Loading surah...
Back to Sinhala Quran
111 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سُبْحَٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًۭا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَٰتِنَآ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ
(අල්ලාහ්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් නමැති) තම වහලාව (කඃබාව වන) ශුද්ධ වූ නැමදුම්පළෙන් (ඉතාමත් ඈතින් පිහිටි බයිතුල් මුකද්දිස්හි ඇති) මස්ජිදුල් අක්සාවට එක් රාත්‍රියකදී කැඳවාගෙන ගියේය. (එසේ කැඳවාගෙන ගිය) අපි, එය අවට ඇති භූමිය ආශීර්වාද කර ඇත්තෙමු. අපගේ සළකුණු ඔහුට පෙන්වීම පිණිසම (කැඳවාගෙන ගියෙමු). නියත වශයෙන්ම (ඔබගේ දෙවියන් වන) ඔහුම සවන් දෙන්නෙකු වශයෙන්ද, අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය.
وَءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَجَعَلْنَٰهُ هُدًۭى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُوا۟ مِن دُونِى وَكِيلًۭا
මූසාට ධර්මයක් අපි ලබා දුන්නෙමු. එය ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට එක් මාර්ගෝපදේශයක් වශයෙන් නිර්මාණය කර “ඔබ මාව මිස, (වෙන කිසිවෙකුත් ඔබගේ) ගැලවුම්කරුවෙකු (හිමියෙකු) වශයෙන් නොගත යුතුය” (යයි ඔවුන්ට නියෝග කළෙමු).
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُۥ كَانَ عَبْدًۭا شَكُورًۭا
(ඔබගේ මුතුන් මිත්තන්ව නැවෙහි) අපි නූහු (නබි) සමග උසුළාගෙන (ජල ගැල්මෙන් බේරා) ගනු ලැබූ පරම්පරාවේ දරුවනි! ඔහු නියත වශයෙන්ම (එයට) ඉතාමත් කෘතඥ වහලෙකු වශයෙන්ම සිටියේය. (එසේම ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන ඔබත් මා හට කෘතඥ වනු!)
وَقَضَيْنَآ إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ فِى ٱلْكِتَٰبِ لَتُفْسِدُنَّ فِى ٱلْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّۭا كَبِيرًۭا
ඉස්රායීල පරම්පරාවේ දරුවන් (වන ඔබ) ගැන “නියත වශයෙන්ම ඔබ දෙවරක් භූමියෙහි අපරාධ කරන්නෙහුය” යයිද “නියත වශයෙන්ම ඔබ ඉමහත් ශ්‍රේෂ්ඨත්වයක් අත් කරගෙන, (අපරාධ) කරන්නෙහුය” යයිද (ඔබට ලබා දුන්) ධර්මයෙහි අපි ලියා ඇත්තෙමු.
فَإِذَا جَآءَ وَعْدُ أُولَىٰهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًۭا لَّنَآ أُو۟لِى بَأْسٍۢ شَدِيدٍۢ فَجَاسُوا۟ خِلَٰلَ ٱلدِّيَارِ ۚ وَكَانَ وَعْدًۭا مَّفْعُولًۭا
ඒ දෙකෙන් පළමු වාරය පැමිණි අවස්ථාවේදී අපගේ වහලා (සිතේ තෙත් ගතියක් නැති) ඉමහත් බලසම්පන්න මිනිසුන්ව ඔබට එරෙහිව පොළඹවා යැව්වෙමු. ඔවුන් (බයිතුල් මුකද්දිස්හි සිට ඔබගේ) නිවෙස් තුළට ඇතුළු වී (තමන්ගේ අතට හසුවන සෑම දැයකින්ම පහර දී විනාශ කර) දැමූහ. (එබැවින් බයිතුල් මුකද්දිස්හි තිබූ නැමදුම්පළද, ඒ රටද කැඩී බිඳී විනාශ වී ගියේය. මෙසේ අපගේ කළින් වූ) පොරොන්දුව ඉටු විය.
ثُمَّ رَدَدْنَا لَكُمُ ٱلْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَٰكُم بِأَمْوَٰلٍۢ وَبَنِينَ وَجَعَلْنَٰكُمْ أَكْثَرَ نَفِيرًا
පසුව (ඔබගේ) කාලචක්‍රය හරවා, ඔබට ජයග්‍රහණය ලබා දී (බොහෝ) වස්තූන්ද ජනතාවද මගින් අපි ඔබට උදව් උපකාර කර, ඔබව ඉමහත් සමූහයක් බවටද පත් කළෙමු.
إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَآءَ وَعْدُ ٱلْءَاخِرَةِ لِيَسُۥٓـُٔوا۟ وُجُوهَكُمْ وَلِيَدْخُلُوا۟ ٱلْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍۢ وَلِيُتَبِّرُوا۟ مَا عَلَوْا۟ تَتْبِيرًا
(නැවතත් ඔවුන්ට) ඔබ හොඳක් කළහොත් (එය) ඔබටම හොඳය. ඔබ පව් කළහොත් එය ඔබටම (නපුරක් වනු ඇතැයි අපි කීවෙමු. එහෙත් නැවතත් ඔවුන් අපරාධ කිරීමට ඉදිරිපත් වූහ. එබැවින්) දෙවැනි වාරය (ඔබට) පැමිණි අවස්ථාවේදී (ඔබට වේදනා ගෙන දී) ඔබගේ හැඩරුවම විකෘති කර, කළින් වාරයේදී මස්ජිදුල් අක්සාවට ඇතුළු වූ ආකාරයටම (මේ වාරයේදීද ඒ තුළට) ඇතුළු වී, තමන්ගේ අතට හසුවුනු සියල්ල කඩා බිඳ දමා විනාශ කළ හැකි අය (අපි ඔබ වෙත) පොළඹවා යැව්වෙමු.
عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْ ۚ وَإِنْ عُدتُّمْ عُدْنَا ۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ حَصِيرًا
(ඔබ අපරාධ කිරීම අත්හැර දමා පසුව හෝ එයින් ඈත් වුවහොත්) ඔබගේ දෙවියන් ඔබ කෙරෙහි දයාව දැක්විය හැකිය. (නොඑසේ නම්, ඔබගේ කාරණාව දෙසටම) නැවතත් ඔබ හැරුණහොත් අපිද (ඔබව පෙර මෙන් දඬුවම් දීමට) ඉදිරිපත් වන්නෙමු. තවද (මෙවැනි) කෙළෙහිගුණ නොදත් අයව නිරය වටකර ගන්නා ලෙසටද සලස්වන්නෙමු.
إِنَّ هَٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ وَيُبَشِّرُ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًۭا كَبِيرًۭا
නියත වශයෙන්ම මෙම කුර්ආනය (මිනිසුන්ට පැහැදිලි හා) ඉතාමත් ඍජු මාර්ගය දැනුම් දෙන්නේය. තවද විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ට නියත වශයෙන්ම ඉතාමත් විශාල ඵලවිපාක ඇත යයිද ශුභාරංචි පවසන්නේය.
وَأَنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًۭا
තවද කවුරුන් පරලොව විශ්වාස නොකළෝද, ඔවුන්ට නියත වශයෙන්ම අපි ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් පිළියෙල කර තබා ඇත්තෙමු (යයිද බිය ගන්වා අනතුරු අඟවන්නේය).
وَيَدْعُ ٱلْإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلْخَيْرِ ۖ وَكَانَ ٱلْإِنسَٰنُ عَجُولًۭا
පින් ඉල්ලා ප්‍රාර්ථනා කරන්නාක් මෙන්ම (සමහර අවස්ථාවන්හිදී නොදැනුවත්කම නිසා) පාපයන් ඉල්ලාද ප්‍රාර්ථනා කරන්නේය. (මන්දයත්) මිනිසා (ස්වභාවයෙන්ම ඉවසීම බිඳී ගිය) ඉක්මන්කාරයෙකු වශයෙන්ම සිටින්නේය.
وَجَعَلْنَا ٱلَّيْلَ وَٱلنَّهَارَ ءَايَتَيْنِ ۖ فَمَحَوْنَآ ءَايَةَ ٱلَّيْلِ وَجَعَلْنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبْصِرَةًۭ لِّتَبْتَغُوا۟ فَضْلًۭا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ وَكُلَّ شَىْءٍۢ فَصَّلْنَٰهُ تَفْصِيلًۭا
රාත්රියද දහවලද අපි සාධකයන් දෙකක් බවට පත් කළෙමු. (එහි) රාත්‍රියේ සාධකය මැකී යාමට සැලැස්සුවෙමු. (විවිධ ස්ථානයන්ට ගොස්) ඔබ ඔබගේ දෙවියන්ගේ වරප්රසාදයන් සොයා ගැනීම ස`දහා දහවලේ සාධකය ආලෝකමත් කළෙමු. වර්ෂයන්හි සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද (මෙමගින්) ඔබ දැන ගැනීම සඳහාම (අපි මේ ආකාරයට සැලැස්සුවෙමු). සෑම කාරණාවක්ම පැහැදිලිවම අපි විවරණය කර ඇත්තෙමු.
وَكُلَّ إِنسَٰنٍ أَلْزَمْنَٰهُ طَٰٓئِرَهُۥ فِى عُنُقِهِۦ ۖ وَنُخْرِجُ لَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ كِتَٰبًۭا يَلْقَىٰهُ مَنشُورًا
සෑම මිනිසෙකුගේම ක්‍රියාවන් ගැන (විස්තරාත්මක දෛනික) සටහන ඔහුගේ ඛෙල්ලෙහි එල්ලා ඇත්තෙමු. විනිශ්චය දිනදී එය ඔහුට එක් පුස්තකයක් මෙන් ගෙන දෙන්නෙමු. ඔහු එය දිගහැර බලනු ඇත.
