Loading surah...
Back to Sinhala Quran
8 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا
බලවත් භූමි කම්පාව ඇති වී-
وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا
භූමිය, තමන් උසුළාගෙන සිටින දැය (සියල්ල පිටතට) වීසි කර දමන අවස්ථාවේදී-
وَقَالَ ٱلْإِنسَٰنُ مَا لَهَا
මිනිසා (තිගැස්සී) මෙයට කුමක් නම් සිදු වී ඇත්ද? (කුමක් නිසා මෙසේ වෙව්ලන්නේද?)’යි විමසනු ඇත.
يَوْمَئِذٍۢ تُحَدِّثُ أَخْبَارَهَا
එදිනදී එය තම කාරණාවන් (සියල්ල) දැනුම් දෙනු ඇත.
بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا
මන්දයත් (මෙසේම) ඔබගේ දෙවියන් වහී මගින් තමන්ට නියෝග කළේය (යයි කියනු ඇත).
يَوْمَئِذٍۢ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًۭا لِّيُرَوْا۟ أَعْمَٰلَهُمْ
එදිනදී මිනිසුන් (හොඳ හෝ නරක හෝ) තමන්ගේ විපත් දකිනු පිණිස (විවිධ කොටස් වශයෙන් ඛෙදී) සමූහ සමූහයන් වශයෙන් (විනිශ්චය සඳහා) පැමිණෙනු ඇත.
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًۭا يَرَهُۥ
එබැවින් කවුරුන් එක් අනු ප්රමාණයක් හෝ පිනක් කර තිබුණේ නම්, ඔහු (එහිදී) එය දැක ගන්නේය.
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍۢ شَرًّۭا يَرَهُۥ
(එසේම) කවුරුන් එක් අනු ප්රමාණයක් හෝ පාපයක් කර තිබුනේද එයද ඔහු (එහිදී) දැක ගන්නේය.