Loading surah...
Back to Sinhala Quran
13 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ عَدُوِّى وَعَدُوَّكُمْ أَوْلِيَآءَ تُلْقُونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَقَدْ كَفَرُوا۟ بِمَا جَآءَكُم مِّنَ ٱلْحَقِّ يُخْرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَن تُؤْمِنُوا۟ بِٱللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَٰدًۭا فِى سَبِيلِى وَٱبْتِغَآءَ مَرْضَاتِى ۚ تُسِرُّونَ إِلَيْهِم بِٱلْمَوَدَّةِ وَأَنَا۠ أَعْلَمُ بِمَآ أَخْفَيْتُمْ وَمَآ أَعْلَنتُمْ ۚ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
විශ්වාසවන්තයිනි! මටත් ඔබටත් විරුද්ධවාදියෙකු වශයෙන් සිටින්නන්ව ඔබ ප්‍රිය කරන්නන් බවට පත් කරගෙන, ප්‍රියමනාප කමින් (රහසින් ලිපි ගනුදෙනු කර) ඔවුන් සමග සම්බන්ධකම් නොපවත්වනු. (මන්දයත්) ඔවුන් නම්, ඔබ වෙත පැමිණි සත්‍ය (ධර්මය) නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කර දැමූහ. ඔබ, ඔබගේ දෙවියන් වන අල්ලාහ්ව විශ්වාස කළාය යන්න සඳහා ඔබවත්, (අපගේ) දූතයාවත්, (ඔබගේ නිවෙස්වලින්) පිටමං කළහ. (විශ්වාසවන්තයිනි! ඔබ) මගේ සොම්නස කැමති වී මගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට ඇත්තෙන්ම ඔබ (ඔබගේ නිවෙස්වලින්) පිට වූවෙහු නම්, ඔවුන් සමග ඔබ රහසින් සම්බන්ධකම් පවත්වමින් සිටින්නෙහුද? ඔබ (ඔබගේ මනසෙහි) සඟවා ගත් දැයද, (ඊට වෙනස්ව) එළිදරව් කරන දැයද, මා හොඳින් දන්නෙමි. මෙසේ ඔබගෙන් කවුරුන් හෝ කළහොත් නියත වශයෙන්ම ඔහු ඍජු මාර්ගයෙන් වැරද ගියේය.
إِن يَثْقَفُوكُمْ يَكُونُوا۟ لَكُمْ أَعْدَآءًۭ وَيَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّوا۟ لَوْ تَكْفُرُونَ
ඔවුන්ට අවස්ථාවක් ලැබුනහොත් (ප්‍රසිද්ධියේම) ඔවුන් ඔබට සතුරන් බවට පත් වී තමන්ගේ අත්ද, ඔබ වෙත දිගු කර තමන්ගේ මුවින් (දිවෙන්)ද ඔබට විපත් ඇති කරන්නාහ. තවද ඔබත් (විශ්වාසය අත්හැර දමා) ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් විය යුතු නොවේද? යයිද ඔවුන් කැමති වන්නාහ.
لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَآ أَوْلَٰدُكُمْ ۚ يَوْمَ ٱلْقِيَٰمَةِ يَفْصِلُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ
(ඔවුන් සමග සිටින) ඔබගේ පරම්පරාවේ දරුවන්ද, ඔබගේ ඥාති සම්බන්ධකම්ද, විනිශ්චය දිනදී ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. (එදිනදී අල්ලාහ්) ඔබ අතරේ තීන්දු දෙනු ඇත. ඔබ කරන දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.
قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌۭ فِىٓ إِبْرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذْ قَالُوا۟ لِقَوْمِهِمْ إِنَّا بُرَءَٰٓؤُا۟ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ ٱلْعَدَٰوَةُ وَٱلْبَغْضَآءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا۟ بِٱللَّهِ وَحْدَهُۥٓ إِلَّا قَوْلَ إِبْرَٰهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَآ أَمْلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَىْءٍۢ ۖ رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ ٱلْمَصِيرُ
ඉබ්රාහීම් වෙතින්ද, ඔහු සමග සිටි අය වෙතින්ද, ඔබට එක් අලංකාරවත් ආදර්ශයක් නියත වශයෙන්ම ඇත්තේය. ඔවුන් තම ජනතාවට “නියත වශයෙන්ම අපි ඔබගෙන්ද, අල්ලාහ් හැර ඔබ නමදිමින් සිටින දැයෙන්ද, ඈත් වුනෙමු. නියත වශයෙන්ම අපි ඔබවද, (ඒවාද) ප්‍රතික්ෂේප කර හැරියෙමු. අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ විශ්වාස කරන තුරු අපටත් ඔබටත් අතරේ විරෝධයද, ක්‍රෝධයද ඇති වී ගියේය” යයි පැවසූහ. තවද ඉබ්රාහීම් තම (වදන නොඇසූ තම) පියාට “අල්ලාහ් වෙතින් ඔබ වෙනුවෙන් (ඔහුගේ දඬුවමෙන්) යම් කිසිවක් වැළැක්වීමට මට ශක්තියක් නැත. එහෙත් ඔබ වෙනුවෙන් ඔහු වෙතින් පසුව මා සමාව අයදිමි” යයි පවසා, “මගේ දෙවියනේ! ඔබවම අපි විශ්වාස කළෙමු. ඔබ වෙතම අපි බැල්ම හෙලූවෙමු. ඔබ වෙතම (අපි සියල්ලන්ම) පැමිණිය යුතුව ඇත්තේය”.
رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةًۭ لِّلَّذِينَ كَفَرُوا۟ وَٱغْفِرْ لَنَا رَبَّنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
“අපගේ දෙවියනේ! ඔබ අපව ප්‍රතික්ෂේප කරන්නන්ගේ දුක් කරදරයන්හි ඇතුළු කර නොදමනු මැනව! ඔබ අපට සමාව දෙනු මැනව! අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු” (යයිද ප්‍රාර්ථනා කළේය).
لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌۭ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْءَاخِرَ ۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ
අල්ලාහ්වද, අවසාන දිනයද, (ඇත්තෙන්ම) විශ්වාස කරන ඔබගෙන් වූ සෑම කෙනෙකුටම නියත වශයෙන්ම මොවුන්ගෙන් එක් අලංකාරවත් ආදර්ශයක් ඇත්තේය. කවුරුන් හෝ ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් (එවැන්නන්ගෙන්) අවශ්‍යතාවයක් නොවන්නෙකු හා ඉතාමත් ප්‍රශංසාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නේය.
۞ عَسَى ٱللَّهُ أَن يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ ٱلَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةًۭ ۚ وَٱللَّهُ قَدِيرٌۭ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
ඔබටත්, ඔවුන්ගෙන් වූ ඔබගේ සතුරන්ටත් අතරේ අල්ලාහ් සෙනෙහසක් ඇති කරන්නට ඉඩ ඇත. (මෙයටත්) අල්ලාහ් බලසම්පන්නයෙකි! අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.
لَّا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمْ يُقَٰتِلُوكُمْ فِى ٱلدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَٰرِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوٓا۟ إِلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ
(විශ්වාසවන්තයිනි!) ධර්ම කාරණාවන්හි ඔබ සමග විරුද්ධව යුද්ධ නොකරන්නන්ටද, ඔබගේ නිවෙස්වලින් ඔබව පිටමං නොකළ අයටද, ඔබ කෘතඥ නොවනු යයිද, ඔවුන් සමග ඔබ සාධාරණ ලෙස කටයුතු නොකළ යුතුය යයිද, අල්ලාහ් ඔබව වළක්වා හැරියේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නෙකු වශයෙන්ම සිටින්නේය.