ٱقْرَأْ كِتَٰبَكَ كَفَىٰ بِنَفْسِكَ ٱلْيَوْمَ عَلَيْكَ حَسِيبًۭا
(ඒ අතර ඔහුට) “අද දින ඔබගේ ගණනය බැලීමට ඔබම ප්රමාණවත්ය. එබැවින් ඔබගේ (සටහන්) පුස්තකය ඔබ කියවා බලනු” (යයි කියන්නෙමු).
مَّنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًۭا
කවුරුන් ඍජු මාර්ගයෙහි යන්නේද, ඔහු තමන්ගේ හොඳටම ඍජු මාර්ගයෙහි ගමන් කරන්නේය. කවුරුන් වැරදි මාර්ගයෙහි යන්නේද, ඔහු (වැරදි මාර්ගයෙහි ගොස්) තමන්ට හානියක් කර ගන්නේය. කෙනෙකුගේ පව් බර, වෙනත් කෙනෙකු උසුළන්නේ නැත. (බිය ගන්වා අනතුරු අඟවන අපගේ) දුතයාව නොයවන තුරු අපි (කිසිවෙකුටත්) දඬුවම් කරන්නේ නැත.
وَإِذَآ أَرَدْنَآ أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا۟ فِيهَا فَحَقَّ عَلَيْهَا ٱلْقَوْلُ فَدَمَّرْنَٰهَا تَدْمِيرًۭا
කුමක් හෝ එක් රටක් (එම රටේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) අපි විනාශ කර දැමීමට අදහස් කළහොත්, එහි සුවසේ ජීවත් වන්නන්ව අපි පොළඹවන්නෙමු. ඔවුන් එහි අපරාධ කිරීමට ආරම්භ කරනු ඇත. පසුව ඔවුන් කෙරෙහි අපගේ පොරොන්දුව ඇති වනු ඇත. එම රට අපි මුලින් උපුටා විනාශ කර දමන්නෙමු.
وَكَمْ أَهْلَكْنَا مِنَ ٱلْقُرُونِ مِنۢ بَعْدِ نُوحٍۢ ۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا
නූහුගෙන් පසු (ඉකුත්ව ගිය සියවස් ගණනාවකදී) අපි කොපමණදෝ සමුහයන්ව (ඔවුන්ගේ අපරාධයන්හි හේතුවෙන්) විනාශ කර ඇත්තෙමු. තම වහලූන්ගේ පාපයන් හොඳින් දන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටීමට ඔබගේ දෙවියන්ම ප්රමාණවත්ය. (වෙන කිසිවෙකුගේ උදව්වක් අවශ්‍යය නැත).
مَّن كَانَ يُرِيدُ ٱلْعَاجِلَةَ عَجَّلْنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُۥ جَهَنَّمَ يَصْلَىٰهَا مَذْمُومًۭا مَّدْحُورًۭا
කවුරුන් (පරලොව ප්‍රතික්ෂේප කර දමා) මෙලොව පමණක් කැමති වන්නෝද, ඔවුන්ගෙන් අපි අදහස් කළ අයට, අපි කැමති දැය මෙලොවදීම ලබා දෙන්නෙමු. පසුව (පරලොවදී) නිරයම ඔවුන්ට පිළියෙල කර ඇත්තෙමු. ඔවුන් නින්දා කරනු ලැබූවන් වශයෙන්ද ශාප කරනු ලැබුවන් වශයෙන්ද එහි ඇතුළු වනු ඇත.
وَمَنْ أَرَادَ ٱلْءَاخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَٰٓئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًۭا
කවුරුන් පරලොව කැමති වී ඒ සඳහා ඉමහත් වූ ප්රයත්නයක්ද දරාගෙන, විශ්වාසයද තබා සිටින්නෝද, එවැන්නන්ගේ ක්‍රියාවන් (අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ආදරයෙන් යුතුව) බාර ගනු ලැබේ.
كُلًّۭا نُّمِدُّ هَٰٓؤُلَآءِ وَهَٰٓؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُورًا
(මෙලොව කැමති වන) ඔවුන්ටද (පරලොව කැමති වන) මොවුන්ටද ආදී සියල්ලන්ටම ඔබගේ දෙවියන් තමන්ගේ වරප්රසාදයන් මගින්ම උදව් කරන්නේය. ඔබගේ දෙවියන්ගේ වරප්රසාදයන් (මේ දෙදෙනාගෙන් කිසිවෙකුටත්) වළක්වා දැමුවේ නැත.
Page 1 of 6 (111 ayahs)