Loading surah...
Back to Sinhala Quran
30 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ
(මිනිසුනේ! අහස් හා භූමිය ආදියෙහි) රාජ්‍යය කවුරුන් අත ඇත්තේද, ඔහු ඉතාමත් භාග්‍යයෙන් යුත්තෙකි. ඔහු සියලූ දැය කෙරෙහිද බලසම්පන්නයෙකි.
ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ
ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකු යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකි. ඉතාමත් සමාවෙන් යුත්තයෙකි.
ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍۢ طِبَاقًۭا ۖ مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَٰنِ مِن تَفَٰوُتٍۢ ۖ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍۢ
ඔහුම අහස් හතම එක පිට එකක් වශයෙන් නිර්මාණය කර ඇත්තේය. (මිනිසාණෙනි!) රහ්මාන්ගේ උත්පාදනයන්හි ඔබ කිසියම් අඩුපාඩුකමක් නොදකින්නෙහිය. නැවතත් (එය අවධානය කර) බලනු. (එහි) කිසියම් භේදයක් ඔබ දකින්නෙහිද?
ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًۭا وَهُوَ حَسِيرٌۭ
(නැවත) නැවතත් දෙවරක් බලනු! (මෙසේ ඔබ කෙතරම් වාර ගණනක් හාර හාරා බැලූවද, කිසිම අඩුපාඩුවක් දකින්නේ නැත). ඔබගේ බැල්මම දුබලව ව්‍යාකූල වී (ඔබ වෙත) ආපසු හැරෙනු ඇත.
وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَجَعَلْنَٰهَا رُجُومًۭا لِّلشَّيَٰطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ
නියත වශයෙන්ම අපි පහතින්ම ඇති අහස පහන් (තාරකා) මගින් (භූමියෙහි සිටින්නන්ට) අලංකාරවත් කර තැබුවෙමු. තවද ඒවා ෂෙයිතාන්වරුන්ට දමා ගසනු ලබන ගල් වශයෙන්ද පත් කළෙමු. තවද ඔවුන්ට නිරා දඬුවමද, අපි පිළියෙල කර තබා ඇත්තෙමු.
وَلِلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
(මොවුන් හැර) තවත් කවුරුන් තමන්ගේ දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නිරා දඬුවම ඇත්තේය. එය ඉතාමත් නපුරු වාසස්ථානයයි.
إِذَآ أُلْقُوا۟ فِيهَا سَمِعُوا۟ لَهَا شَهِيقًۭا وَهِىَ تَفُورُ
එහි ඔවුන්ව (ඔසවා) වීසි කරනු ලබන විට, (බූරුවන්ගේ විශාල ශබ්දයක් මෙන්) එහි උතුරණ ශබ්දය ඇසෙනු ඇති අතර එය ගොරවමින් සිටිනු ඇත.
تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌۭ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌۭ
කෝපයෙන් පුපුරා යන්නාක් මෙන් එහි එක් සමූහයක්ව පුළුස්සනු ලබන සෑම විටම, එහි මුරකරුවා ඔවුන්ට “(මෙම දඬුවම ගැන) බියගන්වා අනතුරු අඟවන්නා ඔබ වෙත පැමිණියේ නැද්ද?”යි විමසනු ඇත.
قَالُوا۟ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌۭ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍۢ كَبِيرٍۢ
එයට ඔවුන් “ඇත්තය. බියගන්වා අනතුරු අඟවන්නා නියත වශයෙන්ම අප වෙත පැමිණියේය. එහෙත් අපි (ඔහුව) බොරුකාරයා බවට පත් කර, ‘අල්ලාහ් (ඔබ වෙත) කිසිම දැයක් පහළ කර තැබුවේම නැත. ඔබ ඉමහත් දුර්මාර්ගයෙහි මිස, සිටියේ නැත’ යයි (ඔහුට) අපි කීවෙමු” යයි පවසනු ඇත.
وَقَالُوا۟ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَٰبِ ٱلسَّعِيرِ
තවද “(ඔහුගේ වදනට) අපි සවන් දී (ඒවා) අපි සිතා (ඒ අනුව කටයුතු කර) තිබුනේ නම්, අපි නිරාවාසීන්ගෙන් වූ අය බවට පත් වී නැත්තෙමු” යයි පවසා-
فَٱعْتَرَفُوا۟ بِذَنۢبِهِمْ فَسُحْقًۭا لِّأَصْحَٰبِ ٱلسَّعِيرِ
ඔවුන් තමන්ගේ පාපය බාර ගනු ඇත. එබැවින් මෙම නිරාවාසීන්ට විනාශයයි!
إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ
නියත වශයෙන්ම කවුරුන් සැඟවී සිටියදී වුවද, තම දෙවියන්ට බිය වන්නෝද, ඔවුන්ට සමාව ඇත. ඉමහත් ඵලවිපාකද ඇත.
وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ ۖ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
(මිනිසුනේ!) ඔබ, ඔබගේ වදන් රහසින් පවසනු. නැතහොත් ප්‍රසිද්ධියේ පවසනු. (කුමන අන්දමකට පැවසුවා වුවද, දෙවියන් එය හොඳින් දැන ගන්නේය. මන්දයත්) නියත වශයෙන්ම ඔහු (මිනිසුන්ගේ) හෘදයන්හි ඇති දැයද, හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ
(සියල්ලම) උත්පාදනය කළ අය, (හෘදයන්හි ඇති දැය) දැන නොගන්නෙහිද? ඔහු නම්, ඇතුළත දයාබරවන්තයෙකු වශයෙන්ද, (සියල්ල ඉතාමත්) ගැඹුරින් දැන ගත හැකි අයෙකු වශයෙන්ද සිටින්නේය.
هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًۭا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ ۖ وَإِلَيْهِ ٱلنُّشُورُ
ඔහුම ඔබට භූමිය (ඔබ වාසය කිරීමට) සැප පහසු අන්දමට පත් කර තැබුවේය. එබැවින් එහි විවිධ දිසාවන්ට ගොස් ඔහු (ඔබට) ලබා දී ඇති දැය අනුභව කරමින් සිටිනු. (පරලොවදී) ඔහු වෙතම (සියල්ලන්ම) නැගිට යා යුතුව ඇත්තේය.
ءَأَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يَخْسِفَ بِكُمُ ٱلْأَرْضَ فَإِذَا هِىَ تَمُورُ
අහස්හි සිටින අය, ඔබව භූමියෙහි සිර කර නොදමනු ඇතැයි ඔබ බිය නොවී සිටින්නෙහුද? ඒ අවස්ථාවේදී භූමිය තිගැස්සී වෙව්ළමින් (කම්පා වී) යනු ඇත.
أَمْ أَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًۭا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
නැතහොත් අහසෙහි සිටින අය, ඔබ කෙරෙහි ගල් වරුසාවක් වසින්නට නොසලස්වනු ඇතැයි ඔබ බිය නොවී සිටින්නෙහුද? එසේ නම්, අනතුරු (අඟවන ලද දඬුවම) කෙසේ තිඛෙණු ඇත්දැයි යන්න නියත වශයෙන්ම ඔබ දැන ගන්නෙහුය.
وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ
මොවුන්ට පෙර සිටියවුන්ද, (මොවුන් මෙන්ම අපගේ ආයාවන්) බොරු කර, (ප්‍රතික්ෂේප) කරමින් සිටියහ. නමුත් මගේ (පළි ගැනීමේ) දරුණුකම කෙසේ තිබුනේද?
أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَٰٓفَّٰتٍۢ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَٰنُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ
අත්තටු විහිදමින්ද, හකුළා ගනිමින්ද, මොවුන්ට ඉහළින් (අහසෙහි කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පියාඹන) පක්ෂීන්ව මොවුන් අවධානය කළේ නැද්ද? රහ්මාන් හැර, (වෙන කිසිවෙකුත්) ඒවා (අහසෙහි ඔසවා) අල්ලාගෙන සිටියේ නැත! නියත වශයෙන්ම ඔහු සියල්ල අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.
أَمَّنْ هَٰذَا ٱلَّذِى هُوَ جُندٌۭ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَٰنِ ۚ إِنِ ٱلْكَٰفِرُونَ إِلَّا فِى غُرُورٍ
ඔබට උදව් කළ හැකි මෙම සේනාවන් රහ්මාන් මිස, අන් කවරෙක්ද? මෙම ප්‍රතික්ෂේප කරන්නන් පුහු මෝහණයෙන් මිස, වෙන කිසිවක් නැත.
Page 1 of 2 (30 ayahs)