Loading surah...
Back to Sinhala Quran
52 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
අලිෆ්. ලාම්. රා. (නබියේ! මෙය) ධර්ම ග්‍රන්ථයයි. මෙය අපිම ඔබ කෙරෙහි පහළ කර ඇත්තෙමු. (මෙමගින්) මිනිසුන්ව ඔවුන්ගේ දෙවියන්ගේ නියෝගයන්ට අනුව අන්ධකාරයේ සිට පිටමං කර, ආලෝකය දෙසට ඔබ ගෙන එනු මැනව! (එම ආලෝකයද) ඉතාමත් ප්‍රශංසාවට අයත් (අල්ලාහ්ගේය; එය සියල්ලන්ටම) බලසම්පන්නයෙකුගේ ඍජු මාර්ගය වන්නේය.
ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَوَيْلٌۭ لِّلْكَٰفِرِينَ مِنْ عَذَابٍۢ شَدِيدٍ
එම අල්ලාහ් (කෙබන්ඳයෙකුද-යත්) අහස්හිද, භූමියෙහිද තිඛෙන සියල්ල ඔහුට අයත් දැයයි! එබැවින් (මෙය) ප්‍රතික්ෂේප කරන්නන්ට පැමිණ අත් වන දරුණු දඬුවමේ හේතුවෙන් (ඔවුන්ට) ඉමහත් වූ විනාශයයි.
ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْءَاخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۭ بَعِيدٍۢ
මොවුන් පරලොවට වඩා මෙලොව ජීවිතයම කැමති වන්නාහ. අල්ලාහ්ගේ මාර්ගයෙහි (ඔවුන් නොයන අතර අන් අයවද එහි නොයන සේ) වළක්වා ගනිමින්, එහි ඇදයද ඇති කරන්නාහ. මෙවැන්නන් ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම සිටින්නාහ.
وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
(නබියේ!) සෑම දූතයෙකුම (තම ජනතාවට) පැහැදිලිව විවරණය කර පවසනු පිණිස, ඔවුනොවුන්ගේ ජනතාවගේ භාෂාවන් මගින්ම (දේශනා කරන මෙන්) අපි ඔවුන්ව යැව්වෙමු. (එම දූතයින් කොපමණ උත්සාහ දැරූවද, ඔවුන් කරන පව් පින් වලට සරිලන සේ) අල්ලාහ් අදහස් කළ අයව වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. ඔහු කැමති වන (දැහැමි ක්‍රියාවන් කරන්නන්)ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔහු (සියල්ලටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّىٰمِ ٱللَّهِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ
නියත වශයෙන්ම අපි මූසාව අපගේ බොහොමයක් සාධකයන් සමග යවා “ඔබ, ඔබගේ ජනතාව අන්ධකාරයෙන් පිටතට ගෙන ආලෝකය දෙසට ගෙන එනු (මැනව!) අල්ලාහ්ගේ (නියෝගය) මගින් ඇති වූ විවිධ සිදුවීම් ඔබ ඔවුන්ට මතක් කර දෙනු” යයි ඔහුට අණ කළෙමු. (අමාරුකම් විඳ දරාගෙන) ඉවසීමෙන් යුතුව සිටින්නන් හා කෘතඥ වන්නන් ආදී සියල්ලන්ටම නියත වශයෙන්ම මෙහි පාඩම් බොහොමයක් ඇත.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَىٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ
මූසා තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාවේදී “අල්ලාහ් ඔබට ලබා දී ඇති වරප්රසාදයන් ගැන සිතා බලනු. ඔහු ඔබව ෆිර්අව්න්ගේ සමූහයෙන් බේරා ගත්තේය. ඔවුන් නම්, ඔබට දරුණු වේදනා ගෙන දෙමින් සිටි අතර ඔබගේ පිරිමි දරුවන්ව වද දී ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට අත්හැර දමමින් සිටියහ. මෙහිදී ඔබගේ දෙවියන් විසින් ඔබව ඉමහත් වූ පිරික්සුමට ලක් කර තිබුණි” (යයි පැවසුවේය).
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِى لَشَدِيدٌۭ
තවද ඔබගේ දෙවියන් (ඔවුන්ට “මේ වෙනුවෙන්) ඔබ (මා හට) කෘතඥ වුවහොත් (මා මගේ වරප්රසාදයන් නැවතත්) ඔබට අධික කර දෙන්නෙමි. ඔබ (මගේ වරප්රසාදයන්ට කෘතඥ නොවී) වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මගේ දඬුවම ඉතාමත් දරුණු එකක් වශයෙන් තිඛෙණු ඇත” යයි ප්‍රකාශයට පත් කිරීම යන්නද (නබියේ!) ඔබ (මොවුන්ට) මතක් කර දෙනු.
