Loading surah...
Back to Sinhala Quran
43 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ۗ وَٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ
අලිෆ්. ලාම්. මීම්. රා. මේවා මෙම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය. (නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරනු ලබන මෙය සම්පුණයෙන්ම සත්‍යය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කරන්නේ නැත.
ٱللَّهُ ٱلَّذِى رَفَعَ ٱلسَّمَٰوَٰتِ بِغَيْرِ عَمَدٍۢ تَرَوْنَهَا ۖ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ يُدَبِّرُ ٱلْأَمْرَ يُفَصِّلُ ٱلْءَايَٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمْ تُوقِنُونَ
අහස් කුළුණු නොමැතිවම ඔසවන ලද්දේ අල්ලාහ්ය! එය ඔබ, (ඔබගේ ඇස්වලින්) දකින්නෙහුය. තවද අර්ෂ් මත ඔහු තම රාජ්‍ය්‍යය ස්ථාපිත කර ඇත්තේය. ඔහුම සූයදැයාද, චන්ද්‍රයාද තම පාලනය යටතේ තබා ඇත්තේය. (මේවා) සෑම දැයක්ම (ඒවාට) නියමිත කාල පරාසයට අනුව ගමන් කරමින් සිටින්නේය. (ඒවායෙහි සිදුවන) සියලූ කාරණාවන්ද ඔහුම සැලසුම් කරන්නේය. ඔබ (මරණයට පත් වූ පසු නැවත පණ ලැබී) ඔබගේ දෙවියන්ව හමු වීම ස්ථීර කර ගැනීම පිණිස (තමන්ගේ) ආයාවන් (මෙසේ ඔබට) විවරණය කර (දැනුම්) දෙන්නේය.
وَهُوَ ٱلَّذِى مَدَّ ٱلْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَٰسِىَ وَأَنْهَٰرًۭا ۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ ٱثْنَيْنِ ۖ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ
ඔහුම භූමිය දිග හැර එහි ස්ථීර වූ (අති විශාල) කඳුද (දීර්ඝ) ගං`ගාවන්ද නිර්මාණය කළේය. සෑම පලතුරු වර්ගයකම (ගස්ද; ගැහැණු පිරිමි වශයෙන් වූ ජෝඩු) ජෝඩුද නිර්මාණය කළේය. රාත්‍රිය මගින් දහවල වසා දමන්නේය. සිතන්නට හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහොමයක් ඇත්තේය.
وَفِى ٱلْأَرْضِ قِطَعٌۭ مُّتَجَٰوِرَٰتٌۭ وَجَنَّٰتٌۭ مِّنْ أَعْنَٰبٍۢ وَزَرْعٌۭ وَنَخِيلٌۭ صِنْوَانٌۭ وَغَيْرُ صِنْوَانٍۢ يُسْقَىٰ بِمَآءٍۢ وَٰحِدٍۢ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍۢ فِى ٱلْأُكُلِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ
භූමියෙහි විවිධ ප්‍රදේශයන් එකට එක්කාසු කළාක් මෙන් නිර්මාණය කර (එහි) මිදි වතුද, ධාන්‍ය ගොවි බිම්ද, ඉඳි ගස්ද නිර්මාණය කළේය. අතු ඇති හා අතු නොමැති ගස්ද (උත්පාදනය කරන්නේය. මේවා සියල්ලට) එකම විදිහේ ජලය පොවනු ලැබුවා වුවද, සමහර දැයට වඩා සමහරක් දැය අපි රසයෙන් උසස් කර තැබුවෙමු. මෙහි බුද්ධිය ඇති ජනතාවට නියත වශයෙන්ම සාධකයන් බොහොයක් ඇත්තේය.
