Loading surah...
Back to Sinhala Quran
14 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින්නාහ. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ
විශ්වාසවන්තයිනි! ඔබ නොකළ කාරණාවන් (කළා යයි හෝ අන් අය කරන මෙන් හෝ) කුමක් නිසා පවසන්නෙහුද?
كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ أَن تَقُولُوا۟ مَا لَا تَفْعَلُونَ
ඔබ නොකළ දැය (කළේ යයි) කීම අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් පිළිකුල් සහගත දැයක් වශයෙන් ඇත්තේය.
إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَٰتِلُونَ فِى سَبِيلِهِۦ صَفًّۭا كَأَنَّهُم بُنْيَٰنٌۭ مَّرْصُوصٌۭ
(විශ්වාසවන්තයිනි!) කවුරුන් ඊයම් උණු කර, අඹන ලද (ශක්තිමත්) බැම්මක් මෙන් බල ඇණියෙහි (හිඳිමින් හා පසු නොබැස) සිටිමින් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ආදරය කරන්නේය.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ لِمَ تُؤْذُونَنِى وَقَد تَّعْلَمُونَ أَنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوٓا۟ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمْ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ
මූසා තම ජනතාවට “මගේ ජනතාවෙනි! මාව කුමක් නිසා නම් වේදනා කරන්නෙහුද? ඇත්තෙන්ම මා ඔබ වෙත යවන ලද අල්ලාහ්ගේ දූතයා යන්න නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහු නොවෙද!” යයි පැවසීම (නබියේ! ඔබ) සිතා බලනු මැනව! (ඍජු මාර්ගයෙන්) ඔවුන් ඈත් වූ වහාම, අල්ලාහ්ද ඔවුන්ගේ හෘදයන් (ඍජු මාර්ගයෙන්) ඈත් කර දැමුවේය. පාපයන් කරන ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
وَإِذْ قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُم مُّصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَمُبَشِّرًۢا بِرَسُولٍۢ يَأْتِى مِنۢ بَعْدِى ٱسْمُهُۥٓ أَحْمَدُ ۖ فَلَمَّا جَآءَهُم بِٱلْبَيِّنَٰتِ قَالُوا۟ هَٰذَا سِحْرٌۭ مُّبِينٌۭ
මර්යම්ගේ පුත් ඊසා (ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට) “ඉස්රායීල පරම්පරාවේ දරුවනි! ඇත්තෙන්ම මා ඔබ වෙත යවන ලද අල්ලාහ්ගේ එක් දූතයෙකි. මා මගෙන් පෙර තිබූ තව්රාතයද සත්‍යය කරන්නෙමි. මගෙන් පසු අහ්මද් නමැති නමින් යුත් එක් දූතයෙකු පැමිණීම ගැනද මා (ඔබට) ශුභාරංචි පවසන්නෙමි” යයි පැවසීම (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (ඔහු දැනුම් දුන් අන්දමට එම දූතයා) පැහැදිලි ප්රාතිහාර්යයන් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුව විශ්වාස නොකර) මෙය පැහැදිලි සූනියමක් යයි ඔවුන් පැවසූහ.
وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُوَ يُدْعَىٰٓ إِلَى ٱلْإِسْلَٰمِ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
(ඉබ්රාහිම් නබිගේ) ඉස්ලාමය දෙසට ආරාධනා කරනු ලබන විට, (එය ප්‍රතික්ෂේප කර) අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා කියන්නාට වඩා අපරාධකාරයා කවරෙක්ද? (මෙවැනි) අපරාධකාර ජනයාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
يُرِيدُونَ لِيُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ
අල්ලාහ්ගේ ආලෝකය තම කටින් (පිඹ) නිවා දැමිය හැකි යයි මොවුන් අදහස් කරන්නාහ. මෙම ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, අල්ලාහ් තමන්ගේ ආලෝකය (ලොව පුරා ආලෝකය විහිදුවන මෙන්) පූරණය කර ඇත්තේය.
هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ
සමානයන් තබා නමදින්නන් පිළිකුල් කළා වුවද, අන් සියලූ ධර්මයන් ජයග්‍රහණය කරනු පිණිස, ඔහුම තමන්ගේ දූතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය ධර්මය මගින්ද, යැව්වේය.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ هَلْ أَدُلُّكُمْ عَلَىٰ تِجَٰرَةٍۢ تُنجِيكُم مِّنْ عَذَابٍ أَلِيمٍۢ
විශ්වාසවන්තයිනි! එක් ව්‍යාපාරයක් ගැන මා ඔබට දැනුම් දෙන්නද? (එය) වේදනා ගෙන දෙන දඬුවමෙන් ඔබව බේරා ගනු ඇත.
تُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
(එනම්): අල්ලාහ්වද, ඔහුගේ (මෙම) දූතයාවද, විශ්වාස කර, ඔබගේ වස්තූන්ද, ඔබගේ පණද පරිත්‍යාග කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු. ඔබ බුද්ධිමතුන් නම්, මෙයම ඔබට ඉතාමත් උසස් දැයක් වශයෙන් ඇත්තේය (යන්න දැනගන්නෙහුය).
يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّٰتِ عَدْنٍۢ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
(එසේ කළහොත්) ඔහු ඔබගේ පාපයන්ගෙන් ඔබට සමාව දී දිය දහරා සැමදා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හිද ඔබව ඇතුළු කරනු ඇත. තවද ස්ථීර වූ ස්වර්ගයන්හි ඇති ශුද්ධ වූ වාසස්ථානද, (ඔබට) ඇත. මෙය ඉමහත් භාග්‍යයක් වන්නේය.
وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌۭ مِّنَ ٱللَّهِ وَفَتْحٌۭ قَرِيبٌۭ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ
තවද ඔබ කැමති වන දැයද ඇත. (ඒවා) අල්ලාහ්ගේ උදව්වද, ළඟදී (ලැබිය හැකි මක්කාවේ) ජයග්රහණයද වන්නේය. එබැවින් (නබියේ! මෙමගින්) ඔබ විශ්වාසවන්තයින්ට ශුභාරංචි දෙනු මැනව!
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوٓا۟ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ لِلْحَوَارِيِّۦنَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ۖ فَـَٔامَنَت طَّآئِفَةٌۭ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٌۭ ۖ فَأَيَّدْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَىٰ عَدُوِّهِمْ فَأَصْبَحُوا۟ ظَٰهِرِينَ
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට උදව් කරන්නන් බවට පත් වනු. මර්යම්ගේ පුත් ඊසා (තමන්ගේ) ගෝලයින්ට “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නා කවරෙක්ද?”යි විමසූ අවස්ථාවේදී “අපි අල්ලාහ් වෙනුවෙන් උදව් කරන්නෙමු” යයි එම ගෝලයින් පැවසූ අන්දමටම (විශ්වාසවන්තයිනි! ඔබත් අල්ලාහ්ට උදව් කරන්නන් බවට පත් වනු). එහෙත් ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් එක් (කුඩා) සමූහයක්ම (ඔහුව) විශ්වාස කළහ. අනිත් (විශාල) සමූහයක් (ඔහුව) ප්‍රතික්ෂේප කළහ. එබැවින් විශ්වාස කළ ඔවුන්ට ඔවුන්ගේ සතුරන් කෙරෙහි (ජයග්‍රහණය කිරීමට) අපිම උදව් කළෙමු. එබැවින් ඔවුන් ජයග්‍රහණය කළහ.