Loading surah...
Back to Sinhala Quran
128 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَتَىٰٓ أَمْرُ ٱللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ
(මෙන්න!) අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත! ඒ ගැන ඔබ ඉක්මන් නොවනු. ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔවුන් සමානයන් වශයෙන් තබන දැයට වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි.
يُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ أَنْ أَنذِرُوٓا۟ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ
ඔහු මලායිකාවරුන්ට වහී ලබා දී තම වහලූන්ගෙන් තමන් කැමති වන්නන් වෙත “නැමදුමට යුත්තා මා හැර වෙන කිසිවෙකු නැත. ඔබ මටම බිය වනු යයිම අනතුරු අඟවනු” යයි ඔවුන්ට නියෝග කර යැවුවේය.
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ تَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ
අහස්ද, භූමියද නියම කාරණාවක් සඳහාම ඔහු උත්පාදනය කර ඇත්තේය. ඔවුන් සමානයන් වශයෙන් තබන දැයට වඩා ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි.
خَلَقَ ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍۢ فَإِذَا هُوَ خَصِيمٌۭ مُّبِينٌۭ
ඔහුම ඉන්ද්රිය බිඳකින් මිනිසාව උත්පාදනය කළේය. එසේ තිබියදී ඔහු (දෙවියන් සමග) ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය.
وَٱلْأَنْعَٰمَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌۭ وَمَنَٰفِعُ وَمِنْهَا تَأْكُلُونَ
(මිනිසුනේ!) ගමේ සතුන්වද ඔහුම උත්පාදනය කර ඇත්තේය. ඒවායෙන් ඔබ වෙනුවෙන් (ශීතය වැළැක්වීමට) භාණ්ඩද, විවිධ ප්‍රයෝජනවත් දැයද ඇත්තේය. ඒවායෙන් සමහරක් අනුභව කරන්නෙහුය.
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ
ඔබ ඒවා (උලා කෑමෙන් පසු) සැන්දෑවට දක්කාගෙන එන විටද, (උලා කෑම සඳහා) උදේ කාලයේ දක්කාගෙන යන විටද, ඒවා ඔබට අලංකාරවත් ලෙස ඇත්තේය.
وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍۢ لَّمْ تَكُونُوا۟ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌۭ رَّحِيمٌۭ
ඉතාමත් අමාරුකමෙන් මිස, ඔබට යා නොහැකි රටවලට ඒවා (ඔබවද) ඔබගේ ඉමහත් බරද ඔසවාගෙන යන්නේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (ඔබ කෙරෙහි) ඉතාමත් දයාබරව හා කරුණාවන්තව සිටින්නේය.
وَٱلْخَيْلَ وَٱلْبِغَالَ وَٱلْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةًۭ ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ
අශ්වයින්, අශ්වතරයන් හා බූරුවන් ආදී සතුන් මත ඔබ නැග ගමන් යාම සඳහාද, (ඔබට) අලංකාරවත් වශයෙන්ද (ඔහු ඒවා උත්පාදනය කර ඇත්තේය). තවද ඔබ නොදන්නා දැයද ඔහු උත්පාදනය කර ඇත්තේය.
وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌۭ ۚ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ
(මිනිසුනේ! ඔබට මාර්ගයන් දෙකක් ඇත. එකක්) අල්ලාහ් වෙත යා හැකි ඍජු මාර්ගයයි. (තව) ඇද කුද මාර්ගද ඇත. ඔහු අදහස් කළහොත් ඔබ සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු ඇත.
هُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ ۖ لَّكُم مِّنْهُ شَرَابٌۭ وَمِنْهُ شَجَرٌۭ فِيهِ تُسِيمُونَ
ඔහු වලාකුළෙන් ඔබට වැස්ස වැසීමට සලස්වන්නේය. එහිම ඔබ පානය කළ හැකි ජලයද ඇත. එමගින්ම (ඔබගේ ගමේ සතුන්ට) උලා කෑම සඳහා තණ කොළ පැළෑටි (ආදිය)ද පැළ වෙන්නේය.
يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرْعَ وَٱلزَّيْتُونَ وَٱلنَّخِيلَ وَٱلْأَعْنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّقَوْمٍۢ يَتَفَكَّرُونَ
එමගින්ම ගොවිතැන් භෝගද, සෙයිතූන්, ඉඳි, මිදි ආදී සියලූම පලතුරු වර්ගද ඔහු ඔබට උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම මෙහි සිතා දැන ගත හැකි ජනතාවට එක් සාධකයක් ඇත්තේය.
وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ ۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتٌۢ بِأَمْرِهِۦٓ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَعْقِلُونَ
ඔහුම රාත්රියද, දහවලද, සූර්යයාද, චන්ද්‍රයාද ඔබ වෙනුවෙන් (උත්පාදනය කර), තම පාලනයට නතු කර තබා ඇත්තේය. (එසේම) තාරකාවන් සියල්ල ඔහුගේ නියෝගයන්ට අනුවම ඇත්තේය. නියත වශයෙන්ම මෙහිද, අවධානය කර දැන ගත හැකි ජනතාවට සාධකයන් බොහොමයක් ඇත්තේය.
وَمَا ذَرَأَ لَكُمْ فِى ٱلْأَرْضِ مُخْتَلِفًا أَلْوَٰنُهُۥٓ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّقَوْمٍۢ يَذَّكَّرُونَ
භූමියෙහි ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැය විවිධ වර්ණයන්ද (වර්ගයන්ගෙන්ද) සමන්විතව ඇත්තේය. හොඳ වැටහීමක් ලබා ගන්නා ජනතාවට නියත වශයෙන්ම මෙහිද එක් සාධකයක් ඇත්තේය.
وَهُوَ ٱلَّذِى سَخَّرَ ٱلْبَحْرَ لِتَأْكُلُوا۟ مِنْهُ لَحْمًۭا طَرِيًّۭا وَتَسْتَخْرِجُوا۟ مِنْهُ حِلْيَةًۭ تَلْبَسُونَهَا وَتَرَى ٱلْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
ඔහුම ඔබ මාළු (අල්ලා පිළියෙල කර) අනුභව කිරීමටද, ඔබ ආභරණ වශයෙන් පැළඳිය හැකි වස්තූන් ලබා ගැනීමටද, මුහුද (ඔබට) පහසුකම් ඇති කර දුන්නේය. (විවිධ ස්ථානයන්ට ගොස් වෙළෙඳාම මගින්) දෙවියන්ගේ වරප්රසාදයන් ඔබ සොයා ගන්නා පිණිස, (මුහුදෙහි යාත්‍රා කරන අවස්ථාවේදී) නැව් මුහුද දෙබෑ කරමින් යනු ඔබ දකින්නෙහුය. (මේ වෙනුවෙන් දෙවියන්ට) ඔබ කෘතඥ වෙමින් සිටිනු මැනව!
وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَٰرًۭا وَسُبُلًۭا لَّعَلَّكُمْ تَهْتَدُونَ
අපව ඔසවාගෙන සිටින භූමිය නොසෙළවී තිඛෙණු පිණිස අති විශාල කඳු ඒ මත තැබුවේය! (ඔබගේ යාම් ඊම් සඳහා) ඍජු මාර්ගයන් ඔබ දැන ගැනීම සඳහා (විවිධ) මාර්ගයන්ද ගංඟාවන්ද නිර්මාණය කළේය.
وَعَلَٰمَٰتٍۢ ۚ وَبِٱلنَّجْمِ هُمْ يَهْتَدُونَ
තවද (දිශාවන් දැනුම් දිය හැකි) සළකුණු මගින්ද, තාරකාවන් (නිර්මාණය කර තැබීම) මගින්ද (සංචාරකයින් වන) ඔවුන් (තමන්ගේ) මාර්ගය දැන ගන්නාහ.
أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ ۗ أَفَلَا تَذَكَّرُونَ
(සමානයන් තබා නමදින්ණෙනි! මේවා සියල්ල) උත්පාදනය කරන බලසම්පන්නයා නම්, (ඔබ නමදින කිසිවක්) උත්පාදනය කළ නොහැකි දැය මෙන් වන්නෙහිද? (මෙතරම් දැයක්වත්) ඔබ අවධානය කළ යුතු නොවේද?
وَإِن تَعُدُّوا۟ نِعْمَةَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱللَّهَ لَغَفُورٌۭ رَّحِيمٌۭ
අල්ලාහ්ගේ වරප්රසාදයන් ඔබ ගණනය කළහොත්, ඒවා ඔබ විසින් ගණන් කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ඉමහත් දයාබරවන්තයෙකුද වශයෙන් සිටින්නේය.
وَٱللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ
ඔබ (මනසෙහි) සඟවා ගන්නා දැයද, (එයට වෙනස්ව) ඔබ එළිදරව් කරන දැයද නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය.
وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخْلُقُونَ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ
(නබියේ!) අල්ලාහ් හැර, කුමක් ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, ඒවා විසින් කිසිවක් උත්පාදනය කළ නොහැක. ඒවාද (ඔහු විසින්) උත්පාදනය කළ දැය වන්නේය.
Page 1 of 7 (128 ayahs)