Loading surah...
Back to Sinhala Quran
17 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
අහස මතද, අළුයම් තාරකාව මතද, සත්තකින්ම!
وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ
(නබියේ!) අළුයම් තාරකාව කිමෙක්දැයි ඔබ දන්නෙහිද?
ٱلنَّجْمُ ٱلثَّاقِبُ
(එය) ගිණි දැල් විහිදුවන තාරකාවකි.
إِن كُلُّ نَفْسٍۢ لَّمَّا عَلَيْهَا حَافِظٌۭ
සෑම මිනිසෙකු වෙතම (අප විසින් ඇති කරන ලද) අවධානය කළ හැකි කෙනෙකු නැත්තේ නොවේ.
فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ مِمَّ خُلِقَ
එබැවින් මිනිසා (තමන්) කුමක් නිසා උත්පාදනය කරනු ලැබ ඇත්තේදැයි පොඩියක් අවධානය කර බැලිය යුතුය.
خُلِقَ مِن مَّآءٍۢ دَافِقٍۢ
(ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම උත්පාදනය කරනු ලැබුවේය.
يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ
එය කොඳු ඇටවලටද, ඉළ ඇටවලටද මධ්‍යයෙන් ඉකුත් වන්නේය.
إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌۭ
(මෙසේ උත්පාදනය කරනු ලබන) ඔහු, (මොහු මරණයට පත් වූ පසු මොහුට පණ දී) නැවත පණ ගැන්වීමටද, නියත වශයෙන්ම ඔහු බලසම්පන්නයෙකි!
يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ
කුමන දිනකදී සියලූ ගුප්ත දැයද එළිදරව් වී යන්නේද-
فَمَا لَهُۥ مِن قُوَّةٍۢ وَلَا نَاصِرٍۢ
(එදිනදී) මිනිසාට කිසිම ශක්තියක් ඇත්තේ නැත. උදව් කරන්නන්ද ඇත්තේ නැත.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ
වර්ෂාව වසිනා අහස මතද,
وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ
(පැළෑටි, ගස්වැල් ආදිය වැඩෙන්නට) පුපුරණ භූමිය මතද,
إِنَّهُۥ لَقَوْلٌۭ فَصْلٌۭ
සත්තකින්ම! ඇත්තෙන්ම මෙය (පින් පව් දෙක) වෙන්කර දැන්විය හැකි පොරොන්දුවකි.
وَمَا هُوَ بِٱلْهَزْلِ
මෙය පුහු සමච්චල් (වදනක්) නොව.
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًۭا
(නබියේ!) නියත වශයෙන්ම ඔවුන් (ඔබට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නාහ.
وَأَكِيدُ كَيْدًۭا
මමද (ඔවුන්ට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නෙමි.
فَمَهِّلِ ٱلْكَٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا
එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට (එතෙක්) ඔබ අවකාශයක් ලබා දෙනු. (අධික වශයෙන් නොව). ඉතාමත් සුළු අවකාශයක් ලබා දෙනු.