Loading surah...
Back to Sinhala Quran
135 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طه
තා. හා.
مَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ لِتَشْقَىٰٓ
ඔබ දුක් විඳීම සඳහා මෙම කුර්ආනය අපි ඔබ කෙරෙහි පහළ කළේ නැත
إِلَّا تَذْكِرَةًۭ لِّمَن يَخْشَىٰ
(නබියේ! දෙවියන්ට) බිය වන්නන් (භය භක්තිකයින්)ට එක් හොඳ ඔවදනක් වශයෙන්ම (මෙය පහළ කර ඇත්තේය මිස), .
تَنزِيلًۭا مِّمَّنْ خَلَقَ ٱلْأَرْضَ وَٱلسَّمَٰوَٰتِ ٱلْعُلَى
උසස් අහස්ද, භූමියද නිර්මාණය කළ අය විසින්ම (මෙය) පහළ කර ඇත්තේය.
ٱلرَّحْمَٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ
(ඒවා උත්පාදනය කළ) රහ්මාන්, අර්ෂ් මත තම රාජ්‍යය පිහිටෙව්වේය.
لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ ٱلثَّرَىٰ
අහස්හිද, භූමියෙහිද, ඇති දැයද, මේවා මධ්‍යයෙහි ඇති දැයද, භූමියෙහි වැළලී ඇති දැයද ඔහුටම අයත්ය.
وَإِن تَجْهَرْ بِٱلْقَوْلِ فَإِنَّهُۥ يَعْلَمُ ٱلسِّرَّ وَأَخْفَى
(නබියේ!) ඔබ (පහත් හඬින්, නැතහොත්) ශබ්ද නගා පැවසුවා වුවද, (දෙකම ඔහුට එක සමානය. මන්දයත්) නියත වශයෙන්ම ඔහු රහසද දන්නේය. ඊටත් වඩා සැඟවී (මනසෙහි) ඇති දැයද දන්නේය.
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ
අල්ලාහ්! ඔහු හැර නැමදුමට යුතු වෙන කිසිම දෙවියෙකු නැත. ඔහුට අලංකාරවත් (බොහෝ) ශුද්ධ වූ නාමයන් ඇත. (එවායෙන් කුමක් භාවිතා කරමින් හෝ ඔහුව ආරාධනා කරනු).
وَهَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
(නබියේ!) මූසාගේ ඉතිහාසය ඔබ වෙත පැමිණ ඇත්තේද?
إِذْ رَءَا نَارًۭا فَقَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى ٱلنَّارِ هُدًۭى
(ඔහු තම පවුලේ උදවිය සමග ගිය අවස්ථාවේදී, තමන් යා යුතු මාර්ගය නොදැනුවත්ව සිටියදී තූර් නමැති කන්ද මත) ඔහු ගින්නක් දුටු විට, තම පවුලේ උදවියට “ඔබ (මෙහි පොඩියක්) නතර වී සිටිනු. ඇත්තෙන්ම මා ගින්දර දකින්නෙමි. එයින් එක් ගිනි පෙණෙල්ලක් හෝ ගෙන, ඔබ වෙත එන්නෙමි. නැතහොත් ගින්නෙහි (එළිය) මගින් (අපි යා යුතු) මාර්ගය දැන ගන්නෙමි” යයි කීවේය.
فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَٰمُوسَىٰٓ
ඔහු එතැනට පැමිණි වහාම (ඔහුට) “ඕ මූසා!” යයි ශබ්ද නගා ආමන්ත්‍රණය කර, (මා මෙසේ පැවසුවෙමි).
إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًۭى
“නියත වශයෙන්ම මා ඔබගේ දෙවියන්ය. ඔබගේ පාවහන් යුවළ ගලවා දමනු. නියත වශයෙන්ම ඔබ තුවා මිටියාවත වන පරිශුද්ධ වූ තලයෙහි සිටින්නෙහිය”.
وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ
“මා ඔබව (මගේ දූතයා වශයෙන්) තෝරාගෙන ඇත්තෙමි. එබැවින් වහී මගින් (ඔබට) දැනුම් දෙනු ලබන දැයට ඔබ සවන් දෙනු”.
إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ
“නියත වශයෙන්ම මා අල්ලාහ්ය. මා හැර වෙන කිසිම දෙවියෙකු නැත. මාවම ඔබ නමදිනු. මාව සිහිපත් කරමින් සිටිනු පිණිස සලාතය නොකඩවා ඉටු කරනු”.
إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ
“නියත වශයෙන්ම විනිශ්චය දින අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. සෑම ආත්මයක්ම තම ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක අත් කර ගැනීම පිණිස එය, මා (මිනිසුන්ට) සඟවා තැබීමට අදහස් කරමි”.
فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ
“එබැවින් එය විශ්වාස නොකර තම (ශරීර) සුවය අනුගමනය කරන්නා, (ඒ දිනය ගැන ඔබ දුක් නොවීමට) ඔබව වළක්වා නොගත යුතුය. එසේ වුවහොත් ඔබ විනාශ වන්නෙහිය! (යයි පවසා)”-
وَمَا تِلْكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ
“ඕ මූසා! ඔබගේ දකුණු අතේ කුමක් නම් ඇත්තේද?”යි විමසුවේය.
قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ
එයට ඔහු “මෙය මගේ සැරයටියයි. මේ මත මා ඇල වන්නෙමි. මෙමගින් මගේ එළුවන්ට (කොළ) අතු ආදිය කඩා ගන්නෙමි. තවද මෙහි වෙනත් විවිධ ප්රයෝජනයන් ඇත” යයි පැවසුවේය.
قَالَ أَلْقِهَا يَٰمُوسَىٰ
එයට (දෙවියන්) “ඕ මූසා! ඔබ එය (බිමට) වීසි කර දමනු” යයි පැවසුවේය.
فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌۭ تَسْعَىٰ
ඔහු එය වීසි කළ වහාම එය විශාල නාගයෙක් බවට පත් වී බඩ ගාන්නට විය.
Page 1 of 7 (135 ayahs)