Loading surah...
Back to Sinhala Quran
52 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ
නූන්. පෑන මතද, (එමගින්) ඔවුන් ලියන ලද දැය මතද සත්තකින්ම!
مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍۢ
(නබියේ!) ඔබ, ඔබ දෙවියන්ගේ දයාවෙන් පිස්සෙකු නොව.
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍۢ
නියත වශයෙන්ම ඔබට අවසානයක් නැති (දීර්ඝ) ඵලවිපාකයක් ඇත්තේය.
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍۢ
නියත වශයෙන්ම ඔබ ඉමහත් වූ හොඳ ගති ගුණයන්ගෙන් යුත් කෙනෙකු වශයෙන්ම සිටින්නෙහිය.
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
ඉතාමත් ඉක්මනින් ඔබත් දැක ගන්නෙහිය. ඔවුන්ද දැක ගනු ඇත.
بِأَييِّكُمُ ٱلْمَفْتُونُ
ඔබගෙන් කවුරුන් පිස්සෙකු යයිද-
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ
ඔහුගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්දැයිද, නියත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි යන්නන්වද ඔහු හොඳින් දන්නේය.
فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ
එබැවින් (නබියේ!) මෙම බොරුකාරයින්ව ඔබ අනුගමනය නොකරනු!
وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
ඔවුන්, ඔබ එකඟ වී පැමිණියහොත් (ඉන්) පසුව එකඟ වී පැමිණීමට ඔවුන් කැමති වන්නාහ.
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍۢ مَّهِينٍ
(නබියේ! සෑම දේකටම) දිව්රන කිසිම නීචයෙකුට හෝ ඔබ අවනත නොවනු.
هَمَّازٍۢ مَّشَّآءٍۭ بِنَمِيمٍۢ
(ඔහු) සදාකල් (ඕපාදූප) වැරදි කියමින්, කේලාම් කීමම රැකියාවක් බවට පත් කරගෙන සැරිසරන්නා-
مَّنَّاعٍۢ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ
කවදත් දැහැමි කාරණාවන් තහනම් කරන සීමාව ඉක්මවා ගිය විශාල පාපතරයෙකි.
عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
දරුණු ලෙස සිතන්නෙකි. මේ සියල්ල තිබියදී ජාතියෙන්ද නීචයෙකි.
أَن كَانَ ذَا مَالٍۢ وَبَنِينَ
කෙසේ හෝ දරුවන්ද, වස්තූන්ද (ඔහුට) තිඛෙන්නේය යන්නට (ඔහු උඞඟූ වී)-
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
අපගේ ආයාවන් ඔහුට කියවා පෙන්වනු ලැබුවහොත් ‘(මෙය) පෙර සිටියවුන්ගේ ප්රබන්ධ කතා’ යයි පවසන්නේය.
سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ
(සැමදා සිටිය හැකි අන්දමටද, සෑම කෙනෙකුම දැන ගත හැකි අන්දමටද) ඔහුගේ නාසයෙහි ඉතා ඉක්මනින් එක් සළකුණක් තබන්නෙමු.
إِنَّا بَلَوْنَٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ
නියත වශයෙන්ම අපි මොවුන්ව පිරීක්සුවෙමු. එම උයන් වත්තේ අයිතිකරුවන්ව අපි පිරීක්සූ ආකාරයටම (එම වත්තේ අයිතිකරුවන්) එහි ඇති අස්වැන්න (පසු දින) අළුයම ගොස් කපා ගන්නෙමු යයි දිව්රූහ.
وَلَا يَسْتَثْنُونَ
එහෙත් (ඉන්ෂා අල්ලාහ්-අල්ලාහ් අදහස් කළහොත් යයි) ආරක්ෂාව පතන වදන ඔවුන් පැවසුවේ නැත.
فَطَافَ عَلَيْهَا طَآئِفٌۭ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ
එබැවින් ඔවුන් නින්දෙහි ගැලී සිටින අවස්ථාවේදීම ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් එක් විපතක් (පැමිණ) එම වත්ත පිස දමා (විනාශ කර) දැමීය.
فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ
අස්වැන්න සියල්ල (මුළින් උපුටා) විනාශ කළාක් මෙන් (එය විනාශ) වී ගියේය.
Page 1 of 3 (52 ayahs)