إِنَّمَا يَنْهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَٰتَلُوكُمْ فِى ٱلدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَٰرِكُمْ وَظَٰهَرُوا۟ عَلَىٰٓ إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ ۚ وَمَن يَتَوَلَّهُمْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ
අල්ලාහ් ඔබව වළක්වන්නේ, ධර්ම කාරණාවන්හි ඔබ සමග යුද්ධ කළ අය සමගද, ඔබගේ නිවෙස්වලින් ඔබව පිටමං කළ අය සමගද, ඔබව පිටමං කිරීමෙහි (සතුරන්ට) උදව් කළ අය සමගද, ඔබ මිතුරන් වශයෙන් නොසිටිය යුතුය යනුවෙනි. එබැවින් කවුරුන් ඔවුන් සමග මිතුරු සබඳකම් පවත්වන්නෝද, ඔවුන් අපරාධකාරයින්ය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا جَآءَكُمُ ٱلْمُؤْمِنَٰتُ مُهَٰجِرَٰتٍۢ فَٱمْتَحِنُوهُنَّ ۖ ٱللَّهُ أَعْلَمُ بِإِيمَٰنِهِنَّ ۖ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَٰتٍۢ فَلَا تَرْجِعُوهُنَّ إِلَى ٱلْكُفَّارِ ۖ لَا هُنَّ حِلٌّۭ لَّهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ ۖ وَءَاتُوهُم مَّآ أَنفَقُوا۟ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ ۚ وَلَا تُمْسِكُوا۟ بِعِصَمِ ٱلْكَوَافِرِ وَسْـَٔلُوا۟ مَآ أَنفَقْتُمْ وَلْيَسْـَٔلُوا۟ مَآ أَنفَقُوا۟ ۚ ذَٰلِكُمْ حُكْمُ ٱللَّهِ ۖ يَحْكُمُ بَيْنَكُمْ ۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ
විශ්වාසවන්තයිනි! (ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් වූ) ගැහැනුන් විශ්වාසය තබා (තම ස්වාමිපරුෂයින්ව) පිළිකුල් කර, පිටමං වී ඔබ වෙත පැමිණියහොත් ඔවුන්ව පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ (සත්‍ය) විශ්වාසය අල්ලාහ්ම හොඳින් දන්නේය. එහෙත් (ඔබ පරීක්ෂා කිරීමේදී) ඔවුන් විශ්වාසවන්තයින්ම යයි ඔබ දැන ගතහොත් එම ගැහැනුන්ව (ඔවුන්ගේ ස්වාමිපරුෂයින් වන) ප්‍රතික්ෂේප කරන්නන් වෙත ආපසු හරවා නොයවනු. (මන්දයත් ඉස්ලාමයට පැමිණි) මෙම ගැහැනුන් ඔවුන්ට (භාර්යයාවන් වශයෙන්) සුදුසු අය නොව. ඔවුන් මොවුන්ට (ස්වාමිපුරුෂයින් වශයෙන්ද) සුදුසු අය නොව. (එහෙත් මෙම කාන්තාවන් වෙනුවෙන්) ඔවුන් වියදම් කර තිබූ දැය ඔවුන්ට ලබා දෙනු. ඔබ එම කාන්තාවන්ට ඔවුන්ගේ මහර් මුදල ලබා දී ඔවුන්ව විවාහ කර ගැනීම ඔබ කෙරෙහි වරදක් නැත. තවද (ඔබගේ කාන්තාවන්ගෙන් කවුරුන් හෝ විශ්වාසය නොතැබුවහොත්) විශ්වාස නොකළ එම කාන්තාවන්ගේ විවාහ බන්ධනය (පහ නොකර) ඔබ අල්ලා ගෙන නොසිටිනු. (ඔවුන්ව පහ කර, ඔවුන් වෙනුවෙන්) ඔබ වියදම් කළ දැය (එම කාන්තාවන් ගොස් සිටින ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්) ඉල්ලා සිටිනු. (එසේම විශ්වාසය තබා ඔබ වෙත පැමිණි ඔවුන්ගේ භාර්යයාවන්ට) තමන් වියදම් කළ දැය ඔවුන් (ඔබගෙන්) ඉල්ලා සිටිය හැකිය. මෙය අල්ලාහ්ගේ නියෝගයකි. ඔබ අතරේ ඔහු (සාධාරණ ලෙසම) තීන්දු දෙන්නේය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَإِن فَاتَكُمْ شَىْءٌۭ مِّنْ أَزْوَٰجِكُمْ إِلَى ٱلْكُفَّارِ فَعَاقَبْتُمْ فَـَٔاتُوا۟ ٱلَّذِينَ ذَهَبَتْ أَزْوَٰجُهُم مِّثْلَ مَآ أَنفَقُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ
