ඔබ අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණු කෙනෙකි.
لِلْفُقَرَآءِ ٱلْمُهَٰجِرِينَ ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَٰرِهِمْ وَأَمْوَٰلِهِمْ يَبْتَغُونَ فَضْلًۭا مِّنَ ٱللَّهِ وَرِضْوَٰنًۭا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ
තමන්ගේ නිවෙස්වලින්ද, තමන්ගේ වස්තූන්වලින්ද, (අසාධාරණයේ) පිටමං කරනු ලැබ, (මක්කාවේ සිට) හිජ්රත් කර පැමිණි (මුහාජිර්වරුන්ගෙන් වූ) දුප්පතුන්ටද, (එයින් කොටසක් ඇත). ඔවුන් අල්ලාහ්ගේ වරප්රසාදයන්ද, (ඔහුගේ) ශුද්ධ වූ සොම්නසද අත්කර ගැනීමේ අදහසින් (තමන්ගේ පණද, වස්තුවද පරිත්‍යාග කර) අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද, උදව් කරමින් සිටින්නාහ. මොවුන්ම සාදිකූන් (නමැති සත්‍ය විශ්වාසවන්තයින්ය).
وَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلْإِيمَٰنَ مِن قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِى صُدُورِهِمْ حَاجَةًۭ مِّمَّآ أُوتُوا۟ وَيُؤْثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌۭ ۚ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
තවද (මදීනාවෙහි ඇති) කවුරුන් (මදීනාව තමන්ගේ) රට වශයෙන්- (මක්කාවෙහි සිට පැමිණි මුහාජිර්වරුන් වන) ඔවුන්ට කළින්ම-ගෙන, විශ්වාසය තබා සිටියෝද ඔවුන්ටද, (එහි කොටසක් ඇත). මොවුන් හිජ්රත් කර, තමන් වෙත පැමිණෙන අයව ආදරයෙන් යුතුව ප්‍රිය කරන අතර (තමන්ට නොදී, හිජ්රත් කරමින් පැමිණෙන) ඔවුන්ට (පමණක්) දෙනු ලැබීම ගැනද, තම සිත් තුළ අඩුපාඩුවක් වශයෙන් දකින්නේ නැත. තවද තමන්ට දිළිඳුකම අත් වූවද, තමන්ට වඩා ඔවුන්ටම (දෙනු ලැබීම) තෝරා ගනු ලබන්නාහ. මෙසේ කවුරුන් තන්හාවෙන් තමන්ව ආරක්ෂා කර ගන්නෝද, එවැන්නන්ම ජයග්‍රහණය අත් කර ගත් අයයි.
وَٱلَّذِينَ جَآءُو مِنۢ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا ٱغْفِرْ لَنَا وَلِإِخْوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلْإِيمَٰنِ وَلَا تَجْعَلْ فِى قُلُوبِنَا غِلًّۭا لِّلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَآ إِنَّكَ رَءُوفٌۭ رَّحِيمٌ
කවුරුන් (මුහාජිර්වරුන් වන) මොවුන්ගෙන් පසු (මදීනාවට) පැමිණෙන්නෝද, ඔවුන්ටද (එහි කොටසක් ඇත). මොවුන් “අපගේ දෙවියනේ! අපවද, අපට පෙර විශ්වාසය තැබූ අපගේ සහෝදරයින්වද, ඔබ ක්ෂමා කර හරිනු මැනව! විශ්වාසය තැබූවන් ගැන අපගේ හෘදයන්හි ක්‍රෝධය ඇති නොකරනු මැනව! අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ ඉතාමත් කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය!” යයි ප්‍රාර්ථනා කරමින්ම සිටින්නාහ.
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُوا۟ يَقُولُونَ لِإِخْوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًۭا وَإِن قُوتِلْتُمْ لَنَنصُرَنَّكُمْ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَٰذِبُونَ
(නබියේ! මෙම) වංචනිකයින්ව ඔබ අවධානය නොකළෙහිද? ඔවුන් ධර්මය හිමි අයගෙන් වූ ප්‍රතික්ෂේප කරන තම සහෝදරයින්ට “ඔබ (ඔබගේ නිවසින්) පිටමං කර හැරියහොත් අපිත් ඔබ සමග පිටමං කර හරින්නෙමු. ඔබගේ කාරණාවෙහි (ඔබට විරුද්ධව) අපි කිසිවෙකුටත් කිසි කලෙක අවනත වන්නේ නැත. (කිසිවෙකුත්) ඔබට විරුද්ධව යුද්ධ කළහොත් නියත වශයෙන්ම අපි ඔබට උදව් කරන්නෙමු” යයිද පවසන්නාහ. නමුත් ඔවුන් ඇත්තෙන්ම බොරුකාරයින් යයි අල්ලාහ් සාක්ෂි දරන්නේය.
لَئِنْ أُخْرِجُوا۟ لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِن قُوتِلُوا۟ لَا يَنصُرُونَهُمْ وَلَئِن نَّصَرُوهُمْ لَيُوَلُّنَّ ٱلْأَدْبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ
(මන්දයත්) ඔවුන් (තම නිවෙස්වලින්) පිටමං කරනු ලැබුවහොත් මොවුන් ඔවුන් සමග පිටමං වී නොයනු ලබන්නාහ. ඔවුන්ට විරුද්ධව (කවුරුන් හෝ) යුද්ධ කළහොත් ඔවුන්ට උදව් කිරීමට මොවුන් (ඉදිරියට) නොඑන්නාහ. ඔවුන්ට මොවුන් උදව් කිරීමට (ඉදිරිපත්) වුවද, නියත වශයෙන්ම පිටුපස හරවා දුවන්නාහ. පසුව (කිසිවෙකුත්) ඔවුන්ට කිසිම උදව්වක් කරනු නොලබන්නාහ.
