Loading surah...
Back to Sinhala Quran
123 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ كِتَٰبٌ أُحْكِمَتْ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ
අලිෆ්. ලාම්. රා. (මෙය) ධර්ම පුස්තකයයි. සියල්ල හොඳින් දැන සිටින ඥානයෙන් පිරි අය විසින් මෙහි ආයාවන් (විවිධ සාධකයන් මගින්) ස්ථාපිත කළ පසු, (පැහැදිලිව) විවරණය කරනු ලැබ ඇත්තේය.
أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۚ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌۭ وَبَشِيرٌۭ
(නබියේ! මිනිසුන්ට ඔබ මෙසේ පවසනු): “ඔබ අල්ලාහ් හැර (වෙන කිසිවෙකුව) නොනමදිනු. (විශ්වාසය නොතැබූවන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද, (විශ්වාසය තැබූවන්ට) ශුභාරංචි දෙන්නෙකු වශයෙන්ද, නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබ වෙතට පැමිණ ඇත්තෙමි.
وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍۢ فَضْلَهُۥ ۖ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ كَبِيرٍ
“ඔබ, ඔබගේ දෙවියන්ගේ පව් ක්ෂමාව ඉල්ලා (පාපයන්ගෙන් ඈත් වී) ඔහු දෙසට හැරෙනු. (එසේ කළහොත්) නියමිත (දීර්ඝ) කාලයක් දක්වා ඔබව හොඳ අන්දමට සැප සම්පත් විඳීමට සලස්වනු ඇත. දයාවෙන් පිරි සෑම කෙනෙකුටම (පරලොවදී) තම දයාව වැඩි වැඩියෙන් දෙනු ඇත. ඔබ (ඔහුව) ප්‍රතික්ෂේප කළහොත් ඉමහත් වූ දිනදී දඬුවම නියත වශයෙන්ම ළඟා වනු ඇතැයි මා බිය වන්නෙමි.
إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ
ඔබ අල්ලාහ් වෙතම පැමිණිය යුතුව ඇත්තේය. ඔහු සියල්ලකෙරෙහිම ඉතාමත් බලසම්පන්නයෙකි.
أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
(මෙම පාපතරයන් තම නපුරු සිතුවිලි) අල්ලාහ්ට සැඟවීම සඳහා (ඒවා) තම හෘදයන්හි (තබා) සඟවා ගැනීමට අදහස් කරන්නාහ යන්න (නබියේ! ඔබ)දැන ගනු (මැනව!) (නින්දට යන විට) ඔවුන් තමන්ගේ පොරවණය මගින් තමන්ව සඟවා ගන්නා තෙක් (එයට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද, ඔහු හොඳින් දන්නේය යන්න (ඔබ) දැන ගනු (මැනව!) නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති (රහස්) සියල්ල හොඳින් දන්නෙකි.
۞ وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّۭ فِى كِتَٰبٍۢ مُّبِينٍۢ
අල්ලාහ්, ආහාර සැපයීමට බාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නැත. ඒවා (ජීවත් වී) සිටින ස්ථානයද, ඒවා (මරණයට පත් වී) භූමදානය වන ස්ථානයද ඔහු දැනගෙනම සිටින්නේය. මේවා සියල්ල (ලව්හුල් මහ්ෆූල් නමැති ඔහුගේ) පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන්ව ඇත්තේය.
وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ
ඔහුම අහස්ද, භූමියද දින හයකදී උත්පාදනය කළේය. (ඒ අවස්ථාවේදී), ඔහුගේ අර්ෂ් ජලය මත (පාවෙමින්) තිබුණි. ඔබගෙන් දැහැමි ක්‍රියාවන් කරන්නෝ කවරෙක්දැයි ඔබව පිරික්සනු පිණිස, (ඔබවද, මේවාද ඔහු උත්පාදනය කළේය. නබියේ! ඔබ මිනිසුන්ගෙන්) “ඔබ මිය යාමෙන් පසු නියත වශයෙන්ම (පණ ලබා දී) නැගිට්ටවනු ලබන්නෙහුය” යයි පැවසුවහොත්, එයට (ඔවුන්ගෙන් වූ) ප්‍රතික්ෂේප කරන්නන් “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයි පවසන්නාහ.
وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍۢ مَّعْدُودَةٍۢ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
(ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන්) ඔවුන්ට (ලැබිය යුතු) දඬුවම සුළු කාලයක් ප්‍රමාද කළ අවස්ථාවේදී “එය වළක්වා දැමුවේ කුමක්ද?”යි (සමච්චලයෙන් මෙන්) විමසන්නාහ. ඔවුන් වෙත එය පැමිණෙන දිනදී ඔවුන්ගෙන් එය වළක්වා දැමීමට නොහැකිය යන්නද ඔවුන් සමච්චල් කරමින් සිටියහ. (දඬුවම) ඔවුන් සියල්ලන්වම වට කර ගන්නේය යන්නද ඔවුන් දැන ගත යුතු නොවේද?
وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةًۭ ثُمَّ نَزَعْنَٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌۭ كَفُورٌۭ
අපගේ වරප්රසාදයන් මිනිසුන් බුක්ති විඳින ලෙසට අපි සලස්වා පසුව එය ඔහුගෙන් අපි එය පහ කර හැරියහොත්, නියත වශයෙන්ම ඔහු විශ්වාසය බිඳී ඉමහත් කෙළෙහිගුණ නොදන්නෙකු බවට පත් වන්නේය.
وَلَئِنْ أَذَقْنَٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌۭ فَخُورٌ
ඔහුට සිදු වූ දුක් ගැහැට පහ කර, ඔහු සැපත බුක්ති විඳීමට අපි සැලැස්සුවහොත් එයට ඔහු “නියත වශයෙන්ම මගේ දුක් ගැහැට සියල්ල පහ වී ගියේය. (මින් පසුව ආපසු එන්නේ නැත)” යයි පවසන්නේය. මන්දයත් නියත වශයෙන්ම මිනිසා (ඉතා ඉක්මනින්) සතුටට පත් වන්නෙකු වශයෙන්ද, උඞඟූ බස් ෙදාඩන්නෙකු වශයෙන්ද සිටින්නේය.
إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ
එහෙත් ඔවුන් (දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසිලිමත්ව දැහැමි කාරණාවන් කරමින් සිටින්නෝද, ඔවුන්ට සමාවද ඇත. ඉමහත් ඵළවිපාකද ඇත.
فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌۭ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌ
(නබියේ! මෙම ධර්මය ඔවුන් හරිහැටි සවන් දෙන්නේ නැතැයි ඔබගේ සිත රිදී) ඔබට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයෙන් සමහර දැය අත්හැර දමන්නෙහිද? (යයි) “ඔවුන් වෙනුවෙන් එක් නිධානයක් පහළ කළ යුතු නොවේද?”යි ඔවුන්ගේ පැවසීම, ඔබට සිතෙහි රිදීමක් ඇති කළ හැකිය. (ඒ ගැන ඔබ දුක් නොවනු). නියත වශයෙන්ම ඔබ (ඔවුන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවක් නැත). සියල්ල පරිපාලනය කරන්නා අල්ලාහ්ය!
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍۢ مِّثْلِهِۦ مُفْتَرَيَٰتٍۢ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ
(අපගේ දූතයා වන) ඔහු එය බොරුවට මනක්කල්පිත කළේය යයි ඔවුන් පවසන්නෙහුද? (එසේ නම් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “මෙවැනි මනක්කල්පිත කරනු ලැබූ පරිච්ඡේදයන් දහයක්වත් ඔබ ගෙන එනු. අල්ලාහ් හැර, ඔබට පක්ෂපාතී වන සියල්ලන්වම (මේ වෙනුවෙන්) ආරාධනා කර (ඔබට සහායට) තබා ගනු. (ඇත්තෙන්ම මෙය මනක්කල්පිත යයි) ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම් (මෙසේ කළ හැකි නොවේද!)
فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
ඔවුන් (මෙසේ මනක්කල්පිත කර, බොරු ගොතා) ඔබට පිළිතුරු නොදුන්නහොත් (මෙය මිනිස් දැනුමට අයත් දැය නොව). නියත වශයෙන්ම අල්ලාහ්ගේ දැනුමෙන්ම (නිර්මාණය කර) පහළ කරනු ලැබූ දැයකි. ඔහු හැර නැමදුමට හිමි වෙන දෙවියෙකු නැත යන්නද (නියත වශයෙන්ම) දැන ගනු. (මින් පසුව හෝ) ඔබ (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වන්නෙහුද?
مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ
කවුරුන් හෝ මෙලොව ජීවිතයද, එහි අලංකාරයද, (පමණක්) කැමති වුවහොත් ඔවුන්ගේ ක්‍රියාවන්ට අයත් ඵලවිපාක මෙහිම (මෙලොවෙහිදීම) අපි පූරණ වශයෙන් ඔවුන්ට දෙන්නෙමු. එහි ඔවුන්ට අඩුපාඩුවක් කරනු නොලබන්නාහ.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ
(එහෙත්) පරලොවදී නම්, මෙවැන්නන්ට (නිරා) ගින්න මිස, වෙන කිසිවක් නැත. ඔවුන් කළ දැය සියල්ල මෙහිදී විනාශ වී ගියේය. ඔවුන් කරමින් සිටින දැයද නිශ්ඵල දැයයි.
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌۭ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةً ۚ أُو۟لَٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ
: කවුරුන් තම දෙවියන්ගේ (ශුද්ධ වූ කුර්ආනය නමැති) පැහැදිලි දැනුම ලබා ඇත්තෙහුද ඔවුන්ද, ඔවුන්ට දෙවියන් විසින් (ඊසාට) පහළ කරනු ලැබූ දැය (ඉන්ජීල්) සාක්ෂියක් වශයෙන් ඇත්තේද ඔවුන්ද, තවද ඔවුන්ට මෙයට පෙර පහළ කරනු ලැබූ මූසාගේ ධර්මය එක් මාර්ගෝපදේශයක් වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේද ඔවුන්ද, අනිවායදැයෙන්ම මෙම ධර්මයද විශ්වාස කරනු ඇත. (ඔවුන් වෙනුවෙන් වූ ඵලවිපාකය නම් ස්වර්ගයයි). මෙම පාර්ශවයන් (තුනෙන්) කවුරුන් මෙය ප්‍රතික්ෂේප කළා වුවද, ඔවුන්ට පොරොන්දු දෙන ලද ස්ථානය නිරයයි. එබැවින් (නබියේ!) ඔබ මෙහි පොඩියක් හෝ සැකයක් ඇති කර නොගනු. නියත වශයෙන්ම මෙය ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලද සත්‍ය (ධර්මය)යි! එහෙත් මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා (මෙය) විශ්වාස කරන්නේ නැත.
وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۚ أُو۟لَٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ
අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ට වඩා අපරාධකරුවන් කවරෙක්ද? එවැන්නන් (පරලොවදී) තම දෙවියන් ඉදිරියේ නවතා තබා “මොවුන් තමන්ගේ දෙවියන් මත බොරු ගොතා පැවසූ අයයි” යයි සාක්ෂිකරුවන් (සාක්ෂි) දරන්නාහ. මෙම අපරාධකරුවන් මත අල්ලාහ්ගේ ශාපය ඇත යන්න (නබියේ! ඔබ) දැන ගනු මැනව!
ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ
කවුරුන් අල්ලාහ්ගේ මාර්ගය වළක්වා එහි වැරැද්ද (සැකය)ද ඇති කරන්නට අදහස් කරන්නෝද, ඔවුන් පරලොවද ප්‍රතික්ෂේප කරන්නන්ය.
أُو۟لَٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ
මෙවැන්නන් භූමියෙහි (දිව ගොස් බේරී අල්ලාහ්ව) පරාජය කිරීමට නොහැක. අල්ලාහ් හැර, මොවුන්ට උදව් කරන්නන්ද නැත. (පරලොවදී නම්) මොවුන්ට දඬුවම දෙගුණ කරනු ලැබේ. (මොවුන්ගේ ඊර්ෂ්‍යාවේ හේතුවෙන් හොඳ වදන්) සවන් දීමට මොවුන් ශක්තියක් නොමැත්තන්ය. (ඍජු මාර්ගය) දකින්නේද නැත.
Page 1 of 7 (123 ayahs)