Loading surah...
Back to Sinhala Quran
110 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَنزَلَ عَلَىٰ عَبْدِهِ ٱلْكِتَٰبَ وَلَمْ يَجْعَل لَّهُۥ عِوَجَا ۜ
සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය! ඔහුම තම වහලා (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි මෙම ධර්මය පහළ කළේය. එහි ඔහු කිසිම (අඩු පාඩුවක්ද), ඇදයක්ද තැබුවේ නැත.
قَيِّمًۭا لِّيُنذِرَ بَأْسًۭا شَدِيدًۭا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًۭا
එය (වෙනස් කළ නොහැකි) ඉතාමත් ස්ථීරවත් එකකි. අල්ලාහ්ගේ දරුණු දඬුවම ගැන (ප්‍රතික්ෂේප කරන්නන්ට) බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාද, කවුරුන් (එය) විශ්වාසය තබා (එහි සඳහන්ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට (අලංකාරවත්) හොඳ ඵලවිපාකය (වන ස්වර්ගය) නියත වශයෙන්ම ඇතැයි ශුභාරංචි පැවසීම සඳහාද (මෙය සැලසුම් කර තැබුවේය).
مَّٰكِثِينَ فِيهِ أَبَدًۭا
(එම ස්වර්ගයෙහි) ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත.
وَيُنذِرَ ٱلَّذِينَ قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًۭا
තවද අල්ලාහ් පරම්පරාවේ දරුවන් ඇර ගන්නේය යයි පවසන්නන්වද මෙය තරයේ අවවාද කර, අනතුරු අඟවන්නේය.
مَّا لَهُم بِهِۦ مِنْ عِلْمٍۢ وَلَا لِءَابَآئِهِمْ ۚ كَبُرَتْ كَلِمَةًۭ تَخْرُجُ مِنْ أَفْوَٰهِهِمْ ۚ إِن يَقُولُونَ إِلَّا كَذِبًۭا
ඔවුන්ට වුවද කම් නැත, ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වුවද කම් නැත, මෙයට අයත් සාධකයන් පොඩියක් හෝ නැත. මොවුන්ගේ මුවින් ඉකුත් වන මෙම වදන් ඉමහත් (පාපතර) වදන්ම වන්නේය. බොරුවක්ම මිස, (වෙන කිසිවක් මෙසේ) ඔවුන් පැවසුවේ නැත.
فَلَعَلَّكَ بَٰخِعٌۭ نَّفْسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمْ إِن لَّمْ يُؤْمِنُوا۟ بِهَٰذَا ٱلْحَدِيثِ أَسَفًا
(නබියේ!) මෙම ධර්මය ඔවුන් විශ්වාස නොකළා නම් ඒ වෙනුවෙන් ඔබ දුක් වී ඔබවම, ඔබ විනාශ කර ගන්නෙහිද? (ඒ වෙනුවෙන් ඔබ පොඩියක් හෝ දුක් නොවනු).
إِنَّا جَعَلْنَا مَا عَلَى ٱلْأَرْضِ زِينَةًۭ لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًۭا
භූමියෙහි ඇති දැය අපි එයට අලංකාරවත් කර තැබුවේ, ඔවුන්ගෙන් කවුරුන් හොඳ ගති පැවතුම් ඇත්තවුන් යන්න (දැන ගැනීමට හා) නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කිරීමටය.
وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيْهَا صَعِيدًۭا جُرُزًا
(දිනකදී) නියත වශයෙන්ම අපි භූමියෙහි (අලංකාරවත්ව) ඇති මේවා සියල්ල (විනාශ වී) සමතලා කර හරින්නෙමු.
أَمْ حَسِبْتَ أَنَّ أَصْحَٰبَ ٱلْكَهْفِ وَٱلرَّقِيمِ كَانُوا۟ مِنْ ءَايَٰتِنَا عَجَبًا
(නබියේ! අස්හාබුල් කහ්ෆ් නමැති ගුහාවට අයත් අය ගැන යුදෙව්වන් ඔබගෙන් විමසන්නාහ). එම ගුහාවට අයත් අයද, සන්නස අයත් අයද නියත වශයෙන්ම අපගේ සාධකයන්ගෙන් පුදුම සහගත අය වශයෙන් සිටියහ යයි අදහස් කරන්නෙහුද? (මෙන්න ඔවුන්ගේ ඉතිහාසය කියන්නෙමු).
إِذْ أَوَى ٱلْفِتْيَةُ إِلَى ٱلْكَهْفِ فَقَالُوا۟ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحْمَةًۭ وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًۭا
එක්තරා තරුණයින් සමහරෙක් ගුහාවක් තුළට ගිය විට, “අපගේ දෙවියනේ! ඔබගේ දයාව අපට පහළ කරනු මැනව! ඔබ අප වෙනුවෙන් අපගේ කාරණාවන් නියම අන්දමට පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කළහ.
