Loading surah...
Back to Sinhala Quran
99 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ وَقُرْءَانٍۢ مُّبِينٍۢ
අලිෆ්. ලාම්. රා. (නබියේ!) මේවා පැහැදිලි කුර්ආනය නමැති (මෙම) ධර්මයෙහි ඇති ආයාවන් වන්නේය.
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ كَانُوا۟ مُسْلِمِينَ
තමන්ද මුස්ලිම්වරුන් වශයෙන් සිටිය යුතු නොවේදැයි ප්‍රතික්ෂේප කරන්නන් (පරලොවදී) ඉමහත් සේ කැමති වන්නාහ.
ذَرْهُمْ يَأْكُلُوا۟ وَيَتَمَتَّعُوا۟ وَيُلْهِهِمُ ٱلْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ
(නබියේ!) ඔවුන් (හොඳින්) අනුභව කරමින්ද, (තමන්ගේ කැමැත්තට අනුව) සුවය විඳිමින්ද සිටියදී (දැනට) ඔබ ඔවුන්ව අත්හැර දමනු. (ඔවුන්ගේ පුහු) විශ්වාසයන් (පරලොව ගැන) ඔවුන් අමතක කර දැමුවේය. (මෙහි ඵලවිපාක) පසුව ඔවුන් හොඳින් දැන ගනු ඇත.
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌۭ مَّعْلُومٌۭ
(පාපයෙහි ගැලී ගිය) කිසිම රටවැසියෙකුව ඔවුන්ට නියමිත කාල අවකාශයෙහි මිස, අපි (ඔවුන්ව) විනාශ කර දැමුවේ නැත.
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ
සෑම සමූහයක්ම තමන්ගේ නියමිත කාලය කළින් හෝ ප්‍රමාද වී හෝ වන්නේ නැත.
وَقَالُوا۟ يَٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌۭ
(නබියේ! ඔබට) ඔවුන් මෙසේ පවසන්නාහ. “(මතක් කර දෙන) ධර්මය පහළ කරනු ලැබූවනි! ඔබ නියත වශයෙන්ම පිස්සෙකි”.
لَّوْ مَا تَأْتِينَا بِٱلْمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
“(ඇත්තෙන්ම) ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, (ඔබට සාක්ෂි වශයෙන්) ඔබ අප වෙත මලායිකාවරුන්ව කැඳවාගෙන පැමිණිය යුතු නොවේද?” (යයිද පවසන්නාහ).
مَا نُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًۭا مُّنظَرِينَ
(නබියේ!) අපි මලායිකාවරුන්ව පහළ කරනු ලබන්නේ, නියමිත කාරණාවක් සඳහාය. (කවුරුන්ගේ හෝ කාරණාවක් අවසන් කර දැමීමට අදහස් කළහොත් මලායිකාවරයෙකු යවන්නෙමු). ඒ අවස්ථාවේදී ඔවුන්ට පොඩියක් හෝ අවකාශයක් දෙනු ලබන්නේ නැත. (එවෙලේම විනාශ කර දමනු ලබන්නාහ).
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
නියත වශයෙන්ම අපිම මෙම ධර්මය (ඔබ කෙරෙහි) පහළ කළෙමු. එබැවින් (එහි කිසිම වෙනස්වීමක් හෝ විනාශයක් හෝ ඇති නොවන සේ) නියත වශයෙන්ම අපිම එය ආරක්ෂා කර ගන්නෙමු.
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ
(නබියේ!) ඔබට පෙර ඉකුත්ව ගිය සමූහයන්ටද නියත වශයෙන්ම අපි දූතයින් බොහොමයක් දෙනාව යැව්වෙමු.
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
එහෙත් ඔවුන් වෙත (අපගේ) කුමන දූතයෙකු පැමිණියා වුවද, ඔවුන් ඔහුව සමච්චල් නොකර සිටියේ නැත.
كَذَٰلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ
(ඔවුන්ගේ හෘදයන්හි තිබූ ප්රතික්ෂේපය) මෙන්ම මෙම වැරදිකරුවන්ගේ හෘදයන්හිද, එය ඇතුළු කර හැරියෙමු.
لَا يُؤْمِنُونَ بِهِۦ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ
(එබැවින්) මොවුන් එය විශ්වාස කරන්නේම නැත. මොවුන්ට පෙර ඉකුත් වූවන් (විනාශ වූ) උදාහරණය අනිවාර්යයෙ-න්ම සිදු වී ඇත්තේය. (ඔවුන් මෙන් මොවුන්ද විනාශ වී යනු ඇත).
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًۭا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّوا۟ فِيهِ يَعْرُجُونَ
අහස්හි යම්කිසි ෙදාරටුවක් මොවුන්ට තමන් විවෘත කර දමා, එහි දහවල් කාලයෙහිම මොවුන් නැග ගත්තා වුවද, (ඔවුන් විශ්වාස කරන්නේම නැත).
لَقَالُوٓا۟ إِنَّمَا سُكِّرَتْ أَبْصَٰرُنَا بَلْ نَحْنُ قَوْمٌۭ مَّسْحُورُونَ
එහෙත් ඔවුන් (අහස්හි නැග ගත් පසුවද) “අපගේ ඇස් රැවටී ගියේය. අපි සූනියමට ඇතුළු වී ගියෙමු” යයිම පවසන්නාහ.
وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًۭا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ
නියත වශයෙන්ම අපිම අහස්හි (අති විශාල) ග්‍රහ ලෝකයන් නිර්මාණය කර, බලන්නන්ට එය අලංකාරවත් ලෙසටද පත් කර ඇත්තෙමු.
وَحَفِظْنَٰهَا مِن كُلِّ شَيْطَٰنٍۢ رَّجِيمٍ
එළවන ලද ෂෙයිතාන්වරුන් සියල්ලන්ම ඒවාට සමීප නොවී ආරක්ෂා කර ගත්තෙමු.
إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌۭ مُّبِينٌۭ
(එබැවින් මලායිකාවරුන්ගෙන්) යම්කිසි වදනක් හොර රහසේ අසාගෙන යනවා මිස, (ෂෙයිතාන් ඒවාට ළං වීමට නොහැක. එසේ ෂෙයිතාන් ළං වුවහොත්) ගිනි පුපුරු විසිරෙන (දැවෙන) ගිනි ජාලාවක් ඔහුව (ලූහු බැඳ) පසුපස එළවාගෙන යනු ඇත.
وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍۢ مَّوْزُونٍۢ
අපි භූමිය විස්තීරණය කර, එහි නොසෙළවෙන කඳු සිටෙව්වෙමු. සෑම බීජයක්ම (එයට හිමි) නියමිත ආකාරයට එහි අපි පැළවෙන්නට සැලැස්සුවෙමු.
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٰزِقِينَ
ඔබටද, ඔබ ආහාර දී (හදා වඩා) නොගන්නා වූ (අහස්හිද, භූමියෙහිද වාසය කරන) ජීවීන් සියල්ලටද ජීවත් වීමට අවශ්‍ය වස්තූන්ද අපිම එහි සැලසුම් කළෙමු.
Page 1 of 5 (99 ayahs)