Loading surah...
Back to Sinhala Quran
129 Ayahs • Medinan
بَرَآءَةٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ
(විශ්වාසවන්තයිනි!) සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් වෙත ඔබ ගිවිසුම් කරගෙන සිටියෙහුද, ඔවුන් වෙතින් අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඈත් වූහ!
فَسِيحُوا۟ فِى ٱلْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍۢ وَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۙ وَأَنَّ ٱللَّهَ مُخْزِى ٱلْكَٰفِرِينَ
එබැවින් (සමානයන් තබා නමදින්නන්ට) “ඔබ (අද පටන්) මාස හතරක් දක්වා භූමියෙහි (මක්කාවෙහි ඕන තැනක) ඒ මේ අත ඇවිදින්නට හැකිය. නියත වශයෙන්ම ඔබට අල්ලාහ්ව පැරදවිය නොහැකිය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව අවමන් කරනු ඇත යන්නද, ඔබ ස්ථීර වශයෙන් දැන ගනු” (යයි නබියේ! ඔබ පවසනු මැනව!).
وَأَذَٰنٌۭ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦٓ إِلَى ٱلنَّاسِ يَوْمَ ٱلْحَجِّ ٱلْأَكْبَرِ أَنَّ ٱللَّهَ بَرِىٓءٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ۙ وَرَسُولُهُۥ ۚ فَإِن تُبْتُمْ فَهُوَ خَيْرٌۭ لَّكُمْ ۖ وَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّكُمْ غَيْرُ مُعْجِزِى ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلَّذِينَ كَفَرُوا۟ بِعَذَابٍ أَلِيمٍ
අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, සමානයන් තබා නමදින්නන් සමග (කර තිබුණු ගිවිසුමෙන්) නියත වශයෙන්ම ඈත් වූහ යන කාරණාව මෙම ඉමහත් වූ හජ් දිනදී අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ජනතාවට ප්‍රසිද්ධියේ දැනුම් දෙන්නාහ. එබැවින් සමානයන් තබා නමදින්ණෙනි! සමානයන් තැබීමෙන්ද, ප්‍රතික්ෂේප කිරීමෙන්ද) ඔබ ඈත් වුවහොත් එය ඔබටම ඉතාමත් හොඳය. (එසේ නොමැතිව) ඔබ ප්‍රතික්ෂේප කළහොත් නම්, නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ව පරාජය කර දැමීමට නොහැකිය යන්න ස්ථීර වශයෙන් දැන ගනු. (නබියේ! මෙම) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවමෙන් ඔබ ශුභාරංචි දෙනු මැනව!.
إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنقُصُوكُمْ شَيْـًۭٔا وَلَمْ يُظَٰهِرُوا۟ عَلَيْكُمْ أَحَدًۭا فَأَتِمُّوٓا۟ إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ
එහෙත් ඔබ ගිවිසුම් කර ගත් මෙම සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් (තමන්ගේ ගිවිසුමෙහි) කිසිවක් ඔබට අඩුපාඩුවක් නොකරද, ඔබට විරුද්ධව කිසිවෙකුටත් උදව් නොකරද සිටින්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ගිවිසුමෙහි එහි නියමිත වාරය දක්වා (කිසිම අඩුපාඩුවක් නොකර) පූරණය කර තබනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය.
فَإِذَا ٱنسَلَخَ ٱلْأَشْهُرُ ٱلْحُرُمُ فَٱقْتُلُوا۟ ٱلْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ وَخُذُوهُمْ وَٱحْصُرُوهُمْ وَٱقْعُدُوا۟ لَهُمْ كُلَّ مَرْصَدٍۢ ۚ فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَخَلُّوا۟ سَبِيلَهُمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ
(සෑම අවුරුද්දකම දුල්කඅදා, දුල්හජ්ජි, මුහර්රම්, රජබ් ආදී ශුද්ධ වූ මෙම මාස හතර තුළ යුද්ධ කිරීම තහනම්ය). ශුද්ධ වූ (මෙම) මාස (හතර) ගෙවී ගියහොත් සමානයන් තබන්නන්ව දුටු තැන කපා දමනු. ඔවුන්ව සිර ගත කරනු. ඔවුන්ව මුද්‍රා තබනු. සෑම සැඟවෙන ස්ථානයකම (ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්) ඔවුන් වෙනුවෙන් ඔබ සැඟවී සිටිනු. ඔවුන් (තමන්ගේ නපුරෙන්ද, ප්රතික්ෂේපයෙන්ද) පසුතැවිලි වී ඈත් වී (විශ්වාසය තබා) සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් ඔවුන්ව ඔබ අතරමගදී අත්හැර දමනු. (ඔවුන්ගේ කාරණාවෙහි හරස් නොවනු).නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَإِنْ أَحَدٌۭ مِّنَ ٱلْمُشْرِكِينَ ٱسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُۥ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْلَمُونَ
(නබියෙ!) සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් හෝ ඔබ වෙත ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව සපයනු. (ඔහු එය සවන් දී විශ්වාසය නොතැබුවහොත්) ඔහුව, ඔහුට ආරක්ෂාව සපයන (වෙනත්) ස්ථානයකට යවනු මැනව! මන්දයත් නියත වශයෙන්ම ඔවුන් දැනුම නැති ජනතාවක් වශයෙන් සිටින්නේය.
