Loading surah...
Back to Sinhala Quran
98 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ كٓهيعٓصٓ
කාෆ්. හා. යා. අයින්. සාද්.
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُۥ زَكَرِيَّآ
(නබියේ!) ඔබගේ දෙවියන් තම වහලා වන සැකරියියා හට පහළ කළ වරප්‍රසාදය (මෙහි) කියනු ලැබ ඇත්තේය.
إِذْ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّۭا
ඔහු තම දෙවියන්ව පහත් හඬින් ආරාධනා කර
قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًۭا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّۭا
“මගේ දෙවියනේ! නියත වශයෙන්ම මගේ (සැකිළ්ලෙහි) ඇට ඛෙලහීන විය. මගේ හිස (කෙස්)ද ඉදී ගියේය. මගේ දෙවියනේ! (මෙතෙක්) මා ඔබගෙන් ඉල්ලු කිසිවක් වළක්වනු ලැබුවේ නැත. (මා ඉල්ලු සියල්ල ඇත්තෙන්ම ඔබ දී ඇත්තෙහිය)”.
وَإِنِّى خِفْتُ ٱلْمَوَٰلِىَ مِن وَرَآءِى وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًۭا فَهَبْ لِى مِن لَّدُنكَ وَلِيًّۭا
“නියත වශයෙන්ම මා මගෙන් පසු මගේ ඥාතීන් ගැන බිය වන්නෙමි. මගේ භාය්යයාව නම්, වඳ බවට පත් වූවාය. එබැවින් ඔබගේ සන්නිධානයෙන් මා හට උරුමක්කාරයින් බවට පත් විය හැකි කෙනෙකුව ඔබ ලබා දෙනු මැනව!”
يَرِثُنِى وَيَرِثُ مِنْ ءَالِ يَعْقُوبَ ۖ وَٱجْعَلْهُ رَبِّ رَضِيًّۭا
“ඔහු මටත් යාකූබ්ගේ පරම්පරාවේ දරුවන්ටද උරුම්ක්කාරයින් බවටද; මගේ දෙවියනේ! ඔහුව (ඔබ) ප්‍රිය කරන්නෙකු බවටද පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය.
يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسْمُهُۥ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُۥ مِن قَبْلُ سَمِيًّۭا
(එයට දෙවියන් ඔහුට) “ඕ සැකරීයියා! නියත වශයෙන්ම අපි යහ්යා යන නාමයෙන් යුත් පුතෙකු (දෙන බවට) ඔබට ශුභාරංචි දෙන්නෙමු. එම නාමයෙන් යුත් කිසිවෙකුත් මීට පෙර අපි උත්පාදනය කළේ නැත” (යයි පැවසුවේය).
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌۭ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًۭا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّۭا
එයට ඔහු “මගේ දෙවියනේ! කෙසේ නම් මට දරුවෙකු ඇති වන්නේද? මගේ භාර්යයාව නම්, වඳ ගැහැනියකි. මමද මහළු වියේ උච්ච තත්වය අත් කර ගෙන ඇත්තෙමි” යයි පැවසුවේය.
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَىَّ هَيِّنٌۭ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْـًۭٔا
(එයට “මා පැවසූ) ඒ ආකාරයෙන්ම (සිදු වනු ඇත). මෙය මට ඉතාමත් පහසු දැයකි. මීට පෙර ඔබ කිසිවක් බවට නොසිටියදී, මම ම ඔබව උත්පාදනය කළෙමි’ යයි ඔබගේ දෙවියන් පවසන්නේය” යයිද (එම මලායිකාවරයා) පැවසුවේය.
قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۚ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٍۢ سَوِيًّۭا
එයට ඔහු “මගේ දෙවියනේ! (මෙයට) මට සාධකයක් ලබා දෙනු (මැනව!)” යයි ඉල්ලා සිටියේය. (එයට) ඔහු (දෙවියන්), “ඔබට (මා ලබා දෙන) සාධකය නම්, ඔබ (අංග සම්පූර්ණයෙන් සිටියදීම) රාත්‍රීන් තුනක්ද, (දහවල් තුනක්ද) මිනිසුන් සමග කතා කිරීමට නොහැකි බවට පත් වනු ඇත” යයි පැවසුවේය.
فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُوا۟ بُكْرَةًۭ وَعَشِيًّۭا
පසුව ඔහු (පුරුදු පරිදි ජනතාවට හොඳ ඔවදන් දීමට නැමදුම්පළෙහි මිහ්රාබ් නමැති) අති උතුම් ස්ථානයෙන් පිටත් වී තම ජනතාව ඉදිරියට පැමිණියේය. (එහෙත් ඔහුට මුවින් කතා කිරීමට නොහැකි විය). එබැවින් උදේ සවස (දෙවියන්ව) ප්‍රශංසා කර, සුවි ශුද්ධ කරනු යයි (තම අතින්) ඔවුන්ට සංඥා කර පෙන්වූවේය.
يَٰيَحْيَىٰ خُذِ ٱلْكِتَٰبَ بِقُوَّةٍۢ ۖ وَءَاتَيْنَٰهُ ٱلْحُكْمَ صَبِيًّۭا
(අපි පැවසූ අන්දමට සැකරීයියාට, යහ්යා ඉපදුණු පසු ඔහුට) “ඕ යහ්යා! ඔබ මෙම ධර්මය ශක්තිමත් ලෙස අල්ලා ගනු” (යයි පැවසුවෙමු). අපි ඔහුට (ඔහුගේ) කුඩා අවදියේදීම ඥානයද ලබා දුන්නෙමු.
وَحَنَانًۭا مِّن لَّدُنَّا وَزَكَوٰةًۭ ۖ وَكَانَ تَقِيًّۭا
තවද කරුණාවන්ත මනසද, පරිශුද්ධ වූ ගතිගුණයද අපි ඔහුට ලබා දුන්නෙමු. එබැවින් ඔහු ඉමහත් භය භක්තිකයෙකු වශයෙන්ම සිටියේය.
وَبَرًّۢا بِوَٰلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّۭا
තවද තම දෙමව්පියන්ට කෘතඥ වන්නෙකු වශයෙන්ම (සිටියා) මිස, ඔහු වෙනස්කම් කරන්නෙකු වශයෙන් හෝ මුරණ්ඩු ගති ඇත්තෙකු වශයෙන් හෝ සිටියේ නැත.
وَسَلَٰمٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّۭا
ඔහු ඉපදුණු දවසේදීද, ඔහු මරණයට පත් වන දවසේදීද, (පරලොවදී) ඔහු පණ ලැබී නැගිටින දවසේදීද ඔහු කෙරෙහි ශාන්තිය හා සමාදානයම ස්ථීරව තිඛෙණු ඇත.
وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ مَرْيَمَ إِذِ ٱنتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًۭا شَرْقِيًّۭا
(නබියේ!) මෙම ධර්මයෙහි (ඊසා නබිගේ මව වන) මර්යම් ගැනද (පොඩියක්) පවසනු (මැනව!) ඇය තම පවුලේ උදවියගෙන් ඈත් වී නැගෙනහිර දිසාවෙහි ඇති (තම) කාමරයට ගොස්
فَٱتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًۭا فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًۭا سَوِيًّۭا
(ස්නානය කිරීම සඳහා) තම ජනතාව ඉදිරියේ තිරයක් දමා ගත් අවස්ථාවේදී (ජිබ්රීල් නමැති) අපගේ දූතයාව ඇය වෙත යැව්වෙමු. ඔහු සාමාන්‍ය මිනිසෙකුගේ රුවින් ඈ ඉදිරියේ දිස්වූවේය.
قَالَتْ إِنِّىٓ أَعُوذُ بِٱلرَّحْمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّۭا
(මර්යම් ඔහුව දුටු වහාම) “නියත වශයෙන්ම මා ඔබගෙන් මාව බේරා ගන්නා මෙන් රහ්මාන් වෙතින් ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ හොඳ ගති පැවතුම්වලින් යුක්ත අයෙකු වශයෙන් සිටින්නෙහු නම්, (මෙතැනින් වහාම ඉවත් වනු)” යයි පැවසුවාය.
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمًۭا زَكِيًّۭا
එයට ඔහු “පරිශුද්ධ වූ පුතෙකු ඔබට (ලබා දෙන බවට ඔබට දැනුම් දීම) සඳහා මා ඔබගේ දෙවියන් විසින් යවනු ලැබූ දූතයෙකි (මලායිකාවරයෙකි)” යයි කීවේය.
قَالَتْ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ وَلَمْ أَكُ بَغِيًّۭا
එයට ඇය “මා හට කෙසේ නම් දරුවෙකු ලැඛෙන්නේද? කිසිම මිනිසෙකු මාව ස්පර්ශ කර නොතිබියදී වුවද! මා අපචාර ගති ගුණ ඇත්තෙකුද නොවන්නෙමි නොවෙද!” යයි පැවසුවාය.
Page 1 of 5 (98 ayahs)