وَقَالَ مُوسَىٰٓ إِن تَكْفُرُوٓا۟ أَنتُمْ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا فَإِنَّ ٱللَّهَ لَغَنِىٌّ حَمِيدٌ
නැවතත් මූසා (තම ජනතාවට) “ඔබ ලොවෙහි ඇති ජනතාව සියල්ලන්ම (දෙවියන්ට සම්පූර්ණයෙන්ම) වෙනස්කම් කළා වුවද, (ඔහුට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත). මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (කිසිවෙකුගේ උදව්වක්) අවශ්‍ය නොවන්නෙකු වශයෙන් හා ප්‍රශංසාවට හිමි කෙනෙකු වශයෙන් සිටින්නේය” යයිද පැවසුවේය.
أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ ۛ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا ٱللَّهُ ۚ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَرَدُّوٓا۟ أَيْدِيَهُمْ فِىٓ أَفْوَٰهِهِمْ وَقَالُوٓا۟ إِنَّا كَفَرْنَا بِمَآ أُرْسِلْتُم بِهِۦ وَإِنَّا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَنَآ إِلَيْهِ مُرِيبٍۢ
ඔබට පෙර ඉකුත්ව ගිය නූහ්, ආද්, සමූද් වැනි ජනතාවන්ගේ ඉතිහාසයන්ද, ඔවුන්ගෙන් පසු පැමිණි අයගේ ඉතිහාසයන්ද, ඔබට ලැබුනේ නැද්ද? ඔවුන්ව (ඔවුන්ගේ විස්තර) අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් දැන ගත නොහැක. එම ජනතාව වෙත යවනු ලැබූ (අපගේ) දූතයින් පැහැදිලි සාධකයන් සමග ඔවුන් වෙත පැමිණ “(ඍජු මාර්ගයට එනු, එනු” යයි තමන්ගේ දෑතම දිගු කර ආරාධනා කළ) අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔවුන්ගේ කට දෙසටම තල්ලූ කර දමා (ඔවුන්ට) “නියත වශයෙන්ම අපි (දෙවියන්ගේ දූතයින් යන්න ප්‍රකාර) ඔබ ගෙන ආ දැය ප්‍රතික්ෂේප කරන්නෙමු. තවද ඔබ අපව කුමක් දෙසට ආරාධනා කරන්නෙහුද, ඒ ගැන නියත වශයෙන්ම අපි ඉමහත් වූ සැකයෙහිම සිටින්නෙමු” යයි පැවසූහ.
۞ قَالَتْ رُسُلُهُمْ أَفِى ٱللَّهِ شَكٌّۭ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۚ قَالُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتُونَا بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ
එයට ඔවුන්ගේ දූතයින් (ඔවුන්ට) “අහස්ද, භූමියද උත්පාදනය කළ අල්ලාහ් ගැනද (ඔබට ඇති) සැකය? ඔහු ඔබගේ වැරදිවලට සමාව දීම සඳහා ඔබව ආරාධනා කරන්නේය. (ඔහුට අවනත වුවහොත්) එක් නියමිත කාලයක් දක්වා ඔබව (භුමියෙහි සැපසේ ජීවත්ව සිටීමට) අත්හැර දමනු ඇත” යයි පැවසූහ. එයට ඔවුන් “ඔබ අප වැනි (සාමාන්‍ය) මිනිසුන්ම මිස, වෙන කිසිවෙකු නොව. අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව අත්හැර වළක්වා හැරීමටද ඔබ අදහස් කරන්නේ? එසේ නම්, (එයට අයත්) පැහැදිලි සාක්ෂීන් අප වෙත ගෙන එනු” යයි පැවසූහ.
قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
(එයට) ඔවුන් වෙත පැමිණි දූතයින් ඔවුන්ට “අපි ඔබ මෙන් මිනිසුන්ය. එහෙත් අල්ලාහ් තම වහලූන්ගෙන් තමන් කැමති අය කෙරෙහි වරප්රසාදයන් පහළ කරන්නේය. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර (ඔබගේ කැමැත්තට අනුව) කිසිම සාධකයක් අපි ඔබ වෙත ගෙන ඒමට ඉඩක් නැත” (යයි පවසා විශ්වාසවන්තයින්ට) “විශ්වාසවන්ත-යින් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද;
وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدْ هَدَىٰنَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيْتُمُونَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ
“අපි අල්ලාහ්ව විශ්වාස නොකර සිටීමට අපට (කුමක් නම් සිදු වී ඇත්ද)? නියත වශයෙන්ම ඔහුම අපිට ඍජු මාර්ගය දැනුම් දුන්නේය. (ප්‍රතික්ෂේප කරන්ණෙනි!) ඔබ අපට දෙන දුක් ගැහැට විඳ දරාගෙන ස්ථීරව සිටින්නෙමු. එබැවින් විශ්වාස කරන්නන් සියල්ලන්ම අල්ලාහ්වම විශ්වාස කළ යුතුය” යයිද පැවසූහ.