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمْ عِندَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۖ فَمَا ٱسْتَقَٰمُوا۟ لَكُمْ فَٱسْتَقِيمُوا۟ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ
අල්ලාහ් වෙතද ඔහුගේ දූතයා වෙතද සමානයන් තබා නමදින්නන්ගෙන් ගිවිසුමට කෙසේ නම් වැදගත්කමක් තිබිය හැකිද? එහෙත් ශුද්ධ වූ මස්ජිදය ඉදිරියේ ඔබ සමග ගිවිසුම් ඇති කර ගත් අය, (තමන්ගේ ගිවිසුමට අනුව) ඔබ සමග ස්ථීරව සිටින තුරු ඔබත් ඔවුන් සමග ස්ථීරවම සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය.
كَيْفَ وَإِن يَظْهَرُوا۟ عَلَيْكُمْ لَا يَرْقُبُوا۟ فِيكُمْ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ يُرْضُونَكُم بِأَفْوَٰهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَٰسِقُونَ
(එහෙත් ඔවුන් සමග) කෙසේ නම් (ගිවිසුම්) තිබිය හැකිද? ඔවුන්ව ඔබ ජයග්‍රහණය කළහොත් නම්, ඔබ (ඔවුන්ට) ඥාතීන් යන්නද, (ඔබටද,ඔවුන්ටද අතරේ ඇති) ගිවිසුමද ගණන් ගන්නේම නැත. තමන්ගේ කට (උත්තරය) මගින් (පමණක්) ඔබව තෘප්තියට පත් කරන්නාහ. නමුත් ඔවුන්ගේ හෘදයන් නම්, (ඔබගෙන්) ඈත් වන්නාහ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.
ٱشْتَرَوْا۟ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًۭا فَصَدُّوا۟ عَن سَبِيلِهِۦٓ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ
ඔවුන් අල්ලාහ්ගේ ආයාවන් සුළු මුදලකට විකුණා දමා, (ජනතාව) ඔහුගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහ. නියත වශයෙන්ම ඔවුන් කරන කාරණාවන් ඉතාමත් නපුරුය.
لَا يَرْقُبُونَ فِى مُؤْمِنٍ إِلًّۭا وَلَا ذِمَّةًۭ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُعْتَدُونَ
ඔවුන් කිසිම විශ්වාසවන්තයෙකු ගැනද (ඔහු තම) ඥාතීන් යන්නද, (ඔවුන් සමග කරගෙන ඇති) ගිවිසුමද, ගණන් ගන්නේම නැත. නියත වශයෙන්ම මෙවැන්නන්ම සීමාව ඉක්මවූවන්ය.
فَإِن تَابُوا۟ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ ۗ وَنُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ
ඔවුන් (තමන්ගේ ප්රතික්ෂේපයෙන් ඈත් වී) පසුතැවිලි වී සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් (ඔවුන්) ඔබගේ ධර්ම සහෝදරයින්ය. දැනුම ඇති ජනතාවට අපි (අපගේ) ආයාවන් (මෙසේ) විවරණය කරන්නෙමු.
وَإِن نَّكَثُوٓا۟ أَيْمَٰنَهُم مِّنۢ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا۟ فِى دِينِكُمْ فَقَٰتِلُوٓا۟ أَئِمَّةَ ٱلْكُفْرِ ۙ إِنَّهُمْ لَآ أَيْمَٰنَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ
(දිව්රා) ගිවිසුම් ඇති කර ගැනීමෙන් පසුවද ඔවුන් තමන්ගේ දිව්රුම් කඩ කර, ඔබගේ ධර්මය ගැනද, අඩුපාඩුකම් පවසමින් සිටියහොත් (නියත වශයෙන්ම) ප්‍රතික්ෂේප කරන්නන්ගේ (මෙවැනි) ප්‍රධානීන් සමග යුද්ධ කරනු. මන්දයත් ඔවුන්ගේ ගිවිසුමෙහි ස්ථීරත්වයක් නැත. (මෙවැනි නපුරෙන්) ඔවුන් ඈත් විය හැකිය.
أَلَا تُقَٰتِلُونَ قَوْمًۭا نَّكَثُوٓا۟ أَيْمَٰنَهُمْ وَهَمُّوا۟ بِإِخْرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ
තමන්ගේ සත්‍යය ගිවිසුම් කඩ කර, (අපගේ) දූතයාව (රටින්) පිටමං කිරීමට අදහස් කර, උත්සාහ කළ ජනතාව සමග ඔබ යුද්ධ කළ යුතු නොවේද? ඔවුන්ම (මෙවැනි නපුර) ඔබ වෙත පළමුවෙන්ම ආරම්භ කළහ. ඔවුන්ට ඔබ බිය වන්නෙහුද? (ඇත්තෙන්ම) ඔබ විශ්වාසවන්තයින් නම්, ඔබ බිය විය යුත්තා අල්ලාහ් (එක් කෙනෙකුම) පමණි.
