Loading surah...
Back to Sinhala Quran
109 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْحَكِيمِ
අලිෆ්. ලාම්. රා. මේවා ඥානයෙන් පිරි මෙම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය.
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَآ إِلَىٰ رَجُلٍۢ مِّنْهُمْ أَنْ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ ٱلْكَٰفِرُونَ إِنَّ هَٰذَا لَسَٰحِرٌۭ مُّبِينٌ
(නබියේ!) මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවන මෙන් (මිනිස් වර්ගයාට අයත්) ඔවුන්ගෙන් කෙනෙකුට වහී මගින් අපි නියෝග කරන්නේ නම්, මෙම මිනිසුන්ට පුදුමයක් වශයෙන් ඇත්තේද? (නබියේ!) ඇත්තෙන්ම විශ්වාසය තැබූවන්ට තම දෙවියන්ගේ සන්නිධානයෙන් ඉමහත් වූ පදවීන් ඇතැයි ශුභාරංචි දෙනු මැනව! (එහෙත් මෙසේ පවසන ඔබ ගැන) “නියත වශයෙන්ම මොහු පැහැදිලි සූනියම්කරුවෙකුය” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ.
إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ يُدَبِّرُ ٱلْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعْدِ إِذْنِهِۦ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ
(මිනිසුනේ!) ඔබගේ දෙවියන් වන එම අල්ලාහ්ම අහස්ද භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජ්‍යය ස්ථාපිත කළේය. (මේවා සම්බන්ධයෙන් වූ) සියලූ කාරණාවන්ද ඔහුම සැලසුම් කර (පරිපාලනය කරමින්) සිටින්නේය. ඔහුගේ අනුමැතියෙන් තොරව (ඔබ වෙනුවෙන් ඔහු වෙත) මැදිහත් වී කතා කරන්නන් කිසිවෙකුත් නැත. එම අල්ලාහ්ම ඔබව උත්පාදනය කර පෝෂණය කරන්නාය. එබැවින් ඔහුවම (ඔහු එක් කෙනෙකුවම) ඔබ නමදිනු. (හොඳ හැඟීමක් ලබා ගැනීමට මේවා ගැන) ඔබ සිතා බැලිය යුතු නොවේද?
إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّا ۚ إِنَّهُۥ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ بِٱلْقِسْطِ ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ شَرَابٌۭ مِّنْ حَمِيمٍۢ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ
(තවද මරණයෙන් පසුවද), ඔබ සියල්ලන්ම ඔහු වෙතම යා යුතුව ඇත්තේය. අල්ලාහ්ගේ (මෙම පොරොන්දුව සත්‍යයකි. නියත වශයෙන්ම ඔහුම උත්පාදනයන් පළමු වතාවටද උත්පාදනය කරන්නේය. (මරණයට පත් වීමෙන් පසු, නැවත වරක්ද) ඔවුන්ට පණ දී ඔවුන්ගේ විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අයට සාධාරණ ලෙස (හොඳ) ඵලවිපාක ලබා දෙන්නේය. (මෙය) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට පැසී (උතුරණ) ලෝදිය (පරලොවදී) බීමට ලැඛෙනු ඇත. තවද (මෙය) ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුව නිසා (ඔවුන්ට) ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءًۭ وَٱلْقَمَرَ نُورًۭا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلْحَقِّ ۚ يُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ
ඔහුම සූයදැයා (දීප්තිමත් ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත් කර අවුරුදු සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාවන්ද මනක්කල්පිත කළේය. සත්‍යය වූ (නියමිත) කාරණාවක් නොමැතිව මේවා අල්ලාහ් උත්පාදනය කළේ නැත. දැන ගත හැකි ජනතාව වෙනුවෙන් (තම බලසම්පන්නකමට අයත්) සාධකයන් (මෙසේ) විවරණය කරන්නේය.
إِنَّ فِى ٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَّقُونَ
රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, අහස්හිද, භූමියෙහිද අල්ලාහ් උත්පාදනය කර ඇති දැයෙහිද, භය භක්තියෙන් යුතු ජනතාවට (හැඟීමක් ලබා දිය හැකි) බොහෝ සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය.
إِنَّ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا وَرَضُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱطْمَأَنُّوا۟ بِهَا وَٱلَّذِينَ هُمْ عَنْ ءَايَٰتِنَا غَٰفِلُونَ
නියත වශයෙන්ම කවුරුන් අපගේ හමුවීම (පොඩියක් හෝ) විශ්වාස නොකර මෙලොව ජීවිතයම ආශා කර එමගින්ම සෑහීමට පත් වී (එහිම ගැලී) ගියෝද ඔවුන්ද, තවත් කවුරුන් අපගේ ආයාවන් (ප්‍රතික්ෂේප කර) දමා නොසැලකිලිමත්ව සිටින්නෝද ඔවුන්ද (ආදී) -
أُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُوا۟ يَكْسِبُونَ
මෙවැන්නන් සොයා ගත් (නපුරු) විපත් වල හේතුවෙන් මොවුන් රැෙඳන ස්ථානය නිරයයි.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَٰنِهِمْ ۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ
නියත වශයෙන්ම කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ව දෙවියන් ඔවුන්ගේ විශ්වාසයෙහි හේතුවෙන් ජල දහරා සදා ගලමින් ඇති ඉමහත් සැපතක් ගෙන දෙන ස්වර්ගයට අයත් මාර්ගයෙහි ඇතුළු කරන්නේය.
