Loading surah...
Back to Sinhala Quran
112 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِى غَفْلَةٍۢ مُّعْرِضُونَ
මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගණනය කිරීමේ (දිනය) ළඟා වෙමින්ම ඇත්තේය. එහෙත් ඔවුන් නම්, එය ප්‍රතික්ෂේප කර, කිසි දුකක් නැති අය වශයෙන්ම සිටින්නාහ.
مَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا ٱسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ
තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් අළුතින් යම්කිසි හොඳ ඔවදනක් පැමිණෙන සෑම විටම එය ඔවුන් (විශ්වාස නොකර සමච්චල් කර), සෙල්ලම් කරමින්ම සවන් දුන්හ.
لَاهِيَةًۭ قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا۟ ٱلنَّجْوَى ٱلَّذِينَ ظَلَمُوا۟ هَلْ هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ ۖ أَفَتَأْتُونَ ٱلسِّحْرَ وَأَنتُمْ تُبْصِرُونَ
ඔවුන්ගේ හෘදයන් (සත්‍යය) සිතන්නේම නැත. තවද මෙවැනි අපරාධකාරයින් (අපගේ දූතයා ගැන) “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිමෙක්ද? ඔබ බලා සිටියදීම (ඔහුගේ) සූනියමෙහි (පැටළෙන්නට) පැමිණෙන්නෙහුද?”යි තමන් තුළ රහසින් කතා කර ගන්නාහ.
قَالَ رَبِّى يَعْلَمُ ٱلْقَوْلَ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
“අහස්හි හෝ භූමියෙහි හෝ (රහසින්ද, ප්රසිද්ධියේද ඇති) සියලූ වදන් මගේ දෙවියන් හොඳින් දන්නේය යයි (ගෙනහැර දක්වන මෙන් නබිවරයා වෙත) ඔහු කීවේය. (මන්දයත්) ඔහු (සියල්ල) සවන් දෙන්නෙකු වශයෙන් හා හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.
بَلْ قَالُوٓا۟ أَضْغَٰثُ أَحْلَٰمٍۭ بَلِ ٱفْتَرَىٰهُ بَلْ هُوَ شَاعِرٌۭ فَلْيَأْتِنَا بِـَٔايَةٍۢ كَمَآ أُرْسِلَ ٱلْأَوَّلُونَ
(අපගේ ආයාවන් ගැන) “මේවා විසිරී ඇති සිතුවිලි නොවෙද! ඔහුම මේවා බොරුවට මනක්කල්පිත කර ගත්තේය. ඔහු කිවිඳියෙකි. (තම කවි නිර්මාණය කිරීමේ ශක්තියෙන් නිර්මාණය කළ වදන්ය මේවා” යයි පවසන අතර) “පෙර කාලයේදී පැමිණි දූතයින් (ගෙන ආ දැය) මෙන්, මොහුද (අපි කැමති අන්දමට) එක් සාධකයක් අප වෙත ගෙන ආ යුතුය” යයිද පවසන්නාහ.
مَآ ءَامَنَتْ قَبْلَهُم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَآ ۖ أَفَهُمْ يُؤْمِنُونَ
මොවුන්ට පෙර අපි විනාශ කර දැමූ රටවැසියන්ගෙන් කිසිවෙකුත් (සාධකයන් දුටු පසු) විශ්වාස කළේ නැත. (එසේ තිබියදී) මොවුන්ද විශ්වාස කරන්නට යන්නේ?
وَمَآ أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِمْ ۖ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ
(නබියේ!) ඔබට පෙරත් (ඔබ වැනි) පිරිමින්ම මිස අපි, අපගේ දූතයින් වශයෙන් යැව්වේ නැත. (ඔබට දැනුම් දෙන අන්දමටම අපගේ නියෝගයන්) ඔවුන්ට වහී (මගින්) දැනුම් දුන්නෙමු. එබැවින් (මොවුන්ට ඔබ මෙසේ පවසනු: “මෙය) ඔබ නොදන්නේ නම්, පෙර තිඛෙණ ධර්මය හිමි අයගෙන්වත් විමසා දැන ගනු”.
وَمَا جَعَلْنَٰهُمْ جَسَدًۭا لَّا يَأْكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُوا۟ خَٰلِدِينَ
තවද ඔවුන්ට අපි කිසිම ආහාරයක් අනුභව නොකරන්නට හැකි ශරීරයක් ලබා දුන්නේ නැත. තවද ඔවුන් (භූමියෙහි) සැමදා ජීවත් වන්නන් වශයෙන් ස්ථීරවත්ව සිටියේද නැත.
