Loading surah...
Back to Sinhala Quran
11 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ٱلْمَلِكِ ٱلْقُدُّوسِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින්නාහ. (ඔහුම සත්යය වූ) රජුය. පරිශුද්ධවන්තයෙකි. (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකි.
هُوَ ٱلَّذِى بَعَثَ فِى ٱلْأُمِّيِّۦنَ رَسُولًۭا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍۢ مُّبِينٍۢ
(අරාබි) ජනතාව වෙනුවෙන් අකුරු දැනුමක් නැති ඔවුන්ගෙන්ම එක් දූතයෙකු (තෝරාගෙන) ඔහු යැව්වේය. ඔවුන් මීට පෙර ප්රසිද්ධියේම දුර්මාර්ගයෙහි සිටියා වුවද ඔහු, ඔහුගේ ආයාවන් ඔවුන්ට කියවා පෙන්වා, ඔවුන් පරිශුද්ධ කර ඔවුන්ට ධර්මයද, ඥානයද උගන්වා දෙන්නේය.
وَءَاخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا۟ بِهِمْ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
(වර්තමානයේ සිටින මොවුන් වෙනුවෙන්ද, මේ වන තුරු) මොවුන් සමග එක්කාසු නොවූ (පසු කලකදී පැමිණෙන) අන් අය වෙනුවෙන්ද, (එම දූතයාව අල්ලාහ් යැව්වේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ
මෙය අල්ලාහ්ගේ වරප්රසාදයකි. ඔහු කැමති අයටම මෙය ලබා දෙන්නේය. අල්ලාහ් ඉමහත් වූ වරප්රසාදයන්ගෙන් යුක්තයෙකි.
مَثَلُ ٱلَّذِينَ حُمِّلُوا۟ ٱلتَّوْرَىٰةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَارًۢا ۚ بِئْسَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
තව්රාත් (නමැති ධර්මය) උසුළාගෙන, එහි ඇති අන්දමට කටයුතු නොකළ අයගේ උපමාව නම්: පොත් පත් උසුළාගෙන යන බූරුවාගේ උපමාවට සම වන්නේය. අල්ලාහ්ගේ ආයාවන් බොරු කරන ජනයාගේ මෙම උපමාව ඉතාමත් නපුරුය. අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනයාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
قُلْ يَٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓا۟ إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُا۟ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ
යුදෙව්වෙනි! ඔබ (අනිත්) මිනිසුන්ට වඩා අල්ලාහ්ට අයත් අය යයි ඇත්තෙන්ම ඔබ අදහස් කරමින් සිට, (එම අදහසෙහි) ඔබ සත්යවන්තයින් වශයෙන්ද සිටින්නෙහු නම්, ඔබ මරණයට කැමති වනු” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව!)
وَلَا يَتَمَنَّوْنَهُۥٓ أَبَدًۢا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ
මොවුන්ගේ අත් (කර) යවන ලද (පාපයන්හි) හේතුවෙන් කිසි කලෙකත් මොවුන් මරණයට කැමති වන්නේම නැත. අල්ලාහ් මෙම අපරාධකරුවන්ව හොඳින් දැන සිටින්නේය.
قُلْ إِنَّ ٱلْمَوْتَ ٱلَّذِى تَفِرُّونَ مِنْهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ හඹා දුවන මරණය ඔබව නියත වශයෙන්ම අල්ලා ගන්නේය. පසුව රහසද, නොරහසද, හොඳින් දන්නා වෙත ගෙන යනු ලැබ, ඔබ කරමින් සිටි දැය ගැන ඔහු ඔබට දැනුම් දෙනු ඇත.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
විශ්වාසවන්තයිනි! (සිකුරාදා දින වන) ජුම්ආ දිනදී සලාතය සඳහා (අදාන් පවසා ඔබව) ආරාධනා කරනු ලැබුවහොත් වෙළඳාම (ආදිය) අත්හැර දමා අල්ලාහ්ව දික්ර් කිරීමට ඔබ ඉක්මන් කර යනු. ඔබ බුද්ධිමත් අය වශයෙන් සිටියහොත් මෙයම ඔබට ඉතාමත් අගනේය. (මෙය ඔබ දැන ගනු මැනව!)
فَإِذَا قُضِيَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟ فِى ٱلْأَرْضِ وَٱبْتَغُوا۟ مِن فَضْلِ ٱللَّهِ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًۭا لَّعَلَّكُمْ تُفْلِحُونَ
(ජුම්ආ) සලාතය අවසන් වුවහොත් (නැමදුපළෙන් පිට වී) භූමියෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ වරප්රසාදය සොයා ගනු. ඔබ ජයග්රහණය කිරීම පිණිස, විටින් විට අල්ලාහ්ව මතක් කරනු.
وَإِذَا رَأَوْا۟ تِجَٰرَةً أَوْ لَهْوًا ٱنفَضُّوٓا۟ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِمًۭا ۚ قُلْ مَا عِندَ ٱللَّهِ خَيْرٌۭ مِّنَ ٱللَّهْوِ وَمِنَ ٱلتِّجَٰرَةِ ۚ وَٱللَّهُ خَيْرُ ٱلرَّٰزِقِينَ
(නබියේ! සමහරෙක් සිටින්නාහ). ඔවුන් කිසියම් වෙළෙඳාමක් හෝ නැතහොත් විනෝදයක් හෝ දුටුවහොත් (කුත්බා කියවන) ඔබව සිට ගනිමින් සිටින්නට හැර දමා ඒ දෙසට යන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේ, මෙම වෙළෙඳාමටත්, විනෝදයටත් වඩා ඉතාමත් උසස් දැයයි. තවද ආහාර ලබා දෙන්නන්ගෙන් අල්ලාහ් ඉතාමත් උසස් අයයි”.