۞ وَإِن تَعْجَبْ فَعَجَبٌۭ قَوْلُهُمْ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍ ۗ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ ٱلْأَغْلَٰلُ فِىٓ أَعْنَاقِهِمْ ۖ وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ
(නබියේ! මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඔබව බොරු කිරීම ගැන) ඔබ පුදුම වන්නෙහි නම්, “අපි (මිය යාමෙන් පසු, දිරා පත් වී) පස් බවට පත් වූවායින් පසුවද, අළුතින් අපි උත්පාදනය කරනු ලබන්නෙමුද?”යි ඔවුන්ගේ පැවසීම (මීටත් වඩා) ඉතාමත් පුදුමාකාර දැයක් නොවෙද! මොවුන් තමන්ව උත්පාදනය කර, පෝෂණය කර, පරිපාලනය කරන්නාවම ප්‍රතික්ෂේප කරන්නන්ය. (එබැවින් පරලොවදී) මොවුන්ගේ ඛෙල්ලෙහි දම්වැල් වලින් බැඳ දමනු ලැබේ. ඔවුන් නිරාවාසීන්ය. එහි සදාකල් මොවුන් රැඳී සිටිනු ඇත.
وَيَسْتَعْجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ ٱلْمَثُلَٰتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍۢ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلْعِقَابِ
(නබියේ!) හොඳක් පැමිණීමට පෙරම නරකක් ගෙන්වා ගැනීමට මොවුන් ඔබ වෙත ඉක්මන් කරන්නාහ. මෙවැනි විවිධ කාරණාවන් මොවුන්ගෙන් පෙරද නියත වශයෙන්ම සිදු වී ඇත්තේය. ඔවුන් වැරදිකරුවන් වුවද ඔබගේ දෙවියන් මිනිසුන්ව ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එසේම) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් දඬුවම් කිරීමෙහිද ඉතාමත් දරුණු කෙනෙකු වශයෙන්ම සිටින්නේය.
وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦٓ ۗ إِنَّمَآ أَنتَ مُنذِرٌۭ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ
(නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන් (ඔබ ගැන) “මොහු කෙරෙහි මොහුගේ දෙවියන්ගෙන් (අපි කැමති ආකාරයට) එක් සාධකයක් පහළ කළ යුතු නොවේද?” යයි පවසන්නාහ. (නබියේ!) ඔබ, බිය ගන්වා අනතුරු අඟවන්නාම (මිස, වෙන කිසිවකු නොව. එබැවින් ඔවුන් කැමති ආකාරයටම ඔබ කළ යුතුය යන්න ඔබගේ යුතුකමක් නොව). තවද සෑම සමූහයන්ටම (ඔබ) එක් මාර්ගෝපදේශකයෙකු(ද වන්නෙහිය).
ٱللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ ٱلْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَىْءٍ عِندَهُۥ بِمِقْدَارٍ
සෑම ගැහැනියක්ම (ගර්භයෙහි) උසුළාගෙන සිටින්නේ (පිරිමිද ගැහැනුද යන්න)ද අල්ලාහ් හොඳින් දන්නේය. ගර්භාෂයන්හි (ගැබ් ගන්නා අවස්ථාවේදී) හැකිළීමද (ප්‍රසූත කරන විට) ඒවා විවර වීමද ඔහු දන්නේය. (ගර්භයන්හි ඇති) සෑම දැයක්ම (එම ගර්භයන්හි රැඳී සිටිය යුතු) කාලය ඔහු වෙත සඳහන්වම ඇත්තේය.
عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْكَبِيرُ ٱلْمُتَعَالِ
(මෙපමණක්ද! අනිත් සියල්ලෙහි) රහස්ද, නොරහස්ද ඔහු හොඳින් දන්නෙකි. ඔහු ඉතාමත් විශාලවන්තයෙකි. ඉතාමත් උසස් වන්තයෙකි.
سَوَآءٌۭ مِّنكُم مَّنْ أَسَرَّ ٱلْقَوْلَ وَمَن جَهَرَ بِهِۦ وَمَنْ هُوَ مُسْتَخْفٍۭ بِٱلَّيْلِ وَسَارِبٌۢ بِٱلنَّهَارِ
ඔබගෙන් කවුරුන් හෝ (තම) වදන රහසින් තබා ගත්තද, නැතහොත් එය ප්‍රසිද්ධියේ පැවසුවද, ඔහුට (ඒ දෙකම) එක සමානය! (එසේම ඔබගෙන් වූ) කවුරුන් හෝ රාත්‍රියෙහි තමන් කරන දැය සඟවා ගත්තද, නැතහොත් දහවලෙහි ප්‍රසිද්ධියේ කළා වුවද, (ඔහුට එය එක සමානය! සියල්ලන්ගේ ක්‍රියාවන්ම ඔහු හොඳින් දන්නේය).