ثُمَّ صَدَقْنَٰهُمُ ٱلْوَعْدَ فَأَنجَيْنَٰهُمْ وَمَن نَّشَآءُ وَأَهْلَكْنَا ٱلْمُسْرِفِينَ
පසුව (ඔවුන්ව බේරා ගන්නා බවට අපි) ඔවුන්ට දුන් පොරොන්දුව සත්‍යය කිරීම පිණිස, ඔවුන්වද අපි කැමති වූ (අනිත්) අයවද බේරාගෙන, සීමාව ඉක්මවූ අයව අපි විනාශ කර දැමුවෙමු.
لَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ كِتَٰبًۭا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ
ඔබට (ප්‍රමාණවත්) හොඳ ඔවදන් ඇති ධර්මයම නියත වශයෙන්ම අපි ඔබට පහළ කර ඇත්තෙමු. (මින් පසුව හෝ) ඔබ දැන ගත යුතු නොවේද?
وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍۢ كَانَتْ ظَالِمَةًۭ وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا ءَاخَرِينَ
අපරාධකාරයින් වාසය කළ කොපමණදෝ රටවල් අපි විනාශ කර, සුණු විසුණු කර දැමුවෙමු. ඔවුන්ගෙන් පසු (ඒ ස්ථානයන්හි) වෙනත් ජනතාවන් උත්පාදනය කළෙමු.
فَلَمَّآ أَحَسُّوا۟ بَأْسَنَآ إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ
ඔවුන්ද දඬුවමේ ශබ්දය ඇසූ සැණින් (තමන්ගේ රට ගම අත්හැර දමා) දුවන්නට පටන් ගත්හ.
لَا تَرْكُضُوا۟ وَٱرْجِعُوٓا۟ إِلَىٰ مَآ أُتْرِفْتُمْ فِيهِ وَمَسَٰكِنِكُمْ لَعَلَّكُمْ تُسْـَٔلُونَ
(ඒ අතර අපි ඔවුන්ට) “ඔබ නොදුවනු. ඔබ ඉතාමත් ආඩම්බරව (සැප සම්පත් විඳිමින්) වාසය කළ ඔබගේ නිවෙස් වලටම ඔබ ආපසු යනු. එහි ඔබට හොඳින් සත්කාර කරනු ලැබිය හැකිය!” (යයි පැවසුවෙමු).
قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ
එයට ඔවුන් “අපගේ විනාශයයි! නියත වශයෙන්ම අපි සීමාව ඉක්මවූ (පාපතරයන් බවට) පත් වූවෙමු” යයි කෑගැසූහ.
فَمَا زَالَت تِّلْكَ دَعْوَىٰهُمْ حَتَّىٰ جَعَلْنَٰهُمْ حَصِيدًا خَٰمِدِينَ
ඔවුන්ගේ එම කෑගැසීම කපා ගනු ලැබූ කුඹුරක් මෙන් (ඔවුන්ව විනාශ කර දමා) නොසෙළවන සේ වාඩි කරවන තුරු දීර්ඝ වනු ඇත.
وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ
අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද (පුහු) සෙල්ලමක් ස`දහා අපි නිර්මාණය කළේ නැත.
لَوْ أَرَدْنَآ أَن نَّتَّخِذَ لَهْوًۭا لَّٱتَّخَذْنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ
අපි (පුහු) සෙල්ලක්කාරයෙකු වශයෙන් සිට (සෙල්ලම් කළ යුතුය යයි) අපි අදහස් කර සිටියේ නම්, අප වෙත ඇති (අපට සුදුසු) දැය අපි ගෙන ඇත්තෙමු.
بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَٰطِلِ فَيَدْمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٌۭ ۚ وَلَكُمُ ٱلْوَيْلُ مِمَّا تَصِفُونَ
එසේ නොව! සත්‍යය අසත්‍යය මත වීසි කරන්නෙමු. එය, (එයගේ හිස) කඩා බිඳ දමන්නේය. පසුව එය විනාශ වී යන්නේය. (මෙසේ දෙවියන් ගැන ඔහුට භාර්යයාවන් ඇත යයිද, දරුවන් ඇත යයිද) ඔබ පැවසීමේ හේතුවෙන් ඔබට විනාශයයි!.
وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුට අයත් දැයයි! ඔහුගේ සන්නිධානයෙහි සිටිය හැකි (මලායිකාවරුන් වුවද කම් නැත, ඔවුන්ද ඔහුගේ වහලූන්ය!) ඔවුන් ඔහුව නොනැමද ආඩම්බර බස් ෙදාඩන්නට හෝ කම්මැලි හෝ නොවන්නාහ.
يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ
ඔවුන් රාත්‍රිය දහවල නොබලා (සෑම වේලාවන්හිදීම) ඔහුව සුවි ශුද්ධ කර, ප්‍රශංසා කරමින්ම සිටින්නාහ.
Page 1 of 6 (112 ayahs)