دَعْوَىٰهُمْ فِيهَا سُبْحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌۭ ۚ وَءَاخِرُ دَعْوَىٰهُمْ أَنِ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ
ඒවායෙහි ඔවුන් (ඇතුළු වූ වහාම) “අපගේ අල්ලාහ් දෙවියන් වහන්ස! ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. (ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි)” යයි පවසන්නාහ. එහි (තමන්ගේ මිතුරන්ව හමු වන සෑමවිටම) “සලාමුන් (අලෙයිකුම්)” යයි ශූභ පැතුම් කරන්නාහ. අවසානයේදී “ප්‍රශංසා සියල්ල සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධනය කර, පරිපාලනයකරන්නා වූ අල්ලාහ්ටම අයිතිය” යයි (ප්‍රශංසා කර) සුවිශුද්ධ කරමින් සිටින්නාහ.
۞ وَلَوْ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسْتِعْجَالَهُم بِٱلْخَيْرِ لَقُضِىَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ
පින් අයිති කර ගැනීමට (ඔවුන්) ඉක්මන් කරන්නාක් මෙන් අල්ලාහ්ද (වැරදි කළ) මිනිසුන්ට හානියක් කිරීමට ඉක්මන් වුවහොත්, (මේ වන විටත්) නියත වශයෙන්ම ඔවුන්ගේ කාලය ඔවුන්ට අවසන් වී ඇත්තේය. එහෙත් (පරලොව) අපගේ හමුවීම (පොඩියක් හෝ) විශ්වාස නොකළ අයද, ඔවුන්ගේ දුර්මාර්ගයෙහිම දඟලමින් ඒ මේ අත ඉල්ලා ඇවිදින්නට (මෙලොවෙහි ටික කලකට) අපි අත්හැර දමන්නෙමු.
وَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوْ قَاعِدًا أَوْ قَآئِمًۭا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمْ يَدْعُنَآ إِلَىٰ ضُرٍّۢ مَّسَّهُۥ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ
මිනිසුන්ට යම්කිසි විපතක් සිදු වුවහොත් (එය පහ කරන මෙන්) ඔහු තමන්ගේ (නිදා සිටින) යහනාවෙහිද, වාඩි වී සිටියදීද, (සිටගෙන) සිටින තත්වයෙහිද, අප වෙතම ප්‍රාර්ථනා කරන්නේය. නමුත් ඔහුගේ දුක් කරදරය අපි ඔහුගෙන් පහ කර හැරියහොත් නම්, ඔහු තමන්ට සිදු වූ විපත පහ කරන මෙන් අප වෙත ප්‍රාර්ථනා කළේම නැත්තාක් මෙන් (ප්‍රතික්ෂේප කර) යන්නේය. සීමාව ඉක්මවා යන්නන්ට ඔවුන් කරන කාරණාවන් මෙසේ අලංකාරවත් කර හැරියේය.
وَلَقَدْ أَهْلَكْنَا ٱلْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا۟ ۙ وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ وَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ
(මිනිසුනේ!) ඔබට පෙර විසූ බොහොමයක් පරම්පරාවන්වඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් නියත වශයෙන්ම අපි විනාශ කර දැමුවෙමු. ඔවුන් වෙත (අප විසින්) යවනු ලැබූ ඔවුන්ගේ දූතයින් පැහැදිලි සාධකයන්ම ගෙන ආවාහ. එහෙත් (ඒවා) ඔවුන් විශ්වාස කළේ නැත. වැරදි කරන අනිත් ජනතාවටද මේ අන්දමටම අපි ඵලවිපාක (ලබා දී දඬුවම්) කරමු.