لَهُۥ مُعَقِّبَٰتٌۭ مِّنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ يَحْفَظُونَهُۥ مِنْ أَمْرِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوْمٍۢ سُوٓءًۭا فَلَا مَرَدَّ لَهُۥ ۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ
(මිනිසා කුමන තත්වයක සිටියදී වුවද) ඔහුට ඉදිරියෙන්ද, පසුපසින්ද නොකඩවා පැමි‚ය හැකි (මලායිකාවරුන්) කිහිප දෙනෙකු සිටින්නාහ. ඔවුන් අල්ලාහ්ගේ නියෝගයන් මගින් ඔහුව ආරක්ෂා කරන්නාහ. මිනිසුන් (තමන්ගේ නපුරු ගති ගුණයන්ගෙන්) තමන්ව වෙනස් නොකර ගන්නා තුරු, නියත වශයෙන්ම අල්ලාහ්ද (ඔවුන්ට පහළ කළ වරප්රසාදයන්) වෙනස් කර හරින්නේ නැත. අල්ලාහ් කුමන සමුහයන්ට හෝ හානියක් කිරීමට අදහස් කළහොත් එය වළක්වන්නන් කිසිවෙකුත් නැත. ඔවුන්ට උදව් කරන්නන්ද ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත.
هُوَ ٱلَّذِى يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًۭا وَطَمَعًۭا وَيُنشِئُ ٱلسَّحَابَ ٱلثِّقَالَ
(ඔබට) බියද, ලාභයද ලබා දිය හැකි විදුලිය ඔහුම ඔබ ඉදිරියේ බැබලීමට සලස්වන්නේය. (වැස්ස උසුළන) ඝන වලාකුළුද ඔහුම ඉකුත් කරන්නේය.
وَيُسَبِّحُ ٱلرَّعْدُ بِحَمْدِهِۦ وَٱلْمَلَٰٓئِكَةُ مِنْ خِيفَتِهِۦ وَيُرْسِلُ ٱلصَّوَٰعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَآءُ وَهُمْ يُجَٰدِلُونَ فِى ٱللَّهِ وَهُوَ شَدِيدُ ٱلْمِحَالِ
හෙණ හඞද ඔහුගේ ප්‍රශංසාව ගායනා කරන්නේය. (එසේම) ඔහුට බිය වී අනිත් මලායිකාවරුන්ද ඔහුව සුවිශූද්ධ කරමින් ප්‍රශංසා කරන්නාහ. ඔහුම හෙණ වැදීමට සලස්වා එමගින් ඔහු අදහස් කරන අයට පහර දෙන්නේය. (මෙසේ තිබියදී) ඔවුන් අල්ලාහ් ගැන (ඔබ වෙත) තර්ක කරන්නාහ. ඔහු නම්, (ඔවුන්ට දඬුවම් කිරීමට අදහස් කළහොත් ඔවුන්ව) ලෙස්සා යාමට ඉඩ නොදී ඉතාමත් ශක්තිමත් ලෙස අල්ලා ගන්නෙකි.
لَهُۥ دَعْوَةُ ٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَجِيبُونَ لَهُم بِشَىْءٍ إِلَّا كَبَٰسِطِ كَفَّيْهِ إِلَى ٱلْمَآءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَٰلِغِهِۦ ۚ وَمَا دُعَآءُ ٱلْكَٰفِرِينَ إِلَّا فِى ضَلَٰلٍۢ
(අපි ප්‍රාර්ථනා කර) ආරාධනා කිරීමට සුදුස්සා ඔහුය. කවුරුන් ඔහුව මිස, (අනිත් ව්‍යාජ දෙවිවරුන්ට ප්‍රාර්ථනා කර) ආරාධනා කරන්නෝද, ඔවුන්ට ඒවා කිසිම පිළිතුරක් දෙන්නේ නැත. (අල්ලාහ් හැර, අනිත් දැය ආරාධනා කරන්නන්ගේ උපමාව) ජලය (ඉබේ) තමන්ගේ කටට යා යුතුය යයි අදහස් කර තමන්ගේ දෑත් (දිගහැර දෝතින් ගෙන නොබී) දිගහැරගෙනම සිටින්නෙකු මෙන් ඇත්තේය. (එය ඔහු තමන්ගේ අත්වලින් ගෙන නොබොන තුරු ඔහුගේ) කටට එය ළඟා වන්නේ නැත. (ව්‍යාජ දෙවිවරුන් වෙත) ප්‍රතික්ෂේප කරන්නන් කරන ප්‍රාර්ථනාවන් (මෙවැනි) දුර්මාර්ගයක් වශයෙන්ම ඇත්තේය.
