Loading surah...
Back to Sinhala Quran
19 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى
(නබියේ!) ඉතාමත් ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඔබ ප්‍රශංසා කර සුවිශුද්ධ කරනු මැනව!
ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ
ඔහුම (සියලූ උත්පාදනයන්ම) උත්පාදනය කර (ඒවා නියමිත අන්දමට) සැලසුම් කළ අයයි.
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ
ඔහුව (ඒවාට අවශ්‍ය සියලූ දැය) මනක්කල්පිත කර (ඒවා ලැබිය හැකි) මාර්ගයන්ද (ඒවාට) දැනුම් දුන්නේය.
وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ
ඔහුම (ගමේ සතුන්ට) උලෑ කෑමට අවශ්‍ය දැයද ඉකුත් කරන්නේය.
فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ
පසුව ඒවා වියළී ගිය පඞරැල් බවට පත් කරන්නේය.
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ
(නබියේ! මෙම කුර්ආනය) අපි ඔබට සමුදීරණය කිරීමට උගන්වන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, (එහි කිසිම දැයක්) ඔබ අමතක කරන්නේ නැත.
إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ
නියත වශයෙන්ම ඔහු සැඟවී ඇති දැයද, පිටත පෙනුමට ඇති දැයද හොඳින් දන්නේය.
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ
පහසු වූ (ධර්මය) අපි ඔබට පහසු කර ලබා දෙන්නෙමු.
فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ
එබැවින් හොඳ ඔවදන් (ජනයාට) ප්‍රයෝජනවත් වන තුරු ඔබ දේශනා කරමින්ම සිටිනු.
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ
නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නේද, ඔහු (මෙමගින්) හොඳ දැනුමක් අත් කර ගන්නේය.
وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى
අභාග්‍යවන්තයා නම්, මෙයින් ඈත් වී යන්නේය.
ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ
(එහෙත්) ඔහු (නිරයේ) ඉමහත් ගින්න අත් කර ගන්නේය.
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
පසුව එහි ඔහු මරණයට පත් වන්නේද නැත. (සැපසේ) ජීවත් වන්නේද නැත.
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ
කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) පරිශුද්ධවන්තයෙකු වන්නේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය.
وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ
ඔහු තම දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින්ද, නමදිමින්ද සිටින්නේය.
بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا
එහෙත් ඔබ නම්, (පරලොව අත්හැර දමා) මෙලොව ජීවිතය තෝරා ගත්තෙහුය.
وَٱلْءَاخِرَةُ خَيْرٌۭ وَأَبْقَىٰٓ
පරලොව ජීවිතයම ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක්ද වන්නේය.
إِنَّ هَٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ
නියත වශයෙන්ම මෙය පෙර තිබූ ආගම්වලද-
صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ
ඉබ්රාහීම් හා මූසාගේ ආගම්වලද ඇත්තේය.