Loading surah...
Back to Sinhala Quran
8 Ayahs • Medinan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لَمْ يَكُنِ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ وَٱلْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلْبَيِّنَةُ
ධර්මය හිමි අයගෙන්ද, සමානයන් තබා නමදින්නන්ගෙන්ද, (මෙය) ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්ද බොහොමයක් දෙනා තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණෙන තුරු (යම්කිසි සාධකයක් පැමිණියහොත් මෙය අනුගමනය කළ යුතුය යයි හොඳ අදහසින්) ඈත් නොවී (ස්ථීරව) සිටියහ.
رَسُولٌۭ مِّنَ ٱللَّهِ يَتْلُوا۟ صُحُفًۭا مُّطَهَّرَةًۭ
(ඔවුන් වෙත පැමිණ ඇති පැහැදිලි සාධකයා කවුරුන්දයත්, ඔවුන්ට) පරිශුද්ධ වූ ධර්මයන් සමුදීරණය කර පෙන්විය හැකි අල්ලාහ්ගේ (මෙම) දූතයාය.
فِيهَا كُتُبٌۭ قَيِّمَةٌۭ
(ඔහු කියවා පෙන්වන) එහි ස්ථීර වූ නීති රීතිම සටහන් කරනු ලැබ ඇත්තේය.
وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَةُ
(ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඔහුව අනුගමනය කිරීම සඳහා යයි පවසමින් සිටි) ධර්මය හිමි අය, තමන් වෙත පැහැදිලි සාධකයා (ආදී අපගේ දූතයා) පැමිණි පසු (ඔහුට) වෙනස්කම් කරන්නාහ.
وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُؤْتُوا۟ ٱلزَّكَوٰةَ ۚ وَذَٰلِكَ دِينُ ٱلْقَيِّمَةِ
(එහෙත් ඔවුන්ට නම්), දෙවියන්ගේ මිශ්‍ර නොවුන ධර්මයම අනුගමන කර, (අනිත් ධර්මයන්) ප්‍රතික්ෂේප කර, අල්ලාහ් එක් කෙනෙකුවම නැමද, සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා සිටින මෙන් මිස, (වෙන කිසිවක් මෙම දූතයා මගින්) අණ කරනු ලැබුවේ නැත. (මෙය ඔවුන්ගේ ධර්මයෙහිද අණ කරන ලද කාරණාවකි). මෙයම ස්ථීර වූ (නීති රීති වලින් යුත්) ධර්මයයි.
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ وَٱلْمُشْرِكِينَ فِى نَارِ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ ۚ أُو۟لَٰٓئِكَ هُمْ شَرُّ ٱلْبَرِيَّةِ
එබැවින් ධර්මය හිමි අයගෙන්ද, සමානයන් තබා නමදින්නන්ගෙන්ද, (මෙම නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අයගෙන්ද) කවුරුන් (ඔහුව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම නිරා ගින්නෙහිම සිටින්නාහ. එහි ඔවුන් සදාකල්ම රැඳී සිටින්නාහ. මෙවැන්නන්ම උත්පාදනයන් සියල්ලගෙන් ඉමහත් නපුරන්ය.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ
එහෙත් (මෙම නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අයගෙන්) කවුරුන් (ඔහුව) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම උත්පාදනයන් සියල්ලගෙන් ශ්රේෂ්ඨයන්ය.
جَزَآؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّٰتُ عَدْنٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ رَبَّهُۥ
ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඇති ස්ථීර වූ ස්වර්ගයන් වන්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින්ම තිඛෙණු ඇත. සදාකල්ම ඔවුන් ඒවායෙහි රැඳී සිටිනු ඇත. අල්ලාහ්ද ඔවුන් ගැන තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද අල්ලාහ් ගැන තෘප්තියට පත් වන්නාහ. කවුරුන් තම දෙවියන්ට බිය වන්නෝද, ඔවුන්ටම (මෙවැනි භාග්‍යය ලැඛෙන්නේය).