وَلِلَّهِ يَسْجُدُ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَظِلَٰلُهُم بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ ۩
අහස්හිද භූමියෙහිද ඇති දෑ සියල්ල (ඒවා) කැමති වුවද, අකමැති වුවද, අල්ලාහ්ට හිස නවා (අනිවායදැයෙන්ම අවනතම) වන්නේය. උදේද, සවසද ඒවායේ සෙවණැලිද (ඔහුගේ අණට අවනතව ඉදිරියෙන් හා පසුපසින් ගමන් කරන්නේය).
قُلْ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ قُلِ ٱللَّهُ ۚ قُلْ أَفَٱتَّخَذْتُم مِّن دُونِهِۦٓ أَوْلِيَآءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًۭا وَلَا ضَرًّۭا ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِى ٱلظُّلُمَٰتُ وَٱلنُّورُ ۗ أَمْ جَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ خَلَقُوا۟ كَخَلْقِهِۦ فَتَشَٰبَهَ ٱلْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ ٱللَّهُ خَٰلِقُ كُلِّ شَىْءٍۢ وَهُوَ ٱلْوَٰحِدُ ٱلْقَهَّٰرُ
(නබියේ! ඔවුන්ට) “අහස්ද, භූමියද උත්පාදනය කර පරිපාලනය කරන්නා කවරෙක්ද?”යි ඔබ විමසනු. (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද?) ඔබම (ඔවුන්ට) “අල්ලාහ්ය” යයි පවසනු. (එසේ තිබියදී) “ඔහුව හැර (ව්‍යාජ දෙවිවිරුන්ව) ආරක්ෂකයින් වශයෙන් ඔබ ඇර ගන්නෙහුද? ඒවා තමන්ටම කිසිම හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැත්තන් වශයෙන් සිටින්නාහ” යයිද පවසනු. (පසුව ඔවුන්ට) “අන්ධයින්ද, ඇස් පෙණෙන්නන්ද සමාන වන්නෙහුද? නැතහොත් අන්ධකාරයද ආලෝකයද සම වන්නේද?”යි විමසනු. නැතහොත් “ඔවුන් අල්ලාහ්ට සමානයන් කරමින් සිටින දෙවිවරුන් ඔහු උත්පාදනය කර ඇති දැය මෙන් දැයක් උත්පාදනය කර ඇත්තෙහුද?” (යයිද විමසනු මැනව!) එසේ නම්, (මෙලොව) උත්පාදනය කළ අය (කවුරුන්ද යන්න) ඔවුන් අතරේ සැක ඇති වී තිඛෙන්නට ඉඩ ඇත. (එසේද, නැත නොවෙද! එබැවින් ඔවුන්ගෙන්) ඔබ මෙසේ විමසනු: “(මෙලොවෙහි ඇති) සෑම දැයක්ම උත්පාදනය කළ අය අල්ලාහ්ය. ඔහු එක් කෙනෙකි! (ඔහුට සමානයක් හෝ සහායයෙක් හෝ නැත). ඔහුම (ලොවෙහි ඇති සියල්ල) යටහත් පහත් කර පාලනය කරන්නාය”.
أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَسَالَتْ أَوْدِيَةٌۢ بِقَدَرِهَا فَٱحْتَمَلَ ٱلسَّيْلُ زَبَدًۭا رَّابِيًۭا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِى ٱلنَّارِ ٱبْتِغَآءَ حِلْيَةٍ أَوْ مَتَٰعٍۢ زَبَدٌۭ مِّثْلُهُۥ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْحَقَّ وَٱلْبَٰطِلَ ۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذْهَبُ جُفَآءًۭ ۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمْكُثُ فِى ٱلْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ
ඔහුම වලාකුළෙන් වැස්ස වැසීමට සලස්වන්නේය. (එය වසින) ජලයට සරිලන සේ (කුඩා හා විශාල) ඇළ, ෙදාළවල් සේ ගලා බසින්නේය. (එම ඇළ මාර්ගයන්හි) ගංවතුරවල පෙණ, පාවෙන සේ ඔසවාගෙන ගමන් කරන්නේය. (මෙසේම) ආභරණ සඳහා හෝ නැතහොත් වෙනත් භාණ්ඩ සඳහා හෝ (ලෝහ වර්ග) ගිණ්නෙහි තබා උණු කරන විටදීද එවැනි (අපවිත්‍ර) පෙණ පාවෙන්නේය. සත්‍යයටද අසත්යයටද අල්ලාහ් මෙය උපමාවක් වශයෙන් පවසන්නේය. මන්දයත් (අපවිත්‍ර) පෙණ නම්, ප්‍රයෝජනයක් නොමැතිව (ඇති බැවින්) විනාශ වී (සැඟවී) යන්නේය. මිනිසුන්ට ප්‍රයෝජනයක් අත් කර දෙන දැයම භූමියෙහි (ඒකරාශී කර තබා) ස්ථීරව ඇත්තේය. මෙසේම (අවිශ්වාසවන්තයින්ව අපවිත්‍ර පෙණ වලටද, විශ්වාසවන්තයින්ව භූමියෙහි ඒකරාශී කර තබා ඇති ප්‍රයෝජනයක් ගෙන දෙන වස්තූන්ටද උපමා කර) අල්ලාහ් උදාහරණයන් පවසන්නේය.
لِلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمُ ٱلْحُسْنَىٰ ۚ وَٱلَّذِينَ لَمْ يَسْتَجِيبُوا۟ لَهُۥ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لَٱفْتَدَوْا۟ بِهِۦٓ ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ سُوٓءُ ٱلْحِسَابِ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمِهَادُ
කවුරුන් තමන්ගේ දෙවියන්ගේ ආරාධනාව බාර ගන්නෝද, ඔවුන්ට (එය) සම්පූර්ණයෙන්ම හොඳක් වන්නේය. තවද කවුරුන් ඔහුගේ ආරාධනාවට පිළිතුරු නොදෙන්නෝද, එය ඔවුන්ට (නපුරක් වනු ඇත. මන්දයත්) භූමියෙහි ඇති වස්තූන් සියල්ල අයිතිව තිබී ඒ සමග එවැනි තවත් පංගුවක්ද (ඔවුන් වෙත) තිබී, (පරලොවදී ඔවුන්ට ලැබිය හැකි දඬුවමෙන් බේරීමට) මේ සියල්ල තමන් වෙනුවෙන් වන්දි වශයෙන් දෙන්නටම කැමති වන්නාහ. (එහෙත් එය සිදු වන කාරණාවක් නොව! තවද) ඔවුන් වෙත ඉතාමත් දරුණු ලෙස ප්‍රශ්න කරනු ලබනු ඇත. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු වාසස්ථානයකි.
۞ أَفَمَن يَعْلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰٓ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ
ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද (ධර්මය, එය) සත්‍යය යයි ස්ථීර වශයෙන් විශ්වාස කරන්නා (ඇස් පෙණීම සිඳී ගිය) අන්ධයාට සම වන්නේද? (එසේ වන්නේ නැත). නියත වශයෙන්ම (මෙමගින්) හොඳ ඔවදන් ලබා ගන්නන් බුද්ධිමතුන්ය.
ٱلَّذِينَ يُوفُونَ بِعَهْدِ ٱللَّهِ وَلَا يَنقُضُونَ ٱلْمِيثَٰقَ
ඔවුන් (කෙබන්ඳන්දයත්) අල්ලාහ් වෙත දුන් පොරොන්දුව පූරණ වශයෙන් ඉටු කරනවා මිස, (තමන් කර ගත්) ගිවිසුම බිඳ දමන්නේ නැත.
Page 1 of 3 (43 ayahs)