ثُمَّ جَعَلْنَٰكُمْ خَلَٰٓئِفَ فِى ٱلْأَرْضِ مِنۢ بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ
ඔවුන්ගෙන් පසු අපි ඔබව (ඔවුන්ගේ) භූමියට අධිපතීන් වශයෙන් (පත් කර), ඔබ කෙසේ කටයුතු කරන්නේද යන්න අවධානය කර බලමින් සිටින්නෙමු.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَاتُنَا بَيِّنَٰتٍۢ ۙ قَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا ٱئْتِ بِقُرْءَانٍ غَيْرِ هَٰذَآ أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِىٓ أَنْ أُبَدِّلَهُۥ مِن تِلْقَآئِ نَفْسِىٓ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۖ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ
(කළින් විනාශ වී ගිය අයගේ ස්ථානයෙහි වාඩි වීමට සලස්වනු ලැබූ) මොවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් (පරලාවදී) අපව හමුවීම විශ්වාස නොකළ මොවුන් (ඔබට) “මෙය නොවන වෙනත් කුර්ආනයක් ඔබ ගෙන එනු. නැතහොත් (අපගේ කැමැත්තට අනුව) මෙය වෙනස් කර දමනු” යයි පවසන්නාහ. (එයට ඔවුන්ට “ඔබගේ කැමැත්ත වෙනුවෙන්) මම ම (මගේ කැමැත්තට අනුව) වෙනස් කර හැරීමට මට කිසිම ශක්තියක් නැත. වහී මගින් මා හට දැනුම් දෙන ලද දැය හැර, (වෙන කිසිවක්) මා අනුගමනය කිරීමට දැයක් නැත. මගේ දෙවියන්ට මා වෙනස්කම් කළහොත් ඉමහත් වූ දිනයේ දඬුවමට (ලක් වීමට සිදු වනු ඇතැයි) නියත වශයෙන්ම මා බිය වන්නෙමි” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!.
قُل لَّوْ شَآءَ ٱللَّهُ مَا تَلَوْتُهُۥ عَلَيْكُمْ وَلَآ أَدْرَىٰكُم بِهِۦ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًۭا مِّن قَبْلِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ
(තවද) ඔබ මෙසේ පවසනු: (ඔබ වෙනුවෙන් මා මෙය සමුදීරණය කර නොපෙන්විය යුතුය යයි) අල්ලාහ් අදහස් කළේ නම්, මා මෙය ඔබට සමුදීරණය කර පෙන්වා ඇත්තේද නැත. ඔහු ඔබට මෙය දැනුම් දී ඇත්තේද නැත. නියත වශයෙන්ම මා මීට පෙරද දීර්ඝ කාලයක් ඔබත් සමග වාසය කර ඇත්තෙමි (නොවෙද? මා බොරු කියන්නෙකු නොව යන්න ඔබ හොඳින් දන්නෙහුය. මෙතරම් දැයක් වත්) ඔබට දැන ගත නොහැකිද?”
فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْمُجْرِمُونَ
අල්ලාහ් කෙරෙහි බොරු කියන්නාට වඩා හෝ නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නාට වඩා හෝ අපරාධකරුවා කවරෙක්ද? නියත වශයෙන්ම (මෙවැනි) වැරදිකරුවන් ජයග්‍රහණය කරන්නේම නැත.
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِ ۚ قُلْ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ
(සමානයන් තබන්නන්) තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කරන්නට නොහැකි අල්ලාහ් නොවන දැය නමදින අතර “මේවා අල්ලාහ් වෙත අප වෙනුවෙන් මැදිහත් වන දැයයි” යයිද පවසන්නාහ. (එබැවින් නබියේ! ඔබ ඔවුන්ට) “අහස්හිද, භූමියෙහිද අල්ලාහ් නොදන්නා දැයක් (ඇත්තේද?) ඒවා, (මේවා මගින්) ඔබ ඔහුට දැනුම් දෙන්නෙහුද? (ඔහු නම්, සියල්ල හෙඳින් දන්නෙකි). ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි” යයි පවසනු.
وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةًۭ وَٰحِدَةًۭ فَٱخْتَلَفُوا۟ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ
මිනිසුන් සියල්ලන්ම (ආරම්භයේදී එකම ධර්මයක් අනුගමනය කරන) එකම සමූහයක් වශයෙන් සිටියහ. පසුව (තමන් තුළ ඇති වූ ඊර්ෂ්‍යාවේ හේතුවෙන් විවිධ සමූහයන් වශයෙන්) ඛෙදී ගියහ. (අපරාධයට වූ ඵලවිපාක පරලොවදී පූරණ වශයෙන් දෙනු ලබන්නේය යයි නබියේ!) ඔබ දෙවියන්ගේ පොරොන්දුව දැනටමත් ඇති නොවුනේ නම්, ඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් ඔවුන්ගේ කාරණාව (මේ වන විටත්) අවසන් වී ඇත්තේය!
وَيَقُولُونَ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۖ فَقُلْ إِنَّمَا ٱلْغَيْبُ لِلَّهِ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ
තවද “(අපි කැමති ආකාරයට) කුමක් හෝ සාක්ෂියක් (දෙවියන්ගේ නබිවරයා වන) ඔහු කෙරෙහි ඔහුගේ දෙවියන් විසින් පහළ කළ යුතු නොවේද?” යයිද ඔවුන් පවසන්නාහ. එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “(ඔබ කැමති ප්‍රකාර සාක්ෂිය පහළ නොකර සිටීමට හේතුව ඔබට ගුප්ත දැයකි). ගුප්ත දැය සියල්ල අල්ලාහ්ටම අයත්ය. (එබැවින් එය ඔබ දැන ගැනීමට අදහස් කළහොත්) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමත් (ඔබගේ නපුරු වදනින් ඔබට කුමන වින්නැහියක් පැමිණෙන්නේද යන්න) ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමි”.
Page 1 of 6 (109 ayahs)