فَضَرَبْنَا عَلَىٰٓ ءَاذَانِهِمْ فِى ٱلْكَهْفِ سِنِينَ عَدَدًۭا
එබැවින් (එම ගුහාවෙහි) අවුරුදු ගණනාවක් (නිදා සිටින සේ) ඔවුන්ගේ කණ්හි මුද්‍රා තැබුවෙමු.
ثُمَّ بَعَثْنَٰهُمْ لِنَعْلَمَ أَىُّ ٱلْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوٓا۟ أَمَدًۭا
ඔවුන් (එම ගුහාවෙහි) සිටි කාලය, ඔවුන්ගෙන් වූ) දෙකොට්ඨාශයෙන් කවුරුන් හොඳින් දන්නෙහුද යන්න අපි (මිනිසුන්ට) දැනුම් දෙනු පිණිස, (නින්දෙන්) ඔවුන්ව නැගිට්ටෙව්වෙමු.
نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِٱلْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ ءَامَنُوا۟ بِرَبِّهِمْ وَزِدْنَٰهُمْ هُدًۭى
(නබියේ!) ඔවුන්ගේ සත්‍ය ඉතිහාසය අපි ඔබට කියන්නෙමු. නියත වශයෙන්ම ඔවුන් සමහර තරුණයින්ය. ඔවුන් තමන්ගේ දෙවියන්ව විශ්වාස කළහ. (එබැවින් නැවත) නැවතත් ඍජු මාර්ගයෙහි අපි ඔවුන්ව ඇතුළු කළෙමු.
وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا۟ فَقَالُوا۟ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَن نَّدْعُوَا۟ مِن دُونِهِۦٓ إِلَٰهًۭا ۖ لَّقَدْ قُلْنَآ إِذًۭا شَطَطًا
තවද ඔවුන්ගේ හෘදයන්ද (ඍජු මාර්ගයෙහි) අපි ස්ථීර කර හැරියෙමු. (ඒ සමයේ සිටි රජ තුමා, ඔවුන්ව පිළිරූ ආරාධනා කරන මෙන් බල කරනු ලැබූ අවස්ථාවේදී), ඔවුන් නැගී සිට “අහස්ද, භූමියද නිර්මාණය කළ අයම අපේ දෙවියන්ය. ඔහු හැර, (වෙන කිසිවෙකුත් දෙවියන් යයි) අපි ආරාධනා නොකරන්නෙමු. (එසේ ආරාධනා කළහොත්) නියත වශයෙන්ම සුදුසු නැති වදනක් පවසන්නන් බවට පත් වන්නෙමු” යයි කීහ.
هَٰٓؤُلَآءِ قَوْمُنَا ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ ۖ لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَٰنٍۭ بَيِّنٍۢ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا
(තවද) “අපගේ මෙම ජනතාව ඔහුව මිස, වෙන හිමියෙකු ගෙන සිටින්නාහ. මෙයට පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවෙද? අල්ලාහ් මත මනක්කල්පිතව බොරු කියන්නාට වඩා අපරාධකරුවා කවරෙක්ද?”යි (කීවේය).
وَإِذِ ٱعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا ٱللَّهَ فَأْوُۥٓا۟ إِلَى ٱلْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِۦ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًۭا
මොවුන්ගෙන්ද මොවුන් නමදින අල්ලාහ් නොවන දැයෙන්ද, ඔබ ඈත් වූ පසු ඔබ (ඔවුන්ගෙන් බේරීමට) මෙම ගුහාව තුළට යනු. ඔබගේ දෙවියන් ඔබ කෙරෙහි තම දයාව පහළ කර, (ජීවනෝපාය සඳහා අයත්) ඔබගේ කාරණාවන් පහසුවෙන්ද, ඔබට සැලසුම් කර දෙනු ඇත” (යයිද තමන් තුළ කියා ගත්හ).
۞ وَتَرَى ٱلشَّمْسَ إِذَا طَلَعَت تَّزَٰوَرُ عَن كَهْفِهِمْ ذَاتَ ٱلْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ ٱلشِّمَالِ وَهُمْ فِى فَجْوَةٍۢ مِّنْهُ ۚ ذَٰلِكَ مِنْ ءَايَٰتِ ٱللَّهِ ۗ مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُۥ وَلِيًّۭا مُّرْشِدًۭا
(නබියේ! ඔබ එහි ගොස් බලන්නෙහි නම්), සූර්යයා උදා වන විට, ඔවුන් (සිටින එම) ගුහාවෙහි දකුණු පැත්තෙහි එය ඇල වීමද, එය අස්ථමයට යන විට, ඔවුන්ගේ වම් පැත්තට එය, පසු කර යාමද ඔබ දකින්නෙහිය! ඔවුන් නම්, එහි විශාලවත් මැද කොටසෙහි සිටින්නාහ. මෙය අල්ලාහ්ගේ සාධකයන්ගෙන් එකක් වන්නේය. කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔහු ඍජු මාර්ගයෙහිම යනු ඇත. කවුරුන්ව (ඔහු, ඔහුගේ පාපයන්හි හේතුවෙන්) වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුට උදව් කරන්නන්ද, ඍජු මාර්ගය පෙන්වන්නන්ද ඔබ නොදකින්නෙහිය.