قَٰتِلُوهُمْ يُعَذِّبْهُمُ ٱللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍۢ مُّؤْمِنِينَ
ඔබ ඔවුන් සමග යුද්ධ කරනු. ඔබගේ අත්වලින්ම අල්ලාහ් ඔවුන්ට දඬුවම් කර ඔවුන්ව අවමන් කර, ඔවුන්ව ඔබ කපා මරා දමන්නටද, ඔබට උදව් කර, විශ්වාසය තැබූ ජනතාවගෙන් හෘදයන්ට සහනයක්ද ලබා දෙනු ඇත.
وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ ٱللَّهُ عَلَىٰ مَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
(ඔවුන් කෙරෙහි) මොවුන්ගේ හෘදයන්හි (දෝංකාර දෙමින්) ඇති කෝපයද පහ කර හරිනු ඇත. අල්ලාහ් (ඔවුන්ගෙන්ද) තමන් අදහස් කරන්නන්ගේ සමාව ඉල්ලීම බාර ගන්නේය. මන්දයත් අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
أَمْ حَسِبْتُمْ أَن تُتْرَكُوا۟ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَلَمْ يَتَّخِذُوا۟ مِن دُونِ ٱللَّهِ وَلَا رَسُولِهِۦ وَلَا ٱلْمُؤْمِنِينَ وَلِيجَةًۭ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (ඇත්තෙන්ම හිත ඇතිවම) යුද්ධ කළ අය කවුරුන්ද යන්න අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාසවන්තයින්වද හැර, (වෙන කිසිවෙකුවත් තමන්ගේ) අභ්‍යන්තරය දැන ගන්නා මිතුරන් බවට (ඔබගෙන්) කිසිවෙකුත් ඇර ගත්තේ නැත යන්නද, (අල්ලාහ් ඔබව පිරික්සුමට ලක් කර) නොදැන, ඔබව අත්හැර දමනු ලබන්නෙහුය යයි අදහස් කළෙහුද? අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا۟ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلْكُفْرِ ۚ أُو۟لَٰٓئِكَ حَبِطَتْ أَعْمَٰلُهُمْ وَفِى ٱلنَّارِ هُمْ خَٰلِدُونَ
සමානයන් තබා නමදින මොවුන් තමන් ප්‍රතික්ෂේප කරන්නන්ම යයි (ප්‍රසිද්ධියේ) පවසමින් සිටින තුරු අල්ලාහ්ගේ නැමදුම්පළවල් පරිපාලනය කිරීමට ඔවුන්ට අයිතියක් නැත. ඔවුන්ගේ සෑම හොඳක්ම විනාශ කර දමනු ලැබීය. ඔවුන් සැමදා නිරයෙහිම රැඳී සිටිනු ඇත.
إِنَّمَا يَعْمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمْ يَخْشَ إِلَّا ٱللَّهَ ۖ فَعَسَىٰٓ أُو۟لَٰٓئِكَ أَن يَكُونُوا۟ مِنَ ٱلْمُهْتَدِينَ
කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිට, අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් බිය නොවීද සිටින්නෝද, ඔවුන්ම අල්ලාහ්ගේ නැමදුම්පළවල් පරිපාලනය කළ හැකි අය වන්නේය. මෙවැන්නන්ම ඍජු මාර්ගයෙහි සිටින බවට විශ්වාසය තැබිය හැකි අයයි.
۞ أَجَعَلْتُمْ سِقَايَةَ ٱلْحَآجِّ وَعِمَارَةَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ كَمَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَجَٰهَدَ فِى سَبِيلِ ٱللَّهِ ۚ لَا يَسْتَوُۥنَ عِندَ ٱللَّهِ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නන්ට සමාන වශයෙන්, (විශ්වාස නොකර සිටිමින්) හාජිවරුන්ට වතුර ලබා දෙන්නන්වද, ශුද්ධ වූ එම නැමදුම්පළට සේවය කරන්නන්වද, ඔබ පත් කළෙහුද? අල්ලාහ්ගේ සමූහයෙහි මොවුන් (මේ දෙදෙනා) සම වන්නේ නැත. අල්ලාහ් අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.
ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِندَ ٱللَّهِ ۚ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَآئِزُونَ
කවුරුන් විශ්වාසය තබා (තමන්ගේ) රටින් පිටමං වී අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර, යුද්ධ කරන්නෝද, ඔවුන් අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉමහත් වූ පදවි අත් කර ගත් අයයි. මෙවැන්නන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළ අයයි.
Page 1 of 7 (129 ayahs)