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۖ فَأَوْحَىٰٓ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ ٱلظَّٰلِمِينَ
ප්‍රතික්ෂේප කළ අය, තමන් වෙත පැමිණි (අපගේ) දූතයින්ට “නියත වශයෙන්ම ඔබ අපගේ ධර්මය දෙසට හැරිය යුතුය. නොඑසේ නම්, අපි ඔබව අපගේ රටින් පිටමං කරන්නෙමු” යයි පවැසූහ. එයට ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට “නියත වශයෙන්ම අපි මෙම අපරාධකාරයින්ව විනාශ කර දමන්නෙමු.
وَلَنُسْكِنَنَّكُمُ ٱلْأَرْضَ مِنۢ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِى وَخَافَ وَعِيدِ
ඔබව ඔවුන්ගෙන් පසු (ඔවුන්ගේ) භූමියෙහි නියත වශයෙන්ම අපි පදිංචි කරන්නෙමු” යයි වහී මගින් දැනුම් දී “මෙය කවුරුන් මා ඉදිරියේ (විභාග කිරීම සඳහා) සිටීම ගැන බිය වී ද, මගේ බිය ගැන්වීමට බිය වී ද, කටයුතු කරන්නේද ඔහුට, (එක් ත්‍යාගයක් වන්නේය” යයි ඔවුන්ගේ දෙවියන් දැනුම් දුන්නේය).
وَٱسْتَفْتَحُوا۟ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍۢ
එබැවින් (නබිවරුන්) සියල්ලන්ම (අල්ලාහ්ගේ) උදව්ව ඉල්ලා සිටියහ. හිතුවක්කාර මැරවරයින් සියල්ලන්ම රැවටී (විනාශ වී) ගියහ.
مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّآءٍۢ صَدِيدٍۢ
ඔවුන් ඉදිරියේ නිරයම ඇත්තේය. (එහිම ඔවුන් යා යුතුය. නිරාවාසීන්ගේ දේහයෙන් වෑහෙන) සැරව ඔවුන්ට පානයක් වශයෙන් පොවනු ලැබේ.
يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأْتِيهِ ٱلْمَوْتُ مِن كُلِّ مَكَانٍۢ وَمَا هُوَ بِمَيِّتٍۢ ۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٌۭ
එය ඔවුන් (ඉතාමත් අමාරුවෙන්) ටිකෙන් ටික ගිල දමන්නාහ. එහෙත් එය ඔවුන්ගේ උගුරෙන් පහළට බසින්නේ නැත. (ඉක්කා දමමින් සිර වෙන්නේය). සෑම දිශාවකින්ම ඔවුන් දෙසට මරණයම එමින් ඇත්තේය. එහෙත් ඔවුන් මිය යන්නේ නැත. මෙපමණක් නොව, දරුණු වේදනාවටද මුහුණ දීමට සිදු වනු ඇත.
مَّثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ أَعْمَٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ فِى يَوْمٍ عَاصِفٍۢ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا۟ عَلَىٰ شَىْءٍۢ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ
කවුරුන් තමන්ව පෝෂණය කර, පරිපාලනය කරන්නාව ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ ක්‍රියාවන්ගේ උපමාව අළු මෙන් ඇත්තේය! සුළි සුළං කාලයට හමන දැඩි සුළඟ එය, ගසාගෙන යන ලදී. තමන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන් අත් කර ගන්නේ නැත. මෙයම ඉතාමත් ඈතින් වූ දුර්මාර්ගය වන්නේය.
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ
නියත වශයෙන්ම අල්ලාහ්ම අහස්ද, භූමියද ඇත්තෙන්ම (ඉතාමත් උසස් තත්වයකට) උත්පාදනය කර ඇත්තේය යන්න (මිනිසුනේ!) ඔබ අවධානය කර බැලූවේ නැද්ද? ඔහු කැමති වුවහොත් ඔබව යවා, (ඔබ වැනි) අළුත් උත්පාදනයක් ගෙන එනු ඇත.
وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ
අල්ලාහ්ට මෙය එතරම් දැයක් නොව.
Page 1 of 3 (52 ayahs)