لَأَنتُمْ أَشَدُّ رَهْبَةًۭ فِى صُدُورِهِم مِّنَ ٱللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ
ඔවුන්ගේ හෘදයන්හි ඔබ ගැන වූ බිය අල්ලාහ් (ගැන වූ) බියට වඩා අධික වශයෙන්ම ඇත්තේය! ඇත්තෙන්ම ඔවුන් දැන ගත නොහැකි ජනයා යන්නම මෙයට හේතුව වන්නේය.
لَا يُقَٰتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِى قُرًۭى مُّحَصَّنَةٍ أَوْ مِن وَرَآءِ جُدُرٍۭ ۚ بَأْسُهُم بَيْنَهُمْ شَدِيدٌۭ ۚ تَحْسَبُهُمْ جَمِيعًۭا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْقِلُونَ
ඔවුන් කිසිවෙකුත් (ඒකරාහී වූවා වුවද), ශක්තිමත් බල කොටුවක් තුළ හෝ නැතහොත් බැම්මකට ඈතින් හෝ මිස (මුහුණට මුහුණ ලා) ඔබ සමග යුද්ධ නොකරන්නාහ. ඔවුන් තුළම ඉමහත් (විරුද්ධකම්ද) සණ්ඩුසරුවල්ද ඇත්තේය. ඔවුන් සියල්ලන්ම එක්කාසු වී සිටින බවට ඔබ අදහස් කරන්නෙහිය. (නැත). ඔවුන්ගේ හෘදයන් භේද බින්න වී ඇත්තේය. ඇත්තෙන්ම ඔවුන් බුද්ධියක් නැති ජනයා යන්නම මෙයට අයත් හේතුව වන්නේය.
كَمَثَلِ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَرِيبًۭا ۖ ذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ
(මොවුන්ට උපමාව නම්): මොවුන්ට ටික කලකට පෙර තමන්ගේ ක්‍රියාවන්ට සරිලන නපුරු ඵලවිපාක (බද්රු යුද්ධයේදී) විඳි අයගේ උපමාවට සම වන්නේය. (පරලොවදී) මොවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
كَمَثَلِ ٱلشَّيْطَٰنِ إِذْ قَالَ لِلْإِنسَٰنِ ٱكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّى بَرِىٓءٌۭ مِّنكَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَٰلَمِينَ
(තවත් මොවුන්ගේ උපමාව නම්): එක් ෂෙයිතාන් කෙනෙකුගේ උපමාවට සම වන්නේය. ඔහු මිනිසාට “ඔබ (අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද) ප්‍රතික්ෂේප කර දමනු” යයි පැවසුවේය. එසේම ඔහුද ප්‍රතික්ෂේප කර දැමුවේය. (පසුව ෂෙයිතාන් ඔහුට) “නියත වශයෙන්ම මා ඔබගෙන් ඈත් වූවෙමි. මන්දයත් ලෝකයන්හි දෙවියන් වන අල්ලාහ්ට ඇත්තෙන්ම මා බිය වන්නෙමි” යයි පැවසුවේය.
فَكَانَ عَٰقِبَتَهُمَآ أَنَّهُمَا فِى ٱلنَّارِ خَٰلِدَيْنِ فِيهَا ۚ وَذَٰلِكَ جَزَٰٓؤُا۟ ٱلظَّٰلِمِينَ
නියත වශයෙන්ම ඒ දෙදෙනාගේ අවසානය නිරයට යන්නාහ යනුවෙනි. එහිම ඔවුන් සදාකල් රැෙඳන්නාහ. (මෙවැනි) අපරාධකාරයින්ගේ ඵලවිපාක මෙයම වන්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَلْتَنظُرْ نَفْسٌۭ مَّا قَدَّمَتْ لِغَدٍۢ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) අල්ලාහ්ට බිය වනු. සෑම ආත්මයක්ම (විනිශ්චය) දින වෙනුවෙන් තමන් කුමක් (එක්රැස් කර) යවා ඇත්තේද යන්න අවධානය කර, අල්ලාහ්ට බිය වී (කටයුතු) කළ යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ نَسُوا۟ ٱللَّهَ فَأَنسَىٰهُمْ أَنفُسَهُمْ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ව (ප්‍රතික්ෂේප කර, ඔහුව සම්පූර්ණයෙන්ම) අමතක කර දැමූවන් මෙන් ඔබත් පත් නොවනු. මන්දයත් (ඒ හේතුවෙන්) ඔවුන් තමන්වම අමතක කර දමන මෙන් (අල්ලාහ්) සලස්වා දැමුවේය. මෙවැන්නන් ඉමහත් පාපතරයන්ය.
لَا يَسْتَوِىٓ أَصْحَٰبُ ٱلنَّارِ وَأَصْحَٰبُ ٱلْجَنَّةِ ۚ أَصْحَٰبُ ٱلْجَنَّةِ هُمُ ٱلْفَآئِزُونَ
නිරාවාසීන්ද, ස්වර්ගවාසීන්ද, සම නොවන්නාහ. (මන්දයත්) ස්වර්ගවාසීන්ම ඉමහත් භාග්‍යවන්තයින්ය. (නිරාවාසීන් ඉමහත් අභාග්‍යවන්තයින්ය).
Page 1 of 2 (24 ayahs)