Loading surah...
Back to Sinhala Quran
111 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ
අලිෆ්. ලාම්. රා. මේවා පැහැදිලි වූ එම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය.
إِنَّآ أَنزَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ
(අරාබිවරුණි!) ඔබ හොඳින් දැන ගැනීම පිණිස කුර්ආනය නමැති මෙම (ධර්මය) නියත වශයෙන්ම අපිම (ඔබගේ) අරාබි භාෂාවෙන් පහළ කළෙමු.
نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَٰفِلِينَ
(නබියේ!) වහී මගින් අපි ඔබට දැනුම් දෙන මෙම කුර්ආනය මගින් ඉතිහාසයන්ගෙන් ඉතාමත් අලංකාරවත් එකක් ඔබට අපි පවසන්නෙමු. මෙයට පෙර නියත වශයෙන්ම ඔබ (මෙය) නොදැනුවත් කෙනෙකු වශයෙන්ම සිටියෙහිය.
إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّى رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ رَأَيْتُهُمْ لِى سَٰجِدِينَ
යූසුෆ් (නබි, යාකූබ් නබි වන) තමන්ගේ පියාට “මගේ පියාණෙනි! තාරකා එකොළහක්ද, සූයදැයාද, චන්ද්‍රයාද ඇත්තෙන්ම මා හට සුජූද් කරනු මා (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසූ අවස්ථාවේදී
قَالَ يَٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا ۖ إِنَّ ٱلشَّيْطَٰنَ لِلْإِنسَٰنِ عَدُوٌّۭ مُّبِينٌۭ
(යාකූබ් නබි, යූසුෆ් නබිට) “මගේ ආදරණීය පුතුනේ! ඔබ දුටු සිහිනය ඔබගේ සහෝදරයින්ට නොපවසනු. (එසේ පැවසුවහොත්) ඔවුන් ඔබට විපතක් කිරීමට කුමන්ත්‍රණ කරනු ඇත. මන්දයත් නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසුන්ට ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය. (කුමන්ත්‍රණ කරන මෙන් ඔවුන්ව මොහු පොළඹවන්නට ඉඩ ඇත)” යයි පැවසුවේය.
وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌۭ
තවද “(ඔබ සිහිනෙන් දුටු) මේ අන්දමටම ඔබගේ දෙවියන් ඔබව තෝරාගෙන, සිහිනයන්ගේ අර්ථ දැක්වීම්ද, ඔබට උගන්වා දී, ඔබ කෙරෙහිද, යාකූබ්ගේ (අනිත්) පවුලේ උදවිය කෙරෙහිද, ඔහු තමන්ගේ වරප්රසාදයන් පූරණය කර තබනු ඇත. මේ අන්දමටම මෙයට පෙර ඉබ්රාහීම්, ඉස්හාක් ආදී ඔබගේ මුතුන් මිත්තන් දෙදෙනා කෙරෙහිද (තමන්ගේ වරප්‍රසාදය වන) එය පූරණය කර තැබුවේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානය අයත් අයෙකු වශයෙන් සිටින්නේය” (යයිද පැවසුවේය).
۞ لَّقَدْ كَانَ فِى يُوسُفَ وَإِخْوَتِهِۦٓ ءَايَٰتٌۭ لِّلسَّآئِلِينَ
(නබියේ! සත්‍යය) විමසන්නන්ට නියත වශයෙන්ම යූසුෆ්ගේ (ඉතිහාසයෙහි)ද ඔහුගේ සහෝදරයින්ගේ (ඉතිහාසයෙහි)ද බොහොමයක් පාඩම් ඇත්තේය.
إِذْ قَالُوا۟ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ
(යාකූබ් නබි තම පුතුන් ෙදාළොස් දෙනාගෙන් යූසුෆ්වද, බුන්යාමීන්වද අධික වශයෙන් ආදරය කිරීම ගැන අවධානය කළ අනිත් පුතුන් ඊර්ෂ්‍යා කර) “අපි ශක්තිවන්තයින් වශයෙන් සිටියදී යූසුෆ්ද, ඔහුගේ සහෝදරයාද අපගේ පියාට අපට වඩා අධික වශයෙන් කැමැත්තට පාත්‍ර වූවන් වශයෙන් සිටින්නාහ. (මෙහි) අපගේ පියා නියත වශයෙන්ම ප්‍රකට වැරැද්දෙහි සිටින්නේය”.