ඔබගේ භාර්යයාවන්ගෙන් කවුරුන් හෝ ඔබගෙන් වෙන් වී ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගොස් (ඇයට වියදම් කළ වස්තුව ඔවුන් වෙතින් නොලැබී) තිබියදී ඒ වෙනුවෙන් (ඔවුන්ගේ විශ්වාසය තැබූ භාර්යයාවන් වෙනුවෙන් ලබා දිය යුතු දැයෙන්) කිසිවක් ඔබ නවතාගෙන සිටියහොත් (නැතහොත් ප්‍රතික්ෂේප කරන්නන් සමග යුද්ධයක් ඇති වී ඔවුන්ගේ වස්තුව ඔබ අත් කර ගත්තා වුවද), එයින් (ඔබගෙන්) කවුරුන්ගේ භාර්යයාවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගියෝද, ඔවුන් වෙනුවෙන් (ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්) වියදම් කළ දැය මෙන් දැයක් ලබා දෙනු. ඔබ (මෙම කාරණාවෙහි) අල්ලාහ්ට බිය වනු. (මන්දයත්) ඔහුවම ඔබ විශ්වාස කර ඇත්තෙහුය.
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ إِذَا جَآءَكَ ٱلْمُؤْمِنَٰتُ يُبَايِعْنَكَ عَلَىٰٓ أَن لَّا يُشْرِكْنَ بِٱللَّهِ شَيْـًۭٔا وَلَا يَسْرِقْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَٰدَهُنَّ وَلَا يَأْتِينَ بِبُهْتَٰنٍۢ يَفْتَرِينَهُۥ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِينَكَ فِى مَعْرُوفٍۢ ۙ فَبَايِعْهُنَّ وَٱسْتَغْفِرْ لَهُنَّ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ
නබියේ! විශ්වාසය තැබූ කාන්තාවන් ඔබ වෙත පැමිණ, “අල්ලාහ්ට කිසිවක් සමානයන් වශයෙන් තබන්නේ නැත. සොරකම් කරන්නේ නැත. අපචාරයේ හැසිරෙන්නේ නැත. තමන්ගේ (ගැහැනු) දරුවන්ව ඝාතනය කරන්නේ නැත. තමන්ගේ අත් පා අතරේ පාපයන් කර, මනක්කල්පිතව (ඒ ගැන) බොරු අපවාද පවසන්නේ නැත. ගෞරවණීය ක්‍රියාවන්හි ඔබට වෙනස්කම් කරන්නේ නැත” යයි ඔබ වෙත පොරොන්දු (බයිඅත්) දුන්නහොත් ඔවුන්ගේ පොරොන්දු ලබා ගෙන, ඔබ ඔවුන් වෙනුවෙන් (කළින් ඔවුන් කර තිබුණු වැරදි වෙනුවෙන්) අල්ලාහ් වෙතින් සමාව ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَوَلَّوْا۟ قَوْمًا غَضِبَ ٱللَّهُ عَلَيْهِمْ قَدْ يَئِسُوا۟ مِنَ ٱلْءَاخِرَةِ كَمَا يَئِسَ ٱلْكُفَّارُ مِنْ أَصْحَٰبِ ٱلْقُبُورِ
විශ්වාසවන්තයිනි! කුමන ජනතාවක් කෙරෙහි අල්ලාහ් කෝපයට පත් වූවේද, ඔවුන්ව ඔබ ප්‍රිය නොකරනු. (මන්දයත්) සොහොණ්හි ඇති දැය ගැන ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසය බිඳී ගිය අන්දමටම පරලොව ගැන නියත වශයෙන්ම මොවුන් විශ්වාසය බිඳ දැමූහ!