Loading surah...
Back to Sinhala Quran
31 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰ عَلَى ٱلْإِنسَٰنِ حِينٌۭ مِّنَ ٱلدَّهْرِ لَمْ يَكُن شَيْـًۭٔا مَّذْكُورًا
සෑම මිනිසෙකුටම (ඔහු පිටතට පැමිණීමට) පෙර කාලයක් ගතවූයේ නැද්ද? (එහි) ඔහු අසවල් වස්තුව යයි කීමට නොමැති තත්වයක සිටියේය.
إِنَّا خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍ أَمْشَاجٍۢ نَّبْتَلِيهِ فَجَعَلْنَٰهُ سَمِيعًۢا بَصِيرًا
(පසුව පිරිමි, ගැහැනු) මිශ්‍ර වූ එක් ඉන්ද්රිය බිඳක් මගින් නියත වශයෙන්ම අපිම මිනිසාව උත්පාදනය කළෙමු. ඔහුව අපි පිරික්සීම පිණිසම සවණ් ඇති අය වශයෙන්ද, බැල්ම ඇති අය වශයෙන්ද, ඔහුව පත් කළෙමු.
إِنَّا هَدَيْنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرًۭا وَإِمَّا كَفُورًا
පසුව නියත වශයෙන්ම ඔහුට ඍජු මාර්ගයද, දැනුම් දුන්නෙමු. එහෙත් (එය අනුගමනය කර, අපට) කෘතඥ වන්නන්ද සිටින්නාහ. (එය) ප්‍රතික්ෂේප කර හරින්නන්ද සිටින්නාහ.
إِنَّآ أَعْتَدْنَا لِلْكَٰفِرِينَ سَلَٰسِلَا۟ وَأَغْلَٰلًۭا وَسَعِيرًا
ප්‍රතික්ෂේප කරන්නන්ට අපි දම්වැල්ද, විළංගුද, නිරයද, නියත වශයෙන්ම සැලසුම් කර තබා ඇත්තෙමු.
إِنَّ ٱلْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍۢ كَانَ مِزَاجُهَا كَافُورًا
හොඳ අය නම්, බඳුන් වල ඇති කපුරු මිශ්‍ර කළ පානයක් පානය කරන්නාහ.
عَيْنًۭا يَشْرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًۭا
(එය පෞද්ගලිකව) අල්ලාහ්ගේ (හොඳ) වහලූන්ට පානය කිරීම සඳහා ඇතිවුණු උල්පතක ජලය වන්නේය.
يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًۭا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًۭا
එය ඔවුන් (තමන් කැමති සෑම තැනකම) ගලන්නට සලස්වන්නේය. මොවුන් (තමන්ගේ) බාරහාරද ඉටු කළහ. දීර්ඝ දඬුවමේ දිනයටද බියෙන් සිටියහ.
وَيُطْعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسْكِينًۭا وَيَتِيمًۭا وَأَسِيرًا
හැරත් අල්ලාහ් කෙරෙහි වූ ආදරයේ හේතුවෙන් දුප්පතුන්ටද, අනාථයින්ටද, සිර ගතවූ අයටද, ආහාර ලබා දෙමින්ම සිටියහ.
إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءًۭ وَلَا شُكُورًا
(දානමාන ලබා ගන්නා අයට) “අපි ඔබට අහාර ලබා දෙන්නේ, අල්ලාහ්ගේ මුහුණ උදෙසාම මිස, ඔබ වෙතින් අපි කිසිම කුලියක් හෝ නැතහොත් (ඔබ අපට) කෘතඥ වීම හෝ අදහස් කළේ නැත” (යයිද)
إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًۭا قَمْطَرِيرًۭا
“නියත වශයෙන්ම අපි කෝපයෙන් යුතු මුහුණින් දත්මිටි කමින් විදිණු ලබන අප දෙවියන් වෙත ඇති එක් දිනයක් ගැන බිය වන්නෙමු” (යයිද පවසමින් සිටියහ)
فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلْيَوْمِ وَلَقَّىٰهُمْ نَضْرَةًۭ وَسُرُورًۭا
එබැවින් අල්ලාහ් එවැනි දිනයක විපත්වලින් ඔවුන්ව බේරාගෙන ඔවුන්ගේ මුහුණෙහි සන්තෝෂයද, සිරියාවද ලබා දුන්නේය.
وَجَزَىٰهُم بِمَا صَبَرُوا۟ جَنَّةًۭ وَحَرِيرًۭا
තවද ඔවුන් මෙලොව (අමාරුකම්) විඳ දරාගෙන සිටි හේතුවෙන් ස්වර්ගයද, (හැඳ ගැනීමට) පට ඇඳුම්ද ඔවුන්ට ඵලවිපාක වශයෙන් ලබා දුන්නේය.
مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًۭا وَلَا زَمْهَرِيرًۭا
(ඔවුන්) එහි ඇති සිංහාසනයන්හි (ඇති පුළුන් කොට්ට මත) හාන්සි වී සිටිනු ඇත. එහි සූර්ය උෂ්ණත්වයද, පින්නෙහි දරුණු ශීතයද දකින්නේ නැත.
وَدَانِيَةً عَلَيْهِمْ ظِلَٰلُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًۭا
එහි ඇති (ගස්වල) සෙවණ ඔවුන්ව ආවරණය කරගෙන සිටිනු ඇත. ඒවායෙහි පලතුරු (පහසුවෙන් කඩා ගත හැකි අන්දමට ඔවුන් ඉදිරියේ) පහත් වී තිඛෙණු ඇත.
وَيُطَافُ عَلَيْهِم بِـَٔانِيَةٍۢ مِّن فِضَّةٍۢ وَأَكْوَابٍۢ كَانَتْ قَوَارِيرَا۠
(විවිධ වර්ගයේ රසවත් පානයන්ගෙන් පිරි) පළිඟූ බඳුන්ද, රිදී කුසලානද, ඔවුන් ඉදිරියේ කැරකෙමින්ම ඇත.
قَوَارِيرَا۟ مِن فِضَّةٍۢ قَدَّرُوهَا تَقْدِيرًۭا
(ඒවා පළිඟූ නොව. එහෙත්) පළිඟූ මෙන් රිදියෙන් (ඔවුන්ගේ අවශ්‍යතාවයට) සරිලන සේ නිර්මාණය කරනු ලැබ ඇත්තේය.
وَيُسْقَوْنَ فِيهَا كَأْسًۭا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا
(ඉඟූරු මිශ්‍ර) සන්ජබීල් නමැති (ඉතාමත් උසස්) පානයක්ද, එහිදී ඔවුන්ට පානය කිරීමට සලස්වනු ලැබේ.
عَيْنًۭا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًۭا
එය එහි ඇති එක්තරා උල්පතක ජලයයි. එයට සල්සබීල් යයිද හඳුනවනු ලැබේ.
۞ وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًۭا مَّنثُورًۭا
කවදත් වෙනස් නොවන තරුණ වියේ අය, ඔවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දුටුවහොත් විසිරුණු මුතු මෙන්ම ඔවුන්ව සලකන්නෙහිය.
وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًۭا وَمُلْكًۭا كَبِيرًا
තවත් අවධානය කර බැලූවහොත් ඉමහත් රජ මාලිගාවන්හි ඇති සුඛෝපභෝගී සියල්ල (එහිදී) ඔබ දකින්නෙහිය.
Page 1 of 2 (31 ayahs)