ٱقْتُلُوا۟ يُوسُفَ أَوِ ٱطْرَحُوهُ أَرْضًۭا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا۟ مِنۢ بَعْدِهِۦ قَوْمًۭا صَٰلِحِينَ
“(එබැවින්) යූසුෆ්ව මරා දමනු. නැතහොත් භූමියෙහි කොහේ හෝ තැනකට පහ කර හරිනු. (ඉන් පසුව) ඔබගේ පියාගේ බැල්ම සම්පූර්ණයෙන්ම ඔබ දෙසටම හැරී සිටිනු ඇත! මින් පසුව ඔබ (දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන) හොඳ මිනිසුන් බවට පත් වනු” යයි පැවසූහ.
قَالَ قَآئِلٌۭ مِّنْهُمْ لَا تَقْتُلُوا۟ يُوسُفَ وَأَلْقُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمْ فَٰعِلِينَ
(එයට) ඔවුන්ගෙන් කෙනෙකු “යූසුෆ්ව ඔබ මරා නොදමනු. ඔබ (ඔහුට) යම්කිසි (විපතක්) අනිවායදැයෙන්ම කළ යුතුය යයි අදහස් කරන්නේ නම්, ගැඹුරු පාලූ ලිඳකට ඔහුව වීසි කර දමනු. මැඟියන් කවුරුන් හෝ ඔහුව (ලිෙඳන් එළියට) ගැනීමට ඉඩ ඇත” යයි පැවසුවේය.
قَالُوا۟ يَٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ
(පසුව ඔවුන් තමන්ගේ පියා වෙත පැමිණ) “අපගේ පියාණෙනි! කුමන කාරණාවක් නිසා යූසුෆ් ගැන ඔබ අපව විශ්වාස නොකරන්නෙහිද? අපි නම්, ඇත්තෙන්ම ඔහුට හොඳක්ම බලාපොරොත්තුවෙන් සිටින්නෙමු”.
أَرْسِلْهُ مَعَنَا غَدًۭا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
“හෙට දින ඔහුව අප සමග යවනු (මැනව!) ඔහු (කැලේ ඇති පලතුරු) අනුභව කරමින්ද, සෙල්ලම් කරමින්ද සිටිනු ඇත. නියත වශයෙන්ම අපි ඔහුව ආරක්ෂා කර ගන්නෙමු” යයි පැවසූහ.
قَالَ إِنِّى لَيَحْزُنُنِىٓ أَن تَذْهَبُوا۟ بِهِۦ وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَٰفِلُونَ
(එයට ඔහු) “ඔබ ඔහුව කැඳවාගෙන යාම මා හට දුකක් ඇති කරනු ඇත. තවද ඔබ (සෙල්ලම් කරමින්) ඔහුව අමතක කර දමා නොසැළකිලිමත්ව සිටින අවස්ථාවේදී වෘකයෙකු ඔහුට (පහර දී) කා දමනු ඇතැයි මා බිය වන්නෙමි” යයි ඔහු පැවසුවේය.
قَالُوا۟ لَئِنْ أَكَلَهُ ٱلذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّآ إِذًۭا لَّخَٰسِرُونَ
එයට ඔවුන් “ශක්තිවන්තයින් වන අපි සිටියදී ඔහුව වෘකයෙකු කා දමන්නේ නම්, නියත වශයෙන්ම අපි දුර්වලයන් බවට පත් වන්නෙමු නොවෙද?”යි පවසා (අනුමැතිය ලබා දීමට සලස්වා)
فَلَمَّا ذَهَبُوا۟ بِهِۦ وَأَجْمَعُوٓا۟ أَن يَجْعَلُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ ۚ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ
යූසුෆ්ව කැඳවාගෙන ගොස් ඔහුව ගැඹුරු පාළු ලිඳක වීසි කර දැමිය යුතුය යයිම ඔවුන් සියල්ලන්ම ඒකරාශී වී තීරණයක් කර ගනිමින් (වීසි කර) දැමූහ. “ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන (කලකදී) ඔබ ඔවුන්ට දැනුම් දෙන්නෙහිය. ඒ අවස්ථාවේදී ඔවුන් (ඔබව) දැන ගන්නේද නැත” යයි අපි යූසුෆ්ට වහී දැනුම් දුන්නෙමු.