وَتَحْسَبُهُمْ أَيْقَاظًۭا وَهُمْ رُقُودٌۭ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ ٱلْيَمِينِ وَذَاتَ ٱلشِّمَالِ ۖ وَكَلْبُهُم بَٰسِطٌۭ ذِرَاعَيْهِ بِٱلْوَصِيدِ ۚ لَوِ ٱطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًۭا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًۭا
(නබියේ! එම ගුහාවෙහි සිටින) ඔවුන් නිදාගෙන සිටියා වුවද, ඔවුන් ඇහැරගෙන සිටින්නන් වශයෙන්ම ඔබ සිතන්නෙහිය. ඔවුන්ව දකුණුපසට හා වම්පසට වශයෙන්ද (වෙනස් කර කර) අපි හරවමින් සිටින්නෙමු. ඔවුන්ගේ බල්ලා නම්, තමන්ගේ ඉදිරි පාදයන් දිගහැර ගෙන, ෙදාරටුවෙහි (වාඩිගෙන) සිටින්නේය (යනුවෙන් ඔබ දකින්නෙහිය). ඔවුන්ව ඔබ එබිකම් කර බැලූවහොත් ඔවුන්ගෙන් ඈත් වී දිව යන්නෙහිය. තිගැස්සීමද, (වෙව්ලීමද) ඔබව වටකර ගනු ඇත.
وَكَذَٰلِكَ بَعَثْنَٰهُمْ لِيَتَسَآءَلُوا۟ بَيْنَهُمْ ۚ قَالَ قَآئِلٌۭ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ ۚ قَالُوا۟ رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَٱبْعَثُوٓا۟ أَحَدَكُم بِوَرِقِكُمْ هَٰذِهِۦٓ إِلَى ٱلْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَآ أَزْكَىٰ طَعَامًۭا فَلْيَأْتِكُم بِرِزْقٍۢ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا
ඔවුන් (එහි කොපමණ කලක් සිටියෙහුද යන්න) තමන් තුළ විමසා දැන ගනු පිණිස (නිදා ගන්නා) ඔවුන්ව මෙසේ අපි නැගිටෙව්වෙමු. ඔවුන්ගෙන් කෙනෙකු (අන් අයගෙන්) “ඔබ කොපමණ වේලාවක් (නින්දෙහි) සිටියෙහුද?”යි විමසුවේය. (එයට) ඔවුන්ගෙන් සමහරෙක් “එක් දිනක් නැතහොත් එක් දවසකින් සුළු කොටසක් සිටින්නට ඇත්තෙමු” යයි පැවසූහ. (අන් අය) “ඔබ (නින්දෙහි) සිටි කාලය ඔබගේ දෙවියන්ම හොඳින් දන්නේය!” යයි පවසා “ඔබගෙන් කෙනෙකු වෙත මෙම (රිදී) කාසිය දී ඔහුව නගරයට යවනු. ඔහු (එහි ගොස්) හොඳ ආහාර ද්‍රව්‍ය යමක් (කොහේ ඇත්තේදැයි) යන්න සොයා බලා, එයින් ටිකක් මිල දී ගෙන එනු. එහෙත් ඔබව (ඔවුන්ගෙන්) කිසිවෙකුත් දැන නොගන්නා සේ ඉතාමත් ප්රවේසමෙන්ම ඔහු සිටිය යුතුය.
إِنَّهُمْ إِن يَظْهَرُوا۟ عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِى مِلَّتِهِمْ وَلَن تُفْلِحُوٓا۟ إِذًا أَبَدًۭا
මන්දයත් (ගමෙහි වාසය කරන ජනතාව) ඔබව (අසවලා යයි) දැන ගතහොත් නියත වශයෙන්ම ඔවුන් ඔබට ගල් ගසා මරා දමනු ඇත. නැතහොත් ඔබව තමන්ගේ ධර්මයෙහි එක්කාසු කර හරිනු ඇත. එසේ එක්කාසු වූවා නම්, කිසි කලෙකත් ඔබ ජයග්‍රහණය අත් කර නොගන්නෙහුය” (යයි කීහ).
Page 1 of 6 (110 ayahs)