Loading surah...
Back to Sinhala Quran
20 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلْمُزَّمِّلُ
පොරවණය පොරවා ගත් තැනැත්තෙනි!
قُمِ ٱلَّيْلَ إِلَّا قَلِيلًۭا
(නබියේ!) රාත්‍රියෙහි ඔබ (සලාතය සදහා නැගිට) සිටිනු. (සම්පුර්ණ රාත්‍රියෙහිද නොව. එහි එක්) සුළු කොටසකි. (එනම්)
نِّصْفَهُۥٓ أَوِ ٱنقُصْ مِنْهُ قَلِيلًا
එහි අඩක (කාලයක්), එයින් ඔබ පොඩියක් අඩු කර ගත හැකිය. නැතහොත් පොඩියක් වැඩි කර ගත හැකිය.
أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ ٱلْقُرْءَانَ تَرْتِيلًا
(එහිදී) මෙම කුර්ආනය හොඳින් නිවැරදිව සමුදීරණය කරනු.
إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلًۭا ثَقِيلًا
නියත වශයෙන්ම අපි ඉතා ඉක්මනින් ඉතාමත් ස්ථීර වූ පොරොන්දුවක් ඔබ කෙරෙහි පහළ කර තබන්නෙමු.
إِنَّ نَاشِئَةَ ٱلَّيْلِ هِىَ أَشَدُّ وَطْـًۭٔا وَأَقْوَمُ قِيلًا
නියත වශයෙන්ම රාත්‍රියෙහි නැගී සිටීම, ආත්මය පුරුදු පුහුණු කර (පාලනය කර තබන අතර) යම්කිසිවක් මනස හා වදන ගළපා පවසන මෙන්ද සලස්වන්නේය.
إِنَّ لَكَ فِى ٱلنَّهَارِ سَبْحًۭا طَوِيلًۭا
නියත වශයෙන්ම ඔබට දහවලෙහි දීර්ඝ වැඩ රාජකාරි ඇත්තේය.
وَٱذْكُرِ ٱسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًۭا
ඔබ, ඔහු දෙසට සම්පූර්ණයෙන්ම හැරී ඔහුගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!
رَّبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذْهُ وَكِيلًۭا
ඔහුම නැගෙනහිර දිසාවටද, බටහිර දිසාවටද දෙවියන්ය. ඔහු හැර, වෙන කිසිම හිමියෙකු නැත. එබැවින් ඔහුවම ඔබ, (ඔබගේ) ආරක්ෂකයා වශයෙන් (පත්) කරගනු.
وَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱهْجُرْهُمْ هَجْرًۭا جَمِيلًۭا
(නබියේ!) ඔවුන් (ඔබ ගැන අඩුපාඩුකම්) පැවසීම විඳ දරාගෙන ගෞරවණීය අන්දමට ඔවුන්ගෙන් ඈත් වී සිටිනු.
وَذَرْنِى وَٱلْمُكَذِّبِينَ أُو۟لِى ٱلنَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا
(නබියේ! ඔබ ඔවුන් වෙනුවෙන් මැදිහත් නොවී) මාවද, මාව බොරු කර තබන එම සුවය විඳින්නන්වද අත්හැර දමනු. ඔවුන්ට සුළු අවකාශයක්ද ලබා දෙනු.
إِنَّ لَدَيْنَآ أَنكَالًۭا وَجَحِيمًۭا
නියත වශයෙන්ම අප වෙත (ඔවුන්ට) විළංඟූ ඇත්තේය. නිරයද ඇත්තේය!
وَطَعَامًۭا ذَا غُصَّةٍۢ وَعَذَابًا أَلِيمًۭا
උගුරේ හිරවෙන සුළු ආහාරද (ඔවුන් වෙනුවෙන්) ඇත්තේය. වේදනා ගෙන දෙන දඬුවමද ඇත්තේය.
يَوْمَ تَرْجُفُ ٱلْأَرْضُ وَٱلْجِبَالُ وَكَانَتِ ٱلْجِبَالُ كَثِيبًۭا مَّهِيلًا
එදිනදී භූමියෙහි කඳුද සෙළවී (එකකට එකක් ගැටී) කඳු විසිරී ගිය, පස් ගොඩවල් බවට පත් වනු ඇත.
إِنَّآ أَرْسَلْنَآ إِلَيْكُمْ رَسُولًۭا شَٰهِدًا عَلَيْكُمْ كَمَآ أَرْسَلْنَآ إِلَىٰ فِرْعَوْنَ رَسُولًۭا
(මිනිසුනේ!) නියත වශයෙන්ම අපි ඔබ වෙත (අපගේ) එක් දූතයෙකු යැව්වෙමු. (විනිශ්චය දිනදී) ඔහු ඔබට සාක්ෂිකරුවෙකු වශයෙන් එනු ඇත. මෙසේම ෆිර්අව්න් වෙතද, පෙර එක් දූතයෙකු අපි යැව්වෙමු.
فَعَصَىٰ فِرْعَوْنُ ٱلرَّسُولَ فَأَخَذْنَٰهُ أَخْذًۭا وَبِيلًۭا
එහෙත් ෆිර්අව්න් එම දූතයාට වෙනස්කම් කළේය. එබැවින් අපි ඔහුව තදින් අල්ලා ගත්තෙමු.
فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًۭا يَجْعَلُ ٱلْوِلْدَٰنَ شِيبًا
ඔබ (මෙය) ප්‍රතික්ෂේප කර හැරියහොත් කෙසේ නම් ඔබ (අපගේ ග්රහණයෙන්) බේරෙන්නෙහිද? (අපි අල්ලා ගන්නා) එදිනදී (තිගැස්සීම) කුඩා ළදරුවන්වද, කෙස් පැසී ගිය අය බවට පත් කර හරිනු ඇත.
ٱلسَّمَآءُ مُنفَطِرٌۢ بِهِۦ ۚ كَانَ وَعْدُهُۥ مَفْعُولًا
(එබැවින්) අහසද පැලී යනු ඇත. එය අනිවාර්යයෙන්ම සිදු විය යුතු ඔහුගේ පොරොන්දුවක් වන්නේය.
إِنَّ هَٰذِهِۦ تَذْكِرَةٌۭ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا
නියත වශයෙන්ම මෙය (ඉතාමත්) හොඳ ඔවදනක් වන්නේය. එබැවින් කැමති අය තම දෙවියන් වෙත යා හැකි (මෙම) මාර්ගය ගත යුතුය.
۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِن ثُلُثَىِ ٱلَّيْلِ وَنِصْفَهُۥ وَثُلُثَهُۥ وَطَآئِفَةٌۭ مِّنَ ٱلَّذِينَ مَعَكَ ۚ وَٱللَّهُ يُقَدِّرُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنَ ٱلْقُرْءَانِ ۚ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَىٰ ۙ وَءَاخَرُونَ يَضْرِبُونَ فِى ٱلْأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ ٱللَّهِ ۙ وَءَاخَرُونَ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ فَٱقْرَءُوا۟ مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا ۚ وَمَا تُقَدِّمُوا۟ لِأَنفُسِكُم مِّنْ خَيْرٍۢ تَجِدُوهُ عِندَ ٱللَّهِ هُوَ خَيْرًۭا وَأَعْظَمَ أَجْرًۭا ۚ وَٱسْتَغْفِرُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۢ
(නබියේ!) නියත වශයෙන්ම ඔබත්, ඔබ සමග සිටින්නන්ගේ එක් සමූහයක්ද, සාමාන්‍යයෙන් රාත්‍රියෙන් තුනෙන් දෙකොටසක්, නැතහොත් අඩක්, නැතහොත් තුනෙන් එක් කොටසක කාලයක් (රාත්‍රියේ සලාතයෙහි) නැගී සිටිමින් සිටින්නෙහුය යන්න නියත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. රාත්‍රිය හා දහවල ගණන් ගැනීම අල්ලාහ්ටම කළ හැකිය. ඔබට එය නිසියාකාරව ගණන් ගැනීමට නොහැකිය යන්න ඔහු හොඳින් දැන, (සිටින බැවින්ම රාත්‍රියෙහි අසවල් කාලයෙහි මෙතරම් සලාත් කළ යුතුය යයි නියම කර නොපවසා) ඔබව ඔහු ක්ෂමා කර හැරියේය. එබැවින් (රාත්‍රියෙහි ඔබ සලාත් කරන්නේ නම්) කුර්ආනයෙහි ඔබට පහසු ප්‍රමාණයක් සමුදීරණය කරනු. (මන්දයත්) ඔබගෙන් අසනීපකාරයන් සිටිනු ඇතැයි යන්නද, වෙනත් සමහරෙක් අල්ලාහ්ගේ වරප්රසාදයන් (වන වස්තුව) සොයා භූමියෙහි විවිධ ප්‍රදේශයන්ට යාමට අවශ්‍යව තිඛෙනු ඇත යන්නද, තවත් සමහරෙක් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට යා යුතුව ඇත යන්නද, ඔහු හොඳින් දන්නේය. එබැවින් (ඔබගේ අවස්ථාවට සරිලන සේ වැඩි කර හෝ අඩු කර හෝ) ඔබට පහසු ප්‍රමාණයක්ම සමුදීරණය කරනු. (එහෙත්) සලාතය (අඩු නොකර නියමිත අන්දමට) එයින් පූරණ වශයෙන් සලාත් කරමින් සිටිනු. සකාත්ද (අඩු නොකර) ගෙවමින් සිටිනු. (මුදල් අමාරුකමේ පැටලූනු අයට) අල්ලාහ් වෙනුවෙන් ණය වශයෙන් -(එනම්) අලංකාරවත් ණය වශයෙන් ලබා දෙනු. පින් ඇති කාරණාවන්හි (කුමක් හෝ) ඔබ, ඔබ වෙනුවෙන් (ඔබගේ මරණයට පෙරම) කර යවන්නෝද, ඔවුන්ව ඔබ අල්ලාහ්ගේ සන්නිධානයෙහි දකින්නෙහිය. එයම (ඔබට) උසස් හා ඉමහත් වූ ඵලවිපාකද වන්නේය. (විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ් වෙත සමාවද ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.