وَجَآءُوٓ أَبَاهُمْ عِشَآءًۭ يَبْكُونَ
(එදා) හිරු අවරට ගිය පසු ඔවුන් තම පියා වෙත හඞමින් පැමිණ
قَالُوا۟ يَٰٓأَبَانَآ إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئْبُ ۖ وَمَآ أَنتَ بِمُؤْمِنٍۢ لَّنَا وَلَوْ كُنَّا صَٰدِقِينَ
“අපගේ පියාණෙනි! නියත වශයෙන්ම අපි යූසුෆ්ව අපගේ බඩු බාහිරාදිය සමග අත්හැර දමා (ඒ මේ අත) දිව (සෙල්ලම් කරමින් ඈත එපිටට) ගියෙමු. ඒ අවස්ථාවේදී ඔහුව වෘකයා (පහර දී) කා දැමුවේය. අපි (කොපමණ) සත්‍යය පැවසුවද, (එය) ඔබ විශ්වාස කරන්නේ නැත” යයි පැවසූහ.
وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍۢ كَذِبٍۢ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌۭ ۖ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ
තවද (තමන්ගේ පියාට පෙන්වීම සඳහා) ඔහුගේ කමිසයෙහි (එළුවෙකුගේ) බොරු ලේ පැල්ලමක් තවරාගෙනැවිත් (පෙන්)වූහ. (ලේ තැවරුනණු එම කමිසය නොඉරී තිබීම දැක “වෘකයා පහර දී කා දැමුවේ) නැත. ඔබගේ සිත් එක් (නපුරු) කාරණාවක් ඔබට අලංකාරවත් කර පෙන්වා හැරියේය. (ඒ අන්දමටම ඔබ කළෙහුය). එබැවින් (මෙම ශෝකය) විඳ දරා ගැනීමම අගනේය. ඔබ පවසන දැයෙන් (යූසුෆ්ව ආරක්ෂා කර ගන්නා මෙන්) අල්ලාහ් වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමි” යයි පැවසුවේය.
وَجَآءَتْ سَيَّارَةٌۭ فَأَرْسَلُوا۟ وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُۥ ۖ قَالَ يَٰبُشْرَىٰ هَٰذَا غُلَٰمٌۭ ۚ وَأَسَرُّوهُ بِضَٰعَةًۭ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَعْمَلُونَ
පසුව (ළිඳ අසළට) එක් සංචාරකයින් සමූහයක් පැමිණියහ. ඔවුන් තමන්ගෙන් කෙනෙකු (වතුර ගෙන ඒමට) යැවූහ. ඔහු තම බාල්දිය (ළිඳට) දැමුවේය. (යූසුෆ් එහි වාඩි වූවේය). යූසුෆ් එහි සිටිනු දැක “(ඔබට) සුභාරංචියකි! මෙන්න එක් (අලංකාරවත්) දරුවෙකු!” යයි (යූසුෆ්ව පෙන්වමින්) පැවසුවේය. (ඔහුව දුටු ඔවුන්, තම) වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් ඔහුව (පත් කර ගැනීමට අදහස් කරමින්) සඟවා ගත්හ. අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාව හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
وَشَرَوْهُ بِثَمَنٍۭ بَخْسٍۢ دَرَٰهِمَ مَعْدُودَةٍۢ وَكَانُوا۟ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ
(මේ අතර ඔහුගේ සහෝදරයින් එතැනට පැමිණ “මොහු බේරී පැන ආ අපගේ වහලෙකි” යයි පවසා ඔවුන් වෙතම) ඔහුව, ඔවුන් සුළු මුදලකට විකුණා දැමූහ. (මන්දයත් ඔහුගේ සහෝදරයින් වන) ඔවුන්, ඔහුව ඉතාමත් පිළිකුල් කරන්නන් වශයෙන්ම සිටියහ.
Page 1 of